ටියුෂන් ගුරුවරයෙකු හා චිත්‍රපට නිෂ්පාදකයකු වන උපුල් ශාන්ත සන්නස්ගලට හා පවර් හවුස් පෞද්ගලික ආයතනනය දෙරණ රූපවාහිනී නාලිකාවේ 360 වැඩසටහනේ දී මාධ්‍යවේදියකු, චිත්‍රපට විචාරකයකු හා කතුවරයෙකු වන අජිත් ගලප්පත්තිට අපහාස කිරීමට වැරදි කරුවන් කළ කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.ඒ.ඒ. නවරත්න මහතා රුපියල් ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන ලෙස නියෝග කළේය.
2008 ජූලි 8 සහ 13 වැනිදා දෙරණ රූපවාහිනියේ වැඩසටහන් වලදී ගලප්පත්තිට හිතාමතාම අපහාස කළැයි සන්නස්ගලට හා පවර්හවුස් ආයතනයේ දිල්කා සමන්මලීට එරෙහිව රුපියල් කෝටියක් ඉල්ලා නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපහාසකරන්නන් දෙවරක් සිතිය යුතු කාලයක්. දැන් නීති තදයි. (නි)
ඕක ගෙවලාදායි එයා ඉක්මණටම (නි)
මෙයාගේ කටට නම් ඇත්තටම බ්රේක් නැහැ. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
අයියෝ මේක සන්නස්ගලට ගානක්ද? පන්ති කීයද තියන්න ඕනෑ? (නි)
දැන් ඉතින් හුණු කූරයි කළුලෑල්ලයි අරගෙන බින්දුවෙන්ම පටන් ගනිමු (නි)
විභාග සමත්වීමට උපකාරක පන්ති නැතුවම බැරි බව දක්වන මානසිකත්වයක් ගොඩ නඟා අහිංසක දෙමව්පියන්ගේ තුට්ටු දෙකට තට්ටු කරමින් නිදහස් අධ්‍යාපනය මොට කළා වූ මොවුන්ට ස්වභාව ධර්මයාම දඬුවම් දෙන හැටි බලන්න. (නි)
ටියුෂන් පන්ති වලදිත් ඔහොමනේ. කියවන්න ගත්තම කිසිම පාලනයක් නැහැ. ලක්ෂ 25 මදි. දෙන්න තිබුනේ ඔයිට වැඩ වැඩි ගානක්. (නි)
තැටිය රත් කරන්න දර දිය ඇද්ද ඔක්කොටම පුදුම ශාපයක්නේ පලදීලා තියෙන්නේ (නි)
මෙය හොඳට කෑගහපු කෙනෙක්. උගත් වුණත් කට පාවිච්චි කරන්න ඕනෑ ප්රමාණයකටයි. අපි කවුරුත් අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි හිතාමතා කාටවත් මොන වැරදි තිබුනත් අපහාස කරන්න හොද නැහැනේ. (නි)
සිද්ධවුණ දේ ගැන නම් සතුටුයි. එ්ත් රූපවාහිනී නාලිකාවෙන් වන්දි ගෙවීමට සිදුවීම කණගාටුයි. (නි)
වැඩිය කටමැත දොඩවන මිනිස්සු නූගතුන් කියා අපේ ජන සමාජයට මෙම සාධාරණ නඩු තීන්දුවෙන් අවබෝධ වේවි. (නි)
යහපාලනය ආවාට පසු හුඟක් වැඩසටහන් වලදී උගත් බුද්ධිමත් පුද්ගලයන්ට පවා අපහාසවෙන අයුරින් කතා කරනවා මම දැකලා තියනවා. අන්තිමට මොකද වුණේ? මෙය කාටත් හොඳ පාඩමක්. (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පහුවෙලා හරි වෙන්න ඕනෑ දෙයක් වෙලා තියෙනවා. මාලුවටත් අර මොකද්ද වෙන්නේ ඕක නිසා කියලා කියනවනේ. “මා හරි උගතා... මා හරි ජගතා... සිතනා මිනිහා මෝඩයකි" (නි)
ඉල්ලන් කෑම කලාවක් නම් එහි පිකාසෝ උපුල් ශාන්ත සන්නස්ගල නම් වේ..!!! (ම)
මෙයා කළේම මිනිසුන්ව වැඩසටහන්වලට ගෙන්නවල රෙදිගලවපු එකයි කටින් බතල හිටවපු එකයි.ඔය එක එකාට කඩේ ගියහම ඔය ටික තමයි වෙන්නේ. (බ)
කතා කරන්න පුළුවන් වුණ පලියට "හනුමා දර පලන්නා " වැනි ලෙස කතා කිරීම නම් උචිත නැහැ තමයි. (බ)
මට නම් ඔය මනුස්සයාගේ උගත්කමවත් හැදියාවත්, මනුස්සකමවත්.සාධාරණකමවත් කරන කියන දේවල් වලින් පෙනෙන්නේ නෑ (බ)
ප්‍රියාන් මහතා කියනවා වගේ " මා හරි උගතා" කියා සිතන මෝඩයාට මෙසේ වීම සාධාරණය. ඒ වගේම "මා හරි ජගතා" කියා හිතපු, මුල්‍ය අපරාධ විමර්ශන අංශය පැත්තේ නිතර යන එන අයටද සාධාරණය ඉටුවිය යුතුය. (බ)
රටේ නීතිය එක එක්කෙනාට කඩේ යන්නේ නැති බව දැකීමත් සතුටක්. (අ)
තාම තැටිය හරියට රත්වෙලා නැහැ (හේ)
ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)
පණ්ඩිතකම් කරන අති පණ්ඩිතයන්ට මේක හොඳ පාඩමක්.(හේ)
මදැයි කරගත් හරිය! (නි)
කට හින්ද නේ මාළුවා නහින්නේ ; මෙයා නේද නන්දි කඩාල් කලපුවේ මොනවද හෙව්වේ (බ)
ඉල්ලන් නේ කාලා තියෙන්නේ (බ)
එතකොට දේශපාලනය දැන් හැළිලද (බ)
සමහර නිවේදිකාවන් දේශපාලන සම්බන්ධකම් දඩ මීමා කරගෙන කට පාවිච්චි කරන්නේ හතර අතේ වැනෙන ටකය වගේ. මාළු නෙවෙයි ගෑනු නහින්නේ කටහින්දා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් ලංකාවේ සමහර බවලත්තු. (බ)
ප්‍රීතියි! ප්‍රීතියි! ප්‍රීතියි! (බ)
අන්තිමට වෙච්ච දෙයක්.(හේ)
ආදර්ශවත් ඉතා නිවරේදී තීන්දුවක්.(හේ)
ඔය දේ වෙයි කියලා හිතුවා.(හේ)
මාළුවා නහින්නේ කට නිසානේ.(හේ)
නිකන් ඉඳලා සල්ලි හම්බ කරන්ඩ පුළුවන් ක්‍රමයක්නේ මේක බලනකොට. කාගේහරි කටක් අවුස්සා ගත්තා නම් හරි කියලා මට හිතුනා, මේක දකිනකොට. (නි)
දැන් ආයේ මේ වගේ වැඩ කරන්නේ නැති වෙයි.(හේ)
ලක්ෂ 25ක් ගෙවන්න සල්ලි තියෙනවද?(හේ)
එයාට ඔය තව වුනා මදි..(හේ)
ආණ්ඩුවට එරෙහිවත් නඩු තීන්දු දැන් ලැබෙන බව පේනවා. නියම යහපාලනය කියන්නේ ඕකට තමා (නි)
මෙයා කළේම මිනිසුන්ට අපහාස කිරීමයි. පෙන්නන්න හැදුවේ එයා වගේ කෙරුමෙක් නැහැ කියලයි. (නි)
අනේ සෙනවිරත්න, මමත් මෙයාගේ පන්ති ගියා. පළමුවෙන්ම පන්තියට ආවේ බස් එකේ. මාස හයක් යන්න පෙර ඩබල් කැබ් එකක්. ඒ මෙයට අවරුදු 25 කට පෙර. (නි)
කාට කාටත් හොඳ පාඩම් (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
ඔය පවර් හවුස් කියන අයටත් හොඳ වැඩේ මෙවැනි අය වෙනුවෙන් කඩේ යනවට (නි)
ඔය සන්නස්ගල කියන පුග්ගලයා පසුගිය ඡන්ද කාලයේත් පසුවත් හැසිරුන සහ කියපු දේවල් දුටුවහම ඇසුවාම, මෙසේ වනවා කියන එක මම දැනසිටියා. මොහු නිතරම මා හරි උගතා ජගතා කියා සිතපු කෙනෙක්. අනික් අයට ගරහමින් කළේ එ්කයි (නි)