ඉන්දියාවේ පාලක සභාග රජයේ සභාපති සෝනියා ගාන්ධි ස්වදේශ ඇමැති සුෂිල් කුමාර් ෂින්ඩ් සමග අද (10) බුද්ධගයාවට ගියාය.
ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන බවට කල්තියා බුද්ධි තොරතුරු තිබියදී රජයට එම ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වූයේ ඇයි දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ නමුත් ස්වේශ ඇමැති කිසිත් කීවේ නැත.
‘අපි සෝදිසියෙන් ඉන්නවා. සංකීර්ණ ප්‍රශ්න රැසක් තිබෙනවා. වෙනත් රටවල්වලින් ත්‍රස්තවාදීන් රිංගනවා. නැක්සලයිට්කාරයන් සිටිනවා. ජාතිවාදී අවුල් තිබෙනවා. අපි මේ හැම පැත්තක් ගැනම බලනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් භංගවේවා! මේ උරුමය රැක දෙනු! (දී)
මෙම ප්‍රහාර එල්ලකරන ම්ලේච්ච මිනිසුන් විනාශ වේවා.
ආගමික ස්ථාන වල ප්‍රහාර එල්ලකරන ම්ලේච්චයෝ මෙලොවෙන් තුරන් වේවා. (අ)
සෝනියා මැතිනියනි ,ඔබ ත්‍රස්තවාදයෙන් වන්දඹු වුණු කාන්තාවක් නිසා ,ත්‍රස්තවාදයට විරුද්ධ ඇති. ඒ නිසා මුජහිදීන් ත්‍රස්තයින්ටත් 13 ට එහාගිය විසදුමක් යෝජනා කරන්න (නි)
නිකන් බොරු සෝභන තමා. මෙච්චර දෙයක් වෙන බව කලින් කියලා තියෙද්දිත් ඒක වෙන්න ඉඩ දීලා දැන් බලන්න එනවා. කල කල දේ පල පල දේ වේවි සැමට. (නි)
ලඟම ඉන්දියාවේ මහජන චන්දය නිසා මේ අය මෙතනට ආවාට . හදවත් වල දුකක් නොතිබෙන්න පුළුවන් . ඉන්දියාවේ බුද්ධි අංශ වලින් දැනුවත් කර තිබියදීත් මොවුන් එය ගෙන සලකා බලා නැහැ . මොනව උනත් පැමිණීම ගෙන ස්තුති වන්ත වෙනවා . බෞධයන් වෙනුවෙන් (අ)
සෝනියා මහන වේද? මට සැකයි.(අ)
අන්තර්ජාතික අදහස් පල කරන සියලු දෙනාටම ආරාධනා කර සිටින්නේ බුද්ධගයා විහාර පරිපාලන කොමිටියට අපේ මහාබෝධි සංගමයේ කෙනෙක්ව ඇතුලත් කරන්න කටයුතු කරන්න කියලා. එදා අනගාරික ධර්මපාල උත්තමයාණන් වහන්සේ තනියම සටන් කොට ලෝක වැසි බෞද්ධයනට බුද්ධගයාව ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන බේරා දුන්නා. එනිසා අපේ කියන කෙනෙක්ව වහාම එම කොමිටියට පත් කරවන්න. අපි අද දඹදිව වන්දනා කරනුයේ එතුමාට පින් සිදු වන්නටය. (දී)
බොම්බේ පිපිරුනාට පස්සේ ගියේ මොකටද? (දී)
සොනියා ගාන්ධි ආණ්ඩුව පෙරලේවා !(අ)
අසේල ,මැරුවත් එකයි, මරන්න හැදුවත් එකයි. මාර වැඩේ කියන්නේ මරන්න හැදුවේ සිංහල කෙනෙක්, මැරුවේ කොටි. බැලුවොත් දෙගොල්ලන්ටම ඒ නෝනා වෛර කරන්න ඕනෑ. මේ සියලු ත්‍රස්තවාදීන් සහ අදහස් ඇත්තෝ විනාශ වේවා! ප්‍රබාකරන් ගිය තැනටම හැමෝම යන්න ඕනෑ ඉක්මනටම. සාමය සමගිය රජ වේවා! (දී)
මුහජිඩීන් ත්‍රස්තවාදීන්ට 13 ප්ල්ස් (13 ) දෙන්න ඕනෑ, එතකොට හරි (දී)
ලංකාවේ ඊට වැඩිය පුදුම කට්ටිය ඉන්නවා (අ)
මහ පුදුම මිනිස්සු ඉන්න රටක ඉන්දියාව (අ)
සතුටුයි මේ අයගේ පැමිණීමට දුකක් කරදරයක් උන වෙලවට තමයි අනේ අසල්වාසීන් ඕනේ ! ඔයාලට ගොඩාක් පින් හොදේ (අ)
තමන්ගේ මිනිහට බෝම්බ ගහපු අය වෙනුවෙනුත් කඩේ යන මේ ගෑනි සාධාරණයක් ඉස්ට කරයි කියලා හිතන්න පුලුවන්ද? මේකත් තව ජවනිකාවක්. (අ)
සැමට පින්. සියලු සත්වයෝ නිදුක් වෙත්වා (අ)