IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සුනිලා අබේසේකර මෙහෙවර නිම වේ

ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක හා ගායිකාවක හා නිළියක වු සුනිලා අබේසේකර (61) මහත්මිය අභාවප්‍රාප්ත වුවාය.

1980 දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රමුඛ සාමාජිකාවක වු ඇය එහි විමුක්ති  ගී ප්‍රසංගයේ  ශිල්පිනියක වුවාය.

චිත්‍රපට කිහිපයකම රඟ පෑ ඇය ගී ගායනයෙන්ද දායක වුවාය.

චාල්ස් අබේසේකර මහතාගේ දියණියක වන ඇය දෙදරු මවකි.

ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැප වු ඇය 1999 දී එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සම්මානයද දිනාගත්තාය.

දේහය මහරගම ගොඩිගමුව පිළියන්දල පාරේ ශිරෝමනී අංක 54 දරණ නිවසේ තැන්පත් කැර ඇත.

අවසන් කටයුතු ගොඩිගමුව සුසාන භූමීයේදී බදාදා(11)  සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

සුනිලා අබේසේකර මෙහෙවර නිම වේ

කුමාරි Tuesday, 10 September 2013 02:20 PM

හොඳ චරිතයක්, හොඳ කාන්තාවක්, නමුත් මෙයත් ප්‍රසිද්ධ කෙනෙක් තමා අර එකම ජාතියේ ක්‍රියාවලට. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 11 September 2013 01:28 PM

අනේ ගුනේ,ලෝකයේ වෙන දේවල් එදා වූ දේවල් හෙට වෙන්න තිබෙන දේවල් , ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් සිහි බුද්ධියෙන් තේරුම් ගත්ත කාලෙක ඔබ අපිව අගය කරනු ඇත. එවිට ඔබ පමා වී ඇති බවද පෙනෙනු ඇත. නියෝජිතයන් යොදවා ඩොලර් මිටි ගණන් දී අපි වැනි රටවල සංස්කෘතිය,සම්ප්‍රධායික පවුල් බැදීම කඩා ඉහිරවා මේවා බටහිර රටවල ගැති නිවට රටවල් කරන්නට බලවතුන් කැසකවන බව නොදන්නා ඔබ බොලදෙකි.(නදී)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 02:47 PM

මට කේන්ති ගිහිල්ලා නැහැ .හැබයි බොරු ලියන එක තමා වැඩේ? (දී)

:       0       0

සරා Tuesday, 10 September 2013 02:48 PM

මෙයත් අර රටට විරුද්දව වැඩ කරපු දේශ හිතෛශි ශ්‍රීලාංකිකයෙක් නේද? (දී)

:       0       0

උපාලි Tuesday, 10 September 2013 02:44 PM

නිවන් සුව පතමි. හැබැයි ජිනීවා වලදී තවත් කට්ටියක් එක්ක එකතු වී රටට විරුද්ධව කල කී දේ නම් නරකයි. (ස)

:       0       0

සේරම් Wednesday, 11 September 2013 01:37 PM

සත්‍යපාල සැමදා සත්‍ය පවසන කෙනෙක් බව දනිමි. නමුත් මෙය අපේ අනික් පිංගුත්තර ඕලමොට්ටලයන්ට වැටහෙන්නේ නැත.(නදී)

:       0       0

සිසිර Wednesday, 11 September 2013 08:11 PM

සත්‍යාපාලලා තමා අනුන්ට රෙදි නැතුව කඩේ යන ජාතිවාදියෝ (නි)

:       0       0

සුනෙත් Tuesday, 10 September 2013 02:58 PM

මෙයා කල මෙහෙවර නම් කියල නිමක් නැහැ (දී)

:       0       0

සුන්දර Tuesday, 10 September 2013 03:00 PM

නිවන් සුව පතනවා

:       0       0

කෙනෙක් Tuesday, 10 September 2013 03:13 PM

රටට හානියක් කරපු කෙනෙක්ට නම් මගේ පැහැදීමක් නෑ අර එක පාඨකයෙක් කිව්වා වගේ අපි සැවොම මැරෙන බව දැනගෙන ජීවත් වෙනවනම් හොඳය (දී)

:       0       0

රංජිත් Tuesday, 10 September 2013 08:25 PM

කලාව , දේශපාලනය හා මානව හිමිකම් වෙනුවෙන් ඔබ කළ සේවය මාගේ උත්තමාචාරය ඔබ වෙත පිරිනමමි.මැතිනිය ඔබට නිවන් සුව (අ)

:       0       0

දයා අලහකෝන් Tuesday, 10 September 2013 10:25 AM

මිහිරි කටහඞක් තිබුණ ගායිකාවකි.මොරිස් දහනායක, සරත් සඳනායක සමඟත් යුග ගී ගයා ඇත. නිවන් සුව පතමි. (ස)

:       0       0

තෙවරප්පෙරුම Tuesday, 10 September 2013 10:35 AM

ඔබ තුමියට නිවන් සුව. (ස)

:       0       0

වසන්ත Tuesday, 10 September 2013 10:57 AM

නිවන් සුව පතමි.(නදී)

:       0       0

නිමල් Wednesday, 11 September 2013 09:01 PM

උත්තරා ඇතුළු අනෙකුත් අයට කියන්න තියෙන්නේ ඔයාලා දේශහිතෛශී කොළයේ ඔතලා දීපු අබින් කාලා තියෙන්නේ කියලා. හැලිය රත් වෙනකොටවත් වැටහෙයිද මන්දා. (නි)

:       0       0

දුරන්ග් Tuesday, 10 September 2013 03:31 PM

අපි කැමති උවත් අකමැති උවත් හැම දේම සිදුවන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පුර්ණ කැමැත්ත අනුවයි කියා සමාජ ගත වී ඇති කියමනක්ද පවතී.(නදී)

:       0       0

චින්තක Tuesday, 10 September 2013 11:21 AM

ඔබ මේක දාන්නේ නැති නමුත් ලියමි. මුලදී ලස්සන නිර්මාණ වලට දායක වුනත් පසුව රට ජාතිය පාවා දුන්නා නේද? (නදී)

:       0       0

දිනේෂ් Tuesday, 10 September 2013 09:20 PM

මෙතුමිය මානව හිමිකම් අතින් ලංකාවේ සිටින කාන්තාවන්ට කල සේවය ප්‍රසන්සනීයයි , සුපුරුදු පරිදි එය අපේ කාන්තාවන්ට නොතේරි ඇති බව පැහැදිලි. එතුමියගේ සේවය අදට වඩා හෙට අපිට දැනේවි. මෙවන් ක්‍රියාකාරී කාන්තාවන් අද නොමැතිවීම කනගාටුවකි.ඔබට නෙවන් සුව !!!! (අ)

:       0       0

කිලී Tuesday, 10 September 2013 11:26 AM

මගේ රටට දළදා හිමි සරණයි.(නදී)

:       0       0

මනෝහරන් Tuesday, 10 September 2013 11:28 AM

හැමෝම දන්නා නිසා මොකුත් කියන්න අවශ්‍ය නැහැ. ඇරත් දැන් එයා නැහැනේ. නිවන් දකිත්වා.(නදී)

:       0       0

වසන්ත Tuesday, 10 September 2013 03:46 PM

නිවන් සුව පතමි (දී)

:       0       0

ලකී Tuesday, 10 September 2013 04:00 PM

එයා මිනිස්කම සපිරි දක්ස කලාකාරිනියකි නිවන් සුව (දී)

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 09:58 PM

මලාට පස්සේ ඉතින් මොකුත් කියලා වැඩක් නැහැ නේ. ඒ නිසා නිවන් සුව ලැබේවා!. (අ)

:       0       0

පිටගල Tuesday, 10 September 2013 10:00 PM

ප්‍රසංසනීය සේවයක් කළා නම් ඒක කාන්තාවන්ට නොතේරුණේ මොකද මන්දා.(නදී)

:       0       0

මන්ජා Tuesday, 10 September 2013 11:46 AM

මැරෙන බව දැනගෙන ජිවත් වෙමු !(නදී)

:       0       0

සාන්ත Friday, 13 September 2013 10:12 AM

කොටි සංවිධානය වෙනුවෙන් ඔබ කල මෙහෙය සදා අනුස්මරණීයයි ! (ස)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 11:41 AM

රට වෙනුවෙන් කල නිහඩ සේවයට මගේ උපහාරය! සසර වසන තුරු මෙවන් මරණයක් නැවත ඇති නොවේවා!(නදී) .

:       0       0

සත්‍යපාල Tuesday, 10 September 2013 04:10 PM

සුනිලා අබේසේකර ( බටහිර රටවලට කල) මෙහෙවර නිම වේ (දී)

:       0       0

සරත් ආතාවුද Tuesday, 10 September 2013 12:18 PM

බඹරු ඇවිත් චිත්‍රපටයෙන් ඔබගේ හඞ හදුනාගත් අප ඒ හඩ සදා අමරණීය වනු ඇත. ඔබට නිවන් සුව. (ස)

:       0       0

අරුණ බටුගෙදර Tuesday, 10 September 2013 12:21 PM

කවුරුත් මතක තිය ගත යුතු දේ තමා සුනිලා ජනතා විමුක්ති පෙරමුණ පොලොව පාගලා පන්නරය ගත් කෙනෙක් බව. (ස)

:       0       0

වින්ධිනි මහතන්තිල Tuesday, 10 September 2013 04:39 PM

බොහොම දුප්පත් පවුලකින් ඇවිල්ලා ඉංග්‍රීසි ටිකක් ඉගෙනගත්තට පස්සේ මුල අමතක් උනා. 71 කැරැල්ලටත් මෙයාගේ සම්භන්ධයක් තිබුනවගේ මතකයි. හැබැයි බඹරු ඇවිත් චිතපටියේ ගායනය හරි කදිමයි. මෙයා තවමත් බුද්ධාගමේ නම් නිවන් සැප ලැබේවා! (දී)

:       0       0

කුමාරි Tuesday, 10 September 2013 04:43 PM

සසර කෙළවර අම මහා නිවන් සුව අත්වේවා! ජීවත්ව ඉන්න කාලේදී මොන අන්දමින් උපන් රට පවා දුන්නත් අවසානයේ අපි කාටත් උරුම උපන් බිමේ මහා පොලව තමයි. මෙයාගේ නඩයේ අනෙක් අයත් ඒ බව සිහියේ තබාගෙන කටයුතු කරවී කියල හිතනවා මින් ඉදිරියට වත්. (දී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 10 September 2013 12:36 PM

ජනතා විමුක්ති පෙරමුණේ ඉඳල මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වුනා නම්. මුලින්ම අපේ ලංකාවේ ත්‍රස්තවාදය බිහි කල අහිංසක මිනිසුන් මරපු එම පක්ෂයම වැරදී බව කිව යුතුය. මෑත කාලයේ ලංකාවේ බිහිවූ මානව හිමිකම් කාරයෝ ඔක්කොම කලේ අපේම රට පාවා දීමත් හමුදාව පාවා දීමත්, දිනපු යුද්ධය පාවා දීමත්ය. කෙසේ නමුත් ගායිකාවක් වශයෙන් කල සේවයට ගරු කරමි. ඔබට නිවන් සුව අත්වේවා!(නදී)

:       0       0

පද්මිණි Tuesday, 10 September 2013 10:46 PM

මානව හිමිකම් කියූ පමණින් ලංකාවේ කට්ටියට තරහ ගිහින්. එවැනි මෙහෙයක් මේ මැතිනිය කළා නම් එම සේවය උදාරයි. නිවන් සුව පතමි. (නි)

:       0       0

සරෝජ් ජයසේකර Tuesday, 10 September 2013 12:39 PM

වරුණ, බුදු දහම අනුව උපදින සෑම කෙනෙකුටම මරණය හිමිය. සසර වසන තුරු ඉපදී මිය යති. මේ මිය යාම අකල් මරණයක් නොවේ. අවුරුදු 61 ක් ආයු වැලඳ රෝගයක් නොමැතිව මෙහෙම මිය යාම වාසනාවක්. මැතිනිය ඔබට නිවන් පල අත්වේවා.(නදී)

:       0       0

උත්තරා බණ්ඩාර Tuesday, 10 September 2013 10:52 PM

මහේසිකා දෙමළ අයගේ හෝ සිංහලයාගේ මානුසික අයිතිවාසිකම් රජය නැති කරේ නැහැ . පළමුවම ලංකාවේ මානුසික අයිතිවාසිකම් නැති කල ත්‍රස්තවාදීන් බිහි වුයේ ඇය නියෝජනය කල ජේ වී පි එකෙන්ය . දෙවනුව තුස්තවාදය බිහිකළේ ප්‍රබාකරන් ගේ එල් ටි ටි ඉ එකෙන්ය. ඔවුන් කරේ අහිංසකයන් මැරීමය. රජයක් හැටියට ත්‍රස්තවාදය නැති කරන විට මානුෂික අයිතිවාසි කම් නැති කරනවා කියා කෑ ගසන්නේද ත්‍රස්තවාදින්මය. නමුත් බලවත් රටවල් මානුසික අයිතිවාසිකම් නැති කරන මේ එකෙක්ටවත් පේන්නේ නැති කම තවත් පුදුම දෙයකි . අද මානුෂික අයිතිවාසිකම කරන්නේ මුදල් ගැරිමටත් රට යාමට සහ විදේශ ආදාර ලබා ගැනිමටත්ය. සාදාරණව මානුෂික අයිතීන් කතා කරන අය අද ලෝකයේ නැත . බඩ ගෝස්තර වාදය මානුසිකත්වය පන්නා දමා ඇත.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 10 September 2013 05:00 PM

ඔබට මා නිවන් සුව පතනවා (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 10 September 2013 12:45 PM

කලාවට අමතරව මානව හිමිකම් වෙනුවෙන් මෙතුමිය කරන ලද කටයුතු ඉතාමත් වැදගත්. මගේ උපහාර! (දී)

:       0       0

සමන් Tuesday, 10 September 2013 12:43 PM

නිර්මාණ වලට කැමති උනාට ඒ දේශපාලනයට නම් කැමැත්තක් නැහැ (දී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 10 September 2013 12:53 PM

මරණයක් අහල සතුටක් හිතට දැනෙන එක සදාචාරයට විරුද්ද බව දන්නවා.(නදී) .

:       0       0

ධර්ම Tuesday, 10 September 2013 05:21 PM

සිදුකළ සේවය අපි හොදින් දනිමු. (නි)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 01:03 PM

සරෝජ් ජයසේකර දන්නා බම්බුව තමා.එතුමිය මියගියේ පිලිකා රෝගයකින් දන්නේ නැත්තම් හොයලා දැනගන්න.බොරු ලියන්නේ නැතුව.තව බුද දහම ගැනත් දේශනාව. (ස)

:       0       0

තාරකා Wednesday, 11 September 2013 12:38 AM

රෑපකාය වශයෙන් පමණක් ඇය අප අතහැර ගියත්, කළ හොඳ සියල්ල අප අතරය. විමුක්ති ගී වේදිකාවේ ඔබ එදා ගැයූ ඒ අමරනීය ගීතය සති පූජා දර සෑයේ.... තවමත් මා හද රැඳී තිබේ. ඔබට සුබ ගමන් සුනිලා.... (නි)

:       0       0

සෙහාන් අමරසිංහ Tuesday, 10 September 2013 01:14 PM

අදහස් දාපු අයගෙන් බාගයක් මෙයාගේ සින්දු ගැන ලියන්නේ.කාටවත් පෙනුනේ නෙද්ද මෙයා අපේ රටට ත්‍රිවිද හමුදාවට විරිද්දව කරපු දේවල් ????? (දී)

:       0       0

රන්ජනී Tuesday, 10 September 2013 01:16 PM

ඔබ තුමියට නිවන් සුව පතමි (දී)

:       0       0

දසුනි Wednesday, 11 September 2013 01:29 AM

ඔබට නිවන් සුව! (නදී)

:       0       0

කුමාර Tuesday, 10 September 2013 01:21 PM

අපේ රතුපස්වල භූතයට ඇත්තේ සදාචාර විරෝධී කාලකණ්නි සතුටක්. (ස)

:       0       0

ධම්ම Tuesday, 10 September 2013 01:23 PM

ඔබේ ආරම්භය ලස්සනයි. ඔබට නිවන් සුව පතමි! (ස)

:       0       0

සරෝජ් ජයසේකර Tuesday, 10 September 2013 01:29 PM

වරුණ, ඉතින් පිලිකා රෝගයක් හැදිලා දුක් විඳ විඳ ඉන්නවට වඩා මිය යාම ඉතා අගනා දෙයක්. දුකින් මිදීම. වරුණ මල පැනලා වගේ.මෙත් සිත් ඇති කර ගන්න . එවිට කෝපය දුරුවේ. (ස)

:       0       0

හිරාන් Tuesday, 10 September 2013 01:41 PM

මරුන නිසා කවුරු උනත් නිවන් සුව පතනවා (දී)

:       0       0

මහේසිකා Tuesday, 10 September 2013 06:51 PM

මානව හිමිකම් වෙනුවෙන් වැඩකළ හැම කෙනෙකුටම අහන්නට ලැබෙන කුණුකතා සුනිලා ඔයාටත් මේ ලැබෙන්නෙ. දෙමලාගෙ වුණත් සිංහලයාගෙ වුණත් මානව හිමිකම් කඩකරනවා නම් ඒකට එරෙහිව බෙල්ල ගියත් නැගිටින්න කොන්දක් තිබුණ ආත්ම ශක්තියක් තිබුණ ඔයාට සැබෑ මිනිසුන්ගෙ ප්‍රණාමය හිමිවෙනවා. හැම මනුස්සයා අතින්ම වැරදි අඩුලුහුඬුකම් වෙනවා වගේ සුනිලා අබේසේකර අතිනුත් එහෙම වෙන්නට ඇති (නි)

:       0       0

රෝහණ Tuesday, 10 September 2013 06:51 PM

කළකම් අනුව යන තැන හිමිවේ (නි)

:       0       0

නිල්මි Tuesday, 10 September 2013 07:00 PM

ඔය නෝනා මහත්වරු රට කියල අදහස් කරන්නේ මොකක්ද? ධවල භීෂණයට එරෙහිව එතුමිය කළ සේවයද එතුමියගේ කලා හැකියාව මෙන් අගය කළයුතුයි (නි)

:       0       0

තරංග Tuesday, 10 September 2013 02:02 PM

ඔබට නිවන් සුව පතනවා

:       0       0

ගුණරත්න Wednesday, 11 September 2013 06:25 AM

ඇය ඔබේ දේශපාලන මතවාදයට , පිළිගැනීමට හා ප්‍රචාරණයන්ට සමාන නොවුනත් ඇය හෙලා නොදකින්න. අද අපේ රටේ වෙන දේවල් එදා වූ දේවල් හෙට වෙන්න තිබෙන දේවල් , ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතිවාසිකම් සිහි බුද්ධියෙන් තේරුම් ගත්ත කාලෙක ඔබ සුනිලා අගය කරනු ඇත. එවිට ඔබ පමා වී ඇති බවද පෙනෙනු ඇත. සුනිලා, ඔබ අමරණිය වේ (නි)

:       0       0

දිනේෂ් Tuesday, 10 September 2013 02:06 PM

මෙයා කොහොමත් කරේ එයාගේ වාසියට මානව හිමිකම් වෙනුවෙන් රට පාවලා දීපු එකතමා. මේ ගැන අද ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. ඒත් කවුරුත් කතා නොකළේ මෙයා ඒ දවස්වල දරුණු පිළිකා රෝගයකින් පෙලුණු නිසා. (ස)

:       0       0

කටා මාමා Tuesday, 10 September 2013 02:09 PM

මම හිතන්වුන් විදියට මෙයා ස්වර්ගස්ථ වෙන කණ්ඩායමටයි අයිති.. සාමදානේ සදාකල් සැතපෙවා... (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 September 2013 06:42 AM

ඔබ දෙසට දමා ගසන්න ගලුත් මලුත් දෙකම මා වෙත නැහැ. අතීතයේ යම් දිනක ඔබ හරිමග ගිය යුගයක එකට වැඩ කරපු බව පමණක් සිතේ තවම රැඳී තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 194 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 60 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1198 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 466 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1148 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 224 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30086 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23670 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site