IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


'සිඳු'

2016-11-02-ent-27

මේ දිනවල පුංචි තිරයේ වඩාත් ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගැනීමට ‘‘සිඳු’’ ටෙලිනාට්‍ය සමත්ව තිබේ. මීට පෙර ඔබේ ආදරය දිනාගත් මලී සහ අත්තම්මා ටෙලිකතා මාලාවේ තුන්වැන්න මෙලෙස ‘‘සිඳු’’ නමින් ඔබේ ආලින්දයට පැමිණෙයි. සිඳු හි නියමුවා වන තිළිණ බොරලැස්ස ඔහුගේ මතකය ‘‘සාරවිට’’ සමග මෙසේ අවදි කළා.

 

සිඳු ටෙලිනාට්‍ය පේ‍්‍රක්ෂකයා අතරට එන්නේ කොහොමද?

2016-11-02-ent-26ඇත්තෙන්ම මලී සහ අත්තම්මා ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය දෙකක් ලෙස පේ‍්‍රක්ෂකයා වැලඳ ගත්තා. එමෙන්ම මෙතෙක් ලංකාවේ විකාශය වූ කිසිම ටෙලි නාට්‍යයකට කෙටි කාලයකින් මේ තරම් ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට හැකි වුණේ නැහැ. ඒ හිමි වුණත් ඒවා විදේශීය නිෂ්පාදනයි. අද වන විට අපේ දේශීය දේ කෙමෙන් කෙමෙන් ආගාධයට යන කාලයක් තිබෙන්නේ. එනිසා එයට විසඳුමක් වශයෙන් දෙරණ උපසභාපතිවරයා ලක්සිරි වික‍්‍රමගේ මහතා, ජානක සිරිවර්ධන නිෂ්පාදකවරයා, සමන් එදිරිමුණි සහ මම මෙහි තෙවැනි කොටසක් ගෙන ඒමට තීරණය කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙසයි සිඳු නිර්මාණය වන්නේ.

 

සිඳු ටෙලිනාට්‍යයේ කතාව පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත් ?

මේ කතාව ආරම්භ වන්නේ මලීගේ පුතා ලංකාවට පැමිණීමත් සමග ඔහුගේ අතුරුදන්වීම පිළිබඳවයි. බැලූ බැල්මට මේ ටෙලිනාට්‍ය මලී හා අත්තම්මාගෙන් පසු කතාව ඉදිරියට ගලාගෙන යාමක් නොවුණත් එහි පළමු හා දෙවැනි කොටස්වල චරිත එකතුවක් ලෙස හැඳින්විය හැකියි. අත්තම්මා සහ මලී තුළ නොමැති අලුත් චරිත කිහිපයකුත් මේ හා සම්බන්ධ වනවා.

 

මේවන විට වයස් භේදයකින් තොරව ලොකු කුඩා කවුරුත් සිඳු නරඹනවා. ඒ පිළිබඳව ඔබේ අදහස ?

ඇත්තෙන්ම ඒක මට විශ්මයක් වගේ. මෑත කාලයේ ඉන්දියන්, කොරියන් ජනප්‍රිය කාලයක සිඳු කොටස් කිහිපයකින් ලොකු කතාබහකට ලක්වුණා. මේ වෙද්දී පවා ලංකාවේ දැනට පවතින ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට සිඳු පත්වෙලා තියෙනවා කියා මට ආරංචියි. ඒ ගැනත් මට ගොඩක් සතුටුයි. මං හිතෙන්නේ එයට හේතුව අපේ කම, අපේ දෙය තුළින් අව්‍යාජව ඉදිරිපත් කිරීම නිසා වෙන්නැති.

 

දැන් නිෂ්පාදනය වන බොහෝ ටෙලිනාට්‍ය මෙගා ටෙලිනාට්‍ය ගණයටයි අයත් වන්නේ. මේකත් එක්තරා විදියක මෙගා ටෙලිනාට්‍යයක්ද ?

ඔව් මේක දීර්ඝ නාට්‍යයක්. නමුත් ප‍්‍රමිතියෙන් උසස් හොඳ නාට්‍යයක්. ඉදිරියටත් මේ කුතුහලය, අපේ කම, අපේ දේ රැකගෙන පේ‍්‍රක්ෂකයා හමුවට ගෙන ඒමයි අපේ සංකල්පය. තවද ලංකාවේ අද මෙගා නාට්‍යයවල ප‍්‍රමිතියක් නොමැති බව පේ‍්‍රක්ෂකයා හොඳින් හඳුනාගෙන තිබෙනවා. අද පවතින්නේ බොහෝ විට දීර්ඝ නාට්‍ය කලාවක්. එහෙත් ඒ තුළින් හොඳ නිර්මාණ කිරීමට හැකියාව තිබෙනවා.

 

සිඳු ජනප්‍රියත්වයට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල බලපෑවා නේද ?

ඒක ඇත්ත. ෆේස්බුක් ඔස්සේ සිඳු ටෙලිනාට්‍යයට බොහෝ ජනප්‍රියත්වයක් හිමිවුණා. මෙහි එන සමහර දෙබස් පවා දැන් කොයි කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා. එයින්ම අදහස් වනවා පේ‍්‍රක්ෂකයා සිඳු කොපමණ වැලඳගෙන තිබෙනවාද කියා. මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ සිඳු චරිතයයි. එහෙත් මෙහි කැපී පෙනෙන රංගන දක්ෂතාවක් පොඩි හාමුදුරුවන්ගේ චරිතය තුළින් අපි දකිනවා. ඒකත්

 

එක් හේතුවක්ද සිඳු ටෙලිනාට්‍ය මේ තරම් ජනප්‍රියවීමට ?

සිඳු කියන චරිතය ගත්තොත් එය එක්තරා විදියක ගුප්ත චරිතයක්. ඊට හාත්පසින්ම වෙනස් රංගනයක් පොඩි හාමුදුරුවන්ගේ චරිතය. මෙහි සිඳුට වඩා පොඩි හාමුදුරුවන් කැපී පෙණුනේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය තුළ ඇති හුරතල්කම, හැඩහුරුකම නිසයි. මේ ජනප්‍රියත්වයට එය අපට විශේෂ ආභරණයක් වුණා. මීට අමතරව මෙම ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායකවන සියලුම දරු දැරියන්ගේත්, රංගන ශිල්පීන්ගෙත් දක්ෂතාව නිසාද සිඳු අද ඉහළ තැනක ඉන්නවා.

 

චරිත තෝරාගැනීම පිළිබඳ ඔබේ අදහස ?

පොඩි හාමුදුරුවන්ගේ චරිතයට ගැලපෙන දරුවකු අපි මාස කිහිපයක පටන් සෙව්වා. පසුව අවසාන මොහොතේදී දෙරණ උපසභාපතිවරයාගේ යෝජනාවකිනුයි මේ දරුවා තෝරාගනු ලැබුවේ. මේ වෙද්දී ඔහු තම චරිතයට සාධාරණයක් ඉටුකරමින් හොඳ රංගනයක නිරත වනවා. අනෙක් චරිත වලටද අප ගැලපෙන අන්දමින් රංඟන ශිල්පීන් යොදා ගත්තා.

 

මෙහි රූපගත කිරීම් සිදුකෙරෙන්නේ මොන ප‍්‍රදේශ වලද?

පොල්පිතිගම ප‍්‍රධාන වශයෙන් අපි තෝරාගන්නවා රූපගතකිරීම් සිදු කිරීමට. අනෙක් ඒවා බොරලැස්ගමුව, බණ්ඩාරගම අවට සිදුකරනු ලබනවා.

 

රූපගත කිරීම් අතරතුර අමතක නොවන සිදුවීමුත් ඇති නේද. ඉන් එකක් මතක් කළොත් ?

අපේ පළමු රූපගත කිරීම සිදු වන්නේ පොල්පිතිගම හක්වටුනාව වැවේ. ඒ අතරතුර අපි කොප්ටර් කැමරාවක් භාවිතාවෙන් යම් රූගතකිරීම් කිහිපයකුත් සිදුකළා. පොඩි හාමුදුරුවෝ තවත් ළමුන් කිහිපදෙනෙක් සමග සෙල්ලම් කරමිනුයි සිටියේ. කොප්ටර් කැමරාව වතුරෙන් උඩට එද්දී පොඩි හාමුදුරුවෝ ඒක දැකලා බයවෙලා දුවන්න ගත්තා. පස්සේ අඬන්නත් පටන් ගත්තා. ඒකනම් මට අමතක නොවන සිදුවීමක්.

 

සිඳු ජනප්‍රියත්වයට එහි පිටපතත් බලපෑවා නේද ?

මේ පිටපත සමන් එදිරිමුණිගේ. ඔහුගේ මේ පළමු රූපවාහිනී රචනය නිසාම එහි ලියැවෙන්නේ නැවුම් දෙබස්. මේ දෙබස්වල නැවුම්කම නිසාම සිඳු පේ‍්‍රක්ෂකයා අතරට ගියා කිවුවොත් මං නිවැරදියි. මේ පිටපත සමන් නොලියුවානම් සමහරවිට සිඳු මෙතරම් ජනප්‍රිය නොවෙන්නත් තිබුණා. සමන්ගේ දක්ෂතාව නිසා සිඳු අද පේ‍්‍රක්ෂකයාගේ හදවතේ ලැගුම් ගෙන සිටිනවා.

 

2016-11-02-ent-31
2016-11-02-ent-30
2016-11-02-ent-29
2016-11-02-ent-28



අදහස් (0)

'සිඳු'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 986 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2021 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1065 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 353 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1583 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1114 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site