කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය හරස්පාරට නුදුරින් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී අද (28) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයකට යටවීමෙන් බස්නැවතුම්පලේ සිටි අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය බස්නැවතුම්පොලේ සිටි දෙදෙනා යටකරගෙන ගොස් කොට්ටන් ගසක හැපී නතර වී ඇති බවත් අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
කොළොන්නාව සිට සම්මන්තුරේ දක්වා ගමන් කරමින් තිබු මොටර් රථය ගසේ හැපී දැඩි අලාබහානි සිදුවී ඇති අතර එහි ගමන් ගත් හයදෙනෙකුගෙන් යුත් පවුලේ සාමාජිකයන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.
රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
සැප රිය බස්නැවතුම්පලේ දෙන්නකු යට කරයි
හේවාවිතාරණ Monday, 28 September 2015 06:01 PM
ඩයස්, මෙවැනි රියදුරන් පුම්බලා තියන්න එපා. වැඩ දන්නා හින්දා නෙමෙයි, වැඩ පෙන්වන්න ගිහින් (නි)
රාජේන්ද්‍ර Tuesday, 29 September 2015 12:02 AM
අනේ හැබෑට මෙහෙමත් රියදුරෝ? (නි)
එරික් Monday, 28 September 2015 08:27 AM
දැන් දවසකට අනතුරු කීයක් සිද්ධ වෙනවද? ජීවිත කීයක් නැතිවෙනවද? (හේ)
අසිත Monday, 28 September 2015 08:44 AM
අපේ අයට වාහනයක් ගත්තම ඉගෙලෙන්න හදනවා.(හේ)
ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 08:47 AM
කෙසේ කොතන වුවත් සැප රිය පැදවූ අයගේ බලපත්‍රයට මිනිසුන් මරන්න අවසර නොමැත. (හේ)
තාරක Monday, 28 September 2015 09:31 AM
මේකේ අන්තිම ප්‍රතිපලය මරුන මිනිසුන් විසින් වාහනයට බලයෙන් පැන මරුන විදියට තීරණය වේවි, වාහනයේ රියදුරා නඩුවෙන් නිදහස් වෙවී ලොකු සල්ලි කුටියක් ලොයෙර්ස්ලට දීලා (හේ)
පිටිගල Monday, 28 September 2015 09:51 AM
අන්තිමට තාරක කිවූ දේ එලෙසම සිදුවේවි. අපි නොදන්නා පොලිසිය? (නි)
බෙනට් Monday, 28 September 2015 09:57 AM
මාර සැප රියක් ..(හේ)
දිසානායක Monday, 28 September 2015 10:22 AM
ඔය බෆිර් එකට ඉස්සරහා තියෙන යකඩ බාර් එකත් තහනම් (අ)
ජයරත්න Monday, 28 September 2015 10:56 AM
වේලාව තමයි.(හේ)
ජයලත් Monday, 28 September 2015 11:17 AM
වෙලාව නෙමේ ජයරත්න මේ "ඉන්දියන් " වසංගත වලට යන්න පුළුවන් උපරිම වේගයක් තියනවා පිස්සට කඩුව අහු වුනා වගේ මේව ස්පීඩ් කළොත් අනිත් වාහන වගේ කන්ට්‍රෝල් නැහැ තිරිංග එහෙමත් හොඳම නැහැ ( මම දන්නේ නැහැ ඇත්තටම මෙතෙන්දි උනේ මොකද්ද කියල නමුත් අර කිව් විදියේ ඒවා හැප්පුන හුගක් අවස්ථාවල සිද්දවෙලා තියෙන්නේ ඕක ) (බ)
සංජීව Monday, 28 September 2015 11:20 AM
මගේ තාත්තා මියගියෙත් රථ වාහන අනතුරකින් .නමුත් ඔහු මට රිය ධාවනය පුරුදුකරන්න කලින් කීවේ අනතුරකින් නැතිවෙන ජීවිත වලට වග කියන්න පුලුවන්නම් (ඒ කෙනාගේ පවුල නඩත්තු කරන්න පුලුවන්නම් දරුවන්ට පියෙක් අම්මලට තාත්තලට පුතෙක් වෙන්න පුලුවන්නම් ) පමණක් පාරේ අසිහියෙන් යන්න කියල .වරදක් කරලා අපි සමාව ගත්තට ඒ වැරැද්ද හදන්න බෑ (බ)
ඩයස් Monday, 28 September 2015 11:54 AM
වැඩ දන්නා හින්ද යන්තම් ගහකට අල්ල ලා නවත්ත ගත්තා. (අ)
ෆාරා Monday, 28 September 2015 02:03 PM
මොහුට රිය පුහුණුවක් නොමැති බව හොදට පේනවා..(බ)