IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ස්පීඞ් මෝටර් රථ / යතුරු පැදි තරගාවලියේදී අෂාන්ගෙන් දස්කම්

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජ හතරක් එක්ව සංවිධානය කළ ‘ස්පීඞ් 2012’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ තෙවැනි හා අවසන් අදියරේ තරගාවලියේදී මෝටර් රථ ධාවන ශූර අශාන් සිල්වා ඉසව් තුනකම පළමු ස්ථානය ලැබීය. පන්නල ස්ප‍්‍රීඞ් ඩ්‍රෝම් ධාවන පථයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලියේදී අශාන්, මෝටර් රථ ඉසව් අතරින් වැඩි අවධානයක් යොමු වු එස්. එල්. ජී. ටී. 3500 සී.සී. ඉසව්වේදී දිනේෂ් දෙහෙරගොඩ පරදවා ජය ගත්තේය. දිනේෂ් අදියර දෙක අවසානයේදී ප‍්‍රසාද ලකුණු අතරින් ඉදිරියෙන් සිටි ධාවකයා වන අතර ඔහු අවසන් අදියරේ දෙවැනි ස්ථානය ලැබීම නිසා එහි ශූරයාවීමට ඔහුට අපහසුතාවක් නොවනු ඇත. කටුකුරුන්ද තරගාවලියේ මෙම ඉසව්වේ ශූරයා වු අභීත් දංගල්ල තෙවැනි ස්ථානය ලැබීය. අශාන්, ෆෝමියුලා ෆෝර්ඞ් ඉසව්ව මෙන්ම එස්. එල්. එච්. 1600 සී.සී. ඉසව්ව ද ජය ගනිමින් පන්නල ධාවන පථයේ වීරයා විය. ෆෝර්ඞ් ලේසර් මැස්ඩා 1300 සී.සී. ඉසව්වේ මෝටර් රථ දෙකක් අනතුරට ලක්වීමෙන් එහි තරග ප‍්‍රතිඵල අත්හිටුවන ලදි. එමෙන්ම එස්. එල්. කාර් 1050 සී.සී. ඉසව්ව සහ එස්. එල්. ඒ. මිනි 7 ඉසව්වේද තරග ප‍්‍රතිඵල අත්හිටුවීමට සංවිධායකවරුන්ට සිදුවිය. ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. 4 ස්ට්‍රෝක් තනි සිලින්ඩර යතුරු පැදි ඉසව්වේදී 9 හැවිරිදි ජේඩන් ගුණවර්ධන සහ 8 හැවිරිදි ඒරන් ගුණවර්ධන සොහොයුරෝ පළමු සහ දෙවැනි ස්ථාන ලබමින් පැමිණි ලොකු කුඩා කාගේත් අවධානයට යොමු වු ඉසව්වක් බවට පත්කළහ.   අවසන් තරග ප‍්‍රතිඵල: ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (, ඉසව්ව) 1.චන්දිම ගුණරත්න, 2.සබ්රි අබ්දුල් සලාම්, 3. තරිඳු ගමගේ   එස්. එල්. එන්. 1000 සී.සී. 1.රොහාන් ද සිල්වා, 2.උෂාන් පෙරේරා, 3.එස්.ඒ.දුමින්ද   මැක්ලරන්ස් ඇල්ටෝ කේ10 ඉසව්ව 1.ප‍්‍රවීන් මඩුගල්ල, 2.උෂාන් පෙරේරා, 3.අමීර් ගපූර්   එස්.එල්.එච් 1600 සී.සී. 1.අශාන් සිල්වා, 2.මොහාන් පෙරේරා, 3.දිනේෂ් ජයවර්ධන   ෆෝර්ඞ් ලේසර්/ මැස්ඩා 1500 සී.සී. 1.ඉර්ෆාන් ෆුවාර්ඞ්, 2.ශාන්ත ප‍්‍රියංකර, 3.චමින්ද වීරසුරිය   එස්.එල්.එච්. 1500 සී.සී. 1.සජාඞ් සුහයිර්, 2.එස්.මාන්නප්පෙරුම, 3.දිනේෂ් සේනානායක   ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (IIඉසව්ව) 1.තරිඳු ගමගේ, 2.චන්දිම ගුණරත්න, 3.සබ්රි අබ්දුල් සලාම්   එස්.එල්.ජී.ටී. 3500 සී.සී. 1.අශාන් සිල්වා, 2.දිනේෂ් දෙහෙරගොඩ, 3.අභීත් දංගල්ල   ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු) 1.අශාන් සිල්වා, 2.දිනේෂ් ජයවර්ධන, 3.එස්.ලෝරන්ස්   ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පෙර) 1.කෞෂල්‍ය සමරසිංහ, 2.විරාන් බොතේජු   යතුරුපැදි තරගාවලිය යමහා 153 සී.සී. - 6 1.සමීර සම්පත්, 2.ප‍්‍රසාද් එරංග, 3.මයිකල් ස්ටීව   බාජාජ් 150 සී.සී. 1.ශාන්ත රණසිංහ, 2.අමල් එරංග, 3.ධනංජය රාමනායක   125 සී.සී. 2 ස්ට්‍රොක් 1.චතුර මධුෂංක, 2.තුවාන් ප‍්‍රින්ස්, 3.මොහොමඞ් සෂීන්   125 සී.සී. 4 ස්ට්‍රොක් 1.ජේඞ්න් ගුණවර්ධන, 2.ඒරන් ගුණවර්ධන, 3.මාලන් මංචනායක   250 සී.සී. එස්.එම්. සුපර් මෝර්ටාඞ් 4 ස්ට්‍රොක් 1.කේ.ඞී.සුදසිංහ, 2.උදික ශ්‍රීමාල් මලවිගේ, 3.සුදීප් විදර්ශික   250 සී.සී.  ඕ. ස්ටෑන්ඩර්ඞ් 4 ස්ට්‍රොක් 1.නෙඞ් ඩැනියල්, 2.ශිරෝන් ප‍්‍රනාන්දු, 3.නරයෙන්සමි ප‍්‍රදීපන්   125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. 1.ප‍්‍රභාත් පීරිස්, 2.ජේඞ්න් ගුණවර්ධන, 3.එස්.කේ.ටිරෝන්   450 සී.සී. එස්. එම්. සුපර් මෝටාර්ඞ් 1.සුරාජ් පෙරේරා, 2.ආනන්ද වෙඩිසිංහ, 3.ඉන්දික ජයසුරිය   600 සී.සී.රේසිං නවීකරණය කරන ලද යතුරු පැදි 1.ප‍්‍රසන්න ආර්.සුබසිංහ, 2.මධුරංග කල්දේරා, 3.රඛිත අබේවික‍්‍රම එස්. එල්. ජී. ටී. 3500 සී.සී. ඉසව්වේ ශූරයා අෂාන් ජේඞ්න් ගුණවර්ධන ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්වෙන්...



අදහස් (0)

ස්පීඞ් මෝටර් රථ / යතුරු පැදි තරගාවලියේදී අෂාන්ගෙන් දස්කම්

චන්ද්‍රසිරි Wednesday, 17 October 2012 09:14 PM

ජාත්‍යන්තර තරගයක් දිනුවොත් වඩාත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 953 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1570 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1424 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1211 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site