රුපියල් ලක්ෂ පනහකට ආසන්න හෙරොයින් මත් කුඩු තොගයක් අතුරුගිරිය පොලීසියෙන් පසුගිය මාර්තු මාසයේදී අතුරුදන් වී යැයි කියන සිද්ධිය මත එහි පොලිස් ස්ථානාධිපති ඇතුලු පස්දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් බඩු භාණ්ඩ භාරව සිටි සැරයන්වරයෙක් හා කොස්තාපල්වරු දෙදෙනෙක් වැඩ තහනමට ලක් වුහ.
මෙම මත් කුඩු ආරක්ෂාව සදහා සේප්පුවේ තබා තිබු බවත් පොලීසිය කියයි.
රජයේ රස පරීක්ෂකට යැවු එම කුඩු හෙරොයින් නොවන බව සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ෂුවර් එකටම, කුඩු මුදලාලි බේරගන්න කරපු වැඩක්. (නි)
ඔය මිනිස්සු ඔය විදිහ තමා.(නදී)
අම්මෝ මෙයාලවත් ආයුධ පෙන්නන්න අරන් යන්න තිබ්බේ. (ස)
නිසාර්ගේ කතාව හරි (නි)
ඕවා හරිනම් නඩුව අවසන් වුණ ගමන් විනාශ කරලා දාන්න ඕනෑ, එහෙම කරන්නේ නැහැනේ. ඒවත් යටින් යනවා. සිංහලයෝ නැති වෙන්න තවත් මගක් තමයි මේ කුඩු. (නි)
ලක්ෂ පනහයිද වටිනාකම? පස් දෙනෙක් නේද? මදි මදි, පැන්සොන් එක එනකල් හිටියා නම් තමයි හොඳ. දැන් ඉතින් මොනවා කරන්නද. නඩුවට ඔය ටික වියදම් වෙනවා. (ස)
කවුද ඉතින් අපේ අහිංසක මිනිසුන්ට කුඩු බෙදන්නේ ?? ඔය ඇත්තෝම තමා. කුඩු විකුනන්නේ නම් ඔය කුඩු සුදා, සොත්තියා, කෙස්වටුවා, හැලපයා වගේ නම් වලින් පෙනී සිටින පාතාලයයි කියා ගත් අය තමා. හැබැයි කුඩු ගෙන්වන්නේ නම් ඔය දෙගොල්ලොම නොවෙයි. හරි පුලුවන්නම් කියමු බලන්න දන්නා කෙනෙක් ඉන්නවනම්. (ස)
මේ වගේ පොලිස් නිලධාරීන් ඉන්න රටක කොහොමද කුඩු මර්දනය කරන්නේ?එහෙන් අල්ලන ගංජා ගෝනි ගණන් හොරකම් කරලා ගන්ජා වේලනවා පොලිසියේ කට්ටිය. මෙහෙන් උසාවි දාන්න තියෙන කුඩු උස්සනවා (නි)
හැමෝම කියමු බලන්න, මේ වගේ කාලකන්නි ඉන්න රටක් හදන්න කොච්චර කල් යාවිද ??? (අ)
ඔය කාගෙත් කෙරුවාව ඔහොම තමයි. හැමෝම දුවන්නේ සල්ලි පස්සේ. මෙලොවට බිහි කරපු අම්මත් මෙයාල විකුණගෙන කයි.(නදී)
ඉස්සරවෙලා අරගොල්ලන්ව සුද්ද කරලා ඉන්න වෙයි. නැත්නම් කවදාවත් කුඩු නැති කරන්න බැරි වෙයි (නි)
ෂුවර් එකටම මේක අහවලාගේ වැඩක්. (නි)
අම්මාගේ රන් මාලේ පුරුක් දිනෙන් දින අඩුවීම ගැන ඇය පුතාගෙන් ඇහුවා. පුතා කිව්වේ රත්‍රන් සක්‍රීයතා ශ්‍රේණියේ පහළම තියෙන මුල ද්‍රව්‍යක් නිසා එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ කුඩු ප්‍රශ්නෙටත් ඒ වගේ උත්තරයක් බලාපොරොත්තුවන්න.(නදී)
අතුරුගිරියේ පොලිසියේ හොඳ ගැන නිතර නිතර මාධ්‍ය වලින් අහන්න ලැබෙනවා. (නි)
කුඩු වසංගතය නැවත සමාජගත කරන්න හදන මොවුන්ව රටවැසියන්ට පෙන්වන්න (නි)
සදුනි, ඔබහරි, අපේ යුද්ධය වසර 30 ක් ගියෙත් ඔය ජරා ක්‍රමය නිසා තමා , (අ)
වැඩ තහනම් කරලා ඇතිද? ලොකප් එකට දැම්මේ නැද්ද? (අ)
පස්සේ පාන් පිටි වෙලාද? (අ)
සේප්පුවත් කුඩු ගහලද බොලන් බබ්ය්යෝ?වැටත් නියරත් ගොයන් කනවා නම් බොල මොන මහගෙට කියන්ටද?(අ)
තරුණයන් බිලි ගන්නා කුඩු මාරකයට පසු ගිය කාලවලදී දුන් ප්‍රහාරය සමග මීට සම්බන්ද වුන සියලුම දෙනාට මරණ දඩුවම දෙන්න නැවත මෙවැනි දේ සිදු නොවෙන්න (අ)
පොලිසියටත් CCTV කැමරා සවිකළ යුතුයි (අ)
පොලිසිය මහත්තුරු කුඩු ටික විසි කරන්න ඇති .(අ)
බොහෝ පොලිස් නිලධාරීන්ගේ කෙරුවාව ඔහොමයි.කුඩු වෙනුවට වෙන මොනවා හරි යැව්වම කුඩු මුදලාලිත් එළියේ.බඩුත් නිදහස්.මගේ සැමියා ඉන්නෙත් ආරක්ෂක අංශයක.ඔහු කියන්නෙත් පොලිසියේ රැකවරණය අපරාධ කාරයාට බවත් මෙය විශාල කලකිරීමක් ඇති කරන බවත්ය. (අ)
අද කලේ මුදලට මිනිස්සු බල්ලෝ වෙලා...........එක්කෝ මේක ගෙනාපු එක බෙර ගන්න වෙන්න ඇති නැත්නම් මේක පිටට විකුණලා සල්ලි ගන්න ඇති .(අ)