ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ රඟමිණී යසස්නී පොන්නම්පෙරුම (07) ආධාරකයක් නොමැතිව බිත්තිය දිගේ නැග විනාඩ් 10 ක් 15 ක් සිටින බව කියයි. කුඩා කල සිටම බිත්තියේ නැගීමේ හැකියාවක් පැවති බවත් දැන් ඇය ජිම්නාස්ටික් හා කරාතේ කරන බවත් කියන්නීය.
ගාල්ල වඳුරඹ මහා විද්‍යාලයේ තෙවැනි ශ්‍රේණියේ රඟමිණී යසස්නී පොන්නම්පෙරුම (07) ආධාරකයක් නොමැතිව බිත්තිය දිගේ නැග විනාඩ් 10 ක් 15 ක් සිටින බව කියයි. කුඩා කල සිටම බිත්තියේ නැගීමේ හැකියාවක් පැවති බවත් දැන් ඇය ජිම්නාස්ටික් හා කරාතේ කරන බවත් කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් දරුවන් අපට වාසනාවන්! (නි)
මෙවැනි දක්ෂතා තියෙන ළමුන් ධෛර්යමත් කළයුතුයි නේද. ඒ සදහා රාජ්‍ය අනග්‍රහයත් ලබාදෙනවා නම් මේ දක්ෂතා තව වර්ධනය කරගන්න පුලුවන් මේ දරුවට. ඔබට තෙරුවන් සරණයි දුවේ! (නි)
දනසිරි, මටත් ඔය කාරණාව ඔය විදියටම හිතුනා. අවාසනාවට අතීතයට ගිහින් බලාගන්න හැකියාවක් නැහැනේ. මොනවා වුණත් දරුවෝ පරෙස්සමට. දැක්කම ඇඟ හිරිවැටෙනවා (නි)
මේ වගේ දරුවන් මුල සිට හොඳට පුරුදු පුහුණු කළා නම් ලංකාවට ඔලිම්පික් පදක්කම් ගන්න එක අමාරු වැඩක් නෙමෙයි. (නි)
පොඩි කාලේ ඔයිට වඩා දේවල් කළා. මගෙන් ඇහුවොත් මම කියන්නම් ඒ කරපු දේවල්. මේ වගේ දේවල් නම් නෙමේ. අමුතුම ඒවා. (බ)
දරුවා, ප්‍රවේශමෙන්! අනෙක් දරුවන් මේ දේවල් කරන්න ගිහින් අනතුරු කරගන්න එපා. (නි)
පුහුණුව අවැසිය (බ)
සදුනි කියන්නේ ඇත්ත. බිත්ති දෙකක ආධාරයෙන් මෙහෙම නගින්න අමාරු නැහැ. (බ)
මේ කුඩා දරුවා මොනතරම් නම් දක්ෂයෙක්ද? (නි)
සඳුනි ගැන මට නම් හිතාගන්න පුලුවන් (නි)
පද්මිණීට පුලුවන් නම් බිත්ති දිගේ මෙහෙම නැගලා ලංකාදීපයේ ෆොටෝ එකක් පළකරන්න, ඔයා කියන කතාව අපි පිළිගන්නවා (නි)
මෙහෙම දරුවන්ගේ දක්ෂතා වැඩිදියුණු කළොත් අනාගතයේදී අපිට ඔලිම්පික් පදක්කම් සිහිනයක් නොවේ (නි)
සඳුනිගේ ඊර්ෂ්‍යාව දැකලා මිනිස්සු දොස් කියනවිට එයාම බොරුවට පද්මිණී නමින් අදහසක් දාලා වගෙයි (නි)
සඳුනි, පද්මිණි, ඔයාලට ඉනිමඟක් දිගේවත් උඩට යන්න පුලුවන්ද? ඊර්ෂ්‍යාව වහගන්න බොරු කියන්න එපා (නි)
සඳුනි,දෙයක් දැක්කහම අගය කරන්න දැනගන්න. (නි)
කුඩා දරුවෝ ඔය වගේ අවදානම් වැඩ කරවල වීරයෝ කරවන්න එපා සුළු මොහොතකින් ඔය වීර කම නැතිවී ඔය දරුවා සදාකාලික විදවන කෙනෙක් බවට පත්වෙන්න පුළුවන් (බ)
දුවේ කරන දෙයක් පරිස්සමින්.(හේ)
මේ සඳහා රජය පැත්තෙන් යම් දෙයක් කළොත් ලොවම දන්නා කෙල්ලක් වෙන්න පුළුවන්. දුවේ ප්‍රවේශමෙන්. (නි)
මේක ඕනෑම කෙනෙක් ට කරන්න පුළුවන් අැග බර නැත්තම්.(හේ)
හැමෝටම මේ දේ කරන්න බෑ.(හේ)
දෙවියන්ගේ නාමෙන් මම මේ දරු පැටියාගේ දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ බැරි වෙලාවත් මේ පුංචි කකුල ලිස්සුවොත් මේ පුංචි මැණිකගේ ජීවිතේම ඉවර වේවි. ඔයාලට ප්‍රසිද්ධිය ඕනිම නම් වෙන දෙයක් කරන්න. මේ දරුවා කිසිම විටක ආයේ මේ විදියට නග්ගන්න එපා. ක්‍රීඩා අමාත්‍යංශය වැනි කුමක් හෝ වගකිවහැකි ආයතනයකට මේ දරුවා ගැන කතා කරලා ආරක්ෂා සහිත ක්‍රමානුකුල පුහුණුවකට යොමු කරන්න. (හේ)
මේ හිතාමතාම මේ දරුවාගේ ජීවිතේ අවදානමේ දානවා. දරුවා මෙහි අවධානම දන්නේ නැත. (හේ)
මටත් ඉන්නවා මේ වයසේ දුවෙක් මේ විදියට බිත්ති උඩ නගින්න දෙන එක අනුමත කරන්න බැහැ. (හේ)
ළමයාගේ ජීවිත තර්ජනයක් තියනවා මෙතන. දරුවන් ගැන තියන නීති පිළිබඳ නැවත සිතාබැලිය යුතු යුගයක්. (නි)
ඔබට සුබ පැතුම් දුවේ! (නි)
බුදුසරණ වේවා දුවට! (නි)
සඳුනි, ඔයා හරි.
සංජීව, ඉතින් කියන්නකෝ අපට දැනගන්න (නි)
කට්ටිය බයවෙන්න එපා - යටට මෙට්ටා දාලා ඇත්තේ !!(රේ)
ඔයාට තුණුරුවන්ගේ පිහිටයි පුතේ මේ ලැබුණු විශේෂ හැකියාව සමාජයේ යහපතටම යොදවන්න . (හේ)
මේ දරුවා ගැන මන අවබෝදයකින් දෙමාපියන් සිටිය යුතුවේ මෙය සාමාන්‍ය ක්‍රියා කලාපයන් නොවේ (හේ)
දෙමාපියන් මේ ගැන අවධානයෙන් සිටින්න. මෙය අවධානම් වැඩක්.(හේ)
අපි පොඩි කලේ මීට වඩා දේවල් කරලා තියනවා;(හේ)
දක්ෂ දරුවෙක්.(හේ)
ඔයාට තියෙන්නේ සුවිශේෂී හැකියාවක්..බුදුසරණයි මගේ දුවේ ..පරිස්සමින්..(හේ)
නිසියාකාර පුහුණුවක් නොලබා මෙවැනි දේ කිරීම ඉතාම අවදානම් සහිත ක්‍රියාවකි. දෙමවුපියන් මේ දරුවා සම්බන්ධයෙන් මිට වඩා සැලකිලිමත් වියයුතුයි කියලයි මම හිතන්නේ. නැත්නම් මතු යම් දිනයක අනතුරක් සිදුවිය හැකියි. සිනමාවේ රුපවාහිනියේ පෙන්වනදේ ඇත්ත නෙවේ. ප්‍රවේසමෙන් රුප ගත කරන ඇස්බැන්දුම්.(හේ)
සුපිරි පුතා නියමයි.. !"කල නොහැක්කක් නොමැත" (හේ)
මේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න (නි)
සඳුනි, ඔබේ ඊර්ෂ්‍යාව සහ කුහකකම පොඩ්ඩක් ඉවතලන්න (නි)
බලධරයිනි, පොඩි උදව්වක් දුන්නොත් නරකද ඇයට ගිනස් පොතට යාමට (නි)?
අනේ සඳුනි, මේ ළමයාගේ හැකියාව අගය කරන්න (නි)
සඳුනි, ඔයා මොනවද පොඩි කාලේ කළේ? කියන්නකෝ බලන්න (නි)
දුවේ, බලාගෙන. පරිස්සමින්! බුදු සරණයි! (නි)
මේ දැරිවිගේ නමෙන්ම පේනවා, දැරිවිට අමුතු දේවල් කිරීමේ හැකියාවක් තිබෙන බව.\nපරෙස්සමින් යන්න දුවේ තව උඩටම.(රේ)
බලාගෙන පරිස්සමෙන් දුවේ! තමාගේ ආරක්ෂාව ගැනත් හිතන්න (නි)
මේ වැඩ නම් බොහොම අවදානම් (නි)
මගේ දුවේ, ඔබ දක්ෂයි. එ්ත් පැටියෝ මේවා කරන්නේ බලාගෙන. ඔබට තෙරුවන් සරණයි! (නි)
දෙවි පිහිටයි දුවේ! (නි)
අනේ ඇත්තද සඳුනි? (නි)
සඳුනි, මොනවද ඔයා කරලා තියෙන්නේ? (නි)
පුංචි කාලේ ළමයි මේ විදිහට නගින්න දක්ෂයි. නමුත් අවදානම් නිසා දෙමව්පියන් මෙය වළකනවා. මෙය ඉතා අවදානම් වැඩක් (නි)
මේ දරුවාව ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු කරවන්න. වෙන රටවල් වල මෙවැනි දක්ෂතා තිබෙන අය මුලදීම හඳුනාගෙන ඒ අංශ වලට යොමු කරනවා. ඒ වගේ අය තමයි ඔලිම්පික් වැනි ඉහළ තල වලට යන්නේ. කරුණාකර ඊට දක්ෂ පුහුණුකරුවකු යොදවන්න. එ්ත් ලංකාවේ එවැනි සංස්කෘතියක් නැහැ. එ්ක තමයි ලොකුම දුක (නි)
දෙමාපියන් මීටවඩා බුද්ධිමත්ව වැඩකළ යුුතුය. මෙවැනි කුඩා වයසකට මෙවැනි අවදානම් ක්‍රියා කිසිසේත්ම සුදුසු නැත (නි)
මේ තත්ත්වය ගැන සොයාබැලිය යුතුයි නේද? (නි)
මෙය මේ දුවගේ පෙර භවයේ පුරුද්දක් විය නොහැකිද? මේ සටහන දුවගේ දක්ෂතාවය අවතක්සේරු කිරීමට නොවන බවද කරුණාවෙන් සළකන්න (නි)