දක්ෂින අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට යමින් තිබු ලොරියක් අද අළුයම වෑන් රියක ගැටීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
වෑන් රියේ සිර වී සිටි පුද්ගලයෙතු එළියට ගැනීමට පොලිසියට මිනිත්තු 30 ත් පමණ ගත විය.
තුවාලකරුවෝ පානදුර හා නාගොඩ රෝහල් වල ප්‍රථිකාර ලබති.
දක්ෂින අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට යමින් තිබු ලොරියක් අද අළුයම වෑන් රියක ගැටීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
වෑන් රියේ සිර වී සිටි පුද්ගලයෙතු එළියට ගැනීමට පොලිසියට මිනිත්තු 30 ත් පමණ ගත විය.
තුවාලකරුවෝ පානදුර හා නාගොඩ රෝහල් වල ප්‍රථිකාර ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට මුලිකම හේතුව රියදුරන්ගේ නීතිගරුක නැති කම සහ ඉවසීම කියන එක නැති කම. ලංකාවේ සමහර රියදුරන්ව කොවේ දාලා මකවලා ගත්තත් හදන්න බැහැ. ඒ තරම් අප්‍රසන්නයි වාහන එළවීම. (නදී)
හොඳ විනයකින් රිය පැදවීමට තාම දන්නේ නෑ. (ස)
ඉස්සෙල්ල හොඳින් බලන්න ලොරියට පිටිපස්සෙන් ගිහින් නේද වෑන් එක හප්පලා තියෙන්නේ. ලොරිය අලුත් හරි පරණ හරි පස්සෙන් යන අපි තමා ප්‍රවේසම් වෙන්න ඕනා. ග්‍රාම්‍යා ඔබ හරි.(නදී)
මේතන කොමෙන්ට කරලා තියන්නෙත් ඔය රියදුරන්ගේ කරුමෙටම තමා.(නදී)
අදිවේගයේ ගිය වාහන ජාතිය මොකක් උනත් මේ අනතුරේ හැටියට වැරැද්ද වැන් එකේ රියදුරාගේ. පස්සෙන් ගිහිල්ල ඇනලා තියෙන්නේ. අරුට - මුට - නීතියට බැන බැන ඉඳල වැඩක් නැ තමන් හරියට එලවනවානම්. තමන් හොයල බලන්න ඕන හරියට තමන් එලවනවද කියලා. ගොඩක් දෙනෙක් පාරේ එලවන්නේ මැද තියෙන "සුදු ඉර" අල්ලාගෙන. ඒක නිවරදි ක්‍රමය කියල ගොඩක් දෙනෙක් තර්ක කරනවා. මට කියල දුන්නේ වමට බරව ඉදිරිපස වාහනයට යම් පරතරයක් තියාගෙන එලවන්න කියලා. සාමාන්යෙන් වේගය පැයට කිලෝමිටර් 50 කියන්නේ තත්පරයට අඩි 10ක් දුර යනවා කියලා අමතක කරන්න එපා. (නදී)
ලංකාවේ අදිවේගී මාර්ග හැදුවට විතරක් මදි. අදිවේගී මාර්ගයක පදවන හැටි රියදුරන් දැනුවත් කරන්න ඕනේ. රුපවාහිනී මාධ්‍ය හොඳින්ම යොදා ගන්න පුළුවන්. කුණුහරුප මෙගා ටෙලි නාට්‍ය පෙන්නන වෙලා ඒ වගේ වැඩසටහනක් හැදුවොත් නරකද ? (අ)
අරවින්දලා වගේ ඉදිරියට යන්නෙත් නැහැ යන අයට යන්න දෙන්නෙත් නැහැ ලොරි රියැදුර කරලා තියෙන්නෙත් එකමයි (අ)
කුසුම් සහ කුමාර රාජකරුණා යන දෙදෙනාගේ මමත් සීයට සීයක්ම එකඟයි. තමුන්ගෙ ඇහේ තියෙන පරාළෙ ගැන නෙමේ අනික් කෙනාගෙ ඇහේ තියෙන රොඩ්ඩ ගැන තමා පේන්නෙ. අරවින්දලා වගේ බොහොමයි. වමේ තීරුව නිදහසේ තියෙද්දිත් දකුණෙන් තියාගෙන කොටකොට යනවා. මම යන්නෙ මට ඕන වේගෙට උඹලත් මගේ වේගෙටම මගෙ පිටි පස්සෙන්ම මම මහ පාරෙන් හරවන කම්ම වරෙල්ලා. වෙන විදියකට කියනව නම් බල්ල පිදුරු කන්නෙත් නෑකන ගොනාට දෙන්නෙත් නෑ.(නදී)
ලංකාවේ නීති ගරුක රියදුරන් නැති හේතුව. නිතිය ක්‍රියාත්මක කරවන පාලනය කරන අයත් එම වැරදීම කරන නිසාත්, නිසි මාර්ග පාලන ක්‍රමයක් තවම ලංකාවේ නොමැති නිසාත්, මහා පාරවල් දියුණු කරාට මදි. මහජනතාවගේ මනුෂ්‍ය කමත් දැනුමත් දියුණු කරන්න ඕනේ . මේවයේ නිසි ප්‍රතිපල ලැබිමට නම්.(නධී)
අරවින්ද ගුණවර්ධන මහත්මයා, ඔබගේ අදහසට මම ගරු කරමි. නමුත්, ඔබගෙන් මට ප්‍රශ්නයක් ඇසීමට සිතුනා, වම් පස මන් තීරුව හිස්ව තිබුන නම්, ඔබ යායුතුව තිබුනේ එම මන් තිරුවෙයි. එසේ වූවා නම්, අනෙක් පුත්ගලයා පරුෂ වචන කියමින් වම්පසින් ඔබව පසුකර යාම වෙනුවට දකුණු පසින් ඔහුට යා හැකිව තිබුණා. මම නම් දකින්නේ, ලංකාවේ බහුතරයක් රියදුරන් ආත්මාර්ථකාමී මෙන්ම,අවිනීත රියදුරන්. මංතීරු දෙකක් තිබුනත්, ඒ දෙකටම නැතිව ඉර මැදිවනසේ රිය පදවන රියදුරන් ඕන තරම් මහා මාර්ගයේ දකින්න පුළුවන්. මංතීරු දෙකක් තිබුනත්, බොහෝදෙනෙකු රිය පදවන්නේ, දකුණුපස මන්තිරුවෙයි. ත්‍රි රෝද රථ රියදුරන් මේ අතර සුවිශේෂයි. පසුපසින් එන වාහනයට යාමට තම රිය වම් පසට ගැනීම සමහර රියදුරන් සලකන්නේ මහා මදි පුංචි කමක් ලෙසයි. යම් ලෙසකින් තම වාහනය පසුකර ගියේ කාන්තාවක් නම්, කුලප්පු වුවන් සේ, මහපාරේ රේස් යාමට උත්සහ කරන රියදුරන්ද ඒ අතර අඩුවක් නැහැ. (නධී)
ලොරිය ඇතුලත් තිලක් බැලුවොත් තමා හොද.(නදී)
එංගලන්තය ඇරුනම බටහිර අනෙකුත් රටවල අධිවේගී මාර්ගවල සියලුම බර වාහන මාර්ගයේ දකුණු පසින් පැදවීම අනිවාර්ය වේ. එංගලන්ත්තයේ පැදවීම මාර්ගයේ වම් පසිනි එම නීති ලංකාවේ රියදුරු නොසලකන නිසා මාර්ග අනතුරු වැඩි වීමට හේතුවක් විය හැකිය.(නදී)
වඳුරන්ට දැලි පිහි හම්බවුනහම ඔහොම වෙනවා. රියදුරන්ට විනයක් කියල නාමයක් නැති රටකට අධිවේගී මාර්ග දුන්නහම අනතුරු තමා.(නදී)
ඉතින් අරවින්ද විනයක් තිබිලා නැත්තේ ඔයාගෙනේ. ඔබ මංතීරු දෙකක් සහිත පාරක යනවා නම් ඔයා සාමාන්‍යෙයන් ඔයාගේ වම් පැත්තේ යන්න. එහෙම වුනානම් ජීප්කාරයා දකුනෙන් යනවා. කුනුහරුප අහගන්න වෙන්නේ නෑනේ.(නදී)
ඔය මග යන්න පණ නැති ලොරිත් අදිවේගයේ යනවද? මේවා දැකල හිනා යන එක නවත්වන්නේ කොහොමද? (නදී)
ලංකාවේ රියදුරු මහත්වරු සුඛෝපබෝගී වාහනයක් අතට ගත්තහම පයිලට්ලා වෙන්න හදනවා.(නදී) .
මෝඩ චුන් එකක් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා ! (නදී)
මේ වෑන් එක ගිහින් වද්දලා තියෙන්නේ ටාටා 1210 ලොරියක නේ. ටාටා 1210 ගහලා තියෙන්නේ උපරිම වේගය පැයට කිමි 40 කියලා. ඒවත් හයිවේ එකට දාන්න පුළුවන්ද? හයිවේ එකේ අවම වේගය පැ.කි. 60 කියලානේ කිව්වේ.(නදී)
ලංකාවේ අනිත් පාරවල් වල පොලීසියට බයේ පැ.කි.60 ට වඩා අඩුවෙන් ඉරි කපන්නේ නැතුව අමාරුවෙන් ගිහිල්ලා, ඇලුත් අත්දැකිමක් වෙන ෆ්‍රීවේ එකකට දාපු ගමන් ඔය ඩ්‍රයිවර්ස් ලා ට පිස්සු හැදෙනවා වගේ වෙනවා. ඊට පස්සෙ ඉතින් මැරෙන්නම තමයි හදන්නේ.(නධී)
රිය අනතුරු වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි යල් පැනපු නීතිය.වෙන රටවල නොසැලකිල්ලෙන් වෙන රිය අනතුරු අපරාධයක්. එත් ලංකාවේ එහෙම නෙවෙයි (දිල්)
මොනවා හැදුවත් වැඩක් නෑ ඔලුව හදන්න ඕනෑ (දිල්)
ජා-ඇල නගරයේ මම පැයට කිලෝමීටර් 50 වේගයෙන් රිය පදවද්දි පිටිපස්සෙන් ආපු ජීප් කාරයෙක් මට කුණු හරුප කියමින් වම් පැත්තෙන් ඉස්සර කරගෙන ගියා. ඔන්න අපේ අයගෙ විනය.(නදී)
මටනම් හිතාගන්න බැහැ මේ අනතුරු වෙන්නේ කොහොමද කියලා ? පාරේ මංතීරු දෙකක් තියනවා. දියුණු රටවල එක පැත්තකට මංතීරු පහක් හයක් තියන දිනකට වාහන ලක්ෂ 2 1/2 -3 යන ( සැමවිටම මංතීරු 6 ම වාහන වලින් පිරී ඇති ) ෆ්‍රී වේ වල වෙන අනතුරු ප්‍රමාණය මීට වඩා බොහොම අඩුයි. හේතුව විනයගරුක රිය පැදවීමයි. ලංකාවේ රියදුරන් කවදාවත්ම නීතිගරුක විනීත රියදුරන් වෙන්නේ නැද්ද.(දිල්)
හයිවේ එකේ යනකොට කල්පනාවෙන් යන්න ඕනේ.(නදී)
මොන පාරක ගියත් රියදුරු පරිස්සමින් යනවා නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
පසුපසින් ගැටුමක් වගේ පෙනෙන්නේ ප්‍රවේසමින් ධාවනය කරන එක හොඳයි.(නදී)
මේ වගේ ලොරි වලටත් දැන් යන්න දෙනවද හයිවේ එකේ ? එහෙනම් ත්‍රීවිල්, බයිසිකල් එහෙමත් හයිවේ යන දවස වැඩි දුර නෙවෙයි.(නදී)
දරුවෝ ඉදිරිපස අසුනේ ගෙනියන්න එපා . පිට රටවල නම් ඒකට ඉඩ දෙන්නේ නැ. මල් වගේ දරුවෝ රකින්න.(නදී)