දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සදහා වැලිපැන්න පිටවුමේදී බැංකු නිලධාරිනියක අද (14) උදේ ඉදිරිපත් කළ රුපියල් 500 ක නෝට්ටුව ව්‍යාජ බව එහි යන්ත්‍රයෙන් සටහන් වු නමුත් එම ප්‍රතිපලය පිළි නොගත් බැංකු නිලධාරීනිය අධිවේගී මාර්ග නිලධාරියකු සමග මතුගම බැංකුවකට ගියාය. එහි යන්ත්‍රයෙන් ලැබුණු ප්‍රතිපලය වුයේ එම නෝට්ටුව හොද නෝට්ටුවක් බවයි.
ඒ අනුව බැංකු නිලධාරිනිය මුදා හැරිණි.දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර්.එච්. ඩී කහටපිටිය මහතා පැවසුයේ යන්ත්‍ර දෙකකින් ප්‍රතිපල දෙකක් ලැබීම ප්‍රශ්නයක් බවයි මේ පිළිබදව තව සොයන බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්න යන්ත්‍රර චිනගේ කුණු ගොඩවල් , ඔය යන්තුවලින් හදුනාගන්න පුල්ලුවන් චිනෙනු අපෙන් හොරකන් කරපු සල්ලි විතරි (අ)
අධිවේගී මග යොදා ගන්නේ ඉක්මනට යන්න. බැංකු නෝනගේ නාස්ති වූ කාලයට වග කියන්නේ කවුරුද ? (නි)
හිතාගත හැකි අධිවේගේ තරම. තව ටික කාලයකින් හොරසල්ලි ගහන ඒවත් අහිංසක අයගේ පිටින් අරී. මෙයද වංචාවක් විය හැක (නි)
මහින්ද මම ඔය මැෂින් චීනෙන් ගෙනත් තියෙන්නේ 2.50 කෑලි. බොරු ගානක් මිනිස්සුන්ට පෙන්නලා ඒකෙන් ඉදි ආප්ප කෑවද දන්නේ නැහැ.(නදී)
මෙම කාරණය සුළුවෙන් නොතකා වහාම නිවැරදි කරන්න. නැත්නම් මෙහි වාසියද අත්වන්නේ හොරුන්ටය. (නි)
හොඳ සල්ලිය හොර කරනා මැෂින් ඇත්තේ මොන රටේද - ඇමෙරිකාවේ ඇමෙරිකාවේ.(නදී)
මාරු කාසිවලින් ගෙවන්න.(නදී)
බැංකුවේ වැඩකරන නෝනා නිසා බේරුනේ. අපි වගේ අය නම් එච්චර තමයි.(නදී)
මඩේ ඉන්න චීන ද...(අ)
මරු වැඩේ (අ)
මේ යන්තර පාවිච්චිය පාලනය කෙරෙන්නේ හිරගෙදරින් කියන්නේ හැබෑද? මන්තර අන්තරයෙන්ලු. (දී)
අදිවේගී මාර්ගයේ මුදල් ගන්න අයමොකක් හෝ හොරයක් කරනවා වගේ .(අ)
ආදී වේගෙට විරුද්දව නඩු දන ඕන ,කරපු අපහසය. මීටකලින් වුණු සිද්දීත් ඔය වගේ ද කොහෙද. චීන යන්ත්‍රයක් වෙනද ඇති. බලයි පුතා බලයි. බදු බලයි.(අ)
ලංකාවේ ඔහොම තමයි. ගණන් ගන්න එපා (දී)
කොහොමද අනේ එහෙම වෙන්නේ? එතකොට අර පහුගිය දවසක වෙච්ච සිද්ධියත් මේ වගේ එකක්ද? (දී)
කාගේද මේ මාටියා පාර?(අ)
වහා අනෙක් දෙදෙනාත් නිදහස් කරමු (දී)
උසස් පෙළ විභාග ප්‍රතිඵල වගේ (දී)
ලංකාවේ හැම යන්තරයකම ලෙඩනේ. ඕක මොකක්ද? (දී)
මේක හරි අපරාදයක් (දී)
කලින් අත් අඩංගුවට ගත් දෙන්නට තියෙන්නේ විශාල වන්දියක් ඉල්ලලා නඩු දාන එකයි. අපහායට සහ රස්තියාදුචටයි (දී)
හරියට දොස්තර ලෙඩවෙලා වගෙයි (දී)
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා. (දී)
තව ටික දවසකින් කියාවි කිසිම නෝට්ටුවන් පරික්ෂා කිරීම අවශ්‍ය නැහැ. ඕනෑම නෝට්ටුවක් පිළිගන්න කියලා. එතකොට හරිනේ (දී)
චීනෙන් ලාබෙට ගෙනාවම ඔහොම තමා. ඒකෙත් පරිප්පුව අපිට... (දී)
ඔක්කොම කණපිට (දී)
ඒකත් හරියට ලංකාවේ ඡන්ද ප්‍රතිපල වගේ (දී)
පසුගිය දිනක මෙම යන්ත්‍රයෙන්ම හොර නෝට්ටු කියලා අත්අඩංගුවට ගත් දෙදෙනාට මොකද කරන්නේ? (දී)