
(යොහාන් භාසුර)
උත්සව සමය තුළ වෙලදපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් 23 ක් වටලා නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
එම සුපිරි වෙළදසැල් අතරින් වෙළදසැල් 16 ක කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් සෙසු වෙළදසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩවල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි අනාවරණය වූ බවත් එම අධිකාරිය කීය.
පසුගිය වසරේ කළ විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතනවලට රුපියල් ලක්ෂ 65 කට අධික දඩ මුදල් අධිකරණය නියම කළ බව කී එම අධිකාරිය වෙලදපොලේ කරන වැටලීම්වලදී සුපිරි වෙළදසැල්වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම්වලදී අනාවරණය වූ සුපිරි වෙළදසැල් අතරින් 16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල් ජාලවලට අයිති බවද සඳහන් කළේය.
සුපිරි වෙළදසැල් ද ඇතුළුව වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල්ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඉල්ලා සිටින බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුපිරි වෙළදසැල් ශාඛා 23කට නඩු
Nandalal de Silva - France Thursday, 03 April 2025 12:19 AM
"Super Market" කියා බෝඩ් ලෑලි එල්ලාගෙන හිටියාට, ඒවාත් විවිධාකාර අන්දමින් පාරිභෝගික ජනතාව ගසා කන හොර ගුහා බව නොරහසකි !! ගම් පලාතේ, කුඩා සිල්ලර කඩයක් කරන මාටින් මාමා ගෙ මෙහෙම වැරැද්දකටත්, කළුකඩ සුපර් මාර්කට් හිමියන්ට ගසන දඩ මුදලත් අතර විශාල පරතරයක් තිබෙන බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි : සුපර් මාර්කට් හිමියන් විශාල දඩ මුදලක් වුවත්, එය දින කිහිපයකින් යලි හම්බකරගෙන ලාච්චුවේ තැන්පත් කලත්, ගමෙ අසරණ සිල්ලර කඩ හිමියා දඩය ගෙන්වාගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා අවස්ථාද වාර්තාවේ ! !