IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සුපිරිමගේ දඩ කොළයට පී.සී.ට මරණ තර්ජන

දොඩංගොඩ බෝඹුවල පාළු රබර් වත්තක් මැදදී පොලිස් කොස්තාපල් මරා දැමීමට තැත්කර ඇත්තේ  දේශපාලනාඥයකුගේ ඕනෑවට විය හැකියි එම කොස්තාපල් පොලිසියට කියා ඇත. දින තුනකට හතරකට පෙරදී අධිිවේගී මර්ගයේ පැයට කිලෝමීටර් 145 වේගයෙන් ගමන් ගත් රියකට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ එහි සිටි දේශපාලනාඥයකු තමාට මරණීය තර්ජනය එල්ලකළ බව ද කොස්තාපල් කියා ඇත.  කිසියම් උපායකින් එම කොස්තාපල්වරයා රබර් වත්තට රැගෙන ගොස් ඇත.



අදහස් (0)

සුපිරිමගේ දඩ කොළයට පී.සී.ට මරණ තර්ජන

සමන් Sunday, 01 June 2014 05:11 AM

රට දැන් ගමන් කරන තාලය අනුව අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. (නි)

:       0       0

නුවන්ග Sunday, 01 June 2014 05:33 AM

කවුද දන්නෙ නැහැ මේ සුපිරි බලවතා? (නි)

:       0       0

ගුණපාල Saturday, 31 May 2014 08:23 AM

රාළහාමි මහත්තයෝ කියන්න ඔය මන්ත්‍රීතුමාගේ නම (ස)

:       0       0

භද්‍ර සුභසිංහ Saturday, 31 May 2014 02:57 PM

ඉන්දියන් ජනාධිපති තුමටම ශ්‍රී ලංකාවත් බාරදෙන්න (අ)

:       0       0

අප්පුහාමි Sunday, 01 June 2014 06:11 AM

සුද්දෝ ඇවිල්ලා අපේ රට නැවතත් යටත් කරගන්නවා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා (නි)

:       0       0

ලලිත් Thursday, 05 June 2014 01:50 PM

පොලිස් නිලදරුවනි, ඔබ අත රැඳි ගිනි අවිය ඔවුන් වෙත යොමු කල යුතු කාලය එලඹ ඇත. නොඑසේ නම් මේ දේශපාලන ප්‍රචණ්ඩත්වය කිසිදා පාලනය කල නොහැක. රට වෙනුවෙන් නිර්භයව එය ඉටුකරන්න. ඔබ වෙනස් විය යුතු කාලය එලඹ ඇත (නදී)

:       0       0

හර්ෂ Saturday, 31 May 2014 08:49 AM

මේ දේශපාලන බලවතාට ලොකු ලොකු අනුග්‍රහ තියනවා. අපි දන්නවා කවුද කියලා . නමුත් මෙතන නම හෙළි කරන්න බැහැ. අන්තිමේ කතෘ තුමාටත් දඩ කොලයයක් ලියන්න ඉඩ තියන නිසා. (ස)

:       0       0

හසන්ත Saturday, 31 May 2014 08:52 AM

නම දන්නවා. මෙතන කියන්න බැහැ. පුළුවන් උදවිය හිතාගන්න. (ස)

:       0       0

ගුණපාල Saturday, 31 May 2014 08:57 AM

නඩු දැම්මත් නිදහස් වෙනවා. රටේ නීතිය එතරම් ප්‍රබලයි. ඇතැම් අය මුදල් වංචාවක් කරලා දැන් ඉහළින්ම අනුග්‍රහය අරගෙන ඉන්නේ. මේවාට කතා කරන උදවියටත් හෙට අනිද්දාට දඩ කොළ වැටේවිද මන්දා. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 31 May 2014 04:00 PM

නූගත් කම වටා බැදුණු මැර බලය. මේවට උත්තර දෙන්න ඕනේ ජනතාව ඊලඟ ජන්දෙන්. දැන් ඉතින් දෙවියන්ගේ පිහිට තමා පොලිස් නිලධාරියාට. (ස)

:       0       0

සිසිිිර Saturday, 31 May 2014 09:24 AM

මේකට කියන්නේ දේශපාලකයන්ගේ නූගත් කම. (ස)

:       0       0

බන්දුල Saturday, 31 May 2014 04:23 PM

බැන වැදීමත් පහරදීමත් අතාර සම්බන්දය නීතියෙන් ඔප්පු කිරිමට අපහසු වෙනවා . (අ)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 31 May 2014 10:04 AM

නම මොකටද? දැන් ඉන්න දේශපාලකයෝ ඔක්කොම ඔහොම තමයි. එයාල හිතාගෙන ඉන්නේ ජීවිත කාලය පුරාම ඔය තානාන්තරේ වැජඹෙන්න පුළුවන් කියල.අනික හොට බිම ඇනෙන කාලෙට පුතෙක්ව හරි දුවෙක් හරි, බෑනා හරි ඉදිරිපත් කරලා පරම්පරාව ගෙනියන්න නේ හදන්නේ. (ස)

:       0       0

රමේෂ් Saturday, 31 May 2014 10:15 AM

ගම මාතර. නම දන්නවනේ..අඩු ගානේ මේ වගේ මිනිසුන්ට දෙන එක චන්දයක් නවත්වල පාඩමක් උගන්නන්න. (ස)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 10:57 AM

"මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය".(අ)

:       0       0

සේනක Saturday, 31 May 2014 11:01 AM

රථ වාහන පොලිසිය දේශපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම නවතා දැම්මොත් හොඳයි. එතකොට රිය අනතුරු වලින් හරි මේවා අවසන් වෙයිනේ.... (නි)

:       0       0

අහිංසා Saturday, 31 May 2014 11:01 AM

මම නම් දන්නවා ඔහුගේ නම (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 11:04 AM

කාට අයිති රටකද අද අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ ?. (අ)

:       0       0

කෝලිත Sunday, 01 June 2014 01:34 PM

අනේ මන්දා නීතියට යන කල! (නි)

:       0       0

සුනිල් පෙරේරා Saturday, 31 May 2014 11:23 AM

මේක විහිළුවක් නෙමෙයි ...!! අධිවේගී මාර්ගයේ යන අහිංසක මිනිසුන්ගේ ජිවිතත් සමඟ සෙල්ලම කරන මොහු වහාම අත්අඩංගුවට ගෙන වාහනය සමග අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි (නි)

:       0       0

ගයාන් Saturday, 31 May 2014 11:26 AM

නමට ගුණය ගෑවුණ මහ බලවතෙකි ... හැටට හැටේ නොගියා නම් පුදුමයකි ... රටට හිතැති මැතිඳුන් අද සිහිනයකි ... කටට ආපු ටික ගිලගෙන ඉඳිමි සකි ... (නි)

:       0       0

සංජීව Saturday, 31 May 2014 06:24 PM

අනේ ඇත්තට ලංකාවට ගිය කල! (නි)

:       0       0

පද්මසිරි Saturday, 31 May 2014 11:36 AM

නිල ඇදුමක් පැළද රජයේ පොලිස් නිලධාරියෙකුට මෙහෙම නම් සාමාන්‍ය කෙනෙකුට කවර කතාද. විස්මය ජනක වන්නේ මේ හැම අපරාධයක් පිටුපස දේශපාලකයෙක් සිටීම හා ඒ පිළිබද දේශපාලක නායකයන්ගේ අවධානය යොමු නොවීමයි. (අ)

:       0       0

හේමපාල ලියනගේ Friday, 30 May 2014 11:08 PM

රටට යන කලක් (ස)

:       0       0

ජීවන් මධුසංක Friday, 30 May 2014 11:33 PM

ඉතින් කොහොමද රට හදන්නේ (ස)

:       0       0

නොඑල් Friday, 30 May 2014 11:42 PM

දේශපාලකයාගේ නම හෙළිකරන්න (ස)

:       0       0

පද්මලාල් Saturday, 31 May 2014 08:14 PM

නීතිය ගමන් කරන්නේ කොයිබටද? (නි)

:       0       0

කමල් Sunday, 01 June 2014 03:55 PM

අනේ මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 31 May 2014 12:07 AM

පී.සී.ට දේශපාලනඥයෙක් සෙල්ලමට කියල වෙන්න ඇති (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 31 May 2014 12:39 PM

සෙල්ලම් කාරයක්. (ස)

:       0       0

දිනේෂ් Saturday, 31 May 2014 12:13 AM

දේශපාලනය කරන්නේ නීතියේ අවසරලත් අපරාධකාර මැරයෝද ? (ස)

:       0       0

කෝලිත Saturday, 31 May 2014 12:37 AM

මම බලාගෙන ඉන්නවා ප්‍රතිපලය මොකද්ද කියල ....ඔයාලට ජය වේවා....මොකද මොන ආණ්ඩුව ආවත් ඔයාල ඉන්නේ අපිත් එක්ක නිසා.......(ස)

:       0       0

ශාන්ති Saturday, 31 May 2014 12:56 AM

රටට ගිය කලක් ,රටටම හෙළි කලයුතුය මොහු කව්ද කියා (ස)

:       0       0

ගුණසේකර Saturday, 31 May 2014 01:22 AM

අනේ මේ මොනවද දොඩන්නේ. අපේ වැදගත් මන්ත්‍රීලා ඔය වගේ බලු වැඩ කරනවාද ? (ස)

:       0       0

සුනිල් Saturday, 31 May 2014 01:29 AM

සැහැසි ක්‍රියා නිතර කෙරෙති දුසිරිතටම රට යයි ඇදී! තව තව මර නින්දේ නොසිට එනු එනු පිබිදී ! එනු එනු පිබිදී!! ( ලතා මන්ජෙස්කර් -සඩ්සුළන් චිත්‍රපටියෙන් ) (ස)

:       0       0

රූපසිංහ Saturday, 31 May 2014 01:38 AM

මේ ගැන කියන්නට නම් හුගක් දේවල් තියෙනවා, නමුත් පලකරාවිද යන්න තමයි ගැටලුව. මොකද කිව්වොත් කියන්න වෙන්නේ සුද්ද සිංහලෙන්.(ස)

:       0       0

අශෝක Wednesday, 04 June 2014 07:12 PM

ඔය දේශපාලකයා කියන්නේ හරිම අහිංසක මිනිස්සු කොටසක්. පොලිසියේ ඉන්නෙත් හරිම අහිංසක මිනිස්සු.(නදී)

:       0       0

මැක්සි ලියනාරච්චි Saturday, 31 May 2014 02:08 AM

දෙගොල්ලෝ ම එකයි. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 31 May 2014 02:09 AM

රට ත්‍රස්තවාදයෙන් බේරා ගත්ත කියල කිවුවට වෙලා තිබෙන්නේ අනිත් පැත්ත ,දේශපාලක මාෆියාව රජවී ඇත (ස).

:       0       0

සුනිල් රණවීර Saturday, 31 May 2014 11:04 PM

මේ අපේ රටේ සිද්ද වෙච්ච දෙයක් නේ. පුදුම වෙන්න දෙයක් තියෙනවද ඕක ගැන. (ස)

:       0       0

වින්සන්ට් Saturday, 31 May 2014 02:42 AM

පොලිස් කොස්තාපල්ව රබර් වත්තට රැගෙන ගොස් ඇත්තේ සග වන ලද ආයුද සෙවීමට වෙන්න ඇති . ඒකල්ලියනේ ජනතාවට එයපුහුණු කර ඇත්තේ. (දී)

:       0       0

පෙරේරා Sunday, 01 June 2014 04:57 PM

ලංකාවේ නවීන සම්ප්‍රදාය ගැන මේ පී සී දන්නේ නැහැ වගෙයි. (නි)

:       0       0

විමුක්ති Saturday, 31 May 2014 11:43 PM

දැන් කෝප උවට වැඩක් නැත මෙවැනි දේශපාලකයන් නිර්මාණය කලේ ඔබය. ඔබගේ දැතින්යඅපට කල හැකේ ඒවා දෙස බල සිනාසීමය.... (ස)

:       0       0

ගජබා Saturday, 31 May 2014 02:58 AM

මට මතක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ අගමැති .එතුමා අල්ලපු පොලිස් නිලධාරියාට ගෞරවයෙන් සැලකුව .අපේ දෙසපාලුවා .........ක්...(දී)

:       0       0

ප්‍රසාන් Saturday, 31 May 2014 03:23 AM

ඕස්ට්‍රේලියාවේ අවුරුදු 20 කට පමණ පෙර අගමැතිට දඩ කොලයක් දුන්නා පොලිස් රාළහාමි කෙනෙක් සීට් බෙල්ට් එක නොදා කාර් එක එලවල. ඔහු දඩය ගෙව්වා. එක එතනින් ඉවරයි, එය මෙහෙ ජනමාධ්‍ය වල පවා පළවුණා. නමුත් මෙහේ වෙන්නේ ....... ? (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 31 May 2014 03:30 AM

සරම උස්සගෙන යන අපේ ජෝකර් මහත්තයද?(ස)

:       0       0

ඇන්ටන් Saturday, 31 May 2014 01:17 PM

ගජබා ඔය කියපු කතාව මට මතක් වෙනවා.(අ)

:       0       0

සෝබන Saturday, 31 May 2014 03:55 AM

මේක නම් කොහොමත්ම වෙන්න බැහැ. අපේ දේශපාලක උතුමෝ අසත්පුරුෂ වැඩ කරන්නේ නැහැ. ඒ ගොල්ල ජිවත් වෙන්නේ බුදු දහමට අනුවයි, හැම මොහොතකම උත්සහා කරන්නේ රටට සේවය කරන්නයි. මේ කොස්තාපල් වරයාගේ පවුලේ ප්‍රශ්නයකට ඇති වුනු දෙයක් වගෙයි. (ස)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 01:20 PM

අැයි මෙයා රබර් වත්තට උස්සගෙන ගිහින්ද? ඕක නේ මම කියන්නේ. පොලිසියට මොකක්ද වෙලා කියලා. (ස)

:       0       0

සිල්වා Saturday, 31 May 2014 04:06 AM

පොලිස් කොස්තාපල් වැරදියි දඩ කොලයක් ලබා දුන් එක ..කරන්න තිබුනේ පැයට කිලෝමීටර් 200 වේගයෙන් යන්න කියන්න ,,එතකොට එයාව එහෙමම කම්බස් වෙලා යාවි ....(ස)

:       0       0

වජිර Sunday, 01 June 2014 12:57 AM

දඩ කොළයක් ගෙවාගන්න බැරි තරමට ඔහු දුප්පත් වෙලාද? (නි)

:       0       0

කළණ Sunday, 01 June 2014 01:22 AM

ශාන්ති, නම හෙලිවුණා කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 31 May 2014 04:35 AM

රුපියල් 145 ට මෙහෙම නම් කරන්නේ මේ දේශපාලකයාගේ තත්වය ගැන කුමන කතාද? (ස)

:       0       0

සුබේ Saturday, 31 May 2014 05:41 AM

මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය. (ස)

:       0       0

සුබේ Saturday, 31 May 2014 06:52 AM

රටේ මහ ජනතාවගෙන් පහල පන්තියේ ජනතාව නූගත් වූ කල, දුප්පත් කමෙන් වැඩි වූ කල රටේ යහ පාලනයකට ඉඩක් නොමැත. පාලකයන් පත් වන්නේ මෙවැනි බහුතරයක් වූ නූගත් චන්ද වලිනි. අනේ රටකට ගිය කලක්. (ස)

:       0       0

අස්ලිය Saturday, 31 May 2014 07:16 AM

ඔන්න මාධ්‍යයට ඉතා හොඳ අවස්ථාවක් මරණ තර්ජන කල දේශපාලකයා කව්ද කියා රටටම හෙළි කරන්න. (ස)

:       0       0

සමන් රණවක Saturday, 31 May 2014 07:19 AM

දවස් කිහිපයකට දඩ කොලයක් දුන්නේ මාතර දිසාවේ ඇමති වරයකුට නේද ? (ස)

:       0       0

ඒ. හේවගේ Saturday, 31 May 2014 07:32 AM

පොළිස් නිලධාරී වරුනි එඩිතර වෙන්න. මේ දේශපාලකයන්ගෙන් අපේ රට බේරගන්න හැම විටම නොබියව ඉදිරිපත් වෙන්න. ජනතා අධිකරණය මගින් ඔබව ඉහල තැනකට ඔසවා තබනු ඇත. ඔබ ඉදිරිපත් විය යුත්තේ කිසිවක් කරකියාගත නොහැකි අහිංසක ජනතාව වෙනුවෙන්ය. ඒ ඔබගේ සහෝදරයා,අම්මා හෝ තාත්තා විය හැකිය. (ස)

:       0       0

සමන් Saturday, 31 May 2014 07:36 AM

හෙට අනිද්දාට මෙම නිළධාරියාට රැකියාවත් අහිමි කරයි. මොකක් හරි බොරු වරදක් පටවල. අඩුම ගානේ ජිවිතේවත් බේර ගන්න ලැබුනොත් ලොකු දෙයක්. මේක තමයි අවංකව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ ඉරණම. මේ නිසා තමයි අද රාජ්‍ය සේවය බල්ලට ගිහින් තියෙන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 797 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1719 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1635 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 408 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 669 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 487 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24317 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site