දොඩංගොඩ බෝඹුවල පාළු රබර් වත්තක් මැදදී පොලිස් කොස්තාපල් මරා දැමීමට තැත්කර ඇත්තේ දේශපාලනාඥයකුගේ ඕනෑවට විය හැකියි එම කොස්තාපල් පොලිසියට කියා ඇත. දින තුනකට හතරකට පෙරදී අධිිවේගී මර්ගයේ පැයට කිලෝමීටර් 145 වේගයෙන් ගමන් ගත් රියකට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ එහි සිටි දේශපාලනාඥයකු තමාට මරණීය තර්ජනය එල්ලකළ බව ද කොස්තාපල් කියා ඇත. කිසියම් උපායකින් එම කොස්තාපල්වරයා රබර් වත්තට රැගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැන වැදීමත් පහරදීමත් අතාර සම්බන්දය නීතියෙන් ඔප්පු කිරිමට අපහසු වෙනවා . (අ)
නම මොකටද? දැන් ඉන්න දේශපාලකයෝ ඔක්කොම ඔහොම තමයි. එයාල හිතාගෙන ඉන්නේ ජීවිත කාලය පුරාම ඔය තානාන්තරේ වැජඹෙන්න පුළුවන් කියල.අනික හොට බිම ඇනෙන කාලෙට පුතෙක්ව හරි දුවෙක් හරි, බෑනා හරි ඉදිරිපත් කරලා පරම්පරාව ගෙනියන්න නේ හදන්නේ. (ස)
ගම මාතර. නම දන්නවනේ..අඩු ගානේ මේ වගේ මිනිසුන්ට දෙන එක චන්දයක් නවත්වල පාඩමක් උගන්නන්න. (ස)
"මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය".(අ)
රථ වාහන පොලිසිය දේශපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම නවතා දැම්මොත් හොඳයි. එතකොට රිය අනතුරු වලින් හරි මේවා අවසන් වෙයිනේ.... (නි)
මම නම් දන්නවා ඔහුගේ නම (නි)
කාට අයිති රටකද අද අපිට ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ ?. (අ)
මේක විහිළුවක් නෙමෙයි ...!! අධිවේගී මාර්ගයේ යන අහිංසක මිනිසුන්ගේ ජිවිතත් සමඟ සෙල්ලම කරන මොහු වහාම අත්අඩංගුවට ගෙන වාහනය සමග අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි (නි)
නමට ගුණය ගෑවුණ මහ බලවතෙකි ... හැටට හැටේ නොගියා නම් පුදුමයකි ... රටට හිතැති මැතිඳුන් අද සිහිනයකි ... කටට ආපු ටික ගිලගෙන ඉඳිමි සකි ... (නි)
නිල ඇදුමක් පැළද රජයේ පොලිස් නිලධාරියෙකුට මෙහෙම නම් සාමාන්‍ය කෙනෙකුට කවර කතාද. විස්මය ජනක වන්නේ මේ හැම අපරාධයක් පිටුපස දේශපාලකයෙක් සිටීම හා ඒ පිළිබද දේශපාලක නායකයන්ගේ අවධානය යොමු නොවීමයි. (අ)
සෙල්ලම් කාරයක්. (ස)
ගජබා ඔය කියපු කතාව මට මතක් වෙනවා.(අ)
අැයි මෙයා රබර් වත්තට උස්සගෙන ගිහින්ද? ඕක නේ මම කියන්නේ. පොලිසියට මොකක්ද වෙලා කියලා. (ස)
ඉන්දියන් ජනාධිපති තුමටම ශ්‍රී ලංකාවත් බාරදෙන්න (අ)
නූගත් කම වටා බැදුණු මැර බලය. මේවට උත්තර දෙන්න ඕනේ ජනතාව ඊලඟ ජන්දෙන්. දැන් ඉතින් දෙවියන්ගේ පිහිට තමා පොලිස් නිලධාරියාට. (ස)
මේකට කියන්නේ දේශපාලකයන්ගේ නූගත් කම. (ස)
අනේ ඇත්තට ලංකාවට ගිය කල! (නි)
නීතිය ගමන් කරන්නේ කොයිබටද? (නි)
මේ අපේ රටේ සිද්ද වෙච්ච දෙයක් නේ. පුදුම වෙන්න දෙයක් තියෙනවද ඕක ගැන. (ස)
දැන් කෝප උවට වැඩක් නැත මෙවැනි දේශපාලකයන් නිර්මාණය කලේ ඔබය. ඔබගේ දැතින්යඅපට කල හැකේ ඒවා දෙස බල සිනාසීමය.... (ස)
දඩ කොළයක් ගෙවාගන්න බැරි තරමට ඔහු දුප්පත් වෙලාද? (නි)
ශාන්ති, නම හෙලිවුණා කියලා මොනවා කරන්නද? (නි)
රට දැන් ගමන් කරන තාලය අනුව අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. (නි)
කවුද දන්නෙ නැහැ මේ සුපිරි බලවතා? (නි)
සුද්දෝ ඇවිල්ලා අපේ රට නැවතත් යටත් කරගන්නවා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා (නි)
අනේ මන්දා නීතියට යන කල! (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
ලංකාවේ නවීන සම්ප්‍රදාය ගැන මේ පී සී දන්නේ නැහැ වගෙයි. (නි)
ඔය දේශපාලකයා කියන්නේ හරිම අහිංසක මිනිස්සු කොටසක්. පොලිසියේ ඉන්නෙත් හරිම අහිංසක මිනිස්සු.(නදී)
පොලිස් නිලදරුවනි, ඔබ අත රැඳි ගිනි අවිය ඔවුන් වෙත යොමු කල යුතු කාලය එලඹ ඇත. නොඑසේ නම් මේ දේශපාලන ප්‍රචණ්ඩත්වය කිසිදා පාලනය කල නොහැක. රට වෙනුවෙන් නිර්භයව එය ඉටුකරන්න. ඔබ වෙනස් විය යුතු කාලය එලඹ ඇත (නදී)
සරම උස්සගෙන යන අපේ ජෝකර් මහත්තයද?(ස)
ඉතින් කොහොමද රට හදන්නේ (ස)
දේශපාලකයාගේ නම හෙළිකරන්න (ස)
පී.සී.ට දේශපාලනඥයෙක් සෙල්ලමට කියල වෙන්න ඇති (ස)
දේශපාලනය කරන්නේ නීතියේ අවසරලත් අපරාධකාර මැරයෝද ? (ස)
මම බලාගෙන ඉන්නවා ප්‍රතිපලය මොකද්ද කියල ....ඔයාලට ජය වේවා....මොකද මොන ආණ්ඩුව ආවත් ඔයාල ඉන්නේ අපිත් එක්ක නිසා.......(ස)
රටට ගිය කලක් ,රටටම හෙළි කලයුතුය මොහු කව්ද කියා (ස)
අනේ මේ මොනවද දොඩන්නේ. අපේ වැදගත් මන්ත්‍රීලා ඔය වගේ බලු වැඩ කරනවාද ? (ස)
සැහැසි ක්‍රියා නිතර කෙරෙති දුසිරිතටම රට යයි ඇදී! තව තව මර නින්දේ නොසිට එනු එනු පිබිදී ! එනු එනු පිබිදී!! ( ලතා මන්ජෙස්කර් -සඩ්සුළන් චිත්‍රපටියෙන් ) (ස)
මේ ගැන කියන්නට නම් හුගක් දේවල් තියෙනවා, නමුත් පලකරාවිද යන්න තමයි ගැටලුව. මොකද කිව්වොත් කියන්න වෙන්නේ සුද්ද සිංහලෙන්.(ස)
දෙගොල්ලෝ ම එකයි. (ස)
රට ත්‍රස්තවාදයෙන් බේරා ගත්ත කියල කිවුවට වෙලා තිබෙන්නේ අනිත් පැත්ත ,දේශපාලක මාෆියාව රජවී ඇත (ස).
පොලිස් කොස්තාපල්ව රබර් වත්තට රැගෙන ගොස් ඇත්තේ සග වන ලද ආයුද සෙවීමට වෙන්න ඇති . ඒකල්ලියනේ ජනතාවට එයපුහුණු කර ඇත්තේ. (දී)
මට මතක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ අගමැති .එතුමා අල්ලපු පොලිස් නිලධාරියාට ගෞරවයෙන් සැලකුව .අපේ දෙසපාලුවා .........ක්...(දී)
ඕස්ට්‍රේලියාවේ අවුරුදු 20 කට පමණ පෙර අගමැතිට දඩ කොලයක් දුන්නා පොලිස් රාළහාමි කෙනෙක් සීට් බෙල්ට් එක නොදා කාර් එක එලවල. ඔහු දඩය ගෙව්වා. එක එතනින් ඉවරයි, එය මෙහෙ ජනමාධ්‍ය වල පවා පළවුණා. නමුත් මෙහේ වෙන්නේ ....... ? (ස)
රටට යන කලක් (ස)
මේක නම් කොහොමත්ම වෙන්න බැහැ. අපේ දේශපාලක උතුමෝ අසත්පුරුෂ වැඩ කරන්නේ නැහැ. ඒ ගොල්ල ජිවත් වෙන්නේ බුදු දහමට අනුවයි, හැම මොහොතකම උත්සහා කරන්නේ රටට සේවය කරන්නයි. මේ කොස්තාපල් වරයාගේ පවුලේ ප්‍රශ්නයකට ඇති වුනු දෙයක් වගෙයි. (ස)
පොලිස් කොස්තාපල් වැරදියි දඩ කොලයක් ලබා දුන් එක ..කරන්න තිබුනේ පැයට කිලෝමීටර් 200 වේගයෙන් යන්න කියන්න ,,එතකොට එයාව එහෙමම කම්බස් වෙලා යාවි ....(ස)
රුපියල් 145 ට මෙහෙම නම් කරන්නේ මේ දේශපාලකයාගේ තත්වය ගැන කුමන කතාද? (ස)
මෝඩයන් වටා බලය ඒක රාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය. (ස)
රටේ මහ ජනතාවගෙන් පහල පන්තියේ ජනතාව නූගත් වූ කල, දුප්පත් කමෙන් වැඩි වූ කල රටේ යහ පාලනයකට ඉඩක් නොමැත. පාලකයන් පත් වන්නේ මෙවැනි බහුතරයක් වූ නූගත් චන්ද වලිනි. අනේ රටකට ගිය කලක්. (ස)
ඔන්න මාධ්‍යයට ඉතා හොඳ අවස්ථාවක් මරණ තර්ජන කල දේශපාලකයා කව්ද කියා රටටම හෙළි කරන්න. (ස)
දවස් කිහිපයකට දඩ කොලයක් දුන්නේ මාතර දිසාවේ ඇමති වරයකුට නේද ? (ස)
පොළිස් නිලධාරී වරුනි එඩිතර වෙන්න. මේ දේශපාලකයන්ගෙන් අපේ රට බේරගන්න හැම විටම නොබියව ඉදිරිපත් වෙන්න. ජනතා අධිකරණය මගින් ඔබව ඉහල තැනකට ඔසවා තබනු ඇත. ඔබ ඉදිරිපත් විය යුත්තේ කිසිවක් කරකියාගත නොහැකි අහිංසක ජනතාව වෙනුවෙන්ය. ඒ ඔබගේ සහෝදරයා,අම්මා හෝ තාත්තා විය හැකිය. (ස)
හෙට අනිද්දාට මෙම නිළධාරියාට රැකියාවත් අහිමි කරයි. මොකක් හරි බොරු වරදක් පටවල. අඩුම ගානේ ජිවිතේවත් බේර ගන්න ලැබුනොත් ලොකු දෙයක්. මේක තමයි අවංකව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ ඉරණම. මේ නිසා තමයි අද රාජ්‍ය සේවය බල්ලට ගිහින් තියෙන්නේ. (ස)
රාළහාමි මහත්තයෝ කියන්න ඔය මන්ත්‍රීතුමාගේ නම (ස)
මේ දේශපාලන බලවතාට ලොකු ලොකු අනුග්‍රහ තියනවා. අපි දන්නවා කවුද කියලා . නමුත් මෙතන නම හෙළි කරන්න බැහැ. අන්තිමේ කතෘ තුමාටත් දඩ කොලයයක් ලියන්න ඉඩ තියන නිසා. (ස)
නම දන්නවා. මෙතන කියන්න බැහැ. පුළුවන් උදවිය හිතාගන්න. (ස)
නඩු දැම්මත් නිදහස් වෙනවා. රටේ නීතිය එතරම් ප්‍රබලයි. ඇතැම් අය මුදල් වංචාවක් කරලා දැන් ඉහළින්ම අනුග්‍රහය අරගෙන ඉන්නේ. මේවාට කතා කරන උදවියටත් හෙට අනිද්දාට දඩ කොළ වැටේවිද මන්දා. (ස)