අද (30) නිකුත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවාය.
දෙවැනි ස්ථානය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ නවංජනා ජයවර්ධන හිමිකරගෛන ඇත.
තෙවැනියට වැඩිම ලකුණු ලාභින් අතර කොළඹ විශාඛා, ගම්පහ රත්නාවලී සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් වේ.
3 වැනි ස්ථානය
අමාෂි නිවර්තනා - කොළඹ විශාඛා විද්‍යාලය
නුවනි නෙත්සරණි - රත්නාවලී බාලිකා විද්‍යාලය . ගම්පහ
හංසපානි අබේසිංහ - මහාමායා බාලිකා විද්‍යාලය. මහනුවර
4 වැනි ස්ථානය
රුවනිකා හේමසිංහ - විශාඛා විද්‍යාලය. කොළඹ
5 වැනි ස්ථානය
දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ - දේවි බාලිකා විද්‍යාලය. කොළඹ
6 වැනි ස්ථානය
රංසික ලසන් ගුණසේකර - තර්ස්ටන් විද්‍යාලය. කොළඹ
දිලිනි සඳුනිකා පළිහක්කාර - සුජාති විද්‍යාලය. මාතර
අංජන රුචිරංග මදුරසිංහ - මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලය.
තෙවැනි ස්ථානයක් හිමි කරගත් අමාෂි නිවර්තනා
දෙව්නි රුවන්තිකා සේමසිංහ
ඡායාරූප - ඉෂාන් සංජීව





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ අනාගතයක් සමග ඉදිරි විභාගත් ජයගන්නට වාසනාව උදාවේවා (බ)
අපගේ උණුසුම් සුබ පැතුම්. ඔබට සුබ අනාගතයක්. (ස)
නාලන්දා මෑණියන්ට ඔබ ඉමහත් ආඩම්බරයකි. ඔබට ජය. (ස)
නවංජනා දුව, ඔබට සුබ පැතුම්! (නි)
ආඩම්බරයි. හදවතේ නැඟෙන සතුට කියන්න වචන නැහැ.මේ අපේ රටේ අනාගතයයි. තබන හැම පියවරක්ම වාසනාවන්ත වේවා! (නි)
නවංජනා දියණිය, ඔබ සිරිකුරුස විදුහලට පමණක් නොව මුළු රටටම ආඩම්බරයක්. (නි)
මගේ නංගිගේ පුතාත් සමත්.හැම දරුවෙකුටම සුබ පතනවා! (නි)
ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් සමඟ ඉදිරි විභාගත් ජයගන්නට වාසනාව උදාවේවා !!! (නි)
පර්ත් නුවර ආදි නාලන්දීයයන්ගෙන් ඔබට සුභ පැතුම්! (නි)
මේ පාර ඔක්කොම කොළඔට. කොළඔට කිරි ගමට කැකිරි. මරු නේ. (ස)
දුවේ , පුතේ ඔබ අප රටේ අනාගතය ජය කෙහෙළි නංවන මේ රටේ ජීවනාලිය. ඔබ සියලු දෙනාටම සහ ඔබට අකුරු කල ගුරුවරු සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. (ස)
ධර්මසේන, එදා ගමට කිරි-වෙනස නොමැත (බ)
මේ පුතාලට ආශීර්වාද කරන අතරම.. අපේ ග්‍රාමීය පුතාලට මේපාර ලොකු අවාසියක් සිදුවී ඇති පාටයි.. සල්ලි ඕනවෙයි ඉගෙන ගන්න මීට පස්සේ.. මේක හොඳ සලකුණක් එ්ක සනාථ කරන්න. (ස)
වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් ඔක්කොටම! හරි ආඩම්බරයි.මේ අයගේ පවුල් වල විස්තරත් දානවා නම් හොඳයි අපිට දැනගන්න (නි)