සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (25) පැවැත්වූ 10 සහ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර දෙකක ගැටළු මතුවීමෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.
11 ශ්‍රේණිය සිසුන් සඳහා ලබා දුන් භූගෝල විද්‍යාව දෙවැනි පත්‍රයේ පළමු කොටසේ පළමු ප්‍රශ්නයේ සිතියමක් ආශ්‍රයෙන් පිළිතුරු සැපයීමට ලකුණු 10 ප්‍රශ්නයක් දී තිබුණත් ඒ සඳහා සිතියමක් තිබී නැත.
එහි හතරවැනි ප්‍රශ්නයේ ද රූප සටහනක් ආශ්‍රයෙන් පිළිතුරු ලිවීමට තිබුණත් එහිද රූප සටහන් දී නොතිබිණි.
11 ශ්‍රේණිය සිසුනට ලබා දුන් පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයේ 21 වැනි ප්‍රශ්නයේ සිට 30 වැනි ප්‍රශ්නය දක්වා නොගැලපෙන ප්‍රකාශ තෝරා හිස්තැන් පුරවන්නැයි යනුවෙන් ඇති බවත්, ඒවාද ගැටළු සහගත බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මේ අතර උතුරුමැද පළාතේ අද පැවැති පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයේ හය ශ්‍රේණියට අදාළ ප්‍රශ්න කිහිපයක් ලබා දී ඇතැයි ද ප්‍රනාන්දු මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නන්ගර මහත්තයා වලෙන් නැකිටල එනවා ලගදීම. (ස)
මොන පිස්සු වැඩක්ද මේක. (ස)
මේක දැන්නම් ඕන කමින් කාගේ හරි උවමනාවට කරන වැඩක් වගේ. දැන් ඉතින් ගොන් පාට් ඇති පොඩි එවුන්ටවත් ඉගෙනගන්න දෙන්න.(නදී)
අධ්‍යාපන ඇමතිකම අපේ පණ්ඩිත අහවල්තුමාට දෙමුද? (නි)
සබරගමුව විතරක් නෙමෙයි අද කැලනියෙත් විභාගෙ අනාගෙන. 11ට දෙන්න තිබුණ ප්‍රශ්ණපත්‍රය 11ටත් මුද්‍රණයේ. මුන්ට පිස්සු (අ)
ගාල්ල කලාපේ අයි.සි.ටි. ප්‍රශ්න පත්තරෙත් නාගෙන. ළමයි අනාථයි. මෙවා ගැනත් හොයන්න.(නදී)
අපේ කාලෙත් විබාග තිබුනා.ප්‍රශ්න පත්තර වල වැරදි තිබුනා.ඒත් ඒවා ඔය විදියට ප්‍රසිද්ධ වුනේ නැහැ. විෂය බාර ගුරුවරයා විබාගේ ලියන අතරේ වැරදි ප්‍රශ්න නිවරදි කලා.මුද්‍රණ දෝෂ නිවැරදි කළා.අද වෙලා තියෙන්නේ මේකත් දේශපාලනයට ඈද ගෙන. මේ සමහර සංගම් කට ඇරෙන බලාගෙන ඉන්නේ වරදක් වෙනකම්, දෙන්නම් බැටේ කියාගෙන.. (නි)