මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරයි.
‘සදාචාරසම්පන්න සමාජයක්, පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් නොනිම් සිහින යථාර්ථයක් කරගැනීමට දශක ගණනාවක් අභීතව අවිහිංසාවාදී අරගලයක නිරත වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු දැයට අහිමි වී තිබේ. කිසිදු පක්ෂයකට, ජාතියකට ආගමකට සීමා නොවූ ඒ යතීන්ද්‍රයාණන් වහන්සේ "මාදුළුවාවේ සෝභිත" යන නාමය ලක් ඉතිහාසයේ උත්තරීතර මං ලකුණක්ව ශේෂ කොට ඒ හිමියෝ නික්ම ගියහ.
කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ පරම පූජනීය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අභාවය රටටත්, ජනතාවටත් පිරිමැසිය නොහෙන පාඩුවක් බව මහත් වූ සංවේගයෙන් ප්‍රකාශ කරමි.
1942 මැයි 29 වන දා පාදුක්ක මාදුළුවාව ගම් පියසේ උපත ලැබූ උන්වහන්සේ ළාබාල වියේදී ම පැවිදි බිමට පිවිස, විද්‍යාලංකාර විද්‍යෝදය විශ්ව විද්‍යාලවලින් තම අධ්‍යාපන කටයුතු සපුරා ගත්හ. සමාජ සාධාරණත්වය සඳහා වන ජනතා අරගලයට සරසවි බිම තිóරි ගෙය කොට ගත් උන්වහන්සේ, ජීවිතයෙන් සමුගන්නා තෙක්ම බුදු සසුන කෙරෙහි පමණක් නොව සමස්ත දේශයත් ජනතාවත් කෙරෙහි වූ මහත් බැඳීමෙන් අඛණ්ඩව ජනතාව සමඟ අත්වැල් බැඳ කටයුතු කළහ.
පාලනයේ සිටින්නේ කුමන පක්ෂය වුව ද, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් වූ සෑම අවස්ථාවකදී ම රට තුළ යහපත් වෙනසක් ඇති කිරීමට පරම පූජනීය සෝභිත ස්වාමින්වහන්සේ නොබියව පෙරමුණ ගත්හ. එහිදී කිසිවකුට ගැති නොවූ උන්වහන්සේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව රටේ උන්නතිය උදෙසා ඇප කැප ව කටයුතු කළහ.
පසුගිය කාලයේ රට වෙළාගත් අත්තනෝමතික පාලනයට එරෙහි වන්නට බොහෝ දෙන පසුබට වූ අවස්ථාවක "සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය" ගොඩනඟමින් යහපාලනය සඳහා ගෙන ගිය අරගලයේ නායකත්වය ගෙන දිවි දෙවැනි කොට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ උන්වහන්සේ ය.
ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙරට සාහිත්‍ය, කලාව, පරිසරය, දහම් අධ්‍යාපනය මෙන්ම අමද්‍යප සටනේ ද කැපී පෙණුන යුග මෙහෙවරක නිරත වූ හිමිනමකි. එමෙන්ම තුන්නිකායික මහා සංඝයා ජාතික අරමුණකට සමගි සම්පන්න කිරීමේ ජාතික මුද්‍රාව ලෙස ද උන්වහන්සේ හැ¼දින්විය හැකිය. නූතන භික්ෂුන් වහන්සේ විෂයෙහි මාදුළුවාවේ සෝභිත හිමි පරමාදර්ශයක් බඳු සංඝයා වහන්සේ නමකි.
මගේ දේශපාලන ගමනට ද විටින් විට අවවාද අනුශාසනා ලබා දෙමින් උන්වහන්සේ ලබා දුන් ශක්තිය මේ අවස්ථාවේ දී ඉමහත් කෘතවේදීත්වයෙන් සිහිපත් කරමි. වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට වැඩම කිරීමට පෙර මා උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේ දී අපේක්ෂිත සමාජ වෙනස උදෙසා යහපාලන රජයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය මහත්මා ද ඇතුළුව අප අතර දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. ඒ අනුව මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ සාධාරණ සමාජය ගොඩනැගීමේ වගකීම වත්මන් රජයේ ප්‍රමුඛ කාර්යභාරයක් විය යුතු බව ද, ඒ සඳහා සමස්ත ජනතාව පෙළගැසිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේට, උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය අත් වේවා යි ප්‍රාර්ථනය කරමි.‘
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය (2015 නොවැම්බර් 10)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් මහතා , මම කිව්වත් නැතත් , ඔබ තුමා පිළිගත්තත් නැතත් තිත්ත ඇත්ත කාටත් තේරෙනවා නොතේරුනා වාගේ පාට කන්නාඩියෙන් බැලුවට (බ)
සෝභිත හිමි නොවෙන්න ඔයා තාමත් විපක්ෂ නායක.ඒ හිමිපාණෝ කොහේ හරි ඉදන් බලන් ඇති තමුන් කරන්නේ මොනවාද කියලා. .(ම)
වින්සන්ට් මහතාණෙනි ප්‍රතිවිරුද්ධ මත දැරුවාට ඔබතුමාගේ අදහස් තාර්කිකයි, වෛරය නොමැත, මා සැමදා කියවනවා බොහොම ආසාවෙන්. කරුණාකර කියන්න මා සමග එකග නොවෙන හේතුව. (ර)
මමත් තිලක් සමග එකගයි. හැම දේටම දේශපාලනය අනා ගන්න එපා. කිවයුත් දේවල් කිවයුතු තැන ඇත. නොතන් ඇත. තිලක් මහතාණෙනි, ක්‍රිස්, නාමල් සහ මහානාම වැනි ය සමග වාද කල යුතු නැත. අපගේ වටිනා කාලය වෙනත් දෙයකට යොදවන්න.(ම)
උන්වහන්සේ ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනය කරමි. සියලු දේ අනිත්‍යයි (නි)
සෝභිත හිමි මුළු රටටම යෝධ පවුරක් වුණා (නි)
මහානාම, ඔබ හරි. තිලක්, ඔබතුමා මෙහි අදහස් දාන්නේ කාවෙනුවෙන්ද කියලා දැන් අපිට පැහැදිලියි (නි)
උන්වන්සේගේ අපවත්වීම රටට ලොකු අඩුවක් (නි)
මහානාම, ඔබ100%ක් නිවැරදියි. තිලක්, ඇත්ත ඇතිසැටියෙන් බලන්න පුරුදු වෙන්න. එවිට සෝභිත හිමියන්ට එය ගෞරවයක් වේවි (නි)
සෝභිත හිමි රටටම විශාල ශක්තියක් වුණා (නි)
අපි උන්වහන්සේට නිවන්සුව පාර්ථනා කරමු. (ර)
සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවා! (බ)
මහනාමට ටිකක් කියයුතු දේවල් තියෙනවා, නොකිය යුතු දේවල් තියෙන බව (බ)
ඔව් ඔව් ඔබතුමා පමණක් නොවේ මෛත්‍රී මහතාත් පත් වුනේ එතුමාට පින් සිදුවන්න , නමුත් එතුමා පතපු , ඔබතුමා ලා පොරොන්දු වූ ඒ වෙනස් ලැබුනේ අපිට නම් නොවේ , අර අල්ලපු රටේ කල්ලියට . ඒ ශෝකය නිසා තමා මේ අසහාය බුද්ධ පුත්‍රයා මෙතරම් අඩු වයසින් අපවත් වුවේ . කරුණා කර උන්වහන්සේ අන්තිමට කළ මාදධ්‍ය ප්‍රකාශය කියවා බලන්න . ඒහිමි පැතු , මහජනතාව පැතූ ඒ වෙනස අද කෝ ? (බ)
මේව කතා විතරයි (බ)
අපොයි ඔව් නැතිනම් ජීවිතේටවත් අගමැතිකමක් ලැබෙයිද ? (බ)
100%ක් ඇත්ත (නි)
එ්ක ඇත්ත නැත්නම් අපි නෑ (බ)
සෝභිත හිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
ඔවු රන්දීර්, අපිට කළහැක්කේ එපමණයි. උන්වහන්සේ නැවතත් අප අතරම ඉපදේවා! (නි)