IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සෝභිත හිමි වෙනුවෙන් තරුණ විද්වත් වෘත්තිකයෝ සොව පළ කරති

ලාංකිකයින්ගේ ජීවිත ශක්තිමත් කිරීමට හා ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කිරීමට තම ජීවිත කාලය පුරාම සාධාරණ සමාජයක් උදා කරලීම සඳහා අදීනව අරගලයක යෙදුන සංඝ පීතෘවරයෙක් වූ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අභාවය පිළිබඳව තරුණ විද්වත් වෘත්තිකයන්ගේ එකමුතුව වන (2021) සංවිධානය ශෝකය පළ කරන බව එහි ප්‍රධාන ලේකම් තිලක් සෙනෙවිරත්න මහතා නිවේදනය කරයි.

විද්වත් වෘත්තිකයන් සමග පමණක් නොව සියලුම සමාජ ක්‍රියාකාරින් සමග ඒකාබද්ධ වෙමින් ගුරු හරුකම් දෙමින් කළ නායකත්වය ජනයාගේ සුබ සෙතට දුන් දායකත්වය මිල කළ නොහැකි බව ද විද්වත් වෘත්තිකයින් සඳහන් කරයි.

ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ජන සුබ සිද්ධිය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙමින් ඒ සඳහා නායකත්වය දුන් ප්‍රගතිශීලී පුරෝගාමී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් උන් වහන්සේ සමාජයට ඉටු කළ කාර්යභාරය අමිල බවත් එවැනි සංඝ පීතෘවරයෙක් මේ මොහොතේ රටට අහිමි වීම දැරිය නොහැකි පාඩුවකි. යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන සියලු ලෝක වාසී පුරවැසියන්ගේ මෙහෙය කෘතඥභාවය, ආචාරය උන්වහන්සේ වෙත පළවනු නිසැකය.

සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වැදුණු උන් වහන්සේ රාජ්‍ය පාලනයේ දුර්වලකම් නොබියව පෙන්වා දී සංඝ සමාජයටද ආදර්ශයක් ගෙන දෙමින් පාලකයන්ගේ වැරදි පෙන්වාදීමට ශක්තිමත් වූ එඩිතර ඝංඝ පීතෘවරයෙක් බවත් උන්වහන්සේ සේ දුන් දර්ශනය හා ආදර්ශය ඉදිරියට ගෙනයාමට කැප වන බව ද සඳහන් කරයි.

 



අදහස් (0)

සෝභිත හිමි වෙනුවෙන් තරුණ විද්වත් වෘත්තිකයෝ සොව පළ කරති

විද්වත් වෘත්තිකයෝ තරුණ සංවිධානය Tuesday, 10 November 2015 06:42 AM

නන්ද-උන්වහන්සේ දුන් දර්ශනය, ආදර්ශය ඒ අයුරින්ම ඉදරියට ගෙන යාමට කැපවෙනවා. (ර)

:       0       0

බි. ඇන්තනි Tuesday, 10 November 2015 09:38 AM

මාදුළුවාවේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ යනු, ගිනි අව්වේ මද්දහනේ දෙපතුල් දැවි දැවී පාවහන් රහිත දෙපයින් මිරිහාන පොලිසිය පාරෙන් සුභද්‍රාරාම පිරිවෙනට වැඩියේ අපට ශිල්ප දෙන්නටය. ඒ ඉන්ධනද සමග පූජා කළ අළුත්ම රථයක් පන්සලේ තිබියදීය. ගුණසමරු පිංකමක් පවත්වන්නට අවසර දී අප ඊට පාට කොඩි වලින් පන්සල් භූමිය සැරසීමට යද්දී විහාර භූමිය තුළ සුදු කොඩි පමණක් භාවිතා කරන ලෙසත්, පක්ෂවල පාට විහාර භූමිය තුළට ගෙන නොඑන ලෙසටත් පවසා එදා දේශපාළන අධිකාරිය හීලෑ කළේ උන්වහන්සේය. අහෝ සමින්ද්‍රයාණෙනි! අමා මහා විමුක්තිය ළබා නිර්වාණ සම්පත්තියට ඔබ වහන්සේ පත්වේවා! (ර)

:       0       0

නන්ද Monday, 09 November 2015 05:40 PM

අපේ සෝභිත නාහිමිපාණන්ට දක්වන උසස්ම උපහාරය නම්, ඒ හිමියන් රටට දැයට කළ මෙහෙය ඉදිරියට කරගෙන යාමයි. ඒ ටික මේ විද්වත් වෘත්තිකයන්ට කළ හැකිය යන්න අපේ විශ්වාසයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1191 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 7677 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3959 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 323 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1594 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1694 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29032 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23624 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 130 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 409 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site