ලෝක සාම දර්ශකයේ මුල් තැන අයිස් ලන්තයටත් දෙවැනි තැන ඩෙන්මාකයටත් තෙවැනි තැන නවසීලන්තයටත් හිමි වෙද්දී ශ්‍රී ලංකාව 110 වැනි ස්ථානයට පත්ව සිටී.
ගිය වසරේ ශ්‍රී ලංකාව 103 වැනි ස්ථානයේ සිටියේය.
ආර්ථික හා සාම කටයුතු පිළිබඳ ආයතනය මෙම සමීක්ෂණය පවත්වයි.
රටවල් 110ක සාමකාමී තත්ත්වය තව ප්‍රබල ලෙස පහළ වැටී ඇති බවත් කියයි.
යුද්ධයක් පවතින සිරියාව 161 වැනි තැනට පත්වී සිටියි.
ඇෆ්ගනිස්ථානය 162වැනි ස්ථානතේ ඉන්දියාව 141 වැනි ස්ථානයටත් පත්ව ඇත.
රටක අභ්‍යන්තර සාමයට සම්බන්ධ කරුණු 22ක් මත මේ සෝදිසිය පැවැත් වේ.
දේශපාලන ස්ථාවරත්වය, අවම මිනී මැරුම්, පුංචි සිර ගෙයක් ඇති අයිස්ලන්තය මුල් තැනට පත්ව ඇති අතර බටහිර යුරෝපයේ ඩෙන්මාකය, ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය, පින්ලන්ය, ස්වීඩනය හා බෙල්ජියම මුල් රටවල් 10 අතරට පත්වී සිටියි.
මේ සෝදිසියට රටවල් 162ක් අයත් විය.
2008 මට්ටමට වඩා සාමය සියයට පහකින් 2013දී අඩුවී ඇතැයි සමීක්ෂකයෝ කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක සිවිල් සමාජයේ සමගියට බාධාව ආගම නොවේ.සිවිල් සමාජයේ සමගියට හේතුව බුද්ධ ධර්මයේ පිරිහීම කියා තර්ක කරන උදවියගෙන් මම අහන්නේ ඔය සාමකාමි රටවල් දැන් බුද්ධාගමේද? ආගමෙන් සාමය ගොඩනැගීම බලාපොරොත්තු වෙච්ච කාලේ ඉවරයි.දැන් ඒ තැන අරන් තියෙන්නේ අධ්‍යාපනේ සහ නිතිය. (නි)
කෙනත්, ඔයා හරි.තව එකක් කියනවා නම් මේකෙ ඉන්න සමහර සිංහල නම් දාගත්තු වෙනත් අය ගොඩක් විවේචනය කරලා තියෙන්නෙ වැරදි වලට එරෙහිව හඩ නගපු අයට එරෙහිවයි. ඒ අය හැමදාම වැරදි තැන හිට ගැනීම තමයි කරලා තියෙන්නෙ. ඒ වගේ අය ඉන්න රටේ 110 ලැබීමත් ලොකු දෙයක්. (නි)
විපක්ෂ නායකට නිදහසේ මල ගෙදරකටවත් යන්න බැරි, සංචාරකයන්ට වෙඩි තබා මරපු මිනිස්සු නගරාධිපති තනතුරේ ඉන්න, පොලිසිය කුලියට මිනීමරන, නඩුකාරයෝ පගාව ගන්න අපේ රටට 110 වෙනි තැන හොඳටම ඇති (නි)
මේකත් එක්කම ලෝක දුෂණ දර්ශකයටත් දාලා බලන්න. කෙනත් කියනවා වගේ මේ දර්ශක වැරදියි මටත් හිතෙන්නේ. අපි ඉන්න ඕනෑ 150 විතර වගේ නේද? (නි)
ගණන් ගන්න එපා. ඊලග සැරේ අපිට තැනක් ෂුවර් (නි)
ජීවන් ගේ අදහස හරියට හරි (නි)
ඇත්තටම නවසීලන්තයේ ජීවත් වෙන්න ලැබීම වාසනාවක්. මෙහෙ මිනිස්සු ඉන්නේ හරි නිදහසේ. (නි)
වැට අයිනේ පොල් ගහටත් මිනිමරාගන්න එකේ 110 ඇති හොදටම (නි)
දැන් දැන් සිදුවන දේ අනුව 162 තැනට යන්නට වැඩිකල් නොයනු ඇත. එයින් මිදිමට නම් විවෘතකර ඇති ජාතිවාදී රැල්ල මැඩපැවැත්විය යුතුය. මහා ව්‍යසනයක පෙරනිමිති පහළවෙමින් පවතියි. පොලිස් මැරකම්, පළාත්සභා මැරකම්, චීවරධාරී මැරකම් ආදිය ළකුණු වැඩිවන්නට හේතුවන සාධක වේ. (නි)
අනාගතයේදී සාමය කියන වචනේ තේරුමවත් මේ රටෙන් තුරන් වෙලා යාවි.(ස)
කෙනත් ගේ අදහසට මම 100% එකඟයි!(අ)
විපුල් දෝහා කටාර්, එහෙම නෙමෙයි මහත්තයෝ, ඔබ ඔය ඉන්න රටෙත් වෙරළක ඇවිදින්න. තමන්ගේ මුදල් පසුම්බිය ගැන ආතතියකින් තොරව පාරේ යන්න. ඕනැ රැයක තනිව ජිවත් වෙන්න තියන හැකියාව සැදුවේ බුද්ධ ධර්මයේද? මම ආගමට අපහාස කිරීමක් නොවේ කරන්නේ.කියන්න හදන්නේ ඒක වෙන්නේ නිතිය සහ අධ්‍යාපනෙන් කියන එක.ඔය හිනමානේ තියෙන්නේ ලංකාවේ පමණි. (නි)
රජිත් ඉතාලි ,ලංකාව මීට ටික කාලයකට කලින් මේ වගේ අපරාද මේ රටේ බොහොම අඩුවෙන් තිබුනේ.ඒ මොකද එතකොට ලංකාව හොද බෞද්ධ රටක්.බෞද්ධයන් ගොඩක් හිටියා.දැන් මේ රටේ බෞද්ධ ජනයා ගොඩක් අඩුවේගෙන යන්නේ.අනන්‍ය ආගම්වලට බෞද්ධයන්ව හරවාගෙන.හරකෙකුටවත් නිදහසේ යන්න පුලුවන්ද? උන්ව අල්ලලා මසට ගන්නවා. ඉතින් ලංකාවේ අපරාද වැඩිවෙන එක පුදුමයක් නෙමේ. (නි)
කෙනත් සහ ගීත් ඇතුළුව මෙහි අදහස් දක්වා ඇති සැමට මගේ ප්‍රණාමය. ඉඳහිටලා පරණ පුරුද්දට විදේශ ණයවලින් කන ගමන් විදේශ වලට බුරන්නන් දෙතුන් දෙනෙක් අදහස් දක්වා ඇති නමුත් මේ රටේ සාමාන්‍ය මිනිසාට ඔය කියන දිනාගත් සාමයෙන් නොබියව රටේ ජීවත් වීමට වාතාවරණයක් නැති බව දැන් වැඩි දෙනෙකුට පැහැදිලි වෙමින් පැවතීම ගැන සතුටුයි. (නි)
සාමය ඇතිවෙන්න ඕනෑ පුද්ගල සිතේ. සිතේ සාමය ඇති වුණොත් පමණයි රටේ සාමය ඇතිවෙන්නේ (නි)
කෙනත්, මමත් එකඟ වෙනවා. (නි)
මොන ප්‍රශ්න තිබුනත් අපේ රට උතුම් රටක්. අපිට මේ ලකුණු වලින් වැඩක් නැහැ. මුළු ලෝකයම දන්නවා ලංකාව කියන්නේ උතුම් රටක් කියා. (නි)
ආගමකින් සාමය ඇතිකරන්න බැහැ. කෙනත් කියන විදිහට ඔය සුද්දන්ගේ මිනුම් දණ්ඩ වැරදි ඇති. එහෙත් ඔවුන් ආගම ඔලුව උඩ තියාගෙන ජිවත් වෙන්නේ නැහැ. මම දැන් ඉන්නේ සෞදියේ. මම ඉතාලියේ අවුරුදු පහක් හිටියා. කතෝලික ආගම බිහිවුණු ඉතාලියේ පල්ලි වහලා දාලා තියෙන්නේ ඉරිදට විතරයි. වයසක ටිකදෙනෙක් එනවා මම හැම ඉරිදාම පල්ලි යන නිසා දකිනවා (නි)
ලාංකිකයෝ වශයෙන් අපි ඔක්කොම ලැජ්ජා වෙමු. (නි)
මේ වගේ දර්ශක බලල තමන්ගේ මව්බිමට ගරහන්න වටින්නෙ නැහැ නේද? (නි)
නීතිය සාධාරණය ක්‍රියාත්මක නොවන රටවල් අතුරින් අපි කීවැනියද දන්නෙ නැහැ (නි)
ලක්මාල්, අපි මවුබිමට ගරහන්නේ නැහැ. නමුත් එහි පාලකයන්ගේ වැරදි පෙන්වා දෙනවා. මේ යන විදිහට ගියොත් තව අවුරුදු 10 විතර අපිට සිදුවන්නේ හොරෙන් බෝට්ටුවක නැගලා ඉන්දියාවට හෝ බංගලාදේශයට යන්න. රටේ සාමය භයානක විදිහට පිරිහිලා. යුද්දේ ඉවර වුනාට පස්සේ ඇයි අපට බැරි රටේ නිතිය ස්ථාපිත කරගෙන ඉදිරියට යන්න? සමහර ප්‍රාදේශීය දේශපලකයන් ක්‍රියාකරන්නේ හරියට තලේබාන් , හිස්බුල්ලා අය වගෙයි. ඔවුන්ට විරුද්ධව පොලිසියට ක්‍රියාකරන්න බැහැ (නි)
අයිස්ලන්තයේ ශීතල නිසා මිනිස්සු එළියට බහින්නේ නැතිව ගෙදරට වෙලා නිදා ගන්නවා ඇති .එකයි සාමකාමී වෙලා තියෙන්නේ .ඩෙන්මාර්කයේ හරක් නේ වැඩියෙන් ඉන්නේ .උන් කොහොමටත් ශාක භක්ෂක අහිංසකයෝ නේ .නවසීලන්තයේ මයෝරි ජාතිකයන් වඳ කරලා දැම්මට පස්සේ කරන්න දෙයක් නැති නිසා චන්ඩියන් ගොවිතැන් කරගෙන සාමකාමිව ඉන්නවා ඇති (අ).
අංක 3 රටේ මට ජීවත්වෙන්න වරම් ලැබීම පෙර පිනක් නිසා ලද්දක් වෙන්න ඇති. (නි)
කුහකයෝ දැන් බෙරිහන් දේවී මේවා ජාත්‍යයන්ත්‍රණ කුමන්ත්‍රණ කියලා. (නි)
මේ සාම දර්ශකය සමීක්ෂණය කරන්නේ කවුද ? අපරාද වැඩිම රටවල් අතරින් ඉස්සරහම ඉන්නේ ඇමෙරිකාවත් බටහිර යුරෝපා රටවලුත්. ඒ හැරෙන්න ඔවුන් වෙනත් රටවල විමුක්තිකාමී කියා ගන්න අයට යුද සපයා නිදහසේ තිබෙන රටවල යුද්ධ ඇති කර , එම රටවල් අස්ථාවර කිරීමත් කරති. නමුත් ඔවුන්ගේ හම සුදු නිසාත් , බටහිර රටවල් නිසාත් ඔවුන් සැමදා නිදොස්ය (නි)
බටහිර රට වල ජිවත් වන බොහෝ අය එම රටවලට බොහෝවිට කඩේ යති (නි)
එක එක කට්ටිය පාරවල් ගානේ ජල්ලි අල්ලනකොට අපි නම් දැන ගත්තා ඔහොම දේවල් වෙනවා කියා. දැන් ඊනියා ඇමරිකන් විරෝධියෝ කුහකකමට කතා හදයි. (නි)
බුදුන් වැඩිය රට, පෝයට සිල් ගන්න දානමාන දෙන මිනිස්සු ඉන්න රට, උදේ හවා පල්ලි පන්සල් යන මිනිස්සු ඉන්න රට, ලෝකෙම උතුම් යැයි පැරැන්නෝ කිව්ව රට, අනේ මේ වගේ රටකට ගිය කල? (නි)
මේවට වග කියන්න ඕනා සාමකාමී වාතාවරණේ බිදලා නැති ප්‍රස්න හදන ආගමික සංවිධාන, රටේ කැලැ නිතිය රජකරවන දේශපාලකයෝ. එයාලටම උල්පන්දම් දෙමින් එල්ලෙන්න වැල් හොයන ඊනියා ඇමරිකන් විරෝදියෝ.(නදී)
රොෂාන් එහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි කියල දේශපාලකයෝ කෙලින පිස්සුවලින් කතා වෙන නම ගැන නැගෙන අප්‍රසාදයේ සැර බාල කරන්න එපා.(නදී)
යන්තම් ඇති මම නම් හිතුවේ 163 විතර ඇති කියලා.(නදී)
මිනිසුන්ගේ සේතුම් පැතුම් තේරුම් ගන්න හැකියාවක් නැති විමයි මේකට ප්‍රධානම හේතුව (නි)
ඇමෙරිකාව කීයද දන්නෙ නැහැ. (නි)
මෙහෙම රටක මේ ගානත් මදැයි (නි)
මාද බෙල්ජියමේ ජීවත් වන්නෙකි, නමුත් මෙහෙත් අපරාදනම් කෙළවරක්නැහැ. හැබැයි මේ ඔක්කොම පිට රටවල්ව් සිට ආපු අයගෙන්. (ස)
ඇන්ටාර්ක්ටිකාවටම පළමු තැන දුන්නා නම් තවත් හොඳයි. වෙන රටක් එක්ක සංසන්දනය කරලා විස්සෝප වෙන්න එපා. ලංකාව කියන්නේ හෙළයන්ගේ දිවයිනට. අපි ඉන්න ඕනෑ තැන අපි දන්නවා අපි එතන ඉන්නවා. (නි)
ආශ්චර්යයයේ ප්‍රතිඵලයක් ද? (ත)
මම හිතුවේ ලංකාව 200 වැනි ස්ථානයට එයි කියලා. (ත)
අපේ සෞදියට වඩා ඉදිරියෙන් ඉන්න නිසා මට නම් පොඩි ගැම්මක් තියෙනවා.(නදී)
අපි සෞදියට වඩා ඇබිත්තක් ඉදිරියෙන්. මාලි ලයිබීරියා කියන්නේ නන්නත්තාර වෙච්ච රටවල්. ඒවත් අපට වඩා හොදයි. ඔවු තව තව ජල්ලි අල්ලන්න. වර්ගවාදේ පතුරවන්න. ගල් ගසන්න. සංචාරකයන්ට කරදර කරන්න. මිනි මරන්න. අපරාද කරන්න. කරුණු එසේ වන ගමන්ම බටහිර විරෝදී සටන් පාට කියමින් පෙළපාලි යන්න.(නදී)
රොෂාන්, ඕනෑම රටකට රස්තියාදු කාරයන් විගමනය උනාම ඕක සිද්දවෙනවා. බලන්න, පිටරට වලින් පැමිණි උගත් හොද රස්සාවල් කරන විදේශිකයෝ කාටත් කරදරයක් නැතිව ජිවත් වෙනවා.(නදී)
අර සේනා මේ සේනා තමා ඕවට වග කියන්න ඕනා. පාරවල් ගානේ මාසෙකට සැරයක් බෙරිහන් දිදී යන්ට මොකක් හරි නාඩගමක් පටන්ගන්නවා. එක්කෝ රාවේ එක්කෝ රවනාලා. හැබැයි ලෝකෙන්ම නයට කකා තමා මේ සිංහ කතා කියන්නේ.(නදී)
පෙරේරා, ඔයා වගේම මමත් වාසනාවන්තයි ඔය රටේ ඉන්න. මන් නම් විවාහ වෙලා ඉන්නෙත් මේ රටේ කෙනෙක්. ඇත්තටම වාසනාවන්තයි මෙහෙ ඉන්න ලැබෙන එක. ඒක මෙහෙම කීවට කාටවත් තේරෙන්නෙත් නැහැ.(නදී)
මේක හිනා කන වැඩක්, 2008 දී කොටි අපේ බස් දුම්රිය උදේ හවා පුපුරවද්දී ගම් පිටින් අහිංසකයන් කැති ගානකොට අපි සාම දර්ශකයේ 103 වැනි තැන, නමුත් ත්‍රස්තවාදය පරාජය කර රටම එක සේසත් කර, රටේ ඕනෑම තැනක බය නැතුව යන්න එන්න පුළුවන් වෙච්චි , කිසිම තැනක බෝම්බ වෙඩි තැබීම් නැති 2013 දී අපිට 110 වැනි තැන. මේවා බටහිරයන්ගේ ඊනියා මිනුම් දඩු මිසක් අපේ ඇත්ත තත්වය නොවන බව පැහැදිලියි. නමුත් අද අපෙත් වැරදි නැතුව නොවෙයි, සාමාන්‍ය නීතියේ ආධිපත්‍ය, අධිකරණය බිදවැටිලා, නීතිය වල් වැදිලා, පොලිසිය නිදි, දේශපාලුවෝ මහජන මුදල් කාබාසිනියා කරනවා උන්ගේ වගේ, සමාජ කණ්ඩායම් අතර විරසක ඇතිවෙලා වගකිව යුතු අය ඒවා පැහැර හැරීම නිසා. මේවා තමයි අපි හදාගන්න ඕනා නැත්නම් මේ වැනි ඊනියා දර්ශක 100% ක් ම නිවැරදි නැහැ.(නදී)
110 ට ආවා හොදටම ඇති. (නි)