ශ්‍රී ලාංකිකයෙකු සමේ පැහැය හේතුවෙන් රැකියාවට නොගැනීම නිසා සමාව අයැද සිටීමට සිදු වූ පුවතක් “ඬේලිමේල් ඕස්ට්‍රේලියා” පුවත් සේවය වාර්තා කර තිබුණි.
සිඩ්නි නුවර දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සුරුංගි එම්ලිගේ නැමැති ශ්‍රී ලාංකික තරුණිය දුඹුරු පැහ සමක් ඇති බව පවසමින් සම්මුඛ පරීක්ෂණයේදී ප්‍රතික්ෂේප කර ඇත.
ඇය වසර 27ක් පුරාවට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අතර ඉන්දියානු සම්භවයක් තිබීමද ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් වී ඇති බව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සිටි පිරිස පවසා ඇතැයි වාර්තා වේ.
මෙම සිදුවීම වාර්තා වීමෙන් පසු සමාජ ජාල ඔස්සේ එම ආයතනයට දෝෂාරෝපණ එල්ල වීමත් සමඟ ආයතනය සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත්, ඔබ මොනවද ඇමරිකාව ගැන දන්නේ? මම වසර ගණනක් ඉන්නේ ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ. මේක සුදු මිනිසුන් බහුලව ඉන්න ප්‍රදේශයක්. නමුත් මට කවදාවත් දුඹුරු හම ඇත්තෙක් කියා අසාධාරණයක් වෙලා නැහැ. හැබැයි මුලින් ආ කාලයේ මේ රටට අලුත් කෙනෙක් කියා සුපර්මාකට් ආදියේ උදව් කරන්න නම් සුද්දන් ඉදිරිපත්වෙලා තියෙනවා. (නි)
දස ලක්ෂ ගානක් සිංහල මිනිස්සු ලෝ වටා ඉන්නවා. කෙනෙක් දිහා බැලුවහම පේනවා ඇත්ත (නි)
ලලිත් සුද්දා ගැන විශේෂඥයක් වගේනෙ. සුද්දෝ ඉන්නේ ඇමෙරිකාවේ විතරද මහත්තයෝ? (නි)
මොනවා වුණත් ඇයට සිදුව ඇත්තේ අසාධාරණයක් (නි)
මම ලංකාවේ කෙනෙක්. මගේ හමේ පාට නිසා මම නම් කවදාවත් කැපිලා නැහැ. මම දොස්තර කෙනෙක් (නි)
ඕස්ට්‍රේලියාවේ කිසිකෙනෙක් වර්ගවාදය, ජාතිය, හමේ පාට, ආගම ආදී දේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. ඒකට හේතුව ඉහත කී භේදයන් ගැන කතාකළහොත් ඔවුන් සමාජය විසින් කොන් කරනු ලැබීමයි. මෙතනදී සිදුවෙලා ඇත්තේ වෙනත් කිසියම් කරුණක් විය හැකියි (නි)
කවුරු හරිද කවුරු වැරදිද කියලා කියන්න අමාරුයි (නි)
රැකියාටවට නොගත් කාරණය වසන් කරන්නේ නැතුව ඔවුන් කීම ගැන ඔබේ අදහස මොකක්ද? (නි)
මදැයි! මාත් දවසක ඔය කියන රටේ සංචාරයක යන්නයි හිතා සිටියේ. අපෝ! දැන්නම් කීයටවත් එපා (නි)
ප්‍රංශයේත් සමහර වෙලාවට මේ ප්‍රශ්න තිබෙනවා (නි)
ඕස්ට්‍රේලියාවේ මුල් අයිතිකාරයන්ට වඩා පස්සේ ඇවිත් එංගලන්තයේ කට්ටිය බලෙන්නේ ඉන්නේ. (නි)
සමහර අය මේ සිදුවීම පාවිච්චි කරමින් ඉංග්‍රීසි භාවිතා කරන අය අපහාසයට ලක්කරන්න උත්සාහ කරනවා (නි)
මෙතන වරදක් වෙලා නැහැ. ඔවුන්ට දැනට දුඹුරු 2ක් ඉන්නවා. අනිත් කෙනා සුදු වෙන්නයි ඕනෑ (නි)
සුපුන්, ජාතිවාදය සහ ත්‍රස්තවාදය කියන්නේ දෙකක්. අපේ ගොඩක් අය ඔය දෙක පටළවාගන්නවා. (නි)
සුරංගි, ඇත්තටම ලංකාවේ කෙනෙක්ද? මේ පාට අනුව ඕස්ට්‍රේලියානුවෙක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අපේ රටේ කාන්තාවන් වුණත් සම පැහැපත් කරගන්න එතරම් උනන්දුවක් නැහැනේ (නි)
නමුත් අපේ රට ගැන හිතුවොත්, පිටරට කෙනෙක්ට සම්මුඛ පරික්ෂණයකට කතාකරන එකක්වත් නැහැ (නි)
මේ රටවල වර්ණ භේදය නැතැයි නොකියමි. එහෙත් සමේ පාට යනු දැන්වීම් ප්‍රචාරණ ආයතනයක සේවය කිරීමේදී අත්යවශ්යන්ම සළකන කරුණක් වියහැකියි නේද. (නි)
ඉන්දියානු සම්බයක් තියනවනම් කියන එක තමයි මෙතන තියන ගැටලුව සමේ වර්ණයම නෙමේ.මොකද ඉන්දියනොවෝ ගිය තැනක්, ඉන්න තැනක් ඇත්නම් ඉවරටම ඉවරයි, ඒ ගැන මම හොදටම දන්නවා මොකද මම රාජකාරිය කරන සමාගමේත් ඔය ඉන්දියන්ජාතිකයන් ඉන්න නිසා ඒ ගැන මට හොදට අත්දැකීම් තියනවා.මහා ජරාම ජාතියක් (දන්නෝ දනිති මම කියන්නේ මොනාද කියල.) (හේ)
හමේ පාට සුදු වුණාට හැමෝම උගත්තු වෙන්නේ නැහැනේ. ඒ අයගේ මානසික මට්ටම. අපි සුද්දන්ට දෙකට නැවිලා කඩේ ගියා එයාලා එහෙම නෑ. (ත)
මේක මාර වැඩක්නේ.(හේ)
මමත් ඉන්නේ දකුණු ඖෂ්ට්රලිවේ. මටත් ඔය කියන හමේ ප්රශ්නය තිබ්බා.
නමුත් ලංකාව වගේ හැමෝටම එක සමානව සලකන රටක් ලෝකයේ නැති තරම් (හේ)
ශ්‍රීනාත් මහත්තයෝ, ඔබ නඟන ප්රශ්නය ඉතා වැදගත් එකක්. ඇයි ගොවිගම හැර වෙනත් කුලවල කෙනෙකුට එක්තරා නිකායක මහණ වෙන්න බැරි? මෙය පිළිතුරු අවශ්‍ය ප්රශ්නයකි. නාමල්, ඔබත් හරි. (නි)
මට යුරෝපයේ රැකියා කීයක් නැතිවෙලා තියෙනවද? රැකියා කීයක් නොදී ඉඳලා තියෙනවද? උසස්වීම් කීයක් නොදී ඉඳලා තියෙනවද මගේ සමේ පැහැය නිසා. මම උසාවියේ නඩුත් ගිහින් දිනලත් තියෙනවා ඕවට. ප්‍රධානම දේ ඕව කාගෙන ඉදිරියට යන එක මිස සමේ පැහැය නිසා වූ අසාධාරණය කියලා ඒ ගැන හිත හිතා ප්‍රසිද්ධියක් ගන්න බලන එක නෙමෙයි. (නි)
මේ රටවල නීතියට අනුව ආයතනයට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකියි (නි)
සමහරු ලංකාවට ඇවිල්ලා සිංහල හරියට කතා කරන්න බැහැ වගේ හරිම අමාරුවෙන් සිංහල උච්ඡාරණය කරනවා අහලා තියන අපිට හිනාත් යනවා. අනික ඉතින් ඉංග්‍රීසි භාෂාව භාවිතා කළාට ඕස්ට්‍රේලියන් සුද්දෝ කියන්නේ ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ හිතන ජාතියක්නේ. (නි)
ජාතිවාදය නැමති හැඟීම මොනතරම් අප්‍රසන්නද. ලෝකේ කොයි රටෙත් මෙවැනි අය ඉන්නවා. ලංකාවේ වුණත් වසර 30ක් මරාගත්තේ එ්ක නිසා නොවේද? (නි)
මේකේ කිසිම වර්ණ භේදවාදයක් මම දකින්නේ නැහැ. දැන්වීම් ප්රචාරක ආයතන සෑමවිටම සෑම සමාජ ස්ථරයක්ම නියෝජනය වෙන විදියට කටයුතු නොකළොත් ඔවුන්ගේ සේවාවන් සාර්ථක වෙන්නේ නැහැ. මේ සිදුවීමේදී ආයතනයේ අවශ්‍යතාවය මිසක් ජාතිවාදයක් ගෑවිලා තිබුනා කියලා ඔප්පු කරන්න හැකියාව තියනවා නම් ඒ සඳහා තියන සමානාත්මතා කාර්යාලයට පැමිණිලි කරලා වන්දි ගන්න පුළුවන් (නි)
ලංකාවේ ඉන්න අපේ උත්තමයන්ටත් මේවා හොඳ පාඩම්. කොයිතරම් ටයි පොලු බැඳගෙන ඉංග්‍රීසියෙන් කතා කරකර සුද්දෝ වෙන්න හැදුවත් ඔවුන් ඔය කාට කාටත් බෙදන්නේ එකම හැන්දෙන් තමයි. (නි)
මම නම් මේ ගැන පුදුම වෙන්නේ නැහැ. (නි)
මම අවුරුදු 20 ගානක් ඉන්නේ සිඩ්නි වල. මේ වගේ දේවල් ඉස්සර දැනට වඩා තිබුනා. නමුත් දැන් තවත් හේතුවක් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ වැඩි වැඩියෙන් ඉන්දියානුවන් එන්න අරන්. ඒ සමහර කට්ටිය හැසිරෙන විදිහ නිසා සුද්දා අපි හැමෝම දිහා පාට එක වගේ නම් වපර ඇහෙන් බලන්නේ. ඒ වගේම මේ අපිට පාට් දාන හැමෝම සුද්දෝ නොවෙයි. හැම සුදු වුණාට මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයෙන් ආපු කට්ටිය. (නි)
එතකොට ලංකාවේ කුලභේදය, නිකාය භේදය හරිද? නොදන්නා නිසයි අහන්නේ (නි)
ලලිත්, ඔබ බටහිර ගැන වැඩිය දන්නෙ නැති හැඩයි. මේවගේ සිදුවීම් එකක් දෙකක් වුණාට සමානාත්මතාවය කියන එක ඕස්ට්‍ර්ලියාවේ තදින්ම සළකන දෙයක්. මට නම් පෙනෙන්නේ මෙතන වෙලා තියෙන්නේ ජාතිවාදී සැළකීමකට වඩා ආයතනයේ නිරූපිකාවන්ගේ විවිධත්වය පවත්වා ගැනීමට මෙයාව ප්‍රතික්ෂේප කිරීමක්. කෙසේවෙතත් ජාතිවාදයක් ගෑවිලා තියෙනවා කියලා ඔප්පුකළොත් සමානාත්මතාවය පිළිබඳ කාර්යාලයට පැමිණිලි කළහැකියි (නි)
සමේ පැහැය පමණක් නොව අනිවාර්යයෙන්ම කතාකරන විලාශයත් බලපාන්න ඇති (නි)
කොයිතරම් අගනේද එම සමාගම සමාව ඉල්ලා පළකළ ලිපියත් අපිටත් බලාගන්න තිබුනා නම් (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)
නාමල්, සුද්දන්ට සුදු හුණු ගාන්න හදන්න එපා. සමහරවිට ඔයාට කලින් ඉඳන්ම වෙන්න පුළුවන් මම ඔයා ඉන්න ප්‍රදේශය ගැන දන්නේ. ටිකක් නිව්යෝර්ක් නගරයෙන් ඔබ්බට ගිහින් බලන්න. එතකොට නියම ඇමෙරිකාව පෙනෙයි. හැමෝම පොතෙන් නම් සමානාත්මතාවය සළකනවා තමයි. අවශ්‍ය නම් උදාහරණ සහ පසුගිය විසිවසරක අත්දැකීම් වුණත් ඉදිරිපත් කරන්නට පුළුවන්. (නි)
අදහස් වල හැටියට රොෂානුත් ළිඳේ තමයි ඉන්නේ. (නි)
සමේ පැහැය පමණක් නොවෙයි, සමහර රටවල් තිබෙනවා කොච්චර මහන්සිවෙලා වැඩකළත් තමන්ගේ ජාතියේ කෙනෙකුට ඇරෙන්න වෙනත් අයට උසස්වීම් නොදෙන (නි)
ශ්‍රීනාත්, නිකාය කියන්නේ මොනවද කියලා දන්නවද? ධර්ම සංගායනා උපසම්පදා විනය කර්ම ගැන අහලා නැද්ද? ඔබ බෞද්ධයෙක් නොවේ නම් ඔබගේ ප්රශ්නය සාධාරනයි. ඇත්තටම මෙතැන ජාතිවාදයක් ගාවලා නැහැ. එකම පාට 3 දෙනෙක් ඉන්න එක විවිධත්වයට ගැළපෙන්නේ නැති එකයි ඒගොල්ලෝ කියන්නේ. (නි)
සමන්, මෝඩ කතා කියන්න එපා. එහෙනම් ඇයි සමාව ගන්නේ? (නි)
මම නම් මේකේ ලොකු වැරැද්දක් දකින්නේ නැහැ. මොකද එකම රටක එකම පාට සේවකයෝ හිටියම එ්ක එයාලගේ පාරිභෝගිකයින් එක්ක ගනුදෙනු කරද්දී බලපානවා. මෙහෙම හිතන එක වැරදියි. ඔයා හොඳ අත්දැකීම් තියන කෙනෙක් වුණා නම් ඔය ආයතනයෙන් ඔයාව ගනීවි. (නි)
මෙයාගේ පින්තූරෙන්ම පේනවා මෙයා ඒ රැකියාවට සුදුසුයි කියලා. (නි)
මෙහෙත් ඉතින් එහෙමනේ (නි)