(රෝෂන් තුෂාර)
යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක විත්තිකරුට විදුලි සන්දේශ නියාමක කොමිෂන් පනත ප්‍රකාරව සිතාසි භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (29) නියෝග කළේය.
විතාරණගේ තුෂාර සාලිය රණවක විත්තිකරු අද දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.
වග උත්තරකරුට ඊමේල් පණිවිඩ මගින් යැවූ සිතාසිය ලැබී ඇති බවට ඔහු දැක්වූ ප්‍රතිචාර මගින් පෙනී යන බවත්, පිස්කෙල්වරයා මගින් සිතාසි භාරදීමට නොහැකි වී ඇති බැවින් යලිත් සිතා සිය යොමු කරන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.
යුද හමුදාපතිවරයා පසුගිය 15 වැනි දින මෙම නඩුව පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපහාසාත්මක කරුණු ඇතුළත් වීඩියෝ ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජාලයට උඩුගත කිරීම
,බෙදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත තහනම් ආඥාවක් විත්තිකරුට එරෙහිව නිකුත් කරමින් අද දින අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙසට නියෝග කර තිබිණි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවකට සිතාසි
රංබොඩ Wednesday, 29 May 2024 07:31 PM
එන්ජිඕ වලින් සල්ලි අරගෙන රටටත් රටේ විවිධ චරිත වලටත් ගරහන මෙවැනි.මිනිසුන් ට දඬුවම් තිබිය යුතුයි .තව ගොඩක් ඉන්නවා
සෙනෙවිරත්න Wednesday, 29 May 2024 08:38 PM
ඔන්න වල්ග පාගගන්න අයට මුලින්ම කිව්ව, මේ කියන අය මාලිමාවෙ අය නොවෙයි.හමුදාපති කොහොමද දන්නෙ නැහැ.
Chandana Thursday, 30 May 2024 12:44 PM
සෙනවිරත්න කියන්නේ කලින්ම මාලිමාවේ නොවෙයි කියලා.කොහොමද ඒක ?පුහුල් හොරා කරෙන් දැනෙයි කිව්වලු