IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සමාජ විරෝධි කි‍්‍රයා : මානසික විකෘතිතා නිසාද?

ශ්‍රී ලංකා වෘත්තීය මනෝ උපදේශකයන්ගේ සංගමය සභාපති, ශ්‍රී ලංකා වෘත්තීය මෝහනවේදීන්ගේ සංගමයේ උප සභාපති, ලූතිනන් කර්නල් (විශ‍්‍රාමික ) වෛද්‍ය - නිමල් ආරියරත්න

අද පුවත්පත් හෝ රූපවාහිනී ප‍්‍රවෘත්ති බැලුවත් දකින්නට ලැබෙන්නේ හද කම්පා කරවන අපරාධකාරී දේවල් පිළීබඳ ප‍්‍රවෘත්තිය. මේ අතරින් කුඩා දරුවන් පැහැර ගැනීම් පිළිබඳ සිදුවීම නිසා මුළු සමාජයම සසල වී ගිය අයුරු පසුගිය දා අත් දුටුවෙමු. එකක් මනසින් වියැකී යන්නට මත්තෙන් තව එකක් වශයෙන් මතුවන මෙම සිදුවීම් වලට යම් අයුරකින් මනෝ විද්‍යාත්මක පසුබිමක් ඇත්දැයි සොයා බැලීම මේවා අවම කිරීමට ප‍්‍රයෝජනයක්වේ යැයි සිතමි.

මිනිසාගේ මනස ව්‍යාකූල වූ විට ඔහු කරන කියන සිතන දේ ඔහුගේ ප‍්‍රකෘති තත්ත්වයට එහා ගිය මානසික අප ගමනයට පත්වූ තත්ත්වයක පවතී. තමන්ගේ ආශාව හෝ අවශ්‍යතාව කෙසේ හෝ ඉටුකර ගන්නා ක‍්‍රමයක් ගැන සිතනු මිස එම ක‍්‍රියාවේ නීත්‍යනුකූලභාවය හෝ සදාචාරාත්මකභාවය හෝ එයින් තමන්ට අතිවිදින්නට සිදුවන අනිටු ඵලවිපාක ගැන හෝ ඒ මොහොතේ එම පුද්ගලයාට සිහිපත් නොවේ. ඇත්ත වශයෙන්ම එවැනි සිදුවීම් බොහෝවිට හැඟිම්වලට වහල්වීම නිසා කරන ඒවා බව පසුව කරන අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත. විවිධ හේතූ නිසා සමාජයටත් අන් අයටත් වෛර කරන තත්ත්වයට පත්වූ අයකු සිදුකරන දේ බොහෝවිට සමාජ විරෝධි නීතිවිරෝධී සදාචාර විරෝධී බව පෙනෙන්නට ඇත. පේ‍්‍රම සබඳතා බිදවැටීම බිරිද හෝ ස්වාමියා තමා හැරයෑම, බිරිද හෝ ස්වාමියා වෙනත් සබඳතා පැවැත්වීම, මාරාන්තික අසනීප වැළඳීම, සමාජයෙන් ප්‍රතික්ෂේපවීම හෝ කොන්වීම, උග‍්‍ර ආර්ථික ගැටලූ ,අධික ණය බර, රැකියාව අහිමිවීම, දරුවන් මව්පියන් වැනි තමා ඉතා ආදරය කරන අයකු හදිසියේ මියයෑම වැනි බරපතල තත්ත්වයට මුහුණ දෙන අයකු යම් කිසි මානසික අවපීඩනයකට ලක් වීමට ඉඩ ඇති අතර එම අවපීඩන තත්ත්වය යටතේ ඔහු හෝ ඇය කියන කරන දේ බොහෝවිට ඉහතින් සඳහන් කළ සමාජ විරෝධි ක‍්‍රියා බව නිරීක්‍ෂණය වී ඇත.

උදාහරණයක් ලෙස ගතහොත් පසු කලකදී වාර්තා වුණ වයස අවුරුදු තුනක පමණ දැරියක පැහැර ගෙන ගොස් රඳවා තබා ගත් සිද්ධිය පෙන්වා දිය හැක. එසේ කිරීමට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ ඔහු ඒ පැහැර ගැනීම කලේ ඇය හදා වඩාගෙන ලොකු මහත්වූ පසු විවාහ කර ගැනීමේ අදහසින් බවයි. අවුරුදු 35ක පමණ පුද්ගලයකු අවුරුදු තුනක පමණ දැරියක් තරුණ වියට පත්වීමට පසු විවාහ කර ගැනීමට සිතීම මොන තරම් තර්කානුකූල නොවන අඥාණ අදහසක්ද? සැබවින්ම එම කුඩා දැරිය විවාහ වන වයසට පත්වන විට මෙම පුද්ගලයා අවුරුදු 60ද ඉක්මවූ මහල්ලකු බවට පත්ව සිටිනු ඇත. එහෙත් විවිධ මානසික හේතු නිසා මනස විකෘති වී ඇති ඔහුට මෙය අවබෝධ නොවේ. එහි අනතුර ද ඔහු නොදකී.

ඉහත කී සිද්ධියේදී එම පුද්ගලයා එවන් තත්ත්වයකට පත්වූයේ කිනම් හේතුවක් නිසාද යන්න සොයා බැලීම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී හෝ සිදු නොවීමට සැලසුම් සකස් කිරීමේදී ප‍්‍රයෝජනවත් වනු ඇත. ඔහුගේ බිරිඳ ඔහු හැරදා ගොස් වෙනත් විවාහයක් කරගෙන සිටී. ඉන් පසු ඔහු සබඳකම් පැවැත්වූ පෙම්වතියන් කීපදෙනෙක්ම මොහුගේ විකෘති කාමාශා වලට බඳුන්වීම නිසා ඔහු හැරගොස් ඇත. ඉන්පසු ඔහුගෙන ආ සියලූ මංගල යෝජනා කිසිවකු පිළිනොගන්නා ලදී. එහෙත් අනිකුත් මිනිසුන්ට මෙන්ම ඔහුට ද ප‍්‍රකෘති හෝ විකෘති ලිංගික ආශාව ඇත. ඒවා සංතර්පනය කිරීමට ඔහු විවිධ උපක‍්‍රම සොයන්නට ඇත. යම් දිනෙක විවාහ වී දරුවන් ලැබ පවුල් ජීවිතයක් ගත කිරීමට අන් අයට මෙන් ඔහුට ද ආශාවක් තිබෙන්නට ඇත. එහෙත් සියලූම විරුද්ධ ලිංගිකයන්ගෙන් ප‍්‍රතික්‍ෂෙප වූ ඔහුට විවාහ වීමට තරුණියක සොයා ගැනිමට ඇති එකම ක‍්‍රමය ලෙස ඔහු දැක ඇත්තේ කුඩා අවදියේම දැරියක් හදා වඩාගෙන තරුණ වියට එළඹි පසු විවාහ කර ගැනීම බව පෙනී යයි. එහි ඇති නීති විරෝධි බව, සමාජ විරෝධි බව හෝ සදාචාරාත්මක නොවන බව දැවෙන කාම ආශාවෙන් පෙළෙන ඔහු දැක නැත. මෙම පුද්ගලයා මානසික රෝගියකු බවත් මීට පෙර මානසික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ගත් අයකු බවත් මෙහිදී අමතක නොකළ යුතුය.

මිනිසුන්ගේ මනස මෙතරම් පහත් මට්ටමකට පත්වන්නට හේතුව කුමක්ද? එවන් තත්ත්වයන්ට මිනිසුන් පත්වීම වළකා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

අඩුම තරමින් අ.පො.ස (සාමාන්‍ය පෙළ) දක්වාවත් සියලූ ළමයින්ට පාසල් අධ්‍යාපනය දෙන්නේ නම් මෙවන් තත්ත්වයකට ඔවුන් පත් නොවනු ඇත. සියලූ දරුවන් දහම් පාසැල් අධ්‍යාපනයට යොමු කරන්නේ නම් ඔවුන් බෙහෝ විට මෙවන් සමාජ විරෝධි දේ වලට යොමු නොවනු ඇත. සමහර සමාජ ජාල වෙබ් අඩවි මුහුණු පොත් අන්තර් ජාලයෙන් නිල් චිත‍්‍රපට නැරඹීම වැනි දේ වලට දරුවන්ට යොමු වීමට අවස්ථාව ලබා නොදීම මගින් ඔවුන්ගේ මනස විකෘති වීමෙන් වළකා ගත හැක.  නූතන දරුවන්ට පරිගණක තාක්‍ෂණය අවශ්‍ය වුවද ඔවුනට පෞද්ගලිකව නිදහසේ අන්තර් ජාලයේ සැරිසැරීමට ඉඩදීම සුදුසු නොවන බව අවධාරණයෙන් පෙන්වාදීමට කැමැත්තෙමි. පරිගණකය නිවසේ පොදු ස්ථානයක තැබීමෙන් මෙය පහසුවෙන් පාලනය කර ගත හැකිවනු ඇත. ලැප්ටොප් පරිගණක අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන නිසි වයසට එනතෙක් දරුවන්ට ලබා නොදිය යුතුය.

ඇසුර මේ සඳහා සුදුසු බව පෙන්වා දිය හැක. රූපවාහිනී නැරඹීම, එෆ් එම් නාලිකා වලට සවන්දීම සීමා කොට දරුවන්ට ආදර්ශමත් පොත්පත් කියවීමට හුරුපුරුදු කළ යුතුය. චරිත කථා හා ලෝකයේ ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ නිර්මාණ කියවීම පෞර්ෂයෙන් පිරි දරුවකු බිහිකර ගැනීමට මහෝපකාරී වෙයි. සෑම නගරයකම පුස්තකාල පිහිටුවා ඇති අතර ඒවා පරිහරණයට දරුවෝ යොමු කිරීමෙන් කිසි වියදමකින් තොරව මෙය ඉටුකර ගත හැකිය. ක‍්‍රීඩාවලට හා විනෝදාංශවලට දරුවන් යොමු කළ යුතුය. (පරිගණක ක‍්‍රීඩානෙවේ)  දරුවන් ඇසුරු කරන්නන් පිළබඳව විමසිල්ලෙන් සිටිය යුතු අතර කල්‍යාණ මිත‍්‍රයන් මිස පාප මිත‍්‍රයන් ඇසුරු කිරීමේ අවධානම දරුවන්ට අවබෝධ කරවිය යුතුය.

මේ සියල්ලටම වඩා වැදගත්කමකින් යුත් කරුණ නම් දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව නිසි අවධානයෙන් සිටීමයි. ඔවුන් කියන කරන දේවල් වල යම් කිසි අසාමාන්‍යතාවක් දුටුවහොත් වහාම මනෝ වෛද්‍යවරයකුට යොමුකොට උපදෙස් ලබා ගත යුතුය. මනෝ වෛද්‍යවරුන් නියම කරන ඖෂධ හිතුමතේ නවතා නොදමා වෛද්‍යවරයා නියමකරණ පරිදි නියම ප‍්‍රමාණයට වාර ගණන නිර්දේශිත මාස ගණන හෝ වසර ගණන තිස්සේම ලබා දිය යුතුය. අප සමාජයේ සියයට 15ක් පමණ විවිධ මානසික රෝග වලින් පෙළෙනන්න් සිටින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. නිරෝගීතාව ගැන සළකා බැලීමේදී ශාරීරික නිරෝගීතාවට වඩා මානසික නිරෝගීතාව වැදගත් බව කිසි විටක අමතක නොකරන්න. ඉහත කී කරුණු පිළිපැදීමෙන් සමාජ විරෝධි ක‍්‍රියා නොකරන යහපත් මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහිකර ගත හැකි බව නිසැකය.

 



අදහස් (0)

සමාජ විරෝධි කි‍්‍රයා : මානසික විකෘතිතා නිසාද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 18 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 154 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 331 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 325 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 636 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 558 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site