පන්තියේ කෑකෝ ගැසූ සිසුවකුට පාසල් මිදුලේ සියඹලා ගසක කොළ අහුලන්නැයි නියම කළ විදුහල්පතිට ඒ ළමයාගේ පියා වන සමෘද්ධි නිලධරයකු විසින් සිසුන් ඉදිරිපිටදී කනට පහර දී ඇතැයි හලාවත පොලිසියට පැමිණිලි කර ඇත.
හලාවත සවරාන මුස්ලිම් විදුහල්පති එස් එච් එම් ස්මයිල් (51) මහතා රෝහල් ගත වී සිටී.
එම සමෘද්ධි නිලධරයා මෑතදී සන්ධානයේ වයඹ අපේක්ෂකයකු සමග පාසලට පැමිණ ඡන්ද ප්‍රචාර කටයුතු කිරීමට සූදානම් වීම ගැන පොලිසියට හා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම මේ පහරදීමට හේතුව වන්නට ඇතැයි ඔහු කියා ඇත.
විදුහල්පති දඩුවම් දුන්නැයි කියමින් ළමයාගේ පියා ද පොලිසියට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි මහත්තයෝ, ගුරා හිටගෙන යමක් කරනවා නම් ගෝලයා දුව දුවා එම වැඩේ කරනවා! (නි)
ෆිනි, මමත් එහෙමය . (ස)
සමෘද්ධි නියාමකයා ගස් බඳින එක තමා හරි ,කෝ අපේ ඇමතිතුමා.ඔන්න ඉන්න ඕන වෙලාව ,කවුරුත් එතුමාට මොනවත් කියන එකක් නැහැ (ස)
පිටිගල අයියේ මොන රජතුමාද ඔය ප්‍රකාශය කරන්නේ?(නදී)
ගහන්න ඕන විදුහල්පතිලත් ඉන්නවා. පගා ගහන ළමයි දූෂණය කරන. කොළ ඇහිඳින්න කිවුවට ගහන එක ටිකක් හරි නෑ වගේ (ස)
එවන්නද ගස් බදින්න.(නදී)
ඔය පැත්තේ ඉන්න පුත්තලම් බූරුවෙක්.(නදී)
විදුහල්පතිගේ වැඩෙත් වැරදී වගේම සමෘද්ධි මනුස්සයාගේ වැඩෙත් වැරදී බැවි පෙන්නේ.ඔක්කොටම වැඩිය දේසපාලනය වැරැද්දට මුල වෙන්න පුළුවන් (ස)
පලා බබ්බුයි, සමෘද්ධි කාරයොයි අතරේ වෙනසක් නැහැ.දෙගොල්ලොම හොද අධ්‍යාපනයක් ලබපු නැති එකේ විපාක තමයි මේ. නගුලක් තිබ්බා නම් නියම බාන දෙපැත්තට ගැට ගහන්න.(නදී)
ප්‍රින්සිපල් වරද කලා කියමු ? එතකොට කවුද මේ පාන් විස්කොතුවට බලය දුන්නේ ප්‍රින්සිපල්ට ගහන්න ? එහෙම නම් මේ රටේ තියෙන පොලිසි , උසාවි ටික වහල දාළ මේ මීහරක්ටයි එල හරක්ටයි රට බාර දුන්නනම් ඉවරනේ ? අනේ ඇත්තටම ඩි.එස් .මහත්තය , බණ්ඩාරනායක මහත්තය , ඩඩ්ලි මහත්තයල හිටියනම් දෙකක් නැහැ බෙල්ලේ වැල් දාගන්නවා.(නදී)
මෙදා පුත්තලමෙන් නම් අර අහවල් ජීවීන් වර්ගය අඩු වෙයි. (නි)
වැඩි දවසක් යන්න කලින් සමෘදිකාරයා දරුවාගෙන් ගුටි කනවා.(නදී)
මේ බහුතරය කරන්නේ රට විනාශ කරන එක. පිස්සුද මන්දා පාසල අස්සේ ඡන්ද ප්‍රචාරක කටයුතු කරන්න යන්නේ? පාසල් යන ළමයින්ට කොහෙද ඡන්ද? (නි)
පාසල් ගිය අයට කොහෙද සමෘද්ධි නියමකකම්. පාසල් ගිය ඉගෙනගත් අයට තියෙන්නේ කුලී වැඩ. පාසල් ගිය නැති අයට තමයි තියෙන්නේ ලොකු දෙපාර්තමේන්තු වල ඉහළ තනතුරු. රට පාලනය කරන මන්ත්‍රී, ඇමති තනතුරු. ඒ නිසා පාසල් යාමෙන් වැඩක් නැහැ. ඡන්දෙ කාලෙට කගේ හරි පස්සෙන් යන්න. ඒ ඇති (නි)
සුබ අනාගතයක් ගැන සැකයක් තියාගන්න එපා. රටේ ජනතාව තව තවත් ඉල්ලන්නේ මේ ආස්චර්‍ය තමයි.(නදී)
මේවා පහළ සිට ඉහළට නොව ඉහළ සිට පහළට නිවැරදි විය යුතුයි (නි)
අපිත් පාසල් කාලයේදී ගුරුවරුන්ගෙන් හොඳට ගුටි කාලා තියෙනවා. අපේ දෙමුපියන්ට කියන්නත් බයයි. මොකද කිවුවම අයෙත් අපටම ගුටි කන්න වෙන නිසා දෙමුපියන්ගේනුත්. නමුත් දැන් දැන් තත්වය වෙනස් වෙලා (ස)
ලොකු ලොකු අය හිටගෙන කරනකොට පොඩි පොඩි උන් දුව දුව කරනවා කියන්නේ ඕකට තමා (නි)
වැඩිහරියක්ම ඔය වැඩ වෙන්නේ වයඹමයි නේද? (නි)
මෙහි සමෘධි නියාමකට වැරදි කියල හරි යන්නේ නැහැ. මේක දේශපාලකයන්ගේ වැරදි. මේ නියාමකට අනාගතයේදී රටේ ඉහලම තැනට යන්නම සුදුසුකම් නොඅඩුවම තියෙනවා. ඇත්තටම අපි ඉස්කෝලේ යන කලේ මෙහෙම දේවල් අසන්නට දකින්නට නොතිබීම වාසනාවක්. අපි කොහොම හරි ඉගෙනගෙන ජීවිතේ ගෙනිච්චා. නමුත් අපේ අනාගත දරු පරපුරට මෙවන් අසමජ්ජාති දේශපාලකයනුත් ඒවාට ආවඩන ජනතාවකුත් ඉන්න හැටි හිතනකොට ඇත්තටම අප්පිරියාවකුත් වේදනාවකුත් දැනෙනවා. ශ්‍රී ලක්වැසියන්ට සුබ අනාගතයක්!(නදී)
හැමෝගෙම ළමයි නෙවෙයි දේශපාලුවන්ගේ උන තියෙන ළමයි තමයි හැම පාසලේම ප්‍රශ්න හදන්නේ.(නදී)
කාල කන්නි අනාගතයකට දරුවන් යොමු කරන කාලකන්නි බුරු තාත්තල !!!! පාසල තුලින් දඩුවන් ලැබෙන්න ඕනි!! ගෙදරුනිත් වැරැද්දට දඩුවන් ලැබෙන්න ඕනි එවිටයි දරුවන් යහමග යන්නේ .....!(අ)
සමන්ත.. ඉන්දික ..හොද්ද උනත් හදිගැවොත් තමා රස ...අපි ඉගෙන ගත්ත කාලේ මෙහෙම තමා උනේ. වේවැල් කෝටු නාරං සියඹලා අතු කවිය තව පාරක් කියවල බැලුවා නම් තමා හොද. ගුරුවරයෙක් දඩුවම් කළහම සරම උස්සගෙන යන දෙමව්පියනුත් ඉන්නවා. ඒවාට උල්පන්දම් දෙන අයත් ඉන්නවා. කොළ අස්සේ ඉන්න සර්පයාට වඩා දරුවට දස්ඨ කලේ අර බුරු තාත්තා කියලා මතක තියා ගන්න.(නදී)
අපි පාසල් යන කාලේ .., අපි ගුරුවරුන්ට මොන තරම් ගරු කරනවද !!! මට මතකයි මගේ පන්තියේ යාළුවො කට්ටියක් විවේක වෙලාවේ අයිනේ තිබුණු වෙරළු ගහෙන් දළු කඩාගෙන කෑවා!! කොහොම හරි ප්‍රින්සිපල් දැකල වේවැලත් අරන් ඇවිත් හැමෝම පෝලිමට තියල වේවැල් කසාය දුන්න පෝලිමේ අන්තිමට හිටියේ මම හැබැයි මම කන්නේ නැහැ ඒවා ඇබුල නිසා මගේ ලගට ප්‍රින්සිපල් එනකොටම මන් කිව කෑවේ නැහැ කියල කට අරින්න කියල බැලුව කටේ වෙරළු දළු කෑලි නැහැනේ එක නිසා මන් බේරුනා ඒත්'' එකක්'' ගැහුවා එතන හිටිය කියා ගෙදර ගිහින් අම්මට විස්තරේ කිවම අම්ම කිව හොද වැඩේ මන් හිටියා නම් තව එකක් ගස්සනවා කියල මෙන්න එකට දැන් ඉන්න දෙමව්පියෝ (සමාවෙන්න දුප්පත් දෙමව් පියෝ නෙමෙයි )දේස පාලු තාත්තලා තමයි බුරු වැඩ කරන්නේ (අ)
උපාලි කියන කතාව සම්පුර්ණ ඇත්ත. හරකාගේ හැටියට තමා ගොපල්ලා (නි)
මගේ පාසලෙත් ඔහොම දෙයක් මීට අවුරුදු 8 කට කලින් වුණා. දරුවා පාසලේ හොරෙන් පොල් කඩලා හවස් වරුවෙ,විදුහල්පතිතුමා පසුදින ඒකට දඩුවම් කළා කියලා මැරෙයාත් එක්ක ඇවිත් විදුහල්පතිතුමාට ගහලා ඔහුගෙන් ඒකට මැර බලයෙන් වන්දිත් ගත්තා.(උසාවි ගිහින් නොවේ).ඊට වසර 5කට පමණ පසු ඒ පුතා තාත්තට ගහලා තමයි සල්ලි ඉල්ලා ගන්නෙ. අදටත් තාත්තා පුතාට බයයි.පුතා තාත්තගෙන් කප්පම් ගන්නවා. දැන් අවුරුදු 2කට විතර කලින් ඒ තාත්තා එදා ගහපු ප්‍රින්සිපල් ගාව වැද වැටිලා සමාව ගත්තා. මෙහෙම ගිෙයාත් අනාගත ලංකාව.........?? (නි)
දිසානායක ඔයාගේ ළමයට ඔය දේ වෙලා පත්තෑයෙක් කාලා මොනවහරි වුණා නම් ඔයා ඔයා කවිය කියා කියා ඉන්නවද? නරක වෙලාවට පත්තෑයාගේ විසත් නයාගේ විස වගේ. සමෘද්ධි නියාමකතුමනි, ඔබට දෙමව්පියන්ගේත් ජාතියේත් උපහාරය (නි)
ළමයා තනියෙන් අව්වේ සියඹලා ගස් යට කොළ අහුලන්න ගිහිල්ලා ළමයට මොනවා හරි වුණා නම් එතකොට ගිහිල්ලා බොරුවට උද්ගෝෂණය කරන්නේ නැතුව මුළු ලංකාවටම මේ සමෘද්ධි නියාමකවරයා දීපු ආදර්ශය නරකද.අද මේ දරුවට වූ දේ හෙට ඔබේ ළමයට වෙන්න පුළුවන්. (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ!විදුහල්පතිතුමාට තිබුනේ ඇස් පියාගෙන ඉන්නනෙ. අනුන්ගේ දරුවෝ හදන්න යනවට හොඳ වැඩේ (නි)
ඒ කියන්නේ දැන් පාසලේදි ළමයෙක්ට දඩුවම් කරන්න ගුරුවරයෙකුට බැහැ කියන එකද? ඒකත් හොදයි. ඉස්සර නම් පන්තියේ උගන්නන එකක් වැරදුනත් අපට නම් පොඩි හරි දඩුවමක් දෙනවා. දැන් ඒකත් බැහැ කියන්නේ ළමයි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි. ගුරුවරුන්ට තියෙන්නේ ගිරව් වගේ සිලබස් එක උගන්නන්න. ඒකෙන් හැබැයි වැඩිම පාඩුව වෙන්නේ නම් දේශපාලන හෙන්චයියන්ට. මොකද ඔවුන්ට මොළයක් නැහැනේ ගෙරදිවත් ළමයින්ට උගන්නන්න. (නි)
සමෘද්ධි නිලධාරීන්ට අසීමිත බලතල තියෙනවා. පලාබබාලට වගේ. විදුහල්පති තමන්ම කනට ගහ ගත්තා කියන්න නූනොත් .......? (නි)
මා පාසල් ගිය කාලයේ සිදුවූ සිද්ධීන් දෙකක් පිළිබදවයි මේ කියන්නට යන්නේ.මා පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලකටය. එක අවුරුද්දක මාගේ පන්ති බාර ගුරුවරිය වුවේද මාගේ මවමය.[ඇයද එම පාසලේම ගුරුවරියකි] පළමු සිද්ධිය සිසුන් 40 ඉදිරියේ ඇය මා හට වේවැල් පහර දිමය . මා කළ වරද වුයේ ඇය ඊට පෙර දින කිරීමට දුන් ගෙදර වැඩ නොකිරීමය.දෙවෙනි සිද්ධිය වුයේ ඊට අවුරුද්දකට පමණ පසුවය. ළමුන් 2000 ඉදිරියේ විදුහල්පති තුමාගෙන් වේවැල් පහර කෑමට සිදු විය. එවර මා කළ වරද වුයේ පාසල් බස් රථයේ පාපුවරුවේ [මාගේ අනිත් සගයන්ද සමග ] ගමන් කිරීමය. හොදම කතාව වන්නේ ඒ බව විදුහල්පතිතුමාට දැනුම් දුන්නේ මාගේ මවය. මවගේ අදහස වුයේ මා කළ වරදට මා දඩුවම් ලැබිය යුතු බවය.එකල බස්රථයේ පාපුරුවේ ගමන් කිරීමද විශාල වරදකි. මෙයින් මා කීමට අදහස් කරන්නේ අපගේ දෙමාපියන්,අපව සමාජයේ යහපත් පුරවැසියන් කිරීමට මොන තරම් දේවල් කළාද කියාය. මේ සමෘද්ධි පියා හා මාගේ මව අතර ඇති වෙනස අහසට පොලව මෙනි. (නි)
තවත්, වයඹ ඡන්ද ප්‍රතිඵපලයක් (ස)
ඔතන පැත්තෑයෙක් ඉඳලා කෑවා නම්. සමෘද්ධි නියමකට දෙමව්පියන්ගේ උපහාරය.. (ස)
සියඹලා කොළයක් යට පොළඟෙක් හිටියනං නේද සමන්ත !!!! (ස)
හුටා.... දණ ගස්සපු නාඩගමේ දෙවන කොටස? (ස)
සමෘද්ධි නියාමක කල දේ හරියි කියන අයත් මෙතන ඉන්නවා එහෙනම්, ඇ? කියමනක් තියෙනවා "රටකට ලැබෙන්නේ ඒ රටේ මිනිස්සුන්ට සුදුසු ආණ්ඩුවකි" කියලා. සමන්තගේ, සිරිපාලගේ එහෙම අදහස් බලනකොට මේ කියමන කොයිතරම් සත්‍යද කියලා හිතෙනවා. (ස)
පුදුම දෙමාපියන් තමන්ගේ දරුවන්ට දෙන ආදර්ශය මේකද? තමන්ගේ චන්ඩිකම් බල පුළුවන්කාරකම් දරුවන් ඉදිරියේ දරුවන්ගේ ගුරුවරුන්ට පෙන්නන්න යන්නේ. මන්ත්‍රීවරයෙක් ගුරුවරියක් දණ ගැස්සුවා. මෙම අයගේ උගත්කම සදාචාරය මොකද්ද. මෙයා අර දේශපාලකයාගේ හයිය අරන් දැන්ම වැඩ පෙන්නන්න යන්න ඇති. (ස)
වේවැල් කෝටු නාරං සියඹලා අතු. කිතුල් පොල් ඉරටු වල් කසබිලිය අතු. මෙවැනි ඉපල් මගේ දෑසට නො පෑ යතු. පමානොවී යමි අකුරට මෙයින් මතු. ඒ ඉස්සර, දැන් ගුරුවරුන්ට ළමයි හදන්න දෙන්නේ නෑ. (ස)
ඉන්දික, සියඹලා කොලේ යට පොළඟෙක් හිටියා නම් තමා වැඩේ නේද!!! (ස)
මේ පියා හොද ආදර්ශයක්. ලොකු වුනාම තාත්ත කළ දේ නෙකෙලොත් නොට්ටුගේ පුතා වෙනවා.(නදී)
ඔය කියන නිලධාරියා කාගේ..හයියක් අරන්ද? කාගේ ආදර්ශයක් අරන්ද ඔය වගේ වැඩ කරන්නේ? ඔය වගේ දෙමවුපියන්ගෙන් යහපත් දරුවෙක් සමාජයට ලැබෙයි කියලා විශ්වාස කරන්නේ කොහොමද? අප්පා කල දේ නොකලොත් ඌ නොට්ටිගේ පුතා කියලා......අනාගතේදී දවසක ඒ පුතා ඊට වඩා දෙයක් කරයි...මොකද තාත්තා ළමයට ආදර්ශයක් දීලනේ තියෙන්නේ... නැද්ද මම කියන්නේ? (ස)
ඉස්කෝලය යනු අකුරු කිරීමම පමණක් නොවේ. ළමයින්ගේ හැදියාව හික්මීම පවා හුරුකර සමාජ ගත කල යුතු ස්ථානයකි. මේ සමෘද්ධි නිලධාරියා ඉස්කෝලේ නොයන්න ඇති. (ස)
අනේ අහිංසක දරු පැටියා කාගේ උනත් දරුවෙක්නේ. ඔය වගේ ගුරුවරුන්ට ඔහොම වෙලා මදි. (ස)
දඩුවමක් සදාරණීය කරන මිනිස්සු ඉන්න කල් සදාචාර සමාජයක් ගොඩ නගන්න බැහැ.(නදී)
අනේ අනේ ප්‍රින්සිපල් හරි කියන අයත් මේ රටේ ඉන්නවා එහෙනම්. තමුන්ගේ ළමයව මේ වගේ යවලා සර්පයෙක් කෑව නම් බලන්න තිබුනා වැඩේ.(නදී)
අනේ තවත් විජේ කෙනෙක් ඉන්නවනේ. මම නම් නෙමෙයි. අපි විජේ 1 , විජේ 2 කියලා කියමු. ආ මම කියන්න හැදුවේ ඔන්න ගස් බඳිනවා නම් සමෘද්ධි නියාමක කෙනෙක් ඉන්නවා කියලයි. (ස)
මේ විදිහට දේශපාලඥයෝ ඉස්කෝල වලට ඇඟිලි ගැහැවුවොත් අපේ දරුවොත් උන් වගේම හැදෙයි විතරක් නෙමෙයි රටේ අනාගත පරපුර කිසිම වැඩිහිටියන්ට සහ ගුරුවරුන්ට ගරුසරු නැති පිරිසක් වෙයි. අපි ළමයි පාසල් වලට යවන්නේ ඉගෙනීම් කටයුතු වලට පමණක් නෙමෙයි. දරුවෝ වැඩිහිටියන්ට ගරුකිරීම සහ අනෙකුත් ගුණධර්ම ඉගෙන ගන්නේ මුලිකවම පාසලෙන්. දෙමව්පියෝ වන අපි අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලට යාමෙන් දරුවන්ට වැරදි ආදර්ශයක් දෙන්නේ. හෙට මේ දරුවා තමන්ගේ තාත්තට අත ඉස්සුවොත් ඒ එම තාත්තගේ ආදර්ශය නිසාම පමණයි. මදාවියෝ, රස්තියාදු කාරයෝ, මැරවරයෝ රටට දායාද කරන්නේ මෙවැනි අයයි. (ස)
එතන සර්පයෙක් ඉදලා ළමයව කෑවා නම් විදුහල්පති වග කියනවද? (නි)
දරුවන්ට ගුරුවරු දඩුවම් දෙන්නේ තරහින් නෙවෙයි. යහපත් දරුවෙක් හදන්න. දෙමව්පියෝ තමන්ගේ බලය දරුවෝ ඉදිරියේ ඔහොම පෙන්නුවොත් අනාගත දරු පරපුරම නොමඟ යනවා. අන්තිමට දරුවෝ දෙමුපියන්ගේ කනට ගහන කාලෙත් දුර නෙවෙයි. මීට වඩා දෙමව්පියෝ කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් අයට කරදරයක් නොවෙන්න ළමයා හදන්න ගෙදරිනුත් මීට වඩා උදව් ඕනේ නේද ?? (ස)
ගුරුවරයෙකුට ගැසීම මම කිසිවිටක අනුමත කරන්නේ නැහැ. නමුත් මෙතන තව කතාවක් තියනවා.මීට පෙර මේ ශිෂ්‍යාගේ පියා සමඟ ආරවුලක් තිබිලා තිබෙනවා.එයට පළිගැනීමකට විදුහල්පති දරුවාට දඬුවම් කලාද දන්නේ නැහැනේ?? (ස)
තව පෝලිමේ ගිහිල්ලා දෙන්ඩ, සුබ අනාගතයක්. අපිට ඕන මේ වගේ දේෂපාලකයින් වයඹ පළාත් සභාවට අරින්න. (ස)
නවගත්තේගම පාර්ට් 2.......... දැන් තිරගත වේ!!! (ස)
දරුවන්ට ගුරුවරු දඩුවම් දෙන්නේ තරහින් නෙවෙයි. (ස)
සියඹලා කොළ තේක්ක කොළ වගේ ලොකු නැහැ.නිකරුනේ දණ ගහගෙන ඉන්නවට වඩා මේක හොඳ නැද්ද? (ස)
ප්‍රීතියි...ප්‍රීතියි...සමෘද්ධි නියාමක තොප 'ප්‍රාදේශීය සභාවට' යාමට සුදුසුකම් සපුරා ඇති බැවින් අදම මම තොපට 'නොමිනේෂන්' දෙමි. (ස)
උපාලි, මම ඔබ සමග 100% එකග වෙනවා, මේ හැම දේම වෙන්නේ අපේ ම්නිස්සුන්ගේ වරදින්, අපි දන්නේ නර තාමත් අපේ රටට ඕන මොනවගේ පාලකයෝද කියල, පාලකයනට තාමත් ඡන්දයක් කිට්ටුවෙනකොට අපේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න පුළුවන්, අපේ ශක්ෂර තාවය තිබුනත්, අපේ මිනිසුන්ගේ බුද්දිය තාමත් ඉතා පහල මට්ටමක තියෙන්නේ, ඒවා හොදට පේනවා, මේකේ සමහර ප්‍රතිචාර දැක්කහම. අපේ මිනිස්සු තමන්ගේ බඩ ගැන හිතන්නේ නැතුව, ටිකක් හරි රට ගැන හිතල, බුද්දීමත්ව රටට ගැලපෙන යට චන්දේය දීල පත් කරගන්නකම් වෙවගේ ප්‍රවෘත්ති අපිට අහන්න වෙනවා. එත් කවද අපේ මෙනිස්සු මේ දෙසපලයන්ගේ උප්පරවැට්ටි හරියට තේරුම් ගනියිද. ඒක තේරුම් ගන්න කොට අපිට රටක් ඉතුවෙලා තියේයිද (අ)
නීතියක් රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ.සුබ අනාගතයක්. (ස)
විදුහල්පතිවරුන්ට කර්නල් පට්ටම දීලා මදි. හොඳ පුහුණුවකුත් අවශ්‍යයි.(නදී)
අපිත් පාසල් යන දවස් වල ඔය වගේ දඩුවම් වින්ඳා. හොඳට ගුටිත් කෑවා විදුහල්පතිගෙන් වැරදි වැඩ කරලා. ඒක නිසා අද අපිට හරි වැරැද්ද තේරෙනවා. සමාජයේ හොඳ තැනකට යන්න අවස්තාව උද වෙලා තියනවා.............දැන් ඉන්න දෙමාපියන් පාසල් ගියද කියලා හොයලා බැලුවා නම් හරි .... (ස)
පළාත් සභා අංක දෙක පුලුල් තිරයේ දිග හැරෙන වගයි.(නදී)
සමස්ථ සමාජයම විනාශයි. ගුරු ගෞරවය විතරක් නෙවෙයි මවට පියාටවත් දැන් කෝ ගෞරවයක් සැලකිල්ලක්. ගුරු සේවයේ ඉන්න කිහිප දෙනෙක් නිසා ගුරුවරයා නැතිම වෙලා.(නදී)
නියමයි! ඡන්දේ ඉල්ලුවා නම් උඩින්ම දිනනවා. මූලික සුදුසුකම් සම්පුර්ණ කර අවසානයි.(නදී)