IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සම්පත් ජයවීරගේ අධ්‍යක්ෂණයෙන් කරලියට එන ජෝඩු ජෝඩු

2016-08-16-ent-85

සම්පත් චාමින්ද ජයවීර නළුවෙකු ලෙසින් වේදිකාවේද, ටෙලි වෘත්තාන්තවලද, සිනමාවේද එක සමාන හැකියාවන් පෙන්වූ සහ ජනාදරයක් දිනාගත් නළුවෙකි. දශක එකහමාරක පමණ සිය වේදික නිර්මාණ පරිචය මැනවින් විදහා දක්වමින් වේදිකා නාට්‍ය රංගනයේ යෙදෙන ඔහු සිය මංගල වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට අතගැසීමේ සූදානමින් පසුවෙනවා. ඒ ජෝඩු ජෝඩු නාට්‍යය සමගින් එළැඹෙන 23 සහ 24 දෙදින කොළඹ ලයනල් වෙන්ට්ඩ් රහලේදීයි. මේ ඔහු තරුණයා සමග ඒ සම්බන්ධයෙන් දැක්ව අදහස්.

 

ජෝඩු ජෝඩු

2016-08-16-ent-87ඔවු මේ මගේ මුල්ම නාට්‍ය අධ්‍යක්ෂණය. මේක කාලෙක ඉඳන් හිතපු දෙයක්. අතරින් පතර දැනට විකාශය වන ටෙලි නාට්‍යවල රංගනයෙන් එක්වුනත් මේ දිනවල දැඩිව කාර්යබහුලව සිටින්නේත් මේ නාට්‍යෙය්යි.

නාට්‍යෙය් නළු නිළි කැල වෙන්නේ ජනක කුඹුකගේ, දමිතා අබේරත්න, චමිලා පීරිස්, සමාධි ලක්සිරි, මම සහ හේමන්ත ප්‍රසාද්. මෙහි අනුවර්ථනය හේමන්ත ප්‍රසාද්ගේ. මාක් කැමලට්ගේ Don’t dress for dinner තමයි මෙහි මුල් කෘතිය වෙන්නේ. නාට්‍යෙය් සංගීතයෙන් චතුර රාජපක්ෂ, වේදිකා පරිපාලනයෙන් අරුණ ජයසේන, ඇඳුම් නිර්මාණය නිලූකා වනිගරත්න, වේෂ නිරූපණය වසන්ති පූර්ණවංශ සහ නිෂ්පාදනයෙන් ප්‍රවීන් කුලසිංහ දායක වුනා. මෙය සරළ ප්‍රහසනාත්මක නාට්‍යයක්.

 

මංගල දර්ශනය

නාට්‍යෙය් මංල දර්ශනය තියෙන්නේ අගෝස්තු 23 සහ 24 දෙදින කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේදියි. ටිකට්ස් සදීපා බොරැල්ල, සරසවි නුගේගොඩ සහ ලයනල් වෙන්ට්ඩ් රඟහලෙන්.

 

අධ්‍යක්ෂණයට අතගැසීම

මෙහි මුලි රචකයා කොහොමත් ප්‍රහසන ආකාරයේ නාට්‍ය කරණයේ යෙදුනු අයෙක්. මොහු ප්‍රකට රේ කූනිගේ සමකාලීනයෙක්. මගේ පළවෙනි අධ්‍යක්ෂණය විදියට මෙවැන්නක් තෝරාගන්නට හේතුවක් තිබුනා. මුලින්ම මම නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට ඕන කියන තැනට ආවෙ කලක සිටන්මයි. මම හොද පිටපතක් හොය හොය හිටියා. මට මුලින්ම ඕන වුනා ටිකක සරළ විනෝදාත්මක නාට්‍යයක් කරන්නට. එයින් වැඩි වශයෙන් ජනතාව අතරට යන්නට පුළුවන්. මොකද බරසාර දේශපාලනයක් සාකච්ඡා කරන අති දැවැන්ත පසුතළ තියෙන නාට්‍යයකට වඩා සරළ නාට්‍යයක යන්නට මට අවශ්‍යතාවයක් තිබුනා.

 

ප්‍රවීණයන් කණ්ඩායමක්

මෙහිදී චමිලා, සමාධි සහ හේමන්ත කියන්නෙ මම නිතර ඇසුරු කරන වැඩ කරන මිත්‍රයෝ. එතකොට ඒ ගොල්ලො එක්ක වැඩ කරන කොට තියෙන පහසුව, ඒ ගොල්ලො තුළ තියෙන විනය සහ එකිනෙකා කෙරෙහි තියෙන සහයෝගය ගැන මම දන්නවා. ජනක කුඹුකගේ කියන්නෙ අපිට වඩා ප්‍රවීණයෙක්. ජනක කුඹුකගේ ගැන මම දැණගෙන හිටියෙත් විනයක් ඇතුව වැඩ කරන, වේදිකා නාට්‍යයක වගකීම දන්නා, එහි බැරෑරුම් කම දන්නා විනයක් ඇති කෙනෙක්. ඔහු වෙලාවට වැඩ කරන කෙනෙක්. එනිසායි ඔවුන්ව සම්බන්ධ කරගත්තේ. චරිතයට ඇති ගැලපීමත් මම හැමදෙනා තුළින්ම බැලුවා. දමිතා අබේරත්න මට නිතරම කිය කිය හිටියා එයාට වේදිකා නාට්‍යයක් කරන්නට ආසා බව. අපි කරන නාට්‍යයකට ඇයව සම්බන්ධ කරගන්නා ලෙස ඇය කලක් සිටම කියා සිටියා. එහෙමයි දමිතා සම්බන්ධ වෙන්නේ. එනිසා ඇයට මේ වෙනුවෙන් කාලය තියෙනවාද කියලා බලලා ඇයවත් සම්බන්ධ කරගත්තා. එහෙමයි මම මේ කණ්ඩායම හදාගත්තේ.

 

විනයෙහි ඇති වැදගත්කම

විනය කිවුවම හිතෙන්නේ නිකං වැඩ කරන කොට නරක වචන කියන්න හොඳ නැහැ, පන්සිල් රැකගෙන ඉන්න ඕන වගේ හැඟීමක්. ඒත් මේ කියන්නෙ ඒ ගැන නෙමෙයි. මේ කියන්නෙ, අපි හැමෝම කාර්යබහුලයි. අපේ පැය විසිහතරක කාලයෙන් පැය හතරක් පහක් තමයි අපි නාට්‍ය පුහුණුවට යොදාගන්නේ. මම හිතනවා ඒ සම්පූර්ණ පැය හතරක පහක කාලය අපි නාට්‍යයට කැපකළ යුතුයි කියල. වෙලාවට එන්න ඕන. එය වගකීමක් කියන අවබෝධයේ සිටින පිරිසක් සමග වැඩකරන්න ඕන. එය වේදිකාවට වගේම සිනමාවටත්, ටෙලි විෂනයටත් පොදුයි. ඒ ගැනයි විනයෙන් කියවෙන්නේ. මම එයයි අදහස් කළේ. ප්‍රවීනයෝ පිරිසක් එක්ක වැඩ කරන එකනං ඒ කාරණාවට ලොකු පහසුවක් වුනා.

 

විමසීම් - 0777 302 828

 

රචින්ත ජයවර්ධන

 

2016-08-16-ent-86
2016-08-16-ent-88



අදහස් (0)

සම්පත් ජයවීරගේ අධ්‍යක්ෂණයෙන් කරලියට එන ජෝඩු ජෝඩු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 83 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1330 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 950 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 537 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 359 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1314 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site