IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සාම්පූර් වැසියෝ තවත් යුද්ධයකට මැදිවෙති

යුද්ධයට පෙර ලස්සන ගමක් වූ ත්‍රිකුණාමලයේ මුතූර්හි සාම්පූර් දැන් බෙහෙවින් අවලස්සන වී ඇත. එදා නිල්ල සමඟ තුරු වියනක් වූ සාම්පූර් අද කාන්තාරයක ලකුණු පෙන්වයි. මුහුදෙන් ලැබෙන සුළඟ හැරුණු විට සැනසීමට වෙනත් දෙයක් සාම්පූර් වැසියනට නැති තරම්ය.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 30ක් පමණ ගිණිකොනින් පිහිටි මේ ගමේ යළි පදිංචියට ආ සියලු දෙනාගේ හදවත් ද ගිනි ගොඩකි. කාලයක් ඔවුහු තිස් අවුරුදු යුද්ධය නිසා බැට කෑහ. යුද්ධය නිසා ගම්බිම් ගෙවල් දොරවල් අත්හැර අනාත කඳවුරුවල දිවි ගෙවූහ.    නැවතත් ඔවුන් තම ගම් බිම්වලට පැමිණ  ගත වී ඇත්තේ කෙටි කාලයකි. දැන් ඔවුන් යළි කුකුසකින් සිටිනුයේ ඉදිකිරීමට යතියි කියන සාම්පූර් තාප බලාගාරය නිසාය.

IMG_4622ගම්මානයෙන් ජීවත් වූවෝ දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් ධනයෙන් ගෙවල් දොරවල් හදාගෙන හොඳින් ජීවත් වූහ. ඒ 2006 වසර වන තෙක් පමණි.  

‘‘සාම්පූර් කියන්නේ පැරණි ගමක්. 2006 අප්‍රේල්   සාම්පූර්වලට ප්‍රහාරක් එල්ල වුණා. ඒ සමගම සාම්පූර් වැසියන් ඉවත් කර අනාත කඳවුරුවල පදිංචි කළා.  ගෙවල් දොරවල් බිමට සමතලා කරමින් ඩෝසර් කළා. මෑතකදි ඉඩම් කොටසක් පමණක් නිදහස් කර මිනිසුන්ට පදිංචි වෙන්න කිව්වා. රස්සාවල් නැතිව අතේ සල්ලි නැතිව සිටි මිනිසුන්ට නැවත ගෙවල් හදන්න වත්කමක් නෑ. බොහෝ දෙනෙක් යන්තම් පැලක් අටවගෙන ඉන්නවා. ආණ්ඩුවෙන් සල්ලි දුන්නෙත් නෑ.‘‘ යැයි සාම්පූර් පදිංචිකරුවකු වන රාමලිංගම් නාගේෂ්වරන් මහතා කීවේය. ඔහු කලක් මූතූර් ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස ද කටයුතු කළේය. IMG_4568

යුද්ධ නිසා ප්‍රදේශයෙන් ඉවත් කර සරණාගත කඳවුරුවල දිවි ගෙවූ පවුල් 234ක් නැවත පදිංචි කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය වෙබ් අඩවියේ සඳහන්ය.  තවත් පවුල් තුන්සියයක් පමණ පදංචි කිරීමට ද නියමිතව ඇත. කිලිවට්ටි, මනච්චේනෙයි, කට්ටපරිච්චාන්, තෝපූරු පාලත්තඩිචේනෙයි සරණාගත කඳවුරුවල ඔවුහු ජීවත් වෙති.

නැවත පදිංචිකළ ගම්වැසියන් යන  එන ප්‍රධාන ආගමික ස්ථානය සාම්පූර් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලයි.

කෝවිලේ කලමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර් පද්මනාදන් (66)  මහතා ය.

‘වසර 15ක පමණ සිට මම කෝවිලේ සේවය කරනවා. 2006 වන තුරු ගමේ  මිනිසුන් පදිංචි වී හිටියා. 2006 ඉවත් කළ පසු දැන් පවුල් කිහිපයක් පමණක් නැවත පදිංචි කර තිබෙනවා. යුද සමයේ බෝම්බයක් වැදී කෝවිලේ ගොඩ නැගිල්ලක් කැඩුණා. මේ කෝවිලේ වසර 600ක් පමණ පැරණි රුක්අත්තන ගසක් තිබෙනවා. කෝවිලට බෝම්බ වැටුණු අවස්ථාවේ ඉපැරිණි රුක්අත්තන ගසට කිසිම හානියක් වුණේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනපති මේ ස්ථානයට ඇවිත් බලා රුපියල් ලක්ෂ 50ක් වෙන් කළා කෝවිල හදන්න.

IMG_4496මේ ප්‍රදේශයේ තිබෙන පැරණිම කෝවිල මෙයයි. හාස්කම් ගොඩක් තිබෙනවා. රුක්අත්තන ගසට පඬුරක් ගැට ගසා බාරයක් වුණොත් එය ඉටු වන බවට ප්‍රබල මතයත් තිබෙනවා. නාවික හමුදා කඳවුරේ ප්‍රධානියෙක් උසස්වීමක් පතා බාරයක් ගැට ගසා එය හරි ගියා. අපට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය කෝවිලට එන්න පාරක් නැතිවීමයි.‘‘ යි පද්මනාදන් මහතා කීවේය.

කෝවිලට ඒමට තිබු ප්‍රධාන මාර්ගය නාවික හමුදාවට පවරාගෙන ඇති බවත්, එය නිදහස් කරන බව කිහිප වරක් කීවද තවම නිදහස් නොකළ බවත්, මේ නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදු වන බවත් භද්‍රකාලී අම්මාන් කෝවිලේ ඉදිකිරිම් කටයුතු භාරව සිටින කොන්ත්‍රාත්කරු කේ උබසීලන් සඳහන් කළේය.

‘කෝවිලට එන මාර්ගය නාවික හමුදාව පවරගෙන. ඒ පාර අතර මැදින් වහලා. දැන් අපි යන්නේ එන්නේ මිනිස්සුන්ගේ වතු මැදින්. කෝවිල හදන්න භාණ්ඩ ප්‍රවාහනය කරන්න හරිම හමාරුයි. මේ නිසා අපි ලොකු අපහසුතාවකට පත් වෙනවා. පාර නැවත දෙනවා කිව්වාට දුන්නෙත් නෑ. බස් රථ පවා ගිය ප්‍රධාන පාර දැන් නාවික හමුදා කඳවුර බාරයේ තිබෙන්නේ. මාර්ගය නැති නිසා බස් රථය යන්නෙත් අතරමගට පමණයි. තාර දමා සකස් කර තිබු හොඳ මාර්ගයක් තමයි දැන් නාවික හමුදා කඳවුරට අයත් වෙලා තිබෙන්නේ. මේ නිසා දේවස්ථානයට එන පිරිස් විශාල ගැටළුවකට මුහුණ දෙනවා.‘‘ යැයි උබසීලන් සඳහන් කළේය.

IMG_4504උතුර, දකුණ, නැගෙනහිර ආදී සියලු පැතිවල පිරිස් ආරක්ෂාව පතති. සෑම අවස්ථාවකම මුල් තැන දෙන්නේ ආරක්ෂාවටය. ආරක්ෂාව නැති නම් ඉන් එහා ජීවිතයක් නැත. සාම්පූර්ණ ආරක්ෂාව ගැන මෑතකදී විශාල ගැටළුවක් ආවේ සය හැවිරිදි පාසල් සිසුවකු ගලක බැඳ ළිඳකට දමා මරා දැමීමේ සිදුවීමෙන් පසුය. ඒ සිද්ධියට සැකපිට 15 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත්තේය. මිය ගිය සිසුවාගේ පියා කුගදාස් (45) ය. ඔහු ගොවියෙකි.

 ‘‘මම ගොවිතැන් රස්සාව කරන්නේ. සඳුදා (25) දවල් මම කුඹුරට ගියා. ලොකු පුතත් කුඹුරට ගිහින් තිබුණේ. බිරිඳයි පොඩි පුතයි (06) ගෙදර හිටියා. හවස මා එද්දි පොඩි එක්කෙනා නෑ කියලා හොයනවා. මාත් හැමතැනම හෙව්වා. වටේම තියෙන ළිංවල බැලුවා. ඒත් හමු වුණේ නෑ. රෑ කෑම්ප් එකේ වැට ගාව තියෙන ළිඳට ටෝච් ගහලා බලද්දි පුතාගේ ටීෂර්ට් එක පාවෙනවා වගේ දැකලා. ඉන් පසු පොලිසියත් ආවා. එක් අයෙක් ළිඳට බැස්සා. පුතාගේ  ඇඟේ කිලෝ හයක් පමණ බර ගලක් බැඳලා ළිඳට දාලා තිබුණා. මට හිතා ගන්න බැහැ පුතාට කවුද මේ අපරාදෙ කළේ කියා.‘‘ යි කුගදාස්   කීවේය.

IMG_4509මිය ගිය සිසුවාගේ වැඩිමල් වැඩිමල් සහෝදරයා (16) කීවේ නැතිවූ තම සහෝදරයා සෙල්ලමට බර දඟකාර දරුවකු බවයි. ‘‘මම සාමාන්‍ය පෙළ කරන්නේ. මගේ මල්ලි මේ අවුරුද්දේ පාසල් යන්න පටන් ගත්තේ. දවස් විසි ලගණනයි පාසල් ගියේ. උදේට මං එක්ක බයිසිකළේ පාසල් ගියේ. දවල්ට තාත්තා සමග එන්නේ. මල්ලි හරි හොඳයි. සිද්ධිය වෙන වෙලාවේ මම හිටියේ නෑ. මල්ලිට මොකද වුණේ කියා හිතාගන්න බෑ.‘‘ යැයි සහෝදරයා කීවේය.

සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුවට ගැනීම ගැන ගමේ වැඩි පැහැදීමක් නැත. ඔවුන් කියනුයේ ගලක් බැඳ ළිඳට දැමීමට තරම් තාක්ෂණයක් පාසල් සිසුවකු දන්නේ කෙසේද යන්න ගැටළුවක් බවයි. මේ සිද්ධියත් සමග ප්‍රදේශයේ බොහෝ දෙනෙක් බියෙන් සිටිති.

IMG_4511ආරක්ෂාව මෙන්ම අධ්‍යාපනය ද උතුරට දකුණට පමණක් නොව නැගෙනහිරට ද පොදුය. සාම්පූර්හි සිරි මුරුගන් විද්‍යාලයය හා සාම්පූර් මහා විද්‍යාලයය දැන් ඇත්තේ නාවික හමුදා කඳවුර බාරයේ බව ප්‍රදේශවාසීහු කියති. එය ඇතුලු වීමට තහනම් කලාපයකි.

‘‘ ගමේ පාසල් දෙක නැති නිසා දැන් කිලෝමීටර ගණනක් පයින් ගිහින් වෙනත් පාසලකට යන්න ඕනෑ. ඒ නිසා හරිම කරදරයි. අපිට පන්තියකට යන්නවත් වෙලාවක් නෑ. පාසල් යන්න බස් එක වෙලාවට නෑ. ඒ නිසා පයින්ම යන්න වෙනවා. සමහර පවුල්වල ළමයින් බයිසිකලෙන් යනවා. බයිසිකල් නැති අය පයින් යන්නේ. ගොඩක් දුර ගිහින් ආවාට පස්සේ පාඩම් කරන්න වෙලාවක් නෑ. ඇඟටත් අමාරුයි. ගමේ පාසල් දෙක නැවත ලබා දෙනවා නම් ගොඩක් හොඳයි.‘‘ යැයි පාසල් සිසුවෙක් කීවේය.

වසර සියයකටත් වඩා ඉතිහාසයක් ඇති සාම්පූර් මහා විද්‍යාල ගොඩනැගිල්ල නාවික හමුදා බාරයේ තිබුණ ද වෙනත් ස්ථානයක පාසල පවත්වාගෙන යෑමට විදුහල්පති සෝමසුන්දරම් පාතිස්වරන් (48) මහතා කටයුතු කර ඇත.

IMG_4628‘‘සාම්පූර් මහා විද්‍යාලය ආරම්භ කළේ 1897 මිෂනාරී පාසලක් ලෙසයි. 1922 මේ පාසල ලියාපදිංචි කර තිබෙනවා. 1984 වසරේ මෙහ මහා විද්‍යාලයක් කළා. හැම අවුරුද්දකම විශ්ව විද්‍යාලයයට ළමයින් රැසක් තේරෙනවා. 1994න් පසු පාසලේ සංවර්ධනයට බොහෝ දේවල් කළා. පහසුකම් රැසක් ලැබුණා. පුස්තකාලයක්, පරිගණක මධ්‍යස්ථානයක් ආදී රැසක් ලැබුණා.

2006 වසර වන විට ළමයින් 872ක් සහ ගුරුවරුන් 34ක් සිටියා.  ඉන් පසු ප්‍රදේශවාසීන්ට ඉවත් වෙන්න වුණා. 

මා මුලින් මේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති ලෙසයි සිටියේ. 2009දි විදුහල්පති වුණා. පාසල දැන් තිබෙන්නේ නාවික හමුදාව බාරයේ. ළමයින්ට ඉගෙන ගන්න තැනක් නැති නිසා පොඩි ඉඩක නැවත පටන් අරගෙන පාසල් කරගෙන යනවා. කිසිම පහසුකමක් නෑ. නමුත් මෙවරත් ළමයින් හය දෙනෙකු විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා තිබෙනවා.  අපේ මුල් පාසල නිදහස් කළොත් ගොඩක් හොඳයි. එහි හොඳට ඉඩ කඩ තිබෙනවා. ක්‍රීඩා පිටියක් පවා තිබෙනවා. දැන් මම පාලස කරගෙන යන ස්ථානයේ ක්‍රීඩා පිටියක්වත් නෑ.‘‘

සාම්පූර්හි ඉදි කිරීමට යන බව කියන බලාගාරය නිසා සිදු වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් යැයි ප්‍රදේශවාසීහු සඳහන් කරති.

IMG_4596 ‘මගේ නිවසේ හය දෙනෙක් ඉන්නවා. අපි මේ ගමේ මුල් පදංචිකරුවන්.  මට කඩයක් තිබුණා. ගෙවල් හොදට හදලා තිබුණා. 2006 දී අපි ඉවත් කරලා අනාත කවුරුවල නතර කළා. අවුරුදු 10ක් පමණ අපි හිටියේ කඳවුරුවල. ඉන් පසු ළඟදි නැවත පදිංචි වීමට අපට ඉඩම් දුන්නා. නැවත එද්දි අපේ ගෙවල් දොරවල් බිමට සමතලා කරලා. අමාරුවෙන් පැලක් හදා ගත්තා. ආණ්ඩුවේ ආධාරවත්, රාජ්‍ය නොවන සංවිධාන ආධාරවත් සත පහක්වත් මට ලැබුණේ නෑ.

ඉදි කරීමට නියමිත සාම්පූර් බලාගාරයට ජලය ගෙන යෑමට සහ ගෙන ඒමට කියා මීටර් 20 බැගින් මුහුදු සීමාවේ සිට වෙන් කළා. මගේ ඉඩමේ කොටසකුත් ඊට අයිති වෙනවා. ඒ නිසා දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයෙන් ලියුමක් එවා තිබෙනවා ඉඩමෙන් යන ලෙස දන්වමින්. යන්න තැනක් දුන්නෙත් නෑ. අපි කොහෙ යන්නද?‘‘ වසිරමුත්තු අරුමුතුලෙයි (54) කීවේය.

තවත් ගොවියකු කීවේ තමන් වගා කළ ඉඩම් සාම්පූර් බලාගාරයට පවරාගෙන ඇති බවයි. යුද්ධය නිසා අවතැන් වූ තමන්ට දැන් බලාගාරය නිසා ද අවතැන් වන්නට සිදුව ඇතැයි ඔහු පැවසීය.

‘අපේ කුඹුරු සහ වගා කළ ඉඩම්වල බලාගාරයට වෙන් කරලා. මට පමණක් නෙවෙයි. ගමේ බොහෝ දෙනකුට මේ ප්‍රශ්නය තිබෙනවා.‘

සාම්පූර් ප්‍රදේශයේ පවුල් 175ක් දිවි සරි කර ගන්නේ ධීවර කර්මාන්තයෙනි. දිවිය සරි කර ගැනීමට මුහුදු යන සාම්පූර්වැසියන්ගේ දිවියට හෙනහුරා ළඟාවන කාලය අත ළඟ බව ක්‍රිෂ්ණා පුල්ලේ මහතා (59) කීවේය. ඔහු සාම්පූර් ධීවර සමිතියේ සභාපතිවරයාය.

IMG_4615 ‘‘ නැවත පදිංචි කිරීම් තවම ඉවර නෑ. මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් නැති ප්‍රශ්නවලට අමතරව දැන් තවත් ප්‍රශ්න ඇවිත්. නාවික හමුදා කඳවුර මුහුද අයිනට ගෙන යනවා. අපට මුහුදු රස්සාව කර ගන්න බැරිවෙනවා මේ නිසා. මුහුද අයිනේ නාවික හමුදාවෙන් ඩෝසර් කරනවා. 2004 සුනාමිය ආ පසු විශේෂ චක්‍රලේඛයක් ගෙනාවා මුහුදේ සිට මීටර 100ක් තුළ කිසිම දෙයක් කරන්න එපා කියා. නමුත් ඒ නීතිය කඩමින් ඩෝසර් කරන නිසා නැවතත් සුනාමියක් ආවොත් රළ පහර ගම්මානයට ඒමේ ඉඩ කඩ වැඩියි.

පවුල් 175ක් පමණ මුහුදු රස්සාව කරනවා. ඒ වගේම සාම්පූර් බලාගාරය හැදුවට පස්සේ මුහුදෙන් වතුර අරගෙන බලාගාරයෙන් පිට කරන වතුර නැවත මුහුදට දමන බව කියනවා. ඒ නිසා මත්ස්‍ය සම්පත විනාශ වෙන්න පුළුවන්.  පවුල් 175කට නැවත වරක් යන එන මං නැති වෙන්න පුළුවන්.

අපට ආණ්ඩුව සමගවත් නාවික හමුදාව සමගවත් කිසිම ගැටළුවක් නෑ. අපේ රස්සාව කරගෙන අපට අපේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න.‘‘

සෞඛ්‍යය ද මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගත් අයිති වාසිකමකි. 2006 සාම්පූර් රෝහල බිමට සමතලා කර දැමූ පසු දැන් ගමට රෝහලක් නැතැයි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී කේ නාගේෂ්වරන් මහතා කීවේය. ඔහු ද සාම්පූර් පදිංචිකරුවෙකි.

 ‘මගේ බිරිය ගුරුවරියක්. අපේ ගෙවල් දොරවල් හොඳට තිබුණා. ඇටෑච් බාත්රූම් සහිත නිවසක් තිබුණා. 2006 වසරේ අපට යන්න වුණා. ඉන් පසු අපේ ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කළා. ගමේ රෝහලත් බිමට සමතලා කළා. දැන් ගමට රෝහලක් නෑ. රෝහලකට යන්න කිලෝමීටර ගණනක් දුරින් තිබෙන මූතූර් රෝහලට යන්න වෙනවා. රෑකදි හදිසියක් වුණොත් යන්න රෝහලක් නෑ. මෙය බරපතල ප්‍රශ්නයක්. ‘‘

 ‘‘යුද්ධෙ වෙලාවේ අපේ ගමෙන් අප අයින් කළා. එනිසා මඩකලපුවට ගිනිහ් ඉන් පු කිලිනොච්චි ගියා. කිලිනොච්චි වසන්තම්පුරම් සිට ගඩොල් කැපුවා. ඉන් පසු ඒ ප්‍රදේශයේ ප්‍රශ්න පටන් ගනිද්දි දේවිපුරම් ගමට ගියා. ඉන් පසු මුලතිව් දේවිපුරම් ගමට ගියා. ඉන් පසු එහෙනුත් එන්න වුණා. ඉන් පසු අනාථ කඳවුරුවල දුක් වින්දා. දැන් නැවත පදිංචිකර තිබුණත් කිසිම පහසුකමක් නෑ. ‘‘  යැයි කේ සුකුමාර් (63) පැවැසීය.

සෞඛ්‍ය, ආරක්ෂාව, ඉඩම්, අධ්‍යාපන, රැකියාව ඇතුළු දහසකුත් ප්‍රශ්න හමුවේ මිරිකෙන සාම්පූර් වැසියන්ගේ ගැන අදාළ බලධාරීන්ගෙන්  විමසිවෙමු.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සහ මහ දිසාපති එන් ඒ ඒ පුෂ්පකුමාර මහතා කීවේ සාම්පූර් මුල් ගමේ ඉදි කර ඇති නාවික හමුදා කඳවුර මාස දෙකක් ඇතුළත මුහුද අයිනට ගෙන යෑමට නැගෙනහිර පළාත භාර නාවික හමුදා ආඥාපති පොරොන්දු වූ බවයි. එවිට ගැටළු රැසක් නැති වන බව ඔහු කීවේය.

‘‘ජනවාරි මාසයේ සංවර්ධන කමිටු රැස්වීමේ දී විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා මේ ගැන ප්‍රශ්න කළා. එහි දී නැගෙනහිර පළාත භාර නාවික හමුදා ආඥාපති ප්‍රකාශ කළා මාස දෙකකින් කඳවුර ගෙන යන බව. මේ වන විටත් එහි ඉදි කිරීම් ආරම්භ කර ඇති බව ඔහු කිව්වා. සාම්පූර් ගම්මානයේ පවුල් 360ක් නැවත පදිංචි කර තිබෙනවා. ‘‘ යි පුෂ්පකුමාර මහතා කීවේය.

නාවික හමුදා කඳවුර මුහුද අයිනට ගෙන ගිය පසු ධීවර රැකියාව කරගෙන යෑමට නොහැකි වෙතියි ප්‍රදේශවාසී නගන චෝදනා ගැන විමසූවිට දිසාපති කීවේ එවැනි ගැටළුවක් පැමිණයහොත් ඊට මැදිහත් විහ හැකි බවයි.

‘කදවුර ගෙන යන්න කළින් එය කියන්න බැහැ. අපි ජනතාවගේ ප්‍රශ්වලට මැදිහත් වෙලා විසඳනවා. එවැනි ගැටළුවක් ආවොත් අපි ඊට මැදිහත් වෙලා විසඳනවා.‘ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලෙවි මහතා කීවේ මාස දෙක හමාරක් තුනක් යන විට සාම්පූර් පාසල ඇතුළු ප්‍රදේශය නිදහස් කිරීමට හැකි වනු ඇති බවයි.

‘මේ වන විට නව කඳවුරේ ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා. කඳවුර වෙනත් තැනකට ගෙන ගිය පසු මේ ප්‍රශ්න ඉවර වෙයි. ‘ යැයි ඔහු කීවේය.

නාවික හමුදා කඳවුරේ මායිම අසල පාසල් සිසුවකු මරා ළිඳකට දැමීමේ සිද්ධිය ගැන විමසූවිට අලෙවි මහතා කීවේ එය පෞද්ගලික ආරවුලක් මත කළ මිනී මැරුමක් බවට සැක කරන බවයි. ‘මේ සිද්ධියෙදි නාවික හමුදාවට බොරුවට චෝදනා කරනවා. මේ මිනී මැරුමට නාවික හමුදාවේ කිසිම සම්බන්ධයක් නෑ.‘ යැයි අක්‍රම් මහතා සඳහන් කළේය.

ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් එම් එම් ආර් අධිකාරී මහත්මියගෙන් විමසූවිට ඇය කීවේ තමා කිසිවක් නොදන්නා බවයි.

‘නොරොච්චෝලේ හදද්දිත් ධීවර ප්‍රශ්නයක් ආවානේ. මේ ගැන මගෙන් අහන්න එපා. ඕක ගැන දන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය. ඒ අයගෙන් අහගන්න.‘‘ යැයි ලේකම්වරිය කීවාය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කීවේ ඊඅයිඒ (පරිසර බලපෑම් තක්සේරු) වාර්තාවක් ඇති හෙයින් ඒ අනුව කටයුතු කරන බවයි.

(ඉන්ටර් නිවුස් ආයතනය මෙහෙයවීමෙන් පැවැත්වූ වැඩමුළුවකින් පසු  ත්‍රිකුණාමලයේ සාම්පූර්වෙත ගොස් මෙම ලිපිය සකස් කැරිණි.)

තරිඳු ජයවර්ධන, ඉඳුනිල් උස්ගොඩආරච්චි, ටී ප්‍රශාන්ත්, එස් අගලිකා, ජී ශක්තීනා, අශාන්ති වරුණසූරිය

IMG_4462 IMG_4474 IMG_4492 IMG_4496 IMG_4498 IMG_4504 IMG_4509 IMG_4511 IMG_4550 IMG_4557 IMG_4563 IMG_4565  IMG_4596 IMG_4615 IMG_4620 IMG_4622 IMG_4628 IMG_4632



අදහස් (0)

සාම්පූර් වැසියෝ තවත් යුද්ධයකට මැදිවෙති

කුමාර් මෙන්ඩිස් Monday, 08 February 2016 06:16 AM

උතුරු වසන්තය කෝ අනේ (බ)

:       0       0

ප්‍රියානි Monday, 08 February 2016 07:02 PM

බලධාරීන්ගේ ඇස් ඇරේවා! (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Tuesday, 09 February 2016 06:14 AM

ඔව් උතුරු වසන්තය කීවාට උතුර නැගෙනහිර සේරම වල ඉන්න අයට උදවු කරනවා කීව්වනේ.ගෙවල් දොරවල් පාරවල් පාලම් හදන්න දියුණු කරන්න යනවා කීව්වනේ.(හේ)

:       0       0

මාගලි ෆොන්සේකා Tuesday, 09 February 2016 06:32 AM

රජයෙන් දීලා තියෙන දේවල් අපි දැක්කා එක පාරක් යාපනේ ගිය වෙලේ. පොඩි ගෙවල් ටකරන් වලින් හදපු. පොඩි සුළඟටත් ගහගෙන යන. එක එක සංවිධාන වලින් හපුව තව හොදයි. (ර)

:       0       0

බණ්ඩා Monday, 08 February 2016 07:56 AM

කුමාර් ,සාම්පුර් තියෙන්නේ උතුරේ නෙමේ නැගෙනහිර (බ)

:       0       0

සනුකි Tuesday, 09 February 2016 01:43 AM

එදා කොටි ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර ජනතාවගෙන් විශාල ලෙස බදු මුදල් එකතුකළා. මේ කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් වසර 30 ක් පුරා පැවතුනා. මේ පිළිබඳව දන්නා කෙනෙක් අපිව දැනුවත් කරන්න. මම වැරදි නම් නිවැරදි කරන්න. (නි)

:       0       0

අනුල Tuesday, 09 February 2016 03:17 AM

ජාතිවාදී නැතුව සෑම පුරවැසියෙකුටම රජයකින් හිමිවියයුතු සෑම පහසුකමකමක්ම දියයුතුයි. එවිට මේ ජාතිවාදීන් ඇතිවිය නොහැක (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 2 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 286 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2087 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 231 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 944 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1022 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site