- සම්බුදු තෙමඟුල වෙනුවෙන් කොළඹ ද පිට පළාත්හි ද තොරණ රැසක් ඉදි කැරෙයි.
මහරගම ,කොට්ටාව,හෝමාගම,පිළියන්දල, බොරලැස්ගමුව හා පැපිලියානේ ද තවත් පළාත් හිද තොරණ ඉදි කැරේ.
- පොළොන්නරුවේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් කුල දරුවන් 35 දෙනකු සසුන් ගත කිරීමේ පිංකමක් මැදිරිගිරිය ඓතිහාසික වටදාගෙය භූමියේදී අද සිදු කෙරිණි.
පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති වෙඩරුවේ ශ්‍රී උපාලි නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදු විය.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු. හරිම ලස්සන නිර්මාණ. (නදී)
පිටරට ජිවත්වෙන අපිට මේ දේවල් දකිනකොට ගොඩක් සතුටුයි. හැම කෙනාටම ගොඩක් පින්.(නදී)
ඔබ සැමට ශ්‍රී සුබ වෙසක් මංගල්ලයක් වේවා !! (නදී)
මාත් ලංකාවේ හිටියා නම් පොඩි තොරණක් හදනවා ලක්ෂිත් මින්සරත් එක්ක එකතු වෙලා.(නදී)
8 වන වතාවටත් මේවා මගහැරුණු එක ගැන හුගක් දුකයි.(නදී)
ඇයි මිනිස්සු වෙසක් එකට "ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වේවා" කියලා ප්‍රාර්ථනා කරන්නේ ? මට නම් හිතෙන්නේ එය වෙසක් එකට ගැළපෙන්නේ නැහැ කියලයි. (නි)
හරිම ලස්සනයි. ලංකාදීපයට ස්තූතියි! (නි)
සාදු! සාදු!! සාදු!!! (නි)
අපිට වෙසක් බලන්න යන්න හිතෙනවා ගොඩක් පින් (දිල්)
ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, පාඨක සැමටත්, සමස්ත ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවටත් ශුභ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)
මේ බුදු සසුන තව බෝ කල් පවතීවා සාධු! සාධු!! සාධු!!!(දිල්)
සාධු ! සාධු ! සාධු !සැමට සුබ වෙසගක් වේවා !!!. (නදී)
සාදු සාදු සාදු අපේ රටට දළදාහිමි සරණයි අපේ රටට දළදා හිමපිහිටඉ ශ්‍රීලංකා වාසින් ඔබ සැමට සුබ වෙසක් අසිරිර්යක් වේවා සාදු සාදු සාදු (අ)
සාධු ! සාධු ! සාධු ! මේක නරක කාලයක් .(ස)
සාධු ! සාධු !! සාධු !!! තොරණ් ටික නම් හරිම අගෙයි. මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් උදවු උපකාර කළ, දහදිය හෙලු සැමට පහසුම ආකාරයෙන් කෙටිම කාලයකින් නිවන් අවබෝධ වේවා. සසර දුකින් මිදේවා ! අයියේ, තරහ අවසර! පොඩි වරද්දකුත් පෙන්නලා දෙන්න හිතුනා. තොරණ විවෘත කරන්න පෙර භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමාවේ මුහුණ රෙදි කෑල්ලකින් ගැට ගසනවාට වඩා, සමහර තොරණ් වල කර ඇති ආකාරයෙන් ප්‍රතිමාවම විවෘත කරන අවස්ථාවේ වැඩමෙවුවා නම් වඩාත් ගැළපෙනවා කියලා හිතෙනවා. තෙරුවන් සරණයි! (නි)