සම්බෝධි විහාරයේ සඳුන් මාළිගයෙහි තැන්පත්කිරීම සඳහා තායිලන්තයේ දක්ෂ රන් නිමැවුම්කරුවන් විසින් සාදන ලද දඹ රන් බුදු පිළිම වහන්සේලා හත් නමක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් මෙරටට වැඩම කළහ.
සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුෂලධම්ම හිමියන්ගේ මුලිකත්වයෙක් මෙම පුන්‍යකර්මය සිදුකෙරුණු අතර උන්වහන්සේද ඊයේ තායිලන්තයේ සිට මෙරටට වැඩම කළහ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයේදී දඹ රන් පිළිම වහන්සේලා සඳහා වු පළමු මල් පුජාව සහ ගිලන්පස පුජාව දරණාගම කුසලධම්ම හිමියෝ ප්‍රමුඛ එහි වැඩම කළ මහා සංඝ රත්නය විසින් සිදු කළහ.
ඉන් අනතුරුව මෙම පිළිම වහන්සේලා සම්බෝධි විහාරය වෙත වැඩම කිරීම පිනිස මනරම් රන්සිවි ගෙයක තැන්පත් කළහ.
සම්බෝධි විහාරයේ මේ වෙනුවෙන් විශේෂයෙන් ඉදි කරණ ලද සුදු හඳුන් මාළිගාවේ මෙම පිළිම වහන්සේලා තැන්පත් කරන අතර එළඹෙන වෙසක් පුන් පොහෝ දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් එය විවෘත කිරීමට නියමිතය.
දරණාගම කුසලධම්ම හිමියෝ ගුවන්තොටුපොළේදී පැවසුවේ ඈත ගම් දනව් වල දුප්පත් බෞද්ධ ජනතාව තම කරාඹු කුට්ටමද, පංචායුධයද මෙම පුන්‍යකර්මය සඳහා දන් දුන් බවයි. දුගියාගේ සිට පොහොසතා දක්වා එකතුවු රන් ජාතික ස්වර්ණභරණ අධිකාරියේ තක්සේරුකරුවන් ලවා තක්සේරුකොට තායිලන්තයට ගෙන ගොස් එහි අති දක්ෂ රන් නිමවැවුම්කරුවන් අතින් සෙන්ටිමිටර් 22 ක් උසට කැරට් 24 රනින් මෙම පිළිම වහන්සේලා නිමැවු බවයි.
එසේම පෙර රජ දවස මෙවන් පුන්‍ය කර්ම සිදුකළද එක වර දඹරන් පිළිම හතක් නිමවා මෙරටට වැඩම කළ ප්‍රථම අවස්තාව බවට මෙය ඉතිහාස ගතවන බවද උන්වහන්සේ පැවසුහ.
මෙම පිළිම වහන්සේලා තැන්පත් කිරිම සඳහා සුදු හඳුන් ලීයෙන් තනන ලද සඳුන් මාලිගයක් සම්බෝධි විහාරයෙහි ඉදිකර ඇති බවත් වෙසක් පොහෝ දින ජනපතිතුමන් අතින් විවෘත වීමෙන් අනතුරුව දින හයක් ජනතාවට වැඳ පුදා ගැනීමට අවසර දෙන බවද පැවසුහ.
මෙම පිළිම වහන්සේලා මෙරටට වැඩම කිරීමට පෙර තායිලන්තයේ පැරණි රාජධානියකට අයත් අයෝධ්‍යා විහාරස්ථානයේද විශේෂ පින්කමක් පැවැත්වූ බවද උන්වහන්සේ පැවසුහ.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආපදා කළමනාකරණ අමාත්‍ය දුලිප් විජේසේකර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානී රියාල් අද්මිරාල් ආනන්ද පිරස්, ගුවන් හමුදා සුබ සාදක අධ්‍යක්ෂක එයාර් මාර්ෂල් ලාල් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.
(ඡායා රොමේෂ් ධනුෂ්ක සිල්වා )
(ඡායා දීපා අධිකාරී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු ! සාදූ ! සාදූ! (ස)
පිළිමවලට ආරක්ෂකයොත් තියන්න ඕනේ වෙයි. (ස)
සම්බෝධි විහාරය පුණ්‍ය භූමියක්. (ස)
බුද්ධ ශාසනයට වින කටින අය මේ තැන් වලට අරක් ගන්නවා. (ස)
පිට රටවලින් බුදුපිළිම ගෙනෑවාට ජනතාවගේ අධ්‍යාත්මික ගති පැවතුම් නැතිවිය හැකිද ? රටේ සදාචාර විරෝධී ක්‍රියාවන් රජය සම්මත කරන කලේ.ජනතාව අන්දයන් නොවන බව දේශපාලකයන් අවධාරණය කරගන්න. (ස)
අනේ බුදුහාමුදුරුවනේ ඔබවහන්සේ අද වැඩ සිටියානම්.... (ස)
අහස උසට රනින් පිළිම නෙළුවත් කම් නැත , ගුණ ගයා නිම කල නොහැකි බුදුරදුන්ගේ !!! සාධු සිතින් අපද පින් අනුමෝදන් වන්නෙමු ! (ස)
මෙහි සංකල්පමය වටිනාකමක් ඇති,නමුත් සැබෑ බොදුකම නම් සැබෑ බුදු දහම වටහා ගැනීම සහ ව්‍යාප්ත කිරීමයි.(ස)
බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති., බණත් අහන්නැති ඒ කාලේ.., නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තාමත් සංසාරේ .....!!! පරිස්සම් කරගන්න වෙයි පිළිම වහන්සේලා සත් නම...!!! (ස)
අන්තර්ධාන නොවේවා! සාදූ ! සාදූ ! (ස)
කවුද අර ෆොටෝ එකේ ඉන්න සපත්තු දාන බෞද්ධයා (ස)
දැන් ඉතින් මිනිස්සු ඉක්මනට නිවන් යයි. සාධු සාධු! (නි)
සදුන් කීවට පස්සෙයි මමත් දැක්කේ ඇත්තටම කව්ද ඒ ? (ස)
සාදු සාදු සාදු බුදු ගුණ අනන්තයි. අපරිමාණයි. බුදු සසුන බැබලේවා !!! (ස)
ඉතාමත් යහපත් වැඩක්. නමුත් කවදා හෝ මේවා සියල්ලම සොර සතුරන්ගේ ඉලක්ක වේවි කියලයි බය සිතෙන්නේ.ඔබ කළ දෙයට යහපත් ප්‍රතිපල ලැබේවි.නමුත් මේවා නිසා තව කී දෙනෙක් නිරයට යනවද කියලා සිතෙනකොට දුකයි (නි)
රන් පිළිම ආරක්ෂා කරගන්න පහසු වෙන්නේ නැහැ. ලීයෙන් හෝ මැටියෙන් හැදුවත් අපිට නම් අපේ සිත් පහන් කරගත හැකියි. (නි)