IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සම්බාහනයෙන් රෝග සුව කර ගනිමු

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න

ආයුර්වේද වෙදකමේ එන පංචකර්ම චිකිත්සාවෙන් රෝග නිට්ටාවට සුවවීමේ ප‍්‍රවණතාව වැඩි බව පෙරදිග ලෝකයේ මෙන්ම බටහිර ලෝකයේ ද අවධානයට ලක්වී ඇත. ඒ නිසා  පංච කර්ම චිකිත්සාවේ එන ශරීර සම්බාහන ක‍්‍රම පිළිබඳ විමසා බැලිම කාලෝචිත යැයි සිතමි.

ක‍්‍රිස්තු පූර්ව 3000 කට වඩා පැරණි කාලයේ සිටම සම්බාහන ක‍්‍රම ඈත පෙරදිග රටවල භාවිතා කර ඇති අතර එය පැරණිතම ප‍්‍රතිකාර ක‍්‍රමයකි. කි‍්‍රස්තු පූර්ව 5 වන සමයේ ග‍්‍රීසියේ ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යෑම සඳහා සුවද ද්‍රව්‍ය යොදා ජලස්නානයෙන් පසුව දිනපතා සම්බාහනය කර ඇති බව එහි ඉතිහාසය හැදෑරීමේදී පෙනී ගොස් ඇත. ශාරීරික වේදනාව මස් පිඩු තදවීම සන්ධිවල වේදනාව සඳහා සම්බාහනය ඉතාමත් සුදුසු බාහිර උපද්‍රව වලින් තොර චිකිත්සා ක‍්‍රමයකි.

මෑත අතීතයේ සම්බාහන ක‍්‍රම ප‍්‍රචලිත වීමට පටන් ගත්තේ මලල ක‍්‍රීඩකයන් උදෙසාය. එමඟින් සිරුර ලිහිල් කිරීම ප‍්‍රබෝධය ප‍්‍රාණවත්ව වර්ධනය කර ශරීර සෞඛ්‍ය වැඩිකර ගැනීමට භාවිතා කරන ලදී. පංච කර්ම විධිවල දක්වා ඇති පුරාණ ආයුර්වේද සම්බාහන ක‍්‍රමද මේ සමඟම නැවතත් ප‍්‍රචලිත වීමට පටන් ගත් අතර අද වන විට ලොව බොහෝ දෙනා තම ශරීර සෞඛ්‍ය රැක ගැනීමේ අරමුණින් මසකට වරක් වත් ශරීර සම්බාහනය කර තම තරුණ බවත් නිරෝගි බවත් රැක ගනී.

එදිනෙදා ජීවිතයේ ඇති වන ශාරීරික හා මානසික පීඩාවන්ට සම්බාහනය ඉතා හොඳ පිළිතුරකි. ආහාර දිරවීම ක‍්‍රමවත් කිරීම ශරීරයේ අපද්‍ර‍ව්‍ය ඉවත් කිරීම අධික රුධිර පීඩනය, කරකැවිල්ල, අධික මහන්සිය ,මෙන්ම හෘදරෝග නිවාරණය කිරීමට අවැසි රුධිර ධාවනය ක‍්‍රමවත් කිරීම සඳහාද බෙල්ලේ, කොන්දේ වේදනාවන් දුරු කිරීමටද නියම ඉරියව් පවත්වාගෙන නොයෑම නිසා ඇතිවෙන  බෙල්ලේ හා උරහිසේ වේදනාවන් හා මස් පිඩු තද වීම් සඳහා ද සම්බාහනය වැදගත් වේ. 

එහෙත් සම්බාහනය කිරීමට පෙර රුධිර පීඩනය මැන බැලිය යුතු අතර යම්කිසි රෝගයකින් පෙලේ නම් ඊට අදාල සම්බාහන ක‍්‍රමයක් යොදා ගත යුතුය. සැම සම්බාහන ක‍්‍රමයක්ම සෑම කෙනෙකුටම නොගැලපේ.

සම්බාහනය කිරීමේදී ශරීර මර්මස්ථාන පිළිබඳවද සැළකිලිමත්වීම ඉතා වැදගත්ය. මර්මස්ථාන යනු ශරීරයේ ප‍්‍රාණ ශක්තිය රඳ පවත්නා විශේෂ ස්ථානයන්ය. මෙම මර්ම ශරීරයේ 107කි. උගත් සම්බාහකයින් සම්බාහන ප‍්‍රතිකාර කිරීමේදී වඩාත් ප‍්‍රතිඵල ගෙනදීමට මෙම මර්ම සම්බාහනයද විශේෂයෙන් ප‍්‍රයෝජනයට ගනි. මර්ම සම්බානය ඉතා ප‍්‍රවේශමෙන් කළ යුතු වන්නේ එම මර්ම ශරීර නාඩි කේන්ද්‍රය කෙරේ බලපෑම් ඇති කරන නිසාය. සමහර මර්ම තෙරපීමෙන් මරණය පවා ඇතිවන නිසා නිලස්ථාන අවබෝධය ඉතා වැදගත් වේ.

මිනිසාගේ සන්සුන්කමට  ප‍්‍රසන්න බව ඇති කිරීමට සතුට වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු සුන්වීම හා අධික බලාපෙරොත්තු නිසා චිත්තවේග දරාගෙන සිටින අය සඳහා ද බොහෝ දිනක් ඇඳට වීමට සිදුවූ රෝගීන්ගේ වේදනා දුරුකිරීමට හා මාංශ පේශී ක‍්‍රමවත් කිරීමටත් සම්බාහනය ඉවහල් වේ.

එහෙත් ඉදිමුම ඇති අවස්ථාවලදී ශරීර දැවිල්ල හටගෙන ඇති විටදීත් නහර ගැට ගැසි ඇති රෝගීන්ටද ලේ කැටි ගැසීම නිසා රෝගී වූ අයටද සම්බාහනය කළ යුත්තේ ඊට අදාල විද්‍යාත්මක උපදෙස් අනුවය. නැතිනම් රෝගාබාධය උත්සන්න වීමටද බලපායී.

සම්බාහනය ලබන්නා හා සම්බාහනය කරන්නා අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතුය. සම්බාහනය නිල වෙදකම හා ශරීර අවයව පිහිටා ඇති ආකාරය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඇති අයෙක් විය යුතුය. සම්බාහනය මුලික ක‍්‍රම 4කට කරනු ලබයි.

 01. ඝට්ටනය බෙරයක් වාදනය කරන ආකාරයට ඇඟිලි තුඩු වලින් කලවා තට්ටම ආදිය සියුම් ලෙස සම්බාහනය කිරීම.

 02. එකට ඇතිල්ලීම අල්ල හා ඇඟිලි උපයෝගි කොටගෙන රුධිර ධාවනය උත්තේජනය කරවීම මෙය අස්ථි සන්ධී ක‍්‍රියාත්මක කිරීම පහසු කිරීමට නැටුම්            ශිල්පීන්ට හා ක‍්‍රීඩකයන් සඳහා සුදුසුය.

 03. ගලායන ආකාරයට අල්ල හා ඇඟිලි තුඩින් පාලනයක් ඇතිව කිරීම.

 04. තදට ඇදිම කෑමක් අනන ආකාරයට මස් පිඩු පොඩි කිරීම යන ආකාරයෙනි.

නීරෝගි පුද්ගලයන් ශරීර සම්බාහනය සඳහා යොමු වීමෙන් බොහෝ ශාරීරික හා මානසික රෝගාබාධ වලට ලක්වීමෙන් වැළකිය හැකි බව ඉන්දියාව වැනි රටවල සිදු කරන සම්බාහන ප‍්‍රතිකාර පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන කරුණකි.  

 

 



අදහස් (4)

සම්බාහනයෙන් රෝග සුව කර ගනිමු

සුපුන් Tuesday, 01 December 2015 03:21 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

චතුරංග Friday, 01 April 2016 01:39 PM

ඔබතුමියගේ ලිපිනය මට දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

කලන Tuesday, 22 March 2016 04:19 AM

හොඳ ක්‍රමයක් නිසි පිළිවෙළකට කරා නම් (ම)

:       0       0

එරන්ද ප්‍රසාද් Friday, 05 March 2021 03:00 PM

ඉතා සාර්ථක ලිපියක් ඔබතුමිය ලියලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 351 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1683 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1023 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1638 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1194 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2847 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20803 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19798 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site