එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.
එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ එජාප මහ ලේකම් කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී මීට ටික වේලාවකට පෙර අත්සන් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. රටට සුබ දෙයක් (නි)
හොද වැඩක් මුස්ලිම් දෙමල සහයෝගය නැත්ද (බ)
සුබ පැතුම්! (නි)
ප්‍රවේශමෙන් ඔය ගමන යන්න අගමැතිතුමනි! (නි)
නිදහසින් පසු ගෙවීගිය අවුරුදු හැටහතට දිනෙන් දින අවර්ණ වූ මගේ රට නව බලාපොරොත්තුවලින් පිරිලා. රට එකට පක්ස දෙකට නොව තුනට ගෙන සමගියෙන් සම්මුතියෙන් වැඩ කරන්න. ජනාධිපතිතුමනි,අගමැතිතුමනි ඔබේ ගමන් මග යහපත්. දුක් විදින අසරණ මිනිසුන් වෙනුවෙන්ම කැපවෙන්න.සුබ පැතුම්. (අ)
සන්ධානය ආසන 95 ක් දින්නේ ඡන්දෙන් පස්සේ සම්මුතිවාදයකට යනවා කියලද? ඕන මගුලක ගියාට කමක් නැහැ තමන් නිසා ලබාගත් මැතිවරණ ප්‍රතිපලයක් තියෙනවා නම්..මේ ඔක්කොම අනුන්ගේ ළමයින්ට උප්පැන්නෙට නම දීල තාත්තල වෙන්නනේ හදන්නේ තමන්ට ළමයෙක් හදා ගන්න පිරිමිකමක් නැති වුණාම..කොහොම වුණත් තමන්ට විරුද්ධ ජනමතයත් එක්ක චින්චිමානවිකාවත් එක්ක එකතු වෙලා මේ කරන සෙල්ලම ගොඩක් භයානකයි මෛත්‍රී මහත්තයෝ..ගින්දර එක්ක කරන සෙල්ලමක් වගේ තමයි..පරිස්සමෙන්..(අ)
හොඳ තිරණයක් අප රට සියල්ලෝම එකට එකතු වෙලා සංවර්ධනය කරා පියමනින්න හැකියාව ලැබේවා (ම)
හොඳ දෙයක්. රටට සුබ දෙයක් (බ)
මෙතෙක් කල් කළේ ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂය විනාශ කරන්න දත කන එකයි. එ්ත් එකෙන් රටට වැඩක් වුනාද? මේ අලුත් පියවරෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහලම තැනක තබන්න හැකිවේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමු. (බ)
නව අදහස්! අලුත් මුහුණු! (නි)
කූඩැල්ලන් මෙට්ටයේ තියන්න බැහැ වගේ මේ අලුත් තත්වය සමහර මන්ත්‍රීවරුන්ට දරාගත නොහැකි වේවි. හොරු, තක්කඩි , මිනීමරුවන්, ජාවාරම්කරුවන් වෙට්ටු දමාවි. සිහිබුද්ධියෙන් කටයුතු කිරීමේ ශක්තිය අගමැතිතුමාට ලැබේවා! (නි)
සමහරු මහා මැතිවරණයේදී යූඑන්පී එකට කඩේ ගිහින් දැන් එනවා අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන්න. ලැජ්ජයි අපිට නම්. (නි)
අප ප්‍රාර්ථනා කරන වෙනස මේ තුලින් රටේ ඇති වේවා! (ම)
රට ගොඩනැඟීමට නම් සියලු දෙනා එකතුවිය යුතුය.නමුත් හොරුන්ට නම් ඉඩදිය යුතු නැත. (නි)
සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාම ලිච්චවී පාලනයයි එනම් සම්මුතිවාදී පාලනයයි. (ම)
එදා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලනිපය කියන්නේ හතුරු පක්ෂ දෙකක්. එ්ත් අද එකමුතුව වැඩ කරන්න ලැහැස්තියි. අළුත් දෙයකට හුරු වෙන්න කලක් යයි. එත් අතහරින්න එපා. හැමෝම ඉවසීමෙන් කටයුතු කරන්න. සැමට ස්තුතියි.(ම)
නව අදහස්.... අලුත් වෙනසක්.... (නි)