දරුවන් බැලීම හා කෑම පිසීම සැමියන්ට බාර දී බුරුවා ගැසීමට ගිය බිරියන් හත් දෙනකු වතුගෙදර සීනිගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
දරුවන් බැලීම හා කෑම පිසීම සැමියන්ට බාර දී බුරුවා ගැසීමට ගිය බිරියන් හත් දෙනකු වතුගෙදර සීනිගොඩදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දික-එක පැත්තක් පහල තව පැත්තක් උඩට ඔය කියන නීති ලෝකෙට හරියන්නේ නැහැ.මන් නම් අහල තියෙන්නේ ඔය වගේ නීති ගෙනාපු උදවිය ලෝකෙන් සදහටම කොන්වෙලා ලෝකෙන් සදහටම නැතිවෙලා තියෙනවා. එක කව්රු උනත් ඒකයි ඇත්ත. ඕයා කියන විදිහට ඕක නිකන් අර කියන විදිහේ රුපියල් 100 ප්‍රශ්නයක් ද ? අම්ම බූරු ගැහුවොත් පුතා කැසිනොත් ගිහිල්ලා බැරිම තැන හොරකමුත් කරලා මිනිත් මරයි. ලෝකේ ඕක තමයි වැඩිපුර වෙන්නේ.(නදී)
බන්දුල, එතකොට අර ටිවී නාලිකාවකින් කිවුවේ, අහවලා බීලා රිය පදවලා උසාවියේ නඩුවක් තියෙනවා කියලා. (නි)
ඒ පොතේ ඒක තැටියක් කිව්වා නම් ඒක තැටියක්ම තමා .ඒක තේරෙන්නේ නැත්තේ මෝඩයන්ට (නි)
ටිකිරි මහත්තයෝ,අර ඔයා කියපු විදියට මම දැන් කොලයක් අරන් හිගා කනවනේ. දවසේ ගාන කවර් වුනාම ගෙදර එනවා. ඉතින් මට වෙලාව තියෙනවා ඕනෑ තරම්. ඔයත් එක්ක පුද්ගලික තරහක් මගේ නැහැ.මේ ආණ්ඩුව ගැන විවේචන අපිටත් තියෙනවා. රජගෙන්, කෙලින් තීරණ අරන් යුද්දේ ඉවර කලා වගේ අපි තව ගොඩක් දේවල් බලාපොරොත්තු වුනත් ඒවා ඉටු වුනේ නැහැ අපි පතපු විදියට..කොහොම වුනත් ජාතියක් වසයෙන් නිවටව නියාලුව හිටපු අපිව පන ගස්වලා අරන් මේ කොටි උවදුර නැති කරලා හිත්වල තිබුණු මර බිය නැති කරලා සාමකාමී රටක් අපේ දු දරුවන්ට බිහි කරලා දුන්නු එතුමාට අපි සදාකාලිකව ගරු කරනවා,.සලකනවා..එතන දේශපාලනයක් නැහැ. රජයේ මොන අඩුපාඩු තිබුනත් ලිබියාවේ ගඩාපිට වෙච්ච දේ වෙන්න ප්‍රාර්ථනා කරන්න තරම් ගුණමකුකමක් මොන පාට කන්නාඩි දාගෙන හිටියත් සිංහලයෙක් හැටියට කරන්න පුලුවන්ද මහත්තයෝ (නි)
මෙතන ආගමක් ඇදගෙන අදහස් දක්වන්න තරම් දෙයක් වෙලා නැහැ. මොකද අපේ අයත් නිකන් බොරුවට එක එක ඒවා දානවා. මෙතන හිතන්න ඕනෑ රටේ පරපුරේ පිරිහීම මිසක් වෙන එකක් නෙවෙයි. හැමෝගෙම බිරිඳ ආරක්ෂා වුනොත් පව්ලත් රටත් ආරක්ෂා වෙයි. ආගම ප්‍රශ්න නැතුව වෙන විදියකට මේවා ගෙන හිතන්න දැන්වත්. (නි)
වර්තමාන අපේ හෙලදෙරණේ කාන්තා පක්ෂය හරි දියුණුයි (නි)
මේ ගැහැනුත් බූරු සෙල්ලමත් මැවුවෙ දෙවියන්ම වෙන්න ඇති (නි)
විනාස කාලෙන කජ්ජෙන පුහුලන් කීවලු .මොහොමද්ලාට , රිශ්ඩ්ලාට හරි සතුටුයි නේද ? කාගේ කාගේ සමාජ වලත් මේ වගේ වැඩ වෙනවා (නි)
වරදක් නෑ. නෝනා මහත්තයව උගසට තියන එකක් නැහැ. මාල,කරාබු ,හට්ටි වලන් උගස් කරලා බැරි වුනාම පරණ රස්සාව කරාවී.මහත්තයා වට පිට බලල ගොනෙක් හරකෙක් දක්කාවී. අබුද්දස්ස කාලේ. ලබුත් තිත්ත වේලු. (නි)
මමත් හිතන්නේ චන්දි කියන එක හරි කියලයි. (නි)
චන්දි ඔයාට මොකද මේ බූරු සෙල්ලමට අලුත් කාඩ් එකතු කරන්න හිතුනේ ? සුළුවෙන් හරි මොකද්ද ඇත්තටම සිදු උනේ කියලා තේරුනා දැන් නම් .(නදී)
බන්දුල, මමත් මගේ පවුලේ සියලුම දෙනාත් මේ රජයට සහයෝගය දක්වපු අය නිසා තමා අද සිද්ද වෙන දේවල් ගැන හරිම හිත වේදනාවෙන් එන්නේ.ප්‍රබාකරන් මැරුන දවසේ අපි මොන තරම් සන්තෝස වුනාද? දැන් ඉතින් අපිට අපේ අනාගත දරු පරම්පරාවට දෙවියනේ කියලා සන්තෝසයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්න.අද ප්‍රබාකරන් ජීවත් වුනාට වැඩිය මර බියෙන් තමා ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.දඩ ගෙවමින්,බදු ගෙවමින්,කප්පම් ගෙවමින්,පාතාලයට බයේ,සුදු වෑන් වලට බයේ,ග්‍රීස් යකුන්ට බයේ වහල්ලු වගේ තමා ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. (නි)
මරු වැඩේ මමත් බුරු පොලක් පටන් ගන්නවා.(නදී)
මන් නම් හිතන්නේ ඕක වෙන්න ඇත්තේ මෙන්න මෙහෙමයි..!!ඔය පිරිමි 7දෙනා හැමදාම බුරුව ගහන්න යනවා ඇති මේ ගැහැණු 7දෙනා මුලින් මුලින් ඕක නතර කරන්න කියන්න ඇති.ඒත් මෙයාල නතර කරන්න නැතුව ඇති ..,කියනදේ නාහන ගුරු උඩින් ගියත් එකයි,යටින් ගියත් එකයි කියල ගැහැණු 7 දෙනා කතා වෙලා පිරිමි ගෙදර තියල ගැහැණු බුරුපිටියට යන්න ඇති නමුත් වැඩේ පොලොසියට මාට්ටු වුණ සමහරවිට සැමියාම,පොලිසියට ඔත්තුව දුන්නද දන්නේ නැහැ (අ)
බන්දුල මහතාගේ කතාව අනුමත කරමි.සංවිධාන බිහි වුයේ කාන්තාවන් බූරු ගැසීම නැවත්වීමට වඩා වැදගත් ජාතික කටයුත්තක් උදෙසාය.රිෂාර්ඩ් වගේ අය තමුන්ගේ මොලය (තිබේ නම්) එය පුවතට අදාල ලෙස කතා කිරීමට පාවිච්චි කල යුතුවේ.සංවිධාන වලට බය විය යුත්තේ වැරදි කරනවුන්ය.මිනිහෙකුට කැස්සක් හැදුනත් සංවිධාන සම්බන්ධ කර ගන්නේ ජාතිවාදීන්ය.එයම සංවිධානවල දැඩි අවශ්‍යතාවය පෙන්වා දෙන කරුණක් නොවන්නේද? (අ)
සැමියෝ ගෙදර. භාර්යාවෝ සුදු පිටියේ.බන්දුල පෙරේරා ට මේ තරම් අදහස් පල කරන්න වෙලාවක් කොහෙන්ද.මම හිතන්නේ මේ මනුස්සයත් රැකියාවක් කරන්නේ නැතිව ගෙදරට වෙලා කරන්නේ ලංකාදීපයට ප්‍රතිචාර කරලා ගත මනාව හොයල අද වීලා හම්බ කරන කන එකයි (අ)
මොකද දන්නවද මිනිසුන්ව නවත්තලා ගැණු වැඩේට බැස්සේ? මිනිස්සු කියක් හරි දිනුවත්, ඒක ආපහු පැරදිලා තමයි ගෙදර එන්නේ. ගැණුන්ට සල්ලිවල කොන්ට්‍රෝල් එක දන්නවා.(නදී)
මට නම් වෙනසක් පේන්නේ නැහැ. ගැහැණු ගෙදර හිටියත් ඉන්නේ බුරුවෙක් එක්කනේ.(නදී)
අර උදවියට වහ කදුරු වෙලා වගේ. (නදී)
මෙන්න නියම ගැහැණු.(නදී)
රුවන්-ඔයත් අන්ධයෙක් ද කොහෙද? මම මෙතන බේදයක් කතා කළේ නැහැ. සෑම කෝණයකින්ම බලන විශේෂයෙන් අනුබල දෙන්නේ නැති දෙයක් ගැන කතා කලේ.බන්දුල මම කියන්න හැම එකේම සම්පුර්ණ වෙන්න ඕනෑ නැහැ. පොඩ්ඩක් තේරුම් ගන්න කෝ. (නි)
සැමියෝ ගෙදර තියල ගැහැණු යනවා ඇත්තේ පිරිමි ටික ගෙදර එනකොට දිනපු සල්ලිත් නැතුව හතර ගාතෙන් එන හින්දනේ.. (නි)
වැඩකට නැති දේවල්..... (නි)
අනේ බන්දුල, බෞද්ධ ආගමට ඔයා අපහාස කරනවා. (නි)
දෙකෝටියකට වැඩිය ඉන්න රටක එක ගෙදරකට පොලිස් ආරක්ෂාව දුන්නම ඒකේ තේරුම අනෙක් හැමෝම මර බියේ ඉන්නවා කියලද? අනේ යන්න චානක මල්ලි යන්න..අපි නොදන්නා ලයිව්. (නි)
හරි හරි. කාන්තාවෝ බුරු ගැහුවට මොකද වෙන්නේ? (නි)
පහන්, නිකන් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (නි)
බන්දුල, ප්‍රියන්ත, අදහස් ටිකක් කල්පනාවෙන් දමන්න. බලන්න ඔබට වැඩි යමක් කරන්න පුළුවන් අය ඉන්න බව දැන ගන්න (නි)
ලංකාවේ වගේ බොරු පොරොන්දු දෙන දේශපාලකයන් ලෝකේ කිසිම රටක නැත. ඒ අයත් හොයන්නේ අරාබි කාරයන්ගේ හා සුද්දන්ගේ වැරදි. දැන් ජාතීන් අතර ආගම් අතර සංවිදාන දාලා ප්‍රශ්න ඇති කරමින් බොරු කියමින් චන්දෙ දිනන්න උත්සාහ වෙනවා. මිලියන 20 ක් තමය් මුළු රටේම ජනගහනය එහෙත් කතාව ලෝකෙට පොලිස් කාරයා වගේ. (දී)
බුරුවා කිවුවට මට නම් ෂූවර් නැහැ (නි)
මේ සෙල්ලමට බුරුවා කියන එක හරි නැහැ.අශෝබනයි. බැරිද කැසිනෝ වගේ නමක් දා ගන්න. (නි)
මෙහි තියෙන පුවතට කිසිදු අදාලකමක් නැති දේවල් වලට වාද විවාද කරන්නේ මොකද කියලා මට හිතා ගන්න බැහැ. (නි)
එසැන පුවත් වලට අදහස් දමන මොහොමඩ්ලා දෙදෙනෙක් ඉන්නවා.ඒ නිසා මින් ඉදිරියට අදහස් දමන විට අකුරක් දැම්මොත් හදුනාගන්න ලෙහෙසියි.මොහොමඩ් මම හිතන විදිහට ඔය සමහර විට සිංහල පාසලක ඉගනගන තියනවා ,නැතිනම් බෞද්ද පොත පත පරිශීලනය කර තිබෙනවා. එහෙමත් නැත්නම් හොද බෞද්ධ පරිසරයක ඒ අය සමග උරෙනුර ගැටී වැඩ කරලා තියනවා. ඒ නිසා අර අදහස් දමන ඉම්රන්ලා,රිසාඩ්ලා වගේ ලිං මැඩියන්ට ඔයාම පිළිතුරු දෙනවා නම් වඩා හොදයි.ඕවට දෙන්න උත්තර මා ලග නම් තියනවා.නමුත් එහෙම කලොත් ඒක මහා බාල වැඩක්. (නි)
මේ ආණ්ඩුවට සහයෝගය දීපු මනුස්සයෙක් තියා දේශපාලනය මොකක්ද කියල අවබෝදයක් තියෙන කිසි කෙනෙක් එහෙම අදහසක් දාන්නේ නැහැ ටිකිරි මහත්තයෝ. ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ වගේම සුදු වෑන් වලින් කවදාවත් සාමකාමී ජනතාවට හිරි හැරයක් වුනේ නැහැ. ඒකට බය වෙන්න ඕනෑ අපරදකාරයෝ. ඔයා එහෙම කෙනෙක් නෙමෙයිනෙ. ග්‍රීස් යක්කු කව්ද කියලා ඔයා තාම දන්නේ නැද්ද? ඔයා දඩ ගෙවන්නේ කාටද? කප්පන් ගෙවන්නේ කාටද? ඇත්තටම ඔයා ඉන්නේ මේ රටේද? ඔයා ඔය කියන කිසි විදියකට අපි නම් ජීවත් වෙන්නේ නැහැ මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත්.අර්ශ මහත්තයෝ, පොඩි පොඩි සිදුවීම් වෙන්න පුළුවන්.නමුත් අපේ කව්රුවත් ආගම වෙනුවෙන් වෙන කාගෙවත් බෙලි කපන්න එන්නේ නැහැ.අපි අද ඉන්න තැන ඔයාල හිටියා නම් මොනවා වෙයිද? (නි)
ලෝකයේ වැඩියෙන්ම ගැරහුමට ලක්වෙන එකම ආගම බුදුදහමයි. ඒ මිත්‍යාවට යටනොවුන එකම දහම බුදුදහම නිසයි. (නි)
කපිල, කවදා සිටද කඩේ යන්න පටන් ගත්තේ? කියන්නකෝ අර ගුරුතුමියගේ ගෙදරට පොලිසියෙන් ආරක්ෂාව සපයන්න වෙලා තිබෙන්නේ මිනිසුන්ට මරබියක් නැති නිසාද කියලා? (නි)
මටනම් තේරෙන්නේ නැහැ සමහර අයගේ අදහස්. කොටි හිටපු දවස්වල තිබුන මරබිය මට නම් කවදාවක් ආපසු දැනිලා නැහැ. කලින් දැක්ක ටයර් සෑය වල්නම් ආපහු දැක්කේ නැහැ. සිංගප්පූරුවේ තායිලන්තයේ දැකපු දියුණුව ටික ටික ඇවිත් තියෙනවා කියල නම් දැනෙනවා... ජීවන බර ටිකක් වැඩිපුර දැනෙනවා, ඒත් ඒකට හරියන විදියට වෙනදට වඩා මහන්සි වෙනවා.එතකොට ජීවන් ඒකත් හරි. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප නම් වෙනදට වඩා පරිහානියට පත්වෙලා තියෙන්නේ කියලා නම් හිතෙනවා. මේ හැම ප්‍රශ්නයකටම මුල එය විය හැක. මිනිස්සුන්ගේ ආකල්ප පරිහානියට ආණ්ඩුවට බැනලා හරියන්නේ නැහැ... (නි)
පොලිසිය හොද ඔවැනි රාජකාරී වැඩ වලටම තමයි ඉතින්. (නි)
පහන්, ඒක නම් ඇත්ත වගේ පහන්. මේ ප්‍රවෘත්තියට ආදාල අදහස් අඩුයි. (නි)
හත් දෙනෙකුට වැඩිය ඇති නේද ?සන්විදාන වල අයට කිවුවේ නැද්ද? (නි)
බන්දුල පෙරේරා අදහස හැටියට නම් ඒක ලංකාවේ සිද්ධ වෙන්න බැහැ. හොදට ඇස් ඇරලා බලන්න අපේ දරුවන්ට දායාද කරන්න බලන් ඉන්න රටේ නියම ස්වබාවය. (නි)
බන්දුල, අපි දැක්ක සමහර සිද්දීන් (පැපිලියාන සිද්දිය,වරකාපොල, දඹුල්ල ආදී ) මේ සංවිදාන අවිහිංසාවාදී සංවිදාන.ඉන්නේ බුදු දහමෙන් සංවර වුණු මිනිසත්කම දන්නා හාමුදුරුවරු කියලයි. අනේ අනේ... (නි)
ආහාර අනුබවයෙන් පසු මවු පියන් හැර අනිත් සියල්ලෝම දෙපිලකට බෙදී පංචා කෙළින්නට වුහ .පොරයකට එකකු සත දහය බැගින් දමා කරන ඒ කෙලිය අවුරුද්ද ලං වෙත්ම ගමේ ගෙයක් පාසා දකින්නට ලැබෙන්නකි මෙදින එක් පිලක් වෙනුවෙන් පංච පතෙහි අයතබන ලද්දේ අනුලා විසිනි අනෙක් පිලෙහි අයතැබීම පියල් සතු කාරියක් විය .(ගම්පෙරලිය )අවුරුද්ද ගිහිල්ල තුන් මාසයක් යනකල් ලුත් කැතරිනා පංච දැමීම නවත්තන්නේ නැහැ අනුලා කීවාය කැතරිනා පංච දැමීම නවත්තන්නේ කරාබු කුට්ටම උකස්කොට ලබාගන්නා සල්ලිත් පැරදුන විටය .'"ගිය අවුරුද්දේ ඒ ගෑණි වත්තේ පොල්ගසුත් උකස්තියා සල්ලි අරගෙන පැරදුණා "'පියල් කීය (මේ අදින් වසර සියයකට පමණ පෙර සිදුවීමකි මටනම් හිතෙන්නේ මේ ඉන්නේ කතරිනගේ පරම්පරාවේ අය ඉතිහාසය නැවත නැවත සිදුවේ ) (අ)
ලෝකේ තැටියක් කියලා තියන පොත කියවන අයගෙන් මම මේ අහන්නේ ,මොකද්ද කඩලා තියන ශික්ෂාපදය ? (නි)
හැම දේකටම බදු අරගෙන මහජනතාවගේ බදු වලින් සැප සම්පත් විදිමින් ලෝකේ තිබෙන විශාලතම ඇමති මණ්ඩලයක් නඩත්තු කරන හා ලෝක වාර්තා තිබ්බ රටක්. ඔහොම තියෙනකොට බූරුවා ගහලා හරි තමුන්ගේ දුවා දරුවන් ජීවත් කරවීමට දඟලන එක මොන දෙයක්ද. ලොකු ලොකු රාත්‍රී සමාජ වලට ගිහින් කැසිනෝ ගහලා හම්බ කරන එක ලොක්කන්ට හොඳයි. එහෙත් පොඩි එවුන්ට බූරු ගහන්න බැහැ. බූරුවා ගැහුවත් වැරදියි කැසිනෝ ගැහුවත් වැරදියි. රටේ ලොක්කෝ අපේ බදු අනිසි ලෙස යෙදවීමත් වැරදියි. නීතිය ක්‍රියාත්මක වෙන්නේ පොඩි එවුන්ට විතරයි. (නි)
මංජුල අබු ඩාබි,සම්පුර්ණ අසම්පුර්ණ නොවේ මෙතන කතාව. ශික්ෂා පදය කට්ටිය කඩලා. ඒක ගැන මං අහන්නේ දැන් ? (නි)
මම අහන්නේ දැන් කෝ අර කට්ටිය කියල ?මොකද ඒ ගොල්ලන්ට අදාලයි මේවා.නවත්වන්න උපරිම බලය තියෙනවනම් (අ)
බුදුන්ට තෙවරක් පින් පිදු මේ පින් බිමේ මේවා වෙන්න බැහැ. (අ)
වර්තමාන අපේ හෙලදෙරණේ කාන්තා පක්ෂය හරි දියුණුයි, කැසිනෝ සෙල්ලම් කරනවා පිරිමි පක්ෂයටත් වඩා හොඳට, මේ ලඟදි මම යහළුවෙකුගේ පුතාගේ උපන්දින පාටියකට ගියා, අනේ බලන්න ලස්සනයි කාන්තාවෝ බියර් බෝතලේ පියන කටින් ගලවන හැටි. (අ)
කොන්ද පන නැති පිරිමි ටිකක් (අ)
ලංකාවේ පිරිමි ප්‍රසිද්ද ගෑනුන්ගෙන් හම්බ කරගෙන කන ජාතියක් කියලි, අනේ ඇත්තට මෙහෙමත් පිරිමි, අම්ම කියන කෙනා බලන්නේ දරුවන්ට මොනවා හරි කරලා කන්න දෙන්න නේ, ගෑනී රට යවල බබාල බලාගෙන එන්නාව, අනේ මෙහෙමත් ලජ්ජා නැති ජාතියක්, මේකෙන් හැම මිනිහටම අවනම්බුයි 80% පිරිමි (අ)
මංජුල ඔයාගේ කතාව හරියටම හරි මට පේන්නෙත් දැන් මෙයාලට අරකට්ටිය නැතුව මොනවත්ම කරගන්න බෑ වගේ (අ)
මුන් බුරු ගහල විතරද දන්නේ ගෙදර එන්නේ (අ)
ඔය බොරුද කොහෙද පොලීසියේ. කාඩ් කුට්ටමක් ගෙදරක තිබුනොත් අහල පහල ගෙවල් හතරෙම මිනිස්සු අරන් යනවා. (නි)
ප්‍රියන්තට තරහගිහින් වගේ ඇයි තරහගන්නේ ඔයාලගේ කව්රු හරි බුරුපිටියේ හිටියද රිෂාඩ් අපට ටම කියන්නේ අර කට්ටි නිකන් අනුන්ගේ කුණු හොයන එකේ මේවා හොයල බැලුවොත් නරකද (අ)
ප්‍රියන්ත, රිෂාර්ඩ් වගේ අසම්පුර්ණ කට්ටිය සම්පුර්ණ කට්ටිය හොයන එක සාමාන්‍ය දෙයක් මෙහෙත් එහෙම වෙනවා. මෙහෙ සමහරු එයලා බලෙන් අසම්පුර්ණ වෙන්න හේතු හොයනවා.(අ)
බන්දුල පෙරේරා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ ,අක්ක දුච්චෝත යෝනරෝ ලද්දන් ලද්දන් විනාසේති තන් පරාබව තෝ මුකන් බුදුබනේ තියෙන්නේ එහෙමයි (අ)
රිෂාර්ඩ් හැම දේටම අරකට්ටිය හොයන ඔයා ඔයාගේ පවුල ගියදටත් එයාලටම චෝදනා කරයි .ඇයි ඉතින් ඔයාලට කෝකටත් තෛලයට ඉන්නේ එයලානේ නේද? (අ)
කෝ අර කට්ටිය ?(නදී)
බන්දුලගේ කියමන රටක් වටිනවා.(ස)
පිට රට යවලා ජීවත් වෙනවට වැඩිය ඒක හොදයි වගේ.(නදී)
බුරුවන් කොහොමත් දක්කන්නේ ගැහැනුන් නේ.(නදී)
අන්න අපේ බන්දුලට යමක් කමක් තෙරුන් ගියා. ඔන්න ඔහොම එන්නකෝ.(නදී)
යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.මේ බුරු ගැහිල්ල යටතේ මම අදහස් දක්වා ඉවරයි (නි)
කාන්තාවක් කියන්නේ අම්මා කෙනෙක්. පිරිමි කෙනෙක් තාත්තා වෙනවා. එතකොට දරුවන් හමුවේ මේ දෙන්නාම යහපත් විය යුතු වෙනවා (නි)
කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්න හදනවා ඇති, මොකද ජීවන බර වැඩි ඇති (නි)
අපේ කාන්තාවො දැන් දියුණුයි (නි)
හැමදාම බුරුව ගහලා පොලිසියෙන් අල්ලන් ගියත් වැඩක් නැහැ. උසාවියෙ දඩය රු.100 නේ (නි)
රිෂාඩ්, ඔයා මහා මෝඩයෙක්. මේවට ආගම දහමෙන් වැඩක් වෙන්නේ නැහැ.ඔයාලා වගේ අය මේවට ප්‍රතිචාර දක්වලා ආගම් බේද ඇතිකරගන්න එපා. (නි)
රිෂාඩ්ලට රහීම්ලට මොනවා වුනත් අර කට්ටිය තමයි මතක් වෙන්නේ. (නි)
රිෂාර්ඩ්ලාට ඔච්චර අමාරු ඇයි කියලා අපි දන්නවා (නි)
හොයලා බැලුවොත් තවත් දේවලට යනවා ඇති (නි)
රිෂාර්ඩ් මහත්තයෝ, සංවිදාන බිහි වුනේ ගැහැණු බුරු ගහන එක නවත්වන්න නෙමෙයි.ආගමික අන්තවාදයෙන් බෞද්ධයා රැක ගන්න. ඔයාලට දිරවන්නේ නැතුව ඇති. ඒකට කරන්න දෙයක් නැහැ.අපි ගැන බලන්නත් කවුරු හරි ඉන්න එපැයි.කොහොම වුනත් මේ සංවිදාන අවිහිංසාවාදී සංවිදාන.ඉන්නේ බුදු දහමෙන් සංවර වුණු මිනිසත්කම දන්නා හාමුදුරුවරු. (නි)
ගැණු අගමැතිකම්, ජනාධිපතිකම්, නීතිපතිකම්, අගවිනුසුරුකම් කම් කරපු රටේ ඕකත් දෙයක්ද..ඕකට තමයි කියන්නේ සමතැන නොහොත් කාන්තා අයතිවාසිකම නොහොත් පුරුෂාධිපත්‍යයෙන් මිදීම කියලා...(ස)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
රිෂාඩ්, හරියට දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා (නි)
ඉර දෙකට නමන්න පුළුවන් කියලත් සමහරු කියන එකේ මේවා මොනවද? (නි)
ඇයි රිෂාඩ් වාද කරන්නේ? (නි)
පහන්,ඔයාට තැටිය හැරෙන්න වෙන මොකුත් පෙනෙන්නේ නැහැ .මොකද ,ඒ පොතේම තියෙනවා පොට්ටයන්ට අන්දයන්ට මේක තේරෙන්නේ නැහැ කියලාත් (නි)
පහන්-ඔයා ඕනෑ නම් ඕකට අනුමැතිය දීලා ජනතාව වනසන්න. එකනේ ඔයාගේ ආසාව .පුලුවන් නම් ඔප්පු කරන්න ඔයා පුරුෂ පක්ෂයේ නම් ඕය තැටි කතාව.ඔයා කැසිනෝ ප්‍රේමියෙක් ද ? (නි)
සෞදියේ වගේ වුනානම් කොහොමහරි ෂේප් කරගන්න තිබුණා, නේද රිෂාඩ්? (නි)
ගැනුන්ගේ සුදුවත්,සෞදි යාමත් දෙකම නවත්වන්ඩ බැරිද?(නදී)
පිරිමි ගෙදර වැඩ කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. චීනේ වගේ රටවල වැඩියෙන්ම ගෙදර වැඩ කරන්නේ පිරිමි. නමුත් මේ වගේ දේවල් වලට ඉඩදීලා ගෙවල් වලට වෙලා ඉන්න පිරිමින්ට රජකාලේ විදිහට උල තියන්න ඕනෑ (නි)