IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සමාරම්භක උත්සවයේ වැරදීම ගැන ශී‍්‍ර ලංකාවෙන් විමසීමක්

එංගලන්තයේදී පැවැත්වෙන අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැති ඊයේ (6 වැනිදා) ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය කී‍්‍රඩාංගණයට ගෙන එන අවස්ථාවේදී පසුබිමෙන් හින්දි ගීතයක් වාදනය වීමට හේතු කවරේද යන්න ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේව් රිචඞ්සන් මහතාගෙන් විමසා යවා තිබේ.

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ඒ ඒ රටවල කි‍්‍රකට් නායකයෝ මෙම තරගාවලිය සම්බන්ධයෙන් තමන්ගේ පණිවුඩය ප‍්‍රකාශයට පත්කළහ. ඇන්ජලෝ මැතිව්ස්ගේ පණිවුඩය කී‍්‍රඩාංගණයේ පිහිටි දැවැන්ත රූපවාහිනී තිරයේ දිස්වෙද්දී ශී‍්‍ර ලංකාවේ ජාතික කොඩිය කී‍්‍රඩාංගණයට ගෙන එන ලද අතර එම අවස්ථාවේදී පසුබිමෙන් වාදනය වූයේ හින්දි චිත‍්‍රපට ගීතයකි.

එහෙත් වෙනත් රටවල නායකයන්ගේ පණිවුඩ ප‍්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවන්හිදී පසුබිමෙන් වාදනය වූයේ ඒ ඒ රටවලට අයත් ගීතයකි.
ශී‍්‍ර ලංකාවේ ජාතික ධජය පිටියට ගෙන එද්දී හින්දි ගීතයක් වාදනය වීම සම්බන්ධයෙන් ලෝකය පුරා වෙසෙන ශී‍්‍ර ලාංකිකයෝ දැඩි කළකිරීමටත් ශෝකයටත් පත්ව සිටිති.

 



අදහස් (0)

සමාරම්භක උත්සවයේ වැරදීම ගැන ශී‍්‍ර ලංකාවෙන් විමසීමක්

චතුල වෙරෝනා Saturday, 08 June 2013 01:53 AM

අපේ රටේ තියන ප්‍රශ්න මදිවට දැන් පිටරට ඒවත් එනවා (නි)

:       0       0

පහන් Sunday, 09 June 2013 10:17 AM

මේ වැඩෙත් ජාත්‍යයන්තර කුමන්ත්‍රන කියලා සමහරු තානාපති කාර්යාල ඉස්සරහට ගිහින් පිකටින් කරයිද දන්නෙ නැහැ. මේ ගැන අපි මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

අතපත්තු Saturday, 08 June 2013 02:29 AM

වස් දොස් ගියා කියලා හිත හදාගෙන,හුරේ පාරක් දාමු අපේ කොල්ලන්ට (නි)

:       0       0

අපි සහ අපි Saturday, 08 June 2013 06:15 AM

96 කණ්ඩායමවත් හිටියා නම් බැට් එකෙන් සහ බෝලෙන් උත්තර දෙන්න තිබුණා. (නි)

:       0       0

ජයන්ත Saturday, 08 June 2013 06:23 AM

මතකද 1996 ලෝක කුසලානේ වෙලාවත් මේ වගේම දෙයක් වුනා. අපේ ජාතික ගිය වෙනුවට වෙන රටක ජාතික ගීය තමා වාදනය කළේ. (නි)

:       0       0

අමරනාත් Saturday, 08 June 2013 08:46 AM

මෙය කුමන්ත්‍රණයක්දැයි වහාම හොයලා බලන්න. (නි)

:       0       0

මාර්ක් කුරේ Saturday, 08 June 2013 07:50 PM

මම හිතන්නේ අපි හින්දි තනු කොපි කරන නිසා ඔර්ජිනල් එක දාන්න ඇති.(නදී)

:       0       0

නාලක Saturday, 08 June 2013 09:55 AM

සින්දුව දැන් කමක් නැහැ. ඔයාලා තරගය ගැන අවධානය යොමුකරලා දිනන්න. සින්දු නම් කොයි භාෂාවෙන් කිව්වත් විශ්ව භාෂාවක්නෙ (නි)

:       0       0

සුභාෂිණි Saturday, 08 June 2013 10:43 AM

'අපි සහ අපි' ගේ කතාව හරි.මේවට හරියට උත්තර දෙන්න නම් එදා 96 කණ්ඩායම වගේ වෙන්න ඕනෑ.රටේ ගෞරවය ලොකු අය පාවා දෙනකොට පොඩි අය මොනවා කරන්නද ? (නි)

:       0       0

තිසල් Saturday, 08 June 2013 10:50 AM

ලසන්ත, ඔබට තියෙන්නේ හීනමානය.උනහපුලුවට උගේ පැටියා මැණිකක්.අපි නම් පිටරට ජීවත් වෙන්නේ.කන්නේ බොන්නේ වැඩකරන්නේ කතාකරන්නේ රටේ නම තියන්න.මෝඩ වැඩ කරන්නේ නැහැ. එහෙම නොකරන්නේ අපි ලංකාවේ අය.අපි ශ්‍රේෂ්ඨ ජාතියක් බව ලැබෙන හැම මොහොතකම අනෙක් අයට තේරෙන්නටයි.රට පොඩි වුනාට අපි ලොකුම ලොකු ජාතියක්. හර්ෂටත් කියන්න තියෙන්නේ ඔබට ඕක ලොකු දෙයක් නොවුනට අපිට නම් ලොකු දෙයක්. අපේ රට වෙනුවෙන් කොන්ද කෙලින් කතාකරන්න තව පිරිස ඕනැ. "බියගලුකම නිවට කමයි එය නැති නම් පිරිමිකමයි සිංහල සිතුවිලි මෙහෙමයි පුත නුඹටත් එය උරුමයි" (ජාතික තොටිල්ල - එස් මහින්ද හිමි) (නි)

:       0       0

ලාල් Friday, 07 June 2013 08:39 PM

ඉන්දියාව කරන කරන දේ අපිත් කරන්න ගියාම, එහෙ මිනිස්සුත් හිතන්නේ අපිත් ඉන්දියාවේ එක ප්‍රාන්තයක් කියලා.(නදී)

:       0       0

කුලරත්නේ Friday, 07 June 2013 08:40 PM

අපේ මිනිස්සු කොච්චර ඉන්නවද එංගලන්තයේ. සමහර මිනිස්සු මහා ඉහල තැන් වල ඉන්නේ. එත් ඉතින් ඔවා ගැන කතාකරන්න යන්න බයයි නේ විසා වලට ප්‍රශ්න ඇතිවෙයි කියලා.(නදී)

:       0       0

මාලක Friday, 07 June 2013 08:47 PM

අපේ අය දන්නේ ඉතින් එහෙ තියෙන පන්සල්වලට සෝබනේට යන්නයි. නිල් පාට ටී ෂර්ට් එකක් ඇදගෙන ශ්‍රී ලංකාවේ කොඩියක් වනා අපි ශ්‍රී ලංකා කියා පෙන්නන්න විතරයි.(නදී)

:       0       0

රුවනි Friday, 07 June 2013 08:51 PM

ඕක එහෙ ඉන්නේ එල්.ටී. ටී. යි හිතවාදිගෙන් වැඩක් වෙන්න ඕනේ. මේ අය අපේ රටට සාප කර කර අපේ රටේ නම දා ගෙන රේස්ටොරන්ට් කරනවා.(නදී)

:       0       0

ලසන්ත Friday, 07 June 2013 08:52 PM

මේ වගේ කුඩා රටවල් වල ඉපදුනාම කාගේත් ගැරහිල්ල තමා.(නදී)

:       0       0

හසද Friday, 07 June 2013 08:51 PM

ඉන්දියාවට ඔහොම වුනානම් මෙලහකට එංගලන්තයට විසුමක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ලාල් Friday, 07 June 2013 09:02 PM

මේකේ යටි අදහස තමයි. ඉන්දියාවේ හරි , පකිස්තානයේ හරි , බංගලදේශයේ හරි මිනිහෙක්ට මොනවා හරි වුනොත්, හොයලා බලන්න එංගලන්තයේ ඕනෑතරම් අය ඉන්නවා. අපේ සිංහල මින්ස්සුන්ට මොනවා හරි වුනොත් කිසි පිලිසරණක් නැත.(නදී)

:       0       0

රසිකා Friday, 07 June 2013 09:05 PM

අපිව පාගන්නමයි හදන්නේ (නදී)

:       0       0

ශෂික Friday, 07 June 2013 09:08 PM

කවදාහරි අපේ ජාතික කොඩිය වෙනුවට, වෙන කොඩියක් ගෙනිච්චත්, පුදුම වෙන්න ඕනෑ නැතිවෙයි මෙහෙම යද්දී. (නි)

:       0       0

ලහිරු Saturday, 08 June 2013 12:32 PM

කිර්ති , ප්‍රශ්නෙට අදාලව කතා කරන්න. කොහොමත් ඔයා වගේ මිනිස්සු ඉන්නකම් අපේ රටේ අබිමානය බින්දුව තමයි.ඔයා ලැජ්ජා වෙන්න ඔයාට සිංහල නමක් තියෙන එකට. (නි)

:       0       0

නදී Friday, 07 June 2013 09:12 PM

එංගලන්තය අතින් මෙවැනි උත්සවයකදී මෙහෙම දෙයක් වුනා නම් ඒ ගැන කිසිම රටක කිසිම මාධයකින් වාර්තා කරන්නේ නැත. (නදී)

:       0       0

හර්ෂ Friday, 07 June 2013 09:13 PM

ඕවා එච්චර ගණන් ගන්න හොද නැහැ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

මනිශා Friday, 07 June 2013 09:16 PM

කොහොමටවත් අනුමත කරන්න පුළුවන් වැඩක් නොවෙයි (දී)

:       0       0

සනත් Friday, 07 June 2013 09:22 PM

රුවනි, ඔබ හරි වෙන්න පුළුවන් (නි)

:       0       0

ජනිත Friday, 07 June 2013 09:24 PM

එහෙ ඉන්න සමහර ශ්‍රී ලාංකිකයෝ මාන්නයෙන් හරි අධිකයි (නි)

:       0       0

දිනේෂ් Friday, 07 June 2013 10:07 PM

සිත මගේ හැඬුවා ඔබ හැර ගියදා,,,,, ඒකද දන්නෙ නැහැ දාන්න ඇත්තේ. අපි එහෙමවත් හිතමු (නි)

:       0       0

අනුර Friday, 07 June 2013 10:16 PM

හිතලා කළ දෙයක්වද්ද ? බලමුකෝ (නි)

:       0       0

දම්මි Friday, 07 June 2013 10:18 PM

ලංකාව යනකොට ලංකාවට අදාළ දෙයක් දාන්න , හින්දි දාන්නේ මොකටද (දී)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 07 June 2013 10:23 PM

පැරණි සිංහල ගීතයක් කියලා හින්දි තනුවක් දැම්මද දන්නෙ නැහැ (නි)

:       0       0

කෝලිත Friday, 07 June 2013 10:51 PM

ගද සුද්දෝ හැමදාම ඔහොම තමා, අපේ රටෙන් හොරකන් කරලා කාපුවා උන්ට වමාරන්න වෙන දවසට අපි බලාගම්මු.(නදී)

:       0       0

චතුරංග Friday, 07 June 2013 11:47 PM

ලංකාවේ සංගීත සන්දර්ශන වලදී අපේ සමහර අය ජාතික ගීය යනකොට ඒකටත් නටනවා. හින්දි ගීත යනකොට ඒක තමා අළුත් ෆිල්ම් එකේ සෝන්ග් එක කියලා හොදින් ඒක අහනවා. ඉතින් එංගලන්තෙදි ඕක වුනාට මොනවට පුදුම වෙනවද? (නි)

:       0       0

අනිල් Friday, 07 June 2013 11:54 PM

අද ගොඩක් රටවල අය හිතන්නේ රටට වඩා තමන්ගේ මුදල් පසුම්බිය ගැන. (දී)

:       0       0

කීර්ති Saturday, 08 June 2013 12:04 AM

මේක අපේ සේනාවට විසඳන්න බැරිද? (නි)

:       0       0

තුසිත Saturday, 08 June 2013 12:30 AM

දැන් මේකටත් අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රනයක් කියයිද දන්නෙ නැහැ, සමහරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 2 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 41 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 47 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2494 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1417 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2105 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site