(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාව අසරණව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් එක් අයකුට ඇඟිල්ල දිගුකර ඇඟ බේරා නොගෙන එහි වගකීම භාරගෙන සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි .
තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල්මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.ඔහු පවසන්නේ තෙල්මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්,ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.
රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ.පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ.එමෙන්ම ආණ්ඩුව අබ්යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ.
ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානය.
මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් නිකුත් කරනු ලබන මෙවන් නිවේදන තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත පිළිවෙත ජනතාව ඉදිරියේම නිරුවත් වීම විනා අන් යමක් නොවේ.
තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැති අතර අදාල ගැසට්ටුව ද ‘රිවස්’ කරන්නට ආණ්ඩුවට බලකරන ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන් ය.පොහොට්ටුවේ ලේකම්වරයා නිරූපණය කරනුයේ අදාල කටයුත්ත වෙනුවෙන් කසකරුවෙකුගේ භූමිකාව ය.
ආණ්ඩුව මේ වනවිටත් මහජන විශ්වාසය දියකරගෙන ඇති අතර,ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන පොදුජන පෙරමුණට පවා තමන් ආණ්ඩුකරන බව නොතේරී තිබේ.
වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීමය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි‘
Bandara Sunday, 13 June 2021 11:01 AM
මේ කියන කරන දේවල් වලින් තේරුම් ගත යුත්තේ ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් හා උපායමාර්ග නැතිව කොච්චර බුද්ධිමත් අය පත්වුණත් වැඩක් වෙන්නේ නෑ කියන එකයි. මිනිස්සු පුද්ගලයන් දිනවනවා වෙනුවට ආර්ථික දැක්මක්, වැඩපිළිවෙළක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ යුතු කාලය එළඹ ඇත. හිස් මිනිස්සුන් කටමැත දොඩවනවා මිස තම තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ආගම, ජාතිය වැනි දේවල් වලින් ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරයි. පක්ෂයක දැක්මක් වෙනුවෙන් නම් දේශපාලනයට එන්නේ ඔවුන්ට පක්ෂය මාරු කර වෙනත් පක්ෂයකට එක් විය නොහැක. එයින් පේන්නේ ඔවුන්ට දැක්මක් නැති බවයි. මිනිස්සු තේරුම් ගත යුත්තේ නිවැරදි ආර්ථික සැලැස්මක් නොමැතිව රටක කිසි දිනක ජීවන තත්ත්වය උසස් නොවන බවයි...
PcSunday, 13 June 2021 12:52 PM
දෑත් බැඳ තිරුක්කෝවිල් කැලෑවට ගෙනයනු ලැබූ පොලිස් භටයින්ට වෙඩි තබා මළ සිරුරු පුළුස්සා දමනු ලැබීය. එහෙත් කිසිදු වෝහාරික පරීක්ෂණයක් සිදුවූයේ නැත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වූ ලයනල් ගුණතිලක ඇතුළු කණ්ඩායමක්ද විශේෂ කාර්ය බලකායේ නිලධාරියකු වූ ජනෙත් විමල්ද එම සමූල ඝාතනය වූ ස්ථානය නිරීක්ෂණය කරනු ලැබීය. මේ සමයේ විදේශ ඇමැති ෂාහුල් හමීඞ්ය. ඔහු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් අමතා පොලිස් භටයන් ගැන විමසූ විට පැවසුවේ ඔවුන්ව නිදහස් කරන බවයි. එහෙත් ඒ වනවිට පොලිස් භටයන්ට වෙඩිතබා තිබුණි. දිවිගලවා ගත් පොලිස් භටයන් දෙදෙනකු නිසා මෙම මහා මිනිස් ඝාතනයේ තොරතුරු හෙළිවිය. ද්‍රවිඩ සංධානය ද්‍රවිඩයන් සමූල ඝාතනය වී ඇතැයි පවසන අවස්ථාවේ මෙය සමූල ඝාතනයක් නොවේද? පොලිස් භටයන් ඝාතනය ගැන තොරතුරු වාර්තාවීමත් සමඟ එදා පේ‍්‍රමදාස රජය කුමක් කළේද? ඒ අම්පාරේ සිට බුල්ඩෝසරයක් තිරුක්කෝවිල් වෙත යවා සිරුරු පිළිස්සූ ස්ථානය පස් වලින් වසා දැමීමයි. වසර 31කට පෙර තමන්ගේ රජය විසින් කොටි ත්‍රස්තයන්ව පාවාදුන් පොලිස් නිලධාරින් 600 සැබැවින්ම වීරයන් වේ. ඔවුන්ව එදා සිට මේ දක්වාම ආණ්ඩුව විසින් අමතක කර ඇත.
කොරලගේSunday, 13 June 2021 01:42 PM
මේ බණ්ඩාර ... ලංකාවේද ඉන්නේ එරොප්පේද? ගොන් කතා කියන්න එපා. ආණ්ඩුව පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගේ පිටේ නොසෑහෙන්න බර පටවලා, මේ වසංගත අස්සේ ප්‍රාඩෝ ගන්න අධික මුදල් නාස්ති කරලා, ගිනිගන්න නැව වරායට ගෙන්නලා පාරිසරිකව බිහිසුණු විනාශයක් කරළා, වසංගත අනාගෙන ජීවිත වසංගතයට බිළි කරලා, හත්පොළේ ගාගෙන, ජාත්‍යන්තර ප්‍රතිරූපය අනාගෙන GSP සහනය අහෝසියිවෙලා යනඑන මන් නැතුව ඉන්නේ. ඉතින් සජිත්ගේ කතා සහතික ඇත්ත...
siripalaSunday, 13 June 2021 08:46 PM
‘සමස්ත ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි" සජිත් මේ තිබෙන්නේ රට ගොඩ නැගීමේ අරමුණ නොවේ. ඔහුගේ එකම සිහිනය අගමැතිවීමේ සිහිනය වේ. එම නිසා ඔහු ඉදිරි වසර දෙක සඳහා අගමැති කරමු. එවිට ඔහුගේ සිහිනය සැබෑ වුවත් ඔහු අගමැති වීමෙන් රටට නම් සෙතක් වන්නේ නැත.
යාපා Sunday, 13 June 2021 11:22 AM
අයින්වෙලා ඔබතුමාටද බාරදෙන්න ඕනෑ. ඊට වඩා හොඳයි. 2 වසරේ ළමයෙක්ට දෙන එක...
Ruhunu Sunday, 13 June 2021 11:49 AM
අායිත් ආවානේ....!!!
Nihal Sunday, 13 June 2021 11:51 AM
ඔබලාට බාර දුන්නොත් මේ ටිකත් නෑ. අපිට මතකයි යහපාලනය 05...
මුණසිංහ Sunday, 13 June 2021 04:23 PM
සම්පූර්ණයෙන් ඇත්ත. සාර්ථක පුද්ගලයෙක් ඔය කතාව කිව්වා නම් කමක් නැහැ.
පප්පSunday, 13 June 2021 06:25 PM
යහපාලනෙය උනුත් හොරු, මුනුත් හොරු... ඔක්කොම එක වල්ලේ පොල්... හැබැයි රජෝ එකක් අපි කියන්න ඕනෙ.. යහපාලන කාලේ අපිට ජීවත් වෙන්න මෙච්චර අමාරුවක් තිබුනේ නැහැ. තිත්ත වුණත් ඒක නේද ඇත්ත කොල්ලෝ... ?
මුණසිංහ Sunday, 13 June 2021 09:17 PM
ඒ කාලෙත් කෝවිඩ් තිබුණා නම්.. බලන්න තිබුණා රඟේ.. ඒ කාලේ රට වහලා තිබුණේ නැහැ. ඇත්ත තත්වය ඒකයි...
mp Sunday, 13 June 2021 11:54 AM
එතකොට ඔයාට කල්ල මරේ...
ඇල්ෆ්‍රඩ් Sunday, 13 June 2021 12:15 PM
අස්වෙලා මෙයාට දෙන්න.. හී හී...!!!
රොහාන් Sunday, 13 June 2021 12:18 PM
අපි ඇවිල්ලා කරන්නම්නේ... 5 න් 5 ට මාරුවේවි...!!!
නුවන් Sunday, 13 June 2021 12:39 PM
ඔබ මෙයටත් ප්‍රකාශයක් නිකුත් කළා... මෙය එකඟතාවයක් මත කරන ලද නාටකයක් විය හැකියි.
fairoos Sunday, 13 June 2021 12:40 PM
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
පොඩි මල්ලි Sunday, 13 June 2021 12:46 PM
මෙයාලට දුන්නම තව අවුරුදු 5 යනකල් කියවයි පහුගිය ආණ්ඩුව අපිට දුන්නේ විනාශ කරපු රටක්... විදේශ සංචිත හිස්, භාණ්ඩාගාර හිස් කියලා ඒ අවුරුදු ටික තමන්ට කඩේ ගිය ගෙන්චයියන්ට සලකයි.. ඕක තමයි මේ රටේ අවුරුදු 50ක් විතර කැරකෙන දේශපාලන රෝදේ.!!! .
MalijaSunday, 13 June 2021 01:16 PM
එහෙනම් ඉතිං ඉන්න උන්ටම ලබන පාරත් දෙමු. එතකොට ඉන්න අයම තව බොරු ටිකක් ගොතාගෙන බොරු පොරොන්දු දීලා, දිවුරුම් දීලා අපිටයි රටේ ඉතුරු ටිකයිත් විකුණලා යනකම් මේ අයටම දීපල්ලා.
උපතිස්ස රිටිගල Sunday, 13 June 2021 12:53 PM
ඇමරිකන් අධිරාජ්‍යවාදී වෙනවට වඩා තෙල් වැඩි වෙන එක හොඳයි මහත්තයෝ. දැන් මොකක්ද ප්‍රශ්නේ? වාහන කියන්නෙම බටහිර දෙයක්. අපේ වාහන සංස්කෘතියක් තිබුණේ නෑ. දැන් පුදුම වාහන පිස්සුවක්නේ තියෙන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් පාර පුරා යන එකද ජීවිතේ කියන්නේ? මේ සුද්දා අපිට පුරුදු කරපුවා. අපි නතර කරගන්න ඕන වාහන පාවිච්චිය මිසක් තෙල් මිල නෙමෙයි. එකම විසඳුම සරල ජීවන ක්‍රමය. අපි නැවත අතීතයට යා යුතුයි. හරිත විප්ලවය පරදා ප්‍රකෘති ජාන සහිත බීජ සොයා යා යුතුයි. අපි නතර විය යුතුයි. (බුදුන් වහන්සේ අංගුලිමාලට කියපු දේ) අධිවේගී ගමන නවතා මොහොත තුළ ජීවත් වීම ප්‍රගුණ කළ යුතුයි...
බමුණු.Sunday, 13 June 2021 02:07 PM
එතකොට ඔයාගේ අග්‍ර පුරෝහිත විමලේ ඔය අධිරාජ්‍යවාදී කිය කියා කිසිම හිරිකිතයක් නැතිව, ඔය සුද්දාගේ වාහන පාවිච්චි කරන්නේ නෑදෑ සනුහරේත් එක්කම. රට රවටන වචන කිහිපයක් කට පාඩම් කරගෙන කියවනවා. සමහර අන්ධයන් ඕවාට රැවටෙනවා. ඒත් හැමෝම රැවටෙන්නේ නැහැ. නිකං විකාර කතා නොකියා රටේ ලෝකයේ පවතින සත්‍යය දකින්න. පුහු පුරෝහිතයින්ගේ බොළඳ කතා ඉවත දමා පැහැදිලි යථාර්ථය දකින්න. නිකං අපබ්‍රංස නොකියා ඉන්න...
p.d goonawardena Sunday, 13 June 2021 01:00 PM
එතකොට ඔක්කොම හරිද..? අපිට මතකයි යහපාලනේ කරපු කෙලි.. ඔහෙට බෑ ආයි මොනවා කිව්වත්...
Sri Lanka Sunday, 13 June 2021 01:04 PM
ඔය වැඩේ කරන්න එපා.. ආණ්ඩුවේ ගත්තු ණය ඔක්කොම ගෙවලා මිසක් යන්න එපා කියන්න. ඕක තමයි පක්ෂ 02ම කරන්නේ... අවුරුදු 05ක් හොරකම් කරන්න දීලා අනිත් අය ඇවිල්ලා ඒකම කරනවා..
රොෂිනී Sunday, 13 June 2021 01:20 PM
අප රටේ පිල් බෙදී සහ බෙදා වාද කිරීම හැරෙන්නට කොයි කවුරු ආවත් සැලසුම්කරණය බිංදුවයි කියආ හිතෙන්නේ පසුගිය රජය සමයේ නගරවල කසල එකතුවීම සහ ඩෙංගු ව්‍යාප්තියත් මේ රජයේ නැව නිසා වූ විනාශය මෙන්ම ජනතාව පෙළමින් කෝවිඩ් එන්නත් පෝලිම් දිගුවීමත් දුටුවිටයි.
nimalka Sunday, 13 June 2021 02:38 PM
මහත්තයෝ අවුරුදු 05 කින් රටක් දියුණු කරන්න බැහැ. දැන් ඉන්න කට්ටිය බලය ඉල්ලුවොත් කරන්නේ කොහොමද නොදැන...? ඔබතුමා බලය ඉල්ලන්නෙත්, කරන්නෙත් කොහොමද නොදැන? පක්ෂ විපක්ෂ හැමෝම එකතුවෙලා අවුරුදු 20ක් විතර සැලසුමක් හදන්න. මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්න...
don perera Sunday, 13 June 2021 02:40 PM
මේකේ ප්‍රතිචාර දැක්කාම හිතනවා තව වැඩිකළානම් හොඳයි කියලා... ලංකාවේ නූගත් මොලවල පාරාදීසයක්...
kamal Sunday, 13 June 2021 02:47 PM
ඉල්ලා අස්වෙලා ඔබතුමාට දෙන්නද කියන්නේ?
Dhammika Sunday, 13 June 2021 02:48 PM
කථාවට කියන්නේ දේශපාලනේ කරන අයගේ ලැජ්ජා නහර කපලා කියලා. සජිත් මහත්තයාගේ මේ කථාවෙන් ඒක ඔප්පු වෙනවා..
සුද්දාSunday, 13 June 2021 03:54 PM
හැබැයි සාගර කාරියවසම් ගැන කියලා තියනදේ නම් හරි. ඒ මනුස්සයා ගම්මන්පිල විමල් එක්ක තියන ප්රශ්නය නිසා ගම්මන්පිලට ගහන්න ගිහින් තමන්ගේ පක්ෂයේම හත්පොලේ ඉලුවා...
Demuni Uduwara Sunday, 13 June 2021 07:07 PM
ප්‍රමාද නොකර ජාතික රජයක් තිබිය යුතුයි.
Nimal Sunday, 13 June 2021 08:32 PM
අර පහුගිය කාලෙ මිල සූත්තරය හදපු කෙනාගෙන් ඇහුවා නම් හරි..
Balasooriya Sunday, 13 June 2021 10:48 PM
පව් නේද?
Bamunuarachchi Monday, 14 June 2021 08:29 AM
ඇත්තටම? කවදා ඉඳන්ද? මම දන්නා කාලේ පැට්රල් ගැලුමක් රු 2.50යි. අද ලීටරයක් රුපියල් 157යි.. හැබැයි කිසිම ආණ්ඩුවක් තෙල්මිල වැඩිකරලා ඉල්ලා අස්වුනේ නැත...
chandana Monday, 14 June 2021 10:53 AM
"අමන ජනතාවක් කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි නොවේ" - බ'තෝල්ට් බ්‍රෙෂ්ට්
Bamunuarachchi Monday, 14 June 2021 06:25 PM
බ'තෝල්ට් බ්‍රෙෂ්ට් හොඳයි කියන ජාතියේ ආණ්ඩු කොහෙද තිබෙන්නේ?