කොටදෙණියාව, බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ලිංගික අතවර කර මරා දැමීමට සම්බන්ධ අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා එක්සත් කාන්තා පෙරමුණ අද (16) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධයක නිරතවිය.
එම පෙරමුණේ සභාපතිනි ඩයනා ගමගේ මහත්මියද උද්ඝෝෂණයට එක්ව සිටියාය.
කොටදෙණියාව, බඩල්ගම සේයා සඳෙව්මි දැරිය ලිංගික අතවර කර මරා දැමීමට සම්බන්ධ අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙස ඉල්ලා එක්සත් කාන්තා පෙරමුණ අද (16) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධයක නිරතවිය.
එම පෙරමුණේ සභාපතිනි ඩයනා ගමගේ මහත්මියද උද්ඝෝෂණයට එක්ව සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධකරු සොයා ඉක්මණින් දඬුවම් දෙන්න (නි)
මෙහෙම කෑගහලා විතරක් වැඩක් නැහැ. ස්ථිර පිළියමක් යොදන්න (නි)
විශේෂ අධිකරණ ක්‍රමයක්- නියත මරණ දඬුවමක් (නි)
අපිත් මේ සටනට පුළුවන් හැටියකට එක්වෙමු (නි)
මෙවැනි අපරාධවලට අදාළ නඩු විශේෂ අධිකරණයකට යොමු කර මෙහි උණුසුම යාමට පෙර අවම වශයෙන් සති දෙකක් තුනක් තුල නඩුව විභාග කර වරදකරුට මරණ දඬුවම දිය යුතුයි. මරණ දඬුවමත් සතියක් දෙකක් තුල ක්‍රියාත්මක විය යුතුයි. නඩු විසදීම අවුරුදු ගණන් කල් යාම නිසා අපරාධකරුවන්ගේ බිය නැති වෙනවා. (බ)
ළමා අපචාර දහස් ගණනක් උසාවියේ විභාගවෙමින් තිබෙන බව වාර්තා වෙනවා.මේ නෝනාවරුන්ගේ අවධානය ඒ වෙනුවෙනුත් යොමුවෙනවා නම් හොඳයි. ළමා අපචාර සහ ස්ත්‍රී දුෂණ වෙනුවෙන් විශේෂ උසාවියක් පිහිටුවා මේ නරුමයන් එල්ලා මරන්න. (නි)
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් මෙම අපරාධ නවතාලිය නොහැකි වනු ඇත. අඩු වේ යැයි සිතීමටද අපහසුය. සෑම දරුණු මිනිසෙකුම එවන්නෙකු වීම සමාජ, ආර්ථික ,අධ්‍යාපනික ගැටළු රාශියක ප්‍රතිඵලයකි. මෙම ගැටළු සමාජයෙන් මුලිනුපුටා දැමීමෙන් පමණක් මෙම අපරාධ අඩුකරගත හැකි වනු ඇත. දෙමාපිය සෙනෙහස අහිමි දරුවන්, දැඩි ආර්ථික ප්‍රශ්නවලින් මිරිකුණු දරුවන් හා නොයෙකුත් මානසික ගැටලු වලින් පෙළුණු දරුවන් වැඩිහිටියන් වූ කල මෙවන් අපරාධ කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. මේ අපරාධ මැඩලීමට නම් දීර්ඝකාලීන සැලසුමක් සහිතව සමාජයේ උදවු අවශ්‍ය කොටස්වලට රාජ්‍ය මැදිහත්වීමෙන් නිවැරදි මාර්ගයට ගෙන ආ යුතුය. (නි)
හැමදාම සද්දය ඒ වෙලාවට විතරක් සීමාවෙනවා. මීටවැඩිය පුළුල් සමාජ කතිකාවක්, බලවේගයක් ගොඩනැඟිය යුතුය. කොටකෙතන දැන් මතකද? විද්‍යා දියණිය මතකද? මේක වේරම්බ වාතය වගේ සද්ද විතරයි. (නි)
දුෂණය ,හොරකම ,මැරකම,අපචාර ඒ තරම් සැලකියයුතු දෙයක් නෙවෙයි කියල ඔය පාරට බහින කට්ටිය පහුගිය ඡන්දෙදි පෙන්නුවා .එහෙම රටක මෙහෙම නොවෙන එකනේ පුදුමේ. (බ)
ඇයි ලංකාවේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැරි? (නි)
ෆර්සාන්, ඔයා හරි. හැමදාම ලංකාවේ වෙන්නේ එහෙමයි. ඉස්සරහටත් එහෙම වෙයි. අනේ මෙහෙම අපරාධ! (නි)
පසුගිය දිනවල සිදුවුණ ලිංගික අපරාධ දෙස බැලුවහම සමාජගත වුණ බරපතල අසහනයක් තිබෙන බව පෙනෙනවා. එම අසහනයට නිශ්චිත පිළිතුරක් නොසොයා මෙම අපරාධ නවත්තන්න බැහැ. එල්ලුම් ගහ සමාජ ප්‍රශ්නයන්ට පිළිතුරක් නෙමෙයි (නි)
දැන් ඔහොම කෑගැහුවා කියලා ළමා අපචාර නවතිනවද? (නි)
මෙහෙම වුණාට ළමාරක්ෂක අදිකාරිය කියන්නේ මරණ දඩුවම නොදී අවුරුදු 20 හිරේට යවන්න කියල ඇත්තටම මෙහෙමත් රටක් අනේ දෙවියනේ මේ කරපු දේට මේ ලෝකේ යම් බලවේගයක් තියනවනේ එකෙන් දඩුවම් ලැබේවා.(ම)
මොකක්ද ලෙනාර්ඩ් ඔබ කියන්නේ එතකොට මොකක්ද දෙන්න ඕන දඩුවම නිකන් බොරුවට මෙහෙම කතා කියන්න එපා.දෙන්න ඕන නිකන් මරණ දඩුවම නොවේ දස වදදීල මරන්න ඕන (ම)
සුදාරි, ඔය කියන්නේ වැරදි කරහම දෙන දඬුවම් ගැන. නමුත් ලෙනාර්ඩ් කියන්නේ දඬුවම් ලබෙන්නවත් වැරදි කරුවෙක් හොයාගන්න බැරි වෙන විසඳුමක්. බැරි නැහැ පුළුවන්. එත් ඉතින් අපි මහා ලොකු ජාතියක් නේ. ලෝකේ ඉන්න උතුම් ම ජාතියනේ අපි. එනිසා එක කරන්න බැහැ(ම)
ඉමේෂ් ඔයා කියන විසදුමෙනුත් මේකට කිසියම් විසදුමක් ලැබෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි හරි විසඳුම. හරි විසඳුම තියෙන්නේ එතන නෙමෙයි. සනුකි කියන අදහස තුලින් මේකට විසඳුම් හොයන්න පුළුවන් කියල හිතෙනවා. (අ)
සනුකි කියන්නේ අද හෙට කරන්න පුළුවන් දෙයක්ද? ඔය දේවල් කිසිම විටෙක වෙන්නේ නැහැ.මේ සමාජගතවුණු ඒවා.දෙයක් වුණාම ඒක විසඳන්න කෙනෙක් නැහැ. ඔය හැමදෙයක්ම අපි පොත් වලින් කියවපු දේවල්.නැතුව ඒවාට කෑ ගහපු අයත් මැතිඇමති වුණාම ඕවා මතක නැහැ (නි)
ඉමේෂ් ඔය කියන ඒක හරි අපි මහා ලොකු ජාතියක් බව පේනවා දැන් වෙන දේවල් දිහා බැලුවම.(ම)
නීතියෙන් නියම දඩුවම නොලැබුනත් ස්වභාව ධර්මයෙන් ඒ තිරිසනාට දඩුවම් ලැබෙනවා . ඒ කිරිසප්පයට කරපු අපරාදේට මැරෙන්නේ පණපිටින් කුණුවෙලා (බ)
ඉක්මණින් ඝාතකයා රටට හෙළිකරන්න (නි)
දූෂණ චෝදනා ඇති අයට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න (නි)
කල් යන විසඳුම් හරියන්නේ නැහැ. තවත් අපේ දරුවෙකුට මෙහෙම වෙනවා බලාගෙන ඉන්න බැහැ. මරණ දඬුවම ක්‍රියාත්මක කරලා ඔයාල කියන දීර්ඝකාලින විසඳුම් ක්‍රියාත්මක කරමු. නුවණින් වැඩකරමු. (නි)
මම කියන්නෙත් එල්ලුම් ගහ ඕනමයි මේ පුංචි මල් කැකුළු වලට කරන විනාසයට.(ම)
දඬුවම් ඉල්ල ඉල්ලා ලබාගන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම එය එසේ සිදුවිය යුතුමයි (නි)
ඉතාම හොද ප්‍රවනතාවක් ඔබලාට ජය (අ)
මේක වවාගෙන කන්නේ නැතිව තිරසාර විසදුමක් සදහා සමාජ වගකීම නීතිගත කරන්න ක්‍රමවේද ගැන සොයා බලන්න.
පහුගිය දවස් වල මේගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ?(අ)
කෝ ඉතින් ඝාතකයා ?ඝාතකයා අත්අඩංගුවට ගනිව් කියල උත්ඝෝෂණය කරන්න ඕනේ ඉස්සෙල්ල ඊට පස්සේ එල්ලමු (අ)
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල මෙවන් අපරාද ළමා අපචාර කාන්තා හිංසනයන් තරයේ හෙලා දකිනවා. කුඩා දරුවන් හට මෙවන් අපරාද රට තුල සිදුවීම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ලජ්ජා විය යුතුයි. බෞද්ද සදාචරයෙන් හෙබි පිරිසක් රට තුළ සිටියදී නිතිය සහ සභ්‍යත්වය කෙලසන අමනයන් වෙනුවෙන් නිතිය හරියට ක්‍රියාත්මක කරන්න කියා රජයෙන් අධිකරණයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම මෙම ක්‍රියා මැඩපැවැත්වීමට දැඩි නීති රෙගුලාසි පනවන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. (අ)
ඔයාලගේ වැඩ පිළිවෙළ ගොඩක් හොඳයි මේවගේ දේවල් නැති කරන්නම් ඕන ඕක කරපු පහරයට මහා පාරේ ගල් ගහල මරන්න ඕන මිනිස්සුන්ට පෙන්න (අ)
ඉතාම හොද ප්‍රවනතාවක් (අ)
ලලිත්, අඩුම ගානේ ඔව්න් හරි එතන ඉන්නවානේ, ඔබ තුමා ගියද? (අ)
ඒත් හොඳයි (අ)
ඔබ හරි සිල්වා.පිරිමි අපිටත් ලැජ්ජාවක් මේවා.මේවා කරන අයට කිසිම සමාවක් නම් එපා.ඒ වගේම නඩු අහන්න එපා අවුරුදු 20ක් විතර.එකපාරින්ම ඉවර කරලා මරන දඬුවම දෙන්න (නි)
දෙමාපියන් තම දරුවන් ගැන මීටවැඩිය සැළකිල්ලෙන් හා විමසිල්ලෙන් සිටිය යුතුයි.විශේෂයෙන්ම තම දරුවන්,තනි නොකළ යුතුයි.නිවසෙන් පිට කිසිම කෙනෙකුගෙන් තෑගි බෝග,රස කෑම ද්‍රව්‍ය බාර නොගන්නා ලෙස දරුවන්ට අවවාද කළයුතුයි.කිසිම කෙනෙකු තම දරුවාගේ ඇඟ අතපත ගෑවොත්, තමන් හට නොසඟවා සැළකළ යුතු බවට අවවාද කරන්න. (නි)
මේ තොල් රතු කරපු නෝනලා ටිකක්නේ. (අ)
ලලිත් වැන්නවුන්ගේ පහත් මානසිකත්වය හොඳින්ම ඉස්මතුකරලා ලෝකෙට පෙන්වනවා. ගැහැණියකට රටේ සමාජයේ පැහැපත්ව පෙනීසිටින්නට තහනම්ද? ලංකාවේ ගැහැණිය හැමදාම ඉන්න ඕනෑ අර එක්දහස් අටසිය ගණන්වල හිටපු, වැරහැලි චීත්ත කෑල්ලක් හා දැලි පෙරුණු හැට්ට කෑල්ලකින්ද..? ඒ දරු පැටියා වෙනුවෙන් මාත් ඔතනට යනවා ලංකාවේ හිටියා නම්. රටේ ඉන්න වගකිවයුත්තන්ට කෑ ගහලා කියන්න මිනීමරුවාව සොයාගෙන වහාම ඒ තිරිසනාගෙන් එල්ලුම් ගහ නැවත පටන්ගන්න කියලා (නි)
සුමේද, අපරාධකරුවන්ට උපරිම දඬුවම දියයුතු බවයි මගෙත් හැඟීම. නමුත් නීතියට ඉඩ දියයුතුයි. නීතිය අපේ අතට අරගන්නේ කොහොමද? (නි)
අත්අඩංගුවට ගත් දවසෙම මෙයාව රක්ෂිත බන්ධනාගාරයට අරින්න. එහෙ ඉන්න මිතුරෝ මෙයාව ප්‍රවේශම් කරගනියි. (නි)
ඉතාම හොඳයි. එල්ලුම් ගහ නියම කරන්න (නි)
මම නම් හිතුවා මේ උද්ඝෝෂණයට මීටවඩා පිරිසක් සහභාගිවෙයි කියලා (නි)
මෙයාලා කොච්චර කෑගැහුවත් නිසි බලධාරීන් උපේක්ෂාසහගතව ඉන්නවා. සතියකින් දෙකකින් සිද්ධිය හැමෝටම අමතක වෙනවා. මෙතුවක්කල් සිද්ධ වුණෙත් ඒක. ඉදිරියට සිද්ධ වෙන්නෙත් ඒක (නි)
මෙච්චර බණ කියන බෞද්ධ රටේ මිනිස්සු තිරිසන් වෙලා නම් ඉටිපන්දම් පත්තුකළා කියලා වැඩක් වෙන්නෙ නැහැ. මේකට තිරසාර විසඳුමක් අවශ්‍යයි (නි)
ස්ත්‍රී දුෂකයන් එල්ලන්න කලින් ඔවුන් කවුදැයි කියා සොයාගන්න උදවු වුණා නම් මීටවඩා හොඳ නැද්ද? (නි)
ඔය වියදමින් ළමා අපචාර වැඩි ගමින්ගමට ගොස් දැනුවත්කිරීමේ ව්‍යාපාරයක් කරන්න. තවද චාම් ලෙස සහභාගිවෙන්න. මොකද මේක ශෝකකූල දෙයක්. (නි)
බොරුවට අනවශ්‍ය කලබල ඇති කරගන්න නම් එපා (නි)