රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ප්‍රථම පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී හා මාලබේ සයිටම් විශ්ව විද්‍යාලයේ උප කුලපති ආනන්ද සමරසේකර අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළේය.
තමා අත්අඩංගුවට ගැනීමට සිටින බවත් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ඔහු නීතිවේදී ප්‍රමිලා දිනූෂා පෙරේරා මහත්මිය මගින් මෙම ඇප අයැදුම ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් සයිටම් එක වහලා දැම්ම නම් වැඩේ ගොඩනේ, ලංකාවේ දොස්තරලා කොච්චර හොඳට ලෙඩ්ඩුන්ට සලකනවාද? පෞද්ගලික රෝහල් වල හා චැනල් සෙන්ටර වල වුනත් වැඩ කරන්නේ කැමැත්තෙන් නෙමේ. ඉතාම අඩු මුදලකට ජනතාවට පරම සේවයක් ඉටු කිරීමටනේ.(හේ)
වරදක් කර ඇත්නම් දඩු කදේ ගසා දඩුවම් කරන්න(රේ)
හොරාට කලින් කෙහෙල් කැන වැට පන්නවත් ද ..? තම වෘත්තීය ප්‍රවීණත්වය වරදාන ,ලාභ ප්‍රයෝජන වෙනුවෙන් නම් මුහුණ දෙන්න වෙයි ඔබට.කුම්බලා මාළු කෑවානම් විදවපන් බළලෝ කීවලු නේ.දැන් ඉන්න උන්නැහෙලටත් කියන්න තියෙන්නේ ඔපමනයි .(රේ)
කෝ බලන්න සයිටම් වීරයෝ පෝලිමේ එන්න.(රේ)
ගයාන් හරි. මමත් කියන්නේ තාජුඩීන් ඝාතනය සෙවීම නවත්වලා වෙන කොහේහරි ඉන්න කෙනෙක් හෙවුවා නම් හොඳයි. මොකද මේකෙන් අමාරුවේ වැටෙන්නේ පරණ ආණ්ඩුවේ කට්ටිය. ඒගොල්ලෝ වැරදි කරලා කියලා හිතෙනකොට මගේ වහල්කමට හරි නැහැ (නි)
කළ කළ දේ පළ පළ දේ (නි)
බියෙන් දඟලන සංගම් මාෆියාව වැරදි කළ පුද්ගලයාව ඉස්සරහට නොදා ආයතනය ඉස්සරහට දාලා නේද? අනික ඔය කවුරු වුණත් ඔවුන් සල්ලි වලට මිස ජනතාවට ආදරය කරන මිනිස්සු නොවේනේ. (නි)
මිනීමරුවා "රිමාන්ඩ් " කරලා කියලා ආරන්චියි. (අ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඇයි දැන් කට්ටිය බය වෙලාද?(හේ)
මේක බරපතල අපරාදයක් වගේම වෘත්තීයේ ගෞරවයට මානව සංහතිය වෙනුවෙන් කරපු අතිශය ද්‍රෝහී කමක් (හේ)
වැරද්දක් කරල නැත්නම් බය වෙන්න ඕනේ නැනේ (අ)
කළ දේවල් කොහොමත් පල දෙනවා.(හේ)
සියලුම කුණු බේරුවල් බොක්කටද ?(හේ)
මෙය තජුදීන් ගැන අවන්කවම සෙවීමක්ද? නැත්නම් පලිගැනීමට දඟලන උත්සාහයක්ද ? වෙන අබිරහස් මරණ නැත්ද ? හොයලා බලන්න (හේ)
නීතියෙන් සමාවක් දෙන්න හොදම නෑ (හේ)
මේ වගේ හොර දොස්තරලව එල්ලන්න ඕනා. (අ)
දොස්තර නන්දදාස කෝදාගොඩ මහතාගෙන් පසුව මෙවැනි තනතුරක ප්‍රසිද්ධියට පත් වූ අයෙක් ඇත්නම් ඒ මෙතුමායි . නමුත් තමාගේ දැනුම සහ ආත්ම ගරුත්වය කාගේ හෝ අවශ්‍යතාවයන් මත පරදුවට තබන්න සිදු වුණාට කවදා හෝ වන්දි ගෙවන්න සිදු වෙනවා යැයි සිතිය යුතුව තිබුනේ එදා මිස මෙදා නොවේ . (අ)
මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. (හේ)
වැරදි කලානම හැංගෙන්න බැහැ මහත්තයෝ ,ඒවාට මුහුණ දෙන්නම වෙනවා (අ)
උණුසුම් කතන්දර දෙකක සබැදුම !සයිටම් මින් ඉදිරියට කොයිබටද? (අ)