අතිරේක රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස පත් කැර ඇත.
මෙම ධුරයට පත් වු දෙවැනි කාන්තාව තෙන්නකෝන් මහත්මියයි.
ඇය දහ නව වැනි රස පරික්ෂකවරියයි.පත්වීම මාර්තු තුන්වැනිදා සිට බල පැවැත්වෙන ලෙස ඇමැති මණ්ඩලය ඇගේ පත්වීම අනුමත කැර ඇත.
සහකාර රස පරීක්ෂකවරියක් ලෙස 1983 ඔක්තෝබර් 17 දා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුණ ඇය ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක නියෝජ්‍ය රජයේ රස පරීක්ෂක ලෙස සේවය කැර ඇත.
වසර තිහකට අධික කාලයක් ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කැර ඇත.
දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටියදී එක්සත් රාජධානියේ ග්ලාස් ගෝ නුවර ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්ව විද්‍යාලයයේත් ඖෂධ විශ්ලේෂණය පිළිබඳව පශ්චාත් උපාධිය ලබාගත්තාය.
ඒ සඳහා වැඩිම ලකුණූ හිමිකැරගත් ශිෂ්‍යාව ලෙසින් සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගමේ සම්මානය හිමි කැර ගත්තේය.
දෙපාර්තමේන්තුව තුල මෙවන් සම්මානයක් හිමි කැරගත් එකම තැනැත්තිය වන්නේ ඇයයි.
ශ්‍රී ලංකා රසායන විද්‍යාඥයින්ගේ සංගමයේ අධිසාමාජිකත්වය දරණ ඇය එහි වරලත් රසායනඥලෙස ද ක්‍රියා කරයි.අධිකරණ ධුලක විද්‍යාඥයින්ගේ අන්තර් ජාතික සංගමයේ සාමාජිකත්වය ඇත.
ශ්‍රී ලංකාවේ කලාපීය නියෝජිත ලෙසද සේවය කරන්නීය.
ජාත්‍යන්තර නීරීක්ෂණයට ලක් වු ප්‍රකාශනවලට සංකීර්ණ ලිපි සපයා ඇත.ශ්‍රී ලංකාවේ වෛද්‍ය නීතී ඇය හා සංගමයේ සහකාරක රස පරීක්ෂකවරුන් දෙදෙනකු විසින් 2012 -2013 දී ඉදිරිපත් කැරුණු පර්යේෂණය හොඳම පර්යේෂණය ලෙස පිදුම් ලැබීය.
දෙපාර්තමේන්තුවේ අධිකරණ විද්‍යා අංශ සම්බන්ධ විද්‍යාගාර කිහිපයකටම බහුලව සේවය කැර තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා විශේෂ ගෞරව විශේෂ උපාධීධාරිනියක් වන තෙන්නකෝන් මහත්මිය කුරුණෑගල කොස්දෙණිය මහා විද්‍යාලය,කටුපොත තිස්ස මධ්‍ය මහා විද්‍යාලය,කුරුණෑගල නාරම්මල මයුරපාද විද්‍යාලයයේ ආදී ශිෂ්‍යාවකි.
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පිහිටා ඇත්තේ ඉසුරුපාය ,පැලවත්ත බත්තරමුල්ල යන ස්ථානයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන් රාජකාරිය කරන්න. (නි)
අපගේ සුබ පැතුම්! (නදී)
ඔබතුමියගේ රාජකාරි දිවියට සුභ පැතුම්! අවංකව රාජකාරි කරන ගොඩක් දෙනා අතරින් ඔබත් කෙනෙක්. ඒ ගැන අපි වඩාත් සතුටු වනවා. ඔබ තුමියට දීර්ඝායු! (නදී)
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. සියලු රාජකාරි ඉටු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා! (නදී)
එතුමියගේ ඉදිරි ගමනට සුබ පතමි. (නදී)
ඔබතුමියට සුබ පැතුම්. රටට ඔබගේ වටිනා සේවය ඉතාමත් අගනේය. (නදී)
ඔබ තුමියට මගෙනුත් සුබ පැතුම්! පිටිගල සුබ පැතුවහම ඇති. (නදී)
ඔබ තුමියට එක සිතින් සුබ පතනවා. (ස)
ඔබේ රාජ කාරිය අකුරටම කිරීමට ඔබට ශක්තිය ලැබේවා.සුබ පැතුම්. (ස)
මා ඇය යටතේ සීමාවාසික පුහුණුව ලැබූ නිසා දන්නවා, ඇය අවංක, ක්‍රියාශීලී, සහ දක්ෂ නිලධාරිනියක්. සකුන්තලා මහත්මියට සුභ පැතුම්. (ස)
ඇය ලස්සනයි. ගාම්භීර පෙනුමයි. සුභ පැතුම්!
නෝනගේ පව්ලේ කට හරි රැකියා අරන් දීලා. නෝනගේ කරට තොන්ඩුව දමාගන්න එපා හොදද. වෙන්නේ නම් ඕක තාමයි. දැත් ශක්තිමත් කරන්න ගියයොත් නෝනගේ රැකියාවට තිත තමයි .
හරියට නඩු තීන්දු දෙන්න නියම හොරු අල්ලලා රටට නිවෙරදි සේවයක් කරන්න ඔබතුමියට බලය ලැබෙන්න ඕනේ (දී)
සුදුස්සාට සුදුසු තැන දිය යුතුමය. (නි)
සුබ පැතුම් (දී)
මේ මැතිණියට අපේ හදවතින්ම සුභ පතනවා (නි)
ඔබට ජයවේවා! (නි)
රටේ වැදගත්ම තනතුරක්. නෝනා, අවංකවම තම රාජකාරිය කරන්න (නි)
ආඩම්බරයි,..ඔබට සුබ පතමි, කාන්තාවක් නිසා හොදින් ලුණු ඇඔුල් දන්නවනේ, ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් රස බලා වාර්තා හැකි ඉක්මනින් සපයා දෙන්න හැකි වේවා! (ස)
එතුමියගේ ඉදිරි ගමනට සුබ පතමි. (ස)
මේක තියෙන්නෙ මෙතන කියල දැනගත්තෙ අද. අපි හිතාගෙන හිටියේ ඉසුරුපාය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විතරයි කියලා.දැනගත්ත එක වටිනවා. වාර්ථා පරක්කු වෙනවා කියලා තියන චෝදනාව ඔබ තුමියට අහෝසි කරන්න හැකිවේවා! (ස)
සුදුසු කෙනාට ඉහලම පුටුව ලැබීම පැසසිය යුතුයි (ස)
දෑත සියුමැලි උනත් අවංකව රාජකාරිය රටේ මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලනවා. ඔබ තුමියට අපෙන් සුබ පැතුම්. (ස)
ඔබට අපගේ සුභ පැතුම්! (නි)
සේවකයෝ එහෙම ඕනෙද දන්නේ නැහැ. සුභ පැතුම් (දී)