සිගරට් පැකට්ටුවක සියයට 50ත් 60ත් අතර රූපමය අවවාද ප්‍රදර්ශනය කරන්නැයි අභියාචනාධිකරණය අද සෞඛ්‍ය අමාත්‍යංශයට අවසර දුන්නේය.
දුම්බීමේ ආදීනව එම අවවාදවලින් දැක්වෙනු ඇත.
සියයට 80ක් දක්වා සිගරට් පෙට්ටියේ රූපමය අවවාද ඇතුළත් කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබිණි.
අනිල් ගුණරත්න සහ මාලිනී ගුණරත්න අභියාචානාධිකරණ විනිසුරුවරුන් දෙපළ හමුවේ විභාග කැරුණු පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කැරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේක තහනම් කරන්න බැරි. (ස)
දුම් උර උරා ඉන්න තැම්බිච්ච ඩයල් වලට නම් මේ තීරණය පේන්නේ විහිළුවක් විදිහටයි. නමුත් රටක අනාගත පරපුරට මේ තීරණය ඉතා හොඳ එකක්. (ස)
සිල්වා ,සිගරැට් කවුද බොන්නේ උරනවා මිසක්? බොන වතුර වගේද සිගරට් එකෙන් දුම එන්නේ? (නි)
මංජුල අබුඩාබි, ඔයා සමග සියයට සියක් එකඟයි මම.ඇත්ත දන්න තරමින් ලංකාවේ විතරයි පෙට්ටි කඩලා සිගරට් විකුණන්නේ. මොනවා කළත් පුරුදු කෙනා බොනවානේ (නි)
මේක විහිළුවක් වගෙයිනේ. බොන එකා හොඳටම මේකේ ආදීනව දැනගෙන තමයි බොන්නේ.එතන තියෙන්නේ ඇබ්බැහිවීමක්.80% තියා 200% ක් පෙන්නුවත් බොන එකා අතේ සල්ලි තියෙනවා නම් ඕක බොනවා.ඕක නතර කරන්න පුළුවන් එකම දේ සිගරැට් එකක් රුපියල් 100ක් කරන්න.එතකොට හරි. (නි)
ලංකාවේ සිගරට් පැකට් කඩලා දෙන්නේ. (ස)
ඉතා යහපත් තීන්දුවක් වන්නේ 80% ක් ලැබුණා නම්. දුම්පානය අාහරයක් නොවේ. දුම්පානය කරන්නා ගංජ කුඩු ඇතුළු මත් ද්‍රව්‍යවලට මුල පුරයි. සෑම රටකම පාහේ 100%ක්ම ප්‍රදර්ශනය අනිවාර්‍ර්යයි. රටක ආර්ථිකය මොකටද මිනිස්සු නැතිව. (ස)
ඇයි ඔයාල සිගරට් බොන්නේ. මම වගේ බොන්නේ නැතිව ඉන්න කෝ. (ස)
මෙම නඩු තීන්දුව සංකීරණද?? අනේ මං දන්නේ නෑ. මට තේරෙන්නේ නෑ. (ස)
සිගරට් පැකට් එක ඇරලා සිල්ලරේට සිගරට් විකුණන්නේ ලෝකෙන්ම ලංකාවේ විතරක්ම වෙන්න ඇති. අන්න ඒක නැවැත්තුවොත් ඔය පණිවිඩය සිගරට් බොන්නන් අතරට යාවි. නැත්නම් පැකට් එකක් අරන් පාවිච්චි කරන උදවිය ඉන්නේ ලංකාවේ කී යෙන් කී දෙනාද ? (ස)
රටක් රදා පවතින්නේ තරැණ පරපුර මතයි. එය රැක ගැනිම අප සියලු දෙනාගේ වගකිමයි. (ස)
ලංකාවේ දුම්කොළ වෙළඳ පොලෙන් 45% බීඩි. ඉතුරු 55% වැඩි දෙනෙක් සිගරට් පැකට් ගන්නේ නැහැ. (ස)
ඔන්න නියම වැඩේ. (ස)
අපේ රටේ වැඩිපුරම සිගරට් අලෙවි වෙන්නෙ සිල්ලරට එක දෙක පහ වගේ ගණන්.කරන්න තියෙන්නෙ සිගරට් පැකට් කඩලා අලෙවි කිරීම තහනම් කිරීම. (ස)
80% නොදා , 50-60% දක්වා අඩු කිරීමට තිබෙන හේතු මොනවාද? දන්නා කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න. (ස)
වසරකට 21000 ක් මැරෙනවලු දුම්පානය නිසා. මොකද මේවා තහනම් කරන්න බැරි. මිනිස් ජීවිත වටිනවා. අනික බෙහෙත් වලට යන වියදම බදු වලට වඩා වැඩියි.මේකේ ආදීනව කියලා වැඩක් නැහැ. ආර්ථික ප්‍රශ්නත් ඇතිවෙනවා. (නි)
ඈමතිතුමා කෙසේ හෝ උපරිමාධිකරණයෙන් සහණයක් ගැනීමට ඇපෑලක් ගන්න. මොකද 50-60% කියන පරාසය දුන්නම මුන් ඉතින් 50.5-51% තමයි දාන්නේ. රටට සුභදායක ඕනෑම දෙයක් වෙනුවෙන් අපි ඔබට සහාය දෙනවා. (ස)
අනේ මෙහෙමත් රටක්! පුලුවන් නම් සිගරැට් පැකට්ටුව එක්ක පිළිකාවක්ම දෙන්න. ඒත් බොන එකා බොනවාමයි (නි)
ශාන්ත,ඔයා 60%ක් හරි (නි)
සිගරට් එකක් දෙකක් කඩෙන් ගන්න කොට පෙට්ටි දෙන්නේ නැහැනේ.ඊට වඩා හොඳ නැද්ද සිගරට් අලෙවි කරන සෑම තැනකම රුප ප්‍රදර්ශනය අනිවාර්යය කළානම්. (ස)
කුඩු බිව්වට කමක් නැද්ද දන්නෙ නැහැ. ලංකාවේ බහුතරය දුම් පානය කළාට පැකට් එකක් මිළදී ගන්නේ නැති නිසා ඕක පෙනෙන්නේ නැහැ. (නි)
හොඳ දේ කිරීමට මොනතරම් උත්සාහයක් ගන්න වෙනවද? මේ වසංගතය නැති කළොත් තරුණ පරපුර රැකෙයි. (නි)
51% ත් පුළුවන්. (ස)
රටක වටිනාම වස්තුව තමයි එහි ජනතාව. නිරෝගිමත් ජනතාවක් සිටීම රටක සංවර්ධනයට සහ ඵලදායිතාව වැඩි කිරීමට මහත් රුකුලක් වෙනවා. ඉතින් එවැනි සත් ක්‍රියාවක් සඳහා දැඩි කැපවීමකින් ඇමතිතුමා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා උත්සාහයට මගේ ප්‍රණාමය. එය ඉතා හොඳින් සාර්ථක වේවායි !! මම ප්‍රර්ථනා කරමි. (ස)