IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සියයට 60ක් දක්වා ආදීනව සිගරට් පෙට්ටියේ

සිගරට් පැකට්ටුවක සියයට 50ත් 60ත් අතර රූපමය අවවාද ප්‍රදර්ශනය කරන්නැයි අභියාචනාධිකරණය අද සෞඛ්‍ය අමාත්‍යංශයට අවසර දුන්නේය.

 දුම්බීමේ ආදීනව එම අවවාදවලින් දැක්වෙනු ඇත.

සියයට 80ක් දක්වා සිගරට් පෙට්ටියේ රූපමය අවවාද ඇතුළත් කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබිණි.

අනිල් ගුණරත්න සහ මාලිනී ගුණරත්න අභියාචානාධිකරණ විනිසුරුවරුන් දෙපළ හමුවේ විභාග කැරුණු පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කැරිණ.



අදහස් (0)

සියයට 60ක් දක්වා ආදීනව සිගරට් පෙට්ටියේ

මංජුල අබු ඩාබි සිට Monday, 12 May 2014 02:05 PM

සිගරට් පැකට් එක ඇරලා සිල්ලරේට සිගරට් විකුණන්නේ ලෝකෙන්ම ලංකාවේ විතරක්ම වෙන්න ඇති. අන්න ඒක නැවැත්තුවොත් ඔය පණිවිඩය සිගරට් බොන්නන් අතරට යාවි. නැත්නම් පැකට් එකක් අරන් පාවිච්චි කරන උදවිය ඉන්නේ ලංකාවේ කී යෙන් කී දෙනාද ? (ස)

:       0       0

මෙවන් Monday, 12 May 2014 02:20 PM

මෙම නඩු තීන්දුව සංකීරණද?? අනේ මං දන්නේ නෑ. මට තේරෙන්නේ නෑ. (ස)

:       0       0

එරංග Tuesday, 13 May 2014 09:45 AM

දුම් උර උරා ඉන්න තැම්බිච්ච ඩයල් වලට නම් මේ තීරණය පේන්නේ විහිළුවක් විදිහටයි. නමුත් රටක අනාගත පරපුරට මේ තීරණය ඉතා හොඳ එකක්. (ස)

:       0       0

සිල්වා Monday, 12 May 2014 03:08 PM

ඇයි ඔයාල සිගරට් බොන්නේ. මම වගේ බොන්නේ නැතිව ඉන්න කෝ. (ස)

:       0       0

රත්නසිරි Monday, 12 May 2014 03:54 PM

ඉතා යහපත් තීන්දුවක් වන්නේ 80% ක් ලැබුණා නම්. දුම්පානය අාහරයක් නොවේ. දුම්පානය කරන්නා ගංජ කුඩු ඇතුළු මත් ද්‍රව්‍යවලට මුල පුරයි. සෑම රටකම පාහේ 100%ක්ම ප්‍රදර්ශනය අනිවාර්‍ර්යයි. රටක ආර්ථිකය මොකටද මිනිස්සු නැතිව. (ස)

:       0       0

පද්මිණි Monday, 12 May 2014 04:48 PM

ලංකාවේ සිගරට් පැකට් කඩලා දෙන්නේ. (ස)

:       0       0

දිලූ Monday, 12 May 2014 11:17 AM

ඔන්න නියම වැඩේ. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 12 May 2014 11:20 AM

රටක වටිනාම වස්තුව තමයි එහි ජනතාව. නිරෝගිමත් ජනතාවක් සිටීම රටක සංවර්ධනයට සහ ඵලදායිතාව වැඩි කිරීමට මහත් රුකුලක් වෙනවා. ඉතින් එවැනි සත් ක්‍රියාවක් සඳහා දැඩි කැපවීමකින් ඇමතිතුමා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය ගන්නා උත්සාහයට මගේ ප්‍රණාමය. එය ඉතා හොඳින් සාර්ථක වේවායි !! මම ප්‍රර්ථනා කරමි. (ස)

:       0       0

හංසි Monday, 12 May 2014 11:24 AM

51% ත් පුළුවන්. (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 May 2014 06:33 PM

මේක විහිළුවක් වගෙයිනේ. බොන එකා හොඳටම මේකේ ආදීනව දැනගෙන තමයි බොන්නේ.එතන තියෙන්නේ ඇබ්බැහිවීමක්.80% තියා 200% ක් පෙන්නුවත් බොන එකා අතේ සල්ලි තියෙනවා නම් ඕක බොනවා.ඕක නතර කරන්න පුළුවන් එකම දේ සිගරැට් එකක් රුපියල් 100ක් කරන්න.එතකොට හරි. (නි)

:       0       0

තබීතා Monday, 12 May 2014 11:43 AM

හොඳ දේ කිරීමට මොනතරම් උත්සාහයක් ගන්න වෙනවද? මේ වසංගතය නැති කළොත් තරුණ පරපුර රැකෙයි. (නි)

:       0       0

ශාන්ත Monday, 12 May 2014 11:55 AM

කුඩු බිව්වට කමක් නැද්ද දන්නෙ නැහැ. ලංකාවේ බහුතරය දුම් පානය කළාට පැකට් එකක් මිළදී ගන්නේ නැති නිසා ඕක පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

පද්මේ Monday, 12 May 2014 11:57 AM

සිගරට් එකක් දෙකක් කඩෙන් ගන්න කොට පෙට්ටි දෙන්නේ නැහැනේ.ඊට වඩා හොඳ නැද්ද සිගරට් අලෙවි කරන සෑම තැනකම රුප ප්‍රදර්ශනය අනිවාර්යය කළානම්. (ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 12 May 2014 12:01 PM

ශාන්ත,ඔයා 60%ක් හරි (නි)

:       0       0

තේජාන්විත Monday, 12 May 2014 12:02 PM

අනේ මෙහෙමත් රටක්! පුලුවන් නම් සිගරැට් පැකට්ටුව එක්ක පිළිකාවක්ම දෙන්න. ඒත් බොන එකා බොනවාමයි (නි)

:       0       0

ගුණතිලක Monday, 12 May 2014 12:04 PM

ඈමතිතුමා කෙසේ හෝ උපරිමාධිකරණයෙන් සහණයක් ගැනීමට ඇපෑලක් ගන්න. මොකද 50-60% කියන පරාසය දුන්නම මුන් ඉතින් 50.5-51% තමයි දාන්නේ. රටට සුභදායක ඕනෑම දෙයක් වෙනුවෙන් අපි ඔබට සහාය දෙනවා. (ස)

:       0       0

ටී2 Monday, 12 May 2014 12:22 PM

වසරකට 21000 ක් මැරෙනවලු දුම්පානය නිසා. මොකද මේවා තහනම් කරන්න බැරි. මිනිස් ජීවිත වටිනවා. අනික බෙහෙත් වලට යන වියදම බදු වලට වඩා වැඩියි.මේකේ ආදීනව කියලා වැඩක් නැහැ. ආර්ථික ප්‍රශ්නත් ඇතිවෙනවා. (නි)

:       0       0

අමිල සිංග Monday, 12 May 2014 12:50 PM

80% නොදා , 50-60% දක්වා අඩු කිරීමට තිබෙන හේතු මොනවාද? දන්නා කෙනෙක් ඉන්නවනම් දැනුවත් කරන්න. (ස)

:       0       0

නිශාන්ත Monday, 12 May 2014 12:51 PM

අපේ රටේ වැඩිපුරම සිගරට් අලෙවි වෙන්නෙ සිල්ලරට එක දෙක පහ වගේ ගණන්.කරන්න තියෙන්නෙ සිගරට් පැකට් කඩලා අලෙවි කිරීම තහනම් කිරීම. (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 12 May 2014 01:03 PM

මොකද මේක තහනම් කරන්න බැරි. (ස)

:       0       0

අජිත් Monday, 12 May 2014 01:08 PM

ලංකාවේ දුම්කොළ වෙළඳ පොලෙන් 45% බීඩි. ඉතුරු 55% වැඩි දෙනෙක් සිගරට් පැකට් ගන්නේ නැහැ. (ස)

:       0       0

පහන්දී Monday, 12 May 2014 07:46 PM

මංජුල අබුඩාබි, ඔයා සමග සියයට සියක් එකඟයි මම.ඇත්ත දන්න තරමින් ලංකාවේ විතරයි පෙට්ටි කඩලා සිගරට් විකුණන්නේ. මොනවා කළත් පුරුදු කෙනා බොනවානේ (නි)

:       0       0

මනෝජ්-සාජා Monday, 12 May 2014 07:54 PM

සිල්වා ,සිගරැට් කවුද බොන්නේ උරනවා මිසක්? බොන වතුර වගේද සිගරට් එකෙන් දුම එන්නේ? (නි)

:       0       0

රන්ජන් Monday, 12 May 2014 01:39 PM

රටක් රදා පවතින්නේ තරැණ පරපුර මතයි. එය රැක ගැනිම අප සියලු දෙනාගේ වගකිමයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 725 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1388 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 400 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 902 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2218 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 332 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35636 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24094 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site