සපත්තු නැතිව සෙරප්පු පැළැඳ පාසලට ආ දැරියගේ ගෙලෙහි සෙරප්පු දෙක එල්ලා දඬුවම් කළ බව කියන ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර ඇය ගෙන පරීක්ෂණයක් ඇරැඹූ බව නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එල් ඒ ඒ පුෂ්පකුමාර මහතා කියයි.
අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ ඩග්ලස් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පරීක්ෂණය පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි මදි කොහෙත්ම මදි. කෝ ළමා ආරක්ෂණ අධිකාරිය නිදිද? කුරුණෑගල වෙනුෂට වුණ දේ තව කෙනෙකුට වෙන්න දෙන්න එපා (නි)
ගුණරත්න- ඩුබායි, ඔයාට දුන් දඬුවම අම්මට තාත්තට නොකිය ඔය විඳ දරා ගත්ත එක නොවේ මෙතන ප්‍රධාන කාරණය, දුප්පත්කම නිසා සෙරෙප්පු දාගෙන ආ දරුවෙකුට දුන් මේ දඬුවම අද කාලේ හැටියට කොච්චර අමනුෂිකද කියන එක. හැමතිස්සෙම තමන්ගේ කුඩා කාලය දැන් දරුවන්ගේ කුඩා කාලය එක්ක සංසන්දනය කරන අයගෙන් මම අහන්නේ ඉස්සර කාලේ ඉහලට ඉගෙන ගන්න පුළුවන්කම තිබුණෙ සල්ලි කාරයින්ගේ ළමයින්ට විතරයි. එහෙම තිබුණ එකත් හොඳයි කියල කියනව ද ? (ස)
මම ඉදලා හිටලා ගුටියක් දෙකක් කාලා ඇති. ලොකු දඩුවමක් විදල නෑ. ඒත් මේ ගුරුවරිය ළමයගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලපු එක වැරදියි. ඒත් මම මෙතන අදහස් පළකළ අයගෙන් අහන්නෙ ඒ ගුරුතුමිය ඔබ වුණානම් මොකද කරන්නෙ කියලා. (ස)
සෙරෙප්පු දෙකක් කරේ එල්ලන්න තරම් දඩුවම් කවදාවත් අපට කළේ නැහැ අපේ ගුරුවරු. අපි පාසලට පන්සලට ගියේ සුදු සරමක් ඇඳලා, සෙරෙප්පු දම්මේම නැහැ. ඒත් ගුරුවරු අපට රත්තරන් වගේ අධ්‍යාපනයක් දුන්නා. අපව තේරුම් ගත්තා. ඔවුන් මතු බුදුවේවා! (ස)
දඬුවම් කළ යුතුයි. නමුත් ඇත්ත හොයාගෙන. (ස)
ඇත්තටම මෙයාව මාරු කරන්න ඕන. දුප්පත් ළමයගෙ පසුබිම ගැන මෙයාට හොයල බලන්න තිබුණා ටිකක් හරි. විශේෂයෙන්ම දුෂ්කර පළාතක. මේ පළාත්වල ළමයින් කොච්චර අමාරුවකින් පාසල් යන්නෙ. මේ ගැන ගුරුවරියට තව හිතන්න තිබුණා. (ස)
ගුණරත්න- ඩුබායි, සිල් නොගත්තාට දඬුවම් දෙන්න බෑ. බුදු දහම බලෙන් සිල් ගන්නවන ආගමක් නෙවේ. (ස)
අපිත් සල්ලි තියෙනවට දරුවන්ට සපත්තු අරන් දෙනවා නොවෙයි. පාසලේ අනිත් ළමයි එක්ක හරි හරියට හිටියේ නැත්නම් අපේ ළමයි කොන්වෙන හින්දයි. ඇත්තම කියනවා නම් ළමයා පාසලට දැම්මට පස්සේ විනය නීති ගැන මතක් වෙන්නේ නැහැ. අපි දරුවෝ පාසල් යවන්නේ ගෙදර තියාගෙන ඉන්න බැරිකම හින්දා නොවෙයි. දරුවෝ ලොකු මහත් වෙනකොට අපි වගේම මෝඩයෝ නොවී සමාජයේ තැනකට එන්න ඕනෑ හින්දයි. එහෙව් එකේ ගුරු බවලතෙක් දරුවෙකුට ඔහොම දඬුවමක් කරපුවාම අපෙත් හදවත නම් උණුවෙනවා. ඒත් ඉතින් අපි ඕකට මොනවා කරන්නද? උන් තැනින් ඒ ඇත්තිව මාරු කරලා පරීක්ෂණ පවත්වන එක නම් හොඳයි. මේ වගේ ගුරුවරු තව තව ඉන්න හින්දා ඒ කට්ටියටත් දැනෙන්ට යමක් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා (නි)
ගුරුවරියට ගල් ගැසිය යුතුයි. (ස)
හරි. දැන් සමහරු කොහොම කොහොම හරි මේ වැඩේ සාධාරණීකරණය කරන්නද හදන්නේ? (නි)
බොහෝ කලකට පෙර මා ගිය ප්‍රාථමික පාසලේ ඉංග්‍රීසි ගුරුතුමිය දුප්පත් පොහොසත් බේදයක් නැතිව ළමයින් ව ඉංග්‍රීසි විවිධ ප්‍රසංග වලට තෝරා ගත්තා. දුප්පත් දරුවන්ගේ ඇඳුම් ගුරුතුමිය ගේ මුදල් වියදම් කර ලෑස්ති කර දුන්නා. මගේ මවත් ඒ පාසලේම ගුරුවරියක් වුණත් මට කිසිම විශේෂයක් දැක්වුයේ නැහැ. දක්ෂකමට තැන දුන්නා. ඒ ගුරුතුමිය ඉන්න දෙසට මම හිස නමා ගෞරව කරනවා . අනේ දැන් එවැනි ගුරුවරු නැහැනේ. (ස)
දරුවට සපත්තු දෙකක් නැති වුණේ ළමයාගේ වරදින් නෙමෙයි,. ඒක දෙමවුපියන්ගේ වගකීමක්. ඒ කට ළමයට දඩුවම් කරලා හරියනවද? මේ වගේ දේවලට ඔය විදියට දඩුවම් කළාම ළමයා පාසැල ගැන කලකිරෙනවා, සමහරවිට ඉගෙනීම පවා කඩාකප්පල් කරගන්න පුළුවන්. (ත)
දේශපාලන පත්වීම් ගත් අයත් අද ගුරුවරු ලෙස ඉන්නවා, සියලු ගුරුවරු සමාන නැත (ස)
නිසි දඩුවම් ලබාදෙන්න (ස)
කෝ මේ සංගමය? (නි)
මේ දඬුවම හරිම අමානුෂිකයි. සපත්තු දෙකක් තිබුනානම් මේ ළමයා සෙරෙප්පු දාගන එයිද? " වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී---දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී--" කියලා අහලා තියෙනවා නේද?මේ ගුරුවරිය අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගනගන නැහැ.මෙයාගේ මේ අවුරුද්දේ ඉන්ක්‍රිමන්ට් එක නවත්වන්න. ගල් හිතක් ඇතුව ගුරුවරියක් වෙන්න බැරි බව අත්දැකීමෙන් දනිමි. (දී)
සපත්තු නැති නිසා සේරස්ප්පු බෙල්ලේ එල්ලන්න කියල ඔය ස්කොලේ නීතියක් තියෙනවද ..? ගුරු දෙගුරු සටහන් පොතේ සටහන් දාල දෙමව්පියන්ට යවන්න තිබ්බ සපත්තු දෙකක් ගන්නම විදිහක් නැත්නම් ඇති හැකි අයගෙන් උදව්වක් අරන් දෙන්න. ඔයවගේ පුංචි ළමයෙකුගේ කරේ සෙරප්පු එල්ලන්න එයාට මානසික රෝගයක් ඇති. (ස)
මෙම ප්‍රශ්නය ගුරුවරිය දන ගැස්සු කෙනාට හෝ මිනිස්සු ගස් බඳින කෙනාට බාර දෙන්න. (ස)
මට් තිබුණේ ඇඳුම් එකයි. නමුත් රහල් මාතාවගේ ගුරවරුන් මාව බෙල්ලෙන් එල්ලුවේ නැහැ. දොස්තර වජිර සේනාරත්න මහතාගේ මව, පන්තිය භාර ගුරුතුමිය අදත් සිහිවෙනවා. (ස)
සිසිර ,සංගමය ඉන්නවා ඕවට කතා නැතිවට පඩි වැඩි කරගන්න, උසස්වීම් ලබා ගන්න විතරක් බෝඩ් එල්ලන් තුන්සිය හැටපස් දවසෙම. (දී)
විනය රැක ගත්තා. (ස)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
පළමුව ගුරුවරුන් දරුවන්ගේ පවුල් පසුබිම පිළිබඳව දැනුවත් වියයුතුයි (නි)
සෙරෙප්පු දෙකක් හෝ සපත්තු දෙකක් අධ්‍යාපනය ලැබීමට අත්‍යවශ්‍යයි කියා පිළිගත් අධ්‍යාපන රටාව වෙනස් වියයුතුයි (නි)
මේ අධ්‍යාපන රටාව වෙනස් කිරීමට කාලය පැමිණ ඇත (නි)
පාසලකට ළමුන් ඇතුළත් කිරීමේදී විනය නීති මාලාවක් තිබෙනවා. එම නීති මාලාවන් බලා දෙමාපියන් තමාගේ දරුවන් පාසලට යැවිය යුතුයි. එම නීති කඩන තැන බලා ගුරුවරු නිවැරදි කළ යුතුයි. ගුරුවරු පවුල් පසුබිම් බලා අනුකම්පාව බලා කටයුතු කළහොත් පාසලේ විනය බිඳ වැටෙනවා. එම නිසා එම ප්‍රදේශයට ගැළපෙන අයුරින් පාසල් වල විනය නීති සැකසිය යුතුවෙයි. නැත්නම් ගුරුවරුන් දෙමාපියන් ළමයින් හැමදෙනාම අමාරුවේ. (නි)
සපත්තු දෙක ළමයාගේ බෙල්ලේ එල්ලන කොට මේ වගේ දෙයක් වෙයි කියලා ගුරුවරිය හිතන්නැතුව ඇති. (ස)
මේ වගේ අය ගැන නම් මොන තීරණයක් ගත්තත් කමක් නැහැ වගේ (නි)
මේ වැරැද්ද සාධාරණීකරණය කරන්න හදපු අනෙක් අයටත් මොනවා හරි කළා නම් නේද හොඳ? (නි)
මෙතන බලන්න ඕනෑ මේ දැරිය මීට පෙර පාසලට අාවේ සපත්තු ඇතුවද කියායි. බොහෝ විට ළමුන් මෙවැනි ක්‍රියා කරනවා, පාසල ඇරී ගෙදර නොගොස් වෙන කොහේ හරි යන්න වුණ විට. සමහරවිට මෙය පළමු වතාව නොවන්න පුළුවන්. මොනවා වුණත් අපි ඇතුලාන්තය මොකක්ද කියලා තවම හරියට දන්නේ නැහැනේ (නි)
අනෙක් යටත් ආදර්ශයක් ගැනීමට හොඳ තීරණයක්(දිල්)
මනෝජ් කියන දේ හරි.අපි පොඩි කාලේ අපිට ගුරු මෑණිවරු කරපු දඬුවම් දැන් කාලේ කරන්නේ නැහැ. මම පහේ පන්තියේ ඉන්නකොට මම පෝයට සිල් ගත්තේ නැහැ කියල මාව එළවලු කොටුවේ පැය අටක් දෙම්මා වැඩ කරන්ට. අතේ දියපට්ට එනකම් කොටුවෙ.මම සිල් නොගත්තේ මට සුදු ඇදුම් නැති නිසා.ඒ දවස් වල පාසල් ඇන්දේ පාට ඇදුම්. දැන් වගේ නෙමෙයි.අපේ අම්ම තාත්ත දන්නෙත් නැහැ මට එහෙම දඬුවමක් දුන්න කියලවත්.දැන් කාලේ දඬුවම් කරපුවම පොඩි එකා ගෙදර ගිහිල්ල කියපුවම අම්ම තාත්ත රෙදි උස්සන් දුවන්නේ පොලිසියට. (ස)
මේ සිද්දීයේදීත් දෙපැත්තක් ඇති.. ගුරුවරියටත් කීමට යමක් ඇති.. ඒත් දී ඇති දඩුවම නම් ගුරුවරියකට තරම් නැත.. (ත)
සපත්තු දෙකක් නොවෙයි ප්‍රශ්නය. මෙච්චර දුප්පත් වෙලත් ඉගෙන ගන්න පාසැලට ආපු එකේ වටිනාකම තේරුම්ගන්ඩ බැරි ගුරුවරුන් බිහිවෙච්ච වැරැද්ද. (ස)
දේශපාලන පත්වීම් ලබා ගෙන ගුරු සේවයට ආපු අයට තමයි බොහෝවිට මේ විදියට රාජ ඌෂ්ණය ගහන්නේ (නි)
ගුණරත්නට සහ මනෝජ්ට උගන්නපු ගුරුවරු ගැන මට කියන්න දෙයක් නැහැ. මටවත් මගේ පාසලේ කාටවත් ඔයගොල්ලන්ට වගේ දරුණු දඬුවම් විදින්න වෙලා නැහැ. එක්කෝ විනාඩි 15 දණ ගහල ඉන්න කියයි. එහෙම නැතිනම් අතට පාරවල් දෙකක් වදී . ඒ වුණත් මහා අමාරුකම් මැද ඉගෙන ගත්තු මට මගේ ගුරුවරු දෙවිවරු වගේ. එතුමන්ලාට පින් සිද්ධ වෙන්න මම ඉතා හොඳ රැකියාවක් කරනවා. (ස)
එතකොට විදුහල්පතිතුමා? (නි)
විනය රකින්න කියලා නොදරුවන්ට ඔහොම කරන්න අයිතියක් කාටවත් නැත. ගුරුවරු ළමුන්ගේ ඇතුළාන්තය තේරුම් ගතයුතුයි. පොඩි ළමයින්ට දුක ලැජ්ජාව දරාගන්න බැහැ. මේ දරුවා මොනවා හරි කරගත්තා නම් කවුද වගකියන්නේ. (නි)
මම පළමුව මෙවැනි ලිපි පළ කර මහා ජනතව දැනුවත් කිරීම ගැන ලංකාදීප යටත්, එම දැරියට පාවහන් යුගලක් අරන් දුන් පොලිස් ස්ථානාධිපති තුමාටත් ප්‍රශංසා කරනවා. පාසල් යන ළමයින්ගේ මනස මේ වගේ දඩුවම් වලින් විකෘති වෙනවා. අනාගතයේදී පාසලෙන් සමාජයට බිහි කරන්නේ හොඳ පුරවැසියෙක් නෙමේ. මම හිතන්නේ ඒකයි අද අපේ සමාජේ අපරාධ වැඩි. ඒක නිසා මේ ගුරුවරියට වගේම විදුහල්පතිටත් දඩුවම් දෙන්න ඕනි. අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න. (ස)
වැඩිහිටි අය මෙයට වඩා බුද්ධිමත්ව ක්‍රියා කරන්ට ඕන. දැන් දරුවාගේ පසුබිමට වඩා ගුරුවරියගේ පසුබිම සොයා පරීක්ෂණයක් කරන්ට වෙයි වගේ. එක වේලක් හරි බොහොම අමාරුවෙන් බඩ නොපිරෙන ගානට කාලා ඉස්කෝලෙට එන ළමයින් ඕන තරම් ඉන්න බව කවුරු කවුරුත් දැන ගත්තොත් හොඳයි. ඔය ගුරුවරියගේ දරුවට ඔහොම දෙයක් තව ගුරුවරියක් කාල නම් ඇයට කොච්චර දුකක් සහ කේන්තියක් ඇති වෙයිද ?(ස)