සිරි පැරකුම් චිත්‍රපටයේ පිටපත් 55ක් නිකුත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින චිත්‍රපට සංස්ථා සභාපති ඇතුළු 15 දෙනකුට ජුලි 10 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර නොතීසි නිතු කළේය.
මෙම රිට් පෙත්සම එස් ශ්‍රී ස්කන්ධරාජා, මාලනී ගුණරත්න මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් මල් ගස් වටේ කැරකුනා. පස්සේ දඹුලුත් ගිහින් තලගොයිත් මරාගත්ත වගේ පාකිස්තානේ ගිහින් ආවා. අන්තිමේ යන එන මං නැතිවෙන කොට ළමයින්වයි පරණ රජවරුන්වයි අල්ලාගෙන ඉන්න සිංහල සිනමාවට තවදුරටත් මේ විදිහට හිතල ඉදිරි ගමනක් තියේද?(නදී)
නීති තියෙන්නේ දේශද්‍රෝහීන්ට විතරයි.දේශප්‍රේමීන්ට එරෙහිව මොන නීතිද? (අ)
තීන්දුව එනකොට චිත්‍රපටය සිනමා හල් වල පෙන්නලා අවසන්වෙලාත් තියේවී.(නදී)
නදීගේ කතාව ඇත්ත. (නි)
කඩේ යන කට්ටියට ඕවා වලංගු නැහැනේ? ඒ නිසා ඕක ගැන කලබල විය යුතු නැහැ ඉහලින් ආපු ඕඩරයක් නිසා. අන්තිමට පෙත්සම ඉල්ලා අස්කර ගත්ත කියාවි?(නදී)
අපරාදේ පැමිණිලි කරුවන්ගේ මුදල් සහ කාලය. (නදී)
නීල්-රානා, ඔයාට තියෙන්නේ දැනුම පිලිබඳ ප්‍රශ්නයක් සහ මෙලෝ රහක් නැතිකම.(අ)..
මේ සියලු දෙනාම සිරි පැරකුම් චිත්‍රපටිය බලන්න. මෙතරම් විශිෂ්ට සිනමා පටයක් පිටපත් 55 නෙමෙයි 100 නිකුත් කලත් කමක් නැ කියලි මටනම් හිතෙන්නේ. (අ)
වරුණ ,අගේ ඇති කතාවක් ඔය කිවුවේ.තාරුක ,මේ ඔයා මම හිතන්නේ ගොඩක් කල් ඉදන් කඩේ යන කෙනෙක් වෙන්න ඕනෑ (නි)
සෝමරත්න දිසානායකගේ චිත්‍රපටි හරිම ඒකාකාරියි. සිංහල සිනමාවට එයා අලුතින් කරපුදෙයක් නම් නැහැ. එයාගේ චිත්‍රපට ගැන එයාම උදම් අනා ගන්න එක තමයි කරන්නේ. සෑම නිෂ්පාදකයෙක්ම ගරු කරන පොදු සම්මුතියට ඔහු ගරු කල යුතුයි. (අ)
මේ කට්ටිය චිත්‍රපටි හදනවට වඩා ලොකු මානයකින් ඔලුව පුරුවාගෙන ඉන්නේ. වැද්දෝයි රජවරුයි විනාශකරපු මේ අය ඊළඟට පන්සීය පනස් ජාතකේ කන්ඩ පටන් ගනියිද?(නදී)