ලන්ඩන් නුවර කවි සමාජයේ ( ලනුකස) ආරම්භක කවි සමුළුව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමට පැවැත්විණ.
වෘතීයෙන් වෛද්‍ය වරයෙකුවන තමන් හට කවි හෝ ගීත පබැඳීමේ හැකියාවක් නොමැති වුවත් කාව්‍ය,සාහිත්‍ය, නාට්‍ය සහ සිනමාව වැනි කලාවන් කෙරෙහි කුඩාකල පටන්ම ඉමහත් ඇල්මක් තිබු බවත් ඒවා අගය කිරීම සහ රසවිඳීම කෙරෙහි නිරන්තරයෙන් උනන්දු වූ බවත් මහකොමසාරිස්වරයා පැවසීය.
එවැනි උත්තම කලාවන්හි නියැලී ඉන්නන් කෙරෙහි තමන් අතර ඇත්තේ අතිමහත් ගෞරවයක් බවත් ලන්ඩන් නුවර කවිසමාජය මෙවැනි කවි සමුළුවක් සංවිධානය කිරීමේ වටිනාකම තමන් අගය කරන බවත් පැවසු ඒ මහතා තවදුරටත් කියාසිටියේ ශ්‍රී ලාංකික කාව්‍ය කලාව සහ කිවියර සම්ප්‍රදාය මතුයම් දිනයෙක එක්සත් ජාතීන්ගේ සමුළුවක් හමුවට ගෙනයාම තමන්ගේ අභිප්‍රාය බවයි.
අනුර හෑගොඩ "ගජමන් නෝනාගේ සහ රංචාගොඩ ළමයාගේ කවි පබැඳුම් සහ ඊට අනුරූප සමාජ පසුබිම" ද විග්‍රහ කරමින් ඉතා සිත්ගන්නා දෙසුමක් ඉදිරිපත් කළේය.
මහනුවර රාජ්‍යසමයේ විසු දස්කොන් සහ ප්‍රමිලා බිසවගේ පෙම්පුවත වටා ගෙතුණු ජනප්‍රිය කාව්‍ය සහ එම ශෝචනීය පෙම්පුවතේ අභ්‍යන්තරය විග්‍රහ කරන ලද්දේ ලන්ඩනයේ පළවූ ලංකාවිත්ති පුවත්පතේ පුවත්පත් කලාවේදී දයා ආනන්ද රණසිංහ විසිනි.
ලන්ඩන් නුවර කවි සමාජයේ කැඳවුම් කරුවෝ අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ වෙති.ඔවුහු කිවිවරයෝද වෙති.මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම බුදුදහම සහ සිංහල කවිය සිංහල ජන සමාජය තුළ සමීප සහ සම්බන්ධතාවයක් ඇතිකරලීමට හේතුවූ අන්දම විස්තර කරමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.
කාව්‍ය කරණයේදී බෞද්ධ භික්ෂුවක සතු කාර්යභාරය පිළිබදව ලන්ඩන් බෞද්ධ විහාරවාසී පුජ්‍ය කොන්වවේ ආරියරතන හිමියෝ දේශනයක් පැවැත් වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි (නි)
දිනු මව්බිම කර පුවතර ලන්ඩන් පුර හෙළ කවියෙන්... යනු පෙරටම බැඳ ජය දද ඉදිරියටම පෑ දිරියෙන්... මනු ලොවටම අති සුන්දර මහ රැජිණගෙ මිනි පිරියන්... දෙනු සැමටම මා එවනා හාදු වැස්ස ආදරයෙන්... (නි)
සරල සිහළ බස රසවත් කරදීම.. සතුටුයි අසන්නට ලංඩන් සිදුවීම.. නැඟුමට හෙළ කවිය දිරි ගෙන කැප වීම.. අගයමි සැවම කළ සේවය සැමදාම. (ස)
ලංකාවේ ඉන්න අපිත් හැමදාම කන්නේ දිරපු ලණු තමයි (නි)
මේ වැඩේ ඉහළයි. අපේ ආචාරය! හැබැයි හැමදාම මේ අය විතරක් කතා කලොත් ඒකත් ඉවරයි තමයි. (නි)