IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිරිකොතට ගැසූ දහයක් නෙරපා හැරේ

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රි ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් දස දෙනකු පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද තීරණය කෙළේය.

ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කමිටු නිර්දේශය අනුව මෙම තීරණය ගෙන ඇත. එම පහරදීමට අමතරව ඔවුන් පක්ෂයේ නියෝගයට එරෙහිව යමින්,  හයිඩ් පිටියේ පැවැති රැලියකට සහභාගී වීමේ චෝදනාව ද එල්ල වී තිබිණි. මෙම තීරණය ගැන යළි සලකා බලන්නැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉවත දැමුවේය.

 



අදහස් (0)

සිරිකොතට ගැසූ දහයක් නෙරපා හැරේ

ජනක Tuesday, 18 June 2013 10:09 AM

ලංකාවට හරිහමන් විපක්ෂයක් නැහැ (දී)

:       0       0

ෂෙරිෆ් Tuesday, 18 June 2013 01:59 AM

අනේ අපට යන එන මන් නැහැ, අපිව ආණ්ඩුවට ගන්නකෝ.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 18 June 2013 10:30 AM

අපි ආදරය කරන්නේ පක්ෂයට. අද අපි රනිල්ට ගරු කරනවා වගේම අනාගත නායකයා සජිත් නම් ඔහුටද ගරු කරනවා. කවුරු නායකයා වුනත් මේ වගේ අයට ක්‍රියාකරන්නේ මෙහෙමම තමා. අපි අපේ තරමට වැඩ කරන්න ඕනෑ. මේ අයට ඉවසීම ඇත්තෙම නැහැ. (නි)

:       0       0

චමත් Tuesday, 18 June 2013 03:44 AM

සදුනි, ඔයා ලැජ්ජා වෙන්න ඕනෑ.ඔයගොල්ලෝ නිසා තමයි සමහරු ඔය සෙල්ලම් දාන්නේ (නි)

:       0       0

අසිරි Tuesday, 18 June 2013 10:59 AM

පක්ෂය ඉන්නෙත් ටිකදෙනයි. ඒ කට්ටියත් නැති කර ගන්න තමයි ඔය හදන්නේ (දී)

:       0       0

සමන් කුමාර Tuesday, 18 June 2013 05:11 AM

ජේ ආර් , ප්‍රේමදාස, වගේ නායකයෙක් හිටියා නම් මේ ගොල්ලෝ වගේ අයට දෙන දඬුවම මීට වඩා බරපතලයි. කිසිකෙනෙක් මේ වගේ කට හොල්ලන්න එන්නේ නැහැ. දැක්කනේ එම්. ඩී .එච් ජයවර්ධන, සිරිල් මැතිව්, නෙවිල් ප්‍රනාන්දු වගේ පතාක යෝධයින්ට වුන දේ. ඒ ගොල්ලෝ මේ වගේ දරුණු විධියට පක්ෂය විවේචනය කලෙත් නැහැ. (නි)

:       0       0

ජ.හේරත් Tuesday, 18 June 2013 06:13 AM

ගුරුතුමියව දන ගැස්සුවට ආදර්ශමත් තීරණයක් මෙන්න.(නදී)

:       0       0

ලාල් Tuesday, 18 June 2013 11:29 AM

පක්ෂය වෙනුවෙන් ඉන්න මිනිස්සු ඉවත් කරන්න එපා (දී)

:       0       0

සම්පත් Tuesday, 18 June 2013 11:35 AM

රට හදන්න ඉස්සෙල්ලා පක්ෂය හදා ගත යුතුයි (නි)

:       0       0

රෑපා Tuesday, 18 June 2013 07:16 AM

පක්ෂ නායකයා. සදා විපක්ෂ නායකයා. මතුදා පක්ෂ නායකයා. ජයවේවා (අ)

:       0       0

දම්මික පෙරේරා Monday, 17 June 2013 09:13 PM

ලංකාවේ ප්‍රජා අයිතිවාසිකම් කතා කරන ලොකුම පක්ෂය. පක්ෂ නායකත්වය විවේචනය කරාම නෙරපා හැරීම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයද?(නදී)

:       0       0

සදුනි Monday, 17 June 2013 09:17 PM

නියමයි නියමයි නියමයි.සජිත්ගේත් අවුරුදු කීපයක පක්ෂය තහනම් කරන්න ඕනේ. ටිකක් හැදිලා එන්න. (ත)

:       0       0

සුසන්ත Tuesday, 18 June 2013 03:53 PM

ජනාධිපතිතුමාත් විවේචකයෝ ගැන මෙහෙම හිතුවනම් 88/99 වගේ ගංගා වල මිනි පාවෙයි නේ?(නදී)

:       0       0

ආනන්ද Tuesday, 18 June 2013 07:48 AM

ජේ ආර්, ප්‍රේමදාස වගේ අය අද හිටියා නම් ... (නි)

:       0       0

රණා Tuesday, 18 June 2013 12:10 PM

සදා පක්ෂ නායකයාට ජයවේවා! කෘත්‍යාධිකාරී මණ්ඩලයට ජයවේවා! කාටවත් කට හොල්ලන්න දෙන්න එපා. (නි)

:       0       0

සදුනි Monday, 17 June 2013 09:31 PM

මේවයින් සජිත්ගේ තටු කපන්නනම් බෑ.මේ මන්ත්‍රීවරු එදා හැසිරුණු විදියත් අනුමත කරන්න බෑ.(නදී)

:       0       0

සුරියා Tuesday, 18 June 2013 08:03 AM

හරියට හරි! ජයවේවා!(නදී)

:       0       0

සංජීව Tuesday, 18 June 2013 12:23 PM

බය වෙන්න එපා , සැලූන් දොර ලොක් කරලා නැහැ . කොළ හරක් ගාලෙන් නිල හරක් ගාලට මාරු වෙන එක විතරයි තියෙන්නේ.(නදී)

:       0       0

ඩෙන්සිල් Tuesday, 18 June 2013 08:30 AM

පක්ෂයට දෙවියන්න්ගේම පිහිට තමා. (නි)

:       0       0

නිමල් Monday, 17 June 2013 09:55 PM

මේගොල්ලන්ව බර ගන්න තව දේශපාලන පක්ෂ තියනවනේ. (අ)

:       0       0

රූපා Tuesday, 18 June 2013 04:30 PM

කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇර අනිත් ඔක්කෝටම කට හොල්ලන්න තහනම් කරන්න නායක තුමා.(නදී)

:       0       0

තිලක් Tuesday, 18 June 2013 08:45 AM

මමනම් ඒ මිනිස්සුන්ගේ පැත්තේ

:       0       0

අජිත් Monday, 17 June 2013 10:10 PM

මේ පක්ෂ නායකයා විවේචනය කල නිසා තමයි මේවගේ දඩුවමක්වත් ලැබුනේ. වෙන පක්ෂයක නායකයෙක් විවේචනය කලොත් හිතාගන්න පුළුවන්නේ ලැබෙන දඬුවම.(නදී)

:       0       0

කුමාර Monday, 17 June 2013 10:18 PM

පක්ෂයේ ඉදිරි ගමනට ගත් නිවරදි තීන්දුවක්. ජයවේවා !(නදී)

:       0       0

ඩී එස් මුණසිංහ - මහ ඉඳුරුව Tuesday, 18 June 2013 09:03 AM

මෙහෙම දිගටම සිදුවුණොත් මෙය සිරිකැත වේ.සිරිකොත නොවේ (නි)

:       0       0

අල්විස් Tuesday, 18 June 2013 09:12 AM

මේ ගොල්ලන්ව නම් ආණ්ඩුවට ගන්නේ නැහැ. එහෙම ගත්තොත් මේ ආණ්ඩුව ආශ්චර්ය කරා අපේ රට ගෙනයන එක බොරුවක් වෙනවා.(අ)

:       0       0

උපාලි Tuesday, 18 June 2013 01:31 PM

පක්ෂ නායකය මෙහෙම විවේචනය කරන අයට දෙන දඬුවම මීට වඩා බරපතල විය යුතුයි. කට හොල්ලන කිසිකෙනෙක් තියා ගන්න එපා. (නි)

:       0       0

සිරන් Tuesday, 18 June 2013 09:26 AM

හරි ශෝක් ..පක්ෂේ ඇතුලේ මෙහෙම නම් කොහෙද ආණ්ඩුවක් කරන්නේ ..ඔක්කොම එකයි ඔකේ ඉන්න අය නම් (අ)

:       0       0

ප්‍රිස්කෝ Tuesday, 18 June 2013 09:30 AM

නෙරපා යවපු එක ලොකු දෙයක්. මේ ගොල්ලෝ නිසා තමයි පක්ෂය පැරදුනේ. (නි)

:       0       0

සුමිත් Tuesday, 18 June 2013 09:33 AM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කත කරන කලින් පක්ෂේ ගැන බැලුව නම් හොදා වගේ ..අපි දන්නවා බලය ගන්නකන් තමා මෙයාලගේ ඔකොම සුන්දර කතා(අ)

:       0       0

ලුම්බිණි Tuesday, 18 June 2013 09:39 AM

මම හිතනවා කල යුතුව තිබුනේ පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධියට මේ අයට විරුද්ධව නිති මගින් කටයුතු කිරීමක් කරපු හානියට. පක්ෂ නායකයා විවේචනය කිරීම ප්‍රජා අයිතියක්.(අ)

:       0       0

කැනඩා දිසා Tuesday, 18 June 2013 09:42 AM

පක්ෂ නායකයට වැඩියෙන් අපි සිතන්න ඕනෑ පක්ෂයේ ගැනයි. හැබැයි එකක් පැහැදිලියි. මෙහෙම ගියොත් 0 ලැබෙනවා ඒකාන්තයි. (නි)

:       0       0

සංජය Tuesday, 18 June 2013 10:00 AM

තීන්දුවට සහය දුන්නේ කවුද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2480 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 430 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1725 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5072 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3405 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3756 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site