සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රි ගුණරත්න සහ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් දස දෙනකු පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද තීරණය කෙළේය.
ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කමිටු නිර්දේශය අනුව මෙම තීරණය ගෙන ඇත. එම පහරදීමට අමතරව ඔවුන් පක්ෂයේ නියෝගයට එරෙහිව යමින්, හයිඩ් පිටියේ පැවැති රැලියකට සහභාගී වීමේ චෝදනාව ද එල්ල වී තිබිණි. මෙම තීරණය ගැන යළි සලකා බලන්නැයි සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉවත දැමුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය ඉන්නෙත් ටිකදෙනයි. ඒ කට්ටියත් නැති කර ගන්න තමයි ඔය හදන්නේ (දී)
හරි ශෝක් ..පක්ෂේ ඇතුලේ මෙහෙම නම් කොහෙද ආණ්ඩුවක් කරන්නේ ..ඔක්කොම එකයි ඔකේ ඉන්න අය නම් (අ)
නෙරපා යවපු එක ලොකු දෙයක්. මේ ගොල්ලෝ නිසා තමයි පක්ෂය පැරදුනේ. (නි)
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කත කරන කලින් පක්ෂේ ගැන බැලුව නම් හොදා වගේ ..අපි දන්නවා බලය ගන්නකන් තමා මෙයාලගේ ඔකොම සුන්දර කතා(අ)
මම හිතනවා කල යුතුව තිබුනේ පක්ෂ මූලස්ථානයට පහරදීමේ සිද්ධියට මේ අයට විරුද්ධව නිති මගින් කටයුතු කිරීමක් කරපු හානියට. පක්ෂ නායකයා විවේචනය කිරීම ප්‍රජා අයිතියක්.(අ)
පක්ෂ නායකයට වැඩියෙන් අපි සිතන්න ඕනෑ පක්ෂයේ ගැනයි. හැබැයි එකක් පැහැදිලියි. මෙහෙම ගියොත් 0 ලැබෙනවා ඒකාන්තයි. (නි)
තීන්දුවට සහය දුන්නේ කවුද (දී)
ලංකාවට හරිහමන් විපක්ෂයක් නැහැ (දී)
අපි ආදරය කරන්නේ පක්ෂයට. අද අපි රනිල්ට ගරු කරනවා වගේම අනාගත නායකයා සජිත් නම් ඔහුටද ගරු කරනවා. කවුරු නායකයා වුනත් මේ වගේ අයට ක්‍රියාකරන්නේ මෙහෙමම තමා. අපි අපේ තරමට වැඩ කරන්න ඕනෑ. මේ අයට ඉවසීම ඇත්තෙම නැහැ. (නි)
මේ ගොල්ලන්ව නම් ආණ්ඩුවට ගන්නේ නැහැ. එහෙම ගත්තොත් මේ ආණ්ඩුව ආශ්චර්ය කරා අපේ රට ගෙනයන එක බොරුවක් වෙනවා.(අ)
පක්ෂය වෙනුවෙන් ඉන්න මිනිස්සු ඉවත් කරන්න එපා (දී)
රට හදන්න ඉස්සෙල්ලා පක්ෂය හදා ගත යුතුයි (නි)
සදා පක්ෂ නායකයාට ජයවේවා! කෘත්‍යාධිකාරී මණ්ඩලයට ජයවේවා! කාටවත් කට හොල්ලන්න දෙන්න එපා. (නි)
බය වෙන්න එපා , සැලූන් දොර ලොක් කරලා නැහැ . කොළ හරක් ගාලෙන් නිල හරක් ගාලට මාරු වෙන එක විතරයි තියෙන්නේ.(නදී)
පක්ෂ නායකය මෙහෙම විවේචනය කරන අයට දෙන දඬුවම මීට වඩා බරපතල විය යුතුයි. කට හොල්ලන කිසිකෙනෙක් තියා ගන්න එපා. (නි)
ජනාධිපතිතුමාත් විවේචකයෝ ගැන මෙහෙම හිතුවනම් 88/99 වගේ ගංගා වල මිනි පාවෙයි නේ?(නදී)
කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇර අනිත් ඔක්කෝටම කට හොල්ලන්න තහනම් කරන්න නායක තුමා.(නදී)
ලංකාවේ ප්‍රජා අයිතිවාසිකම් කතා කරන ලොකුම පක්ෂය. පක්ෂ නායකත්වය විවේචනය කරාම නෙරපා හැරීම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයද?(නදී)
මෙහෙම දිගටම සිදුවුණොත් මෙය සිරිකැත වේ.සිරිකොත නොවේ (නි)
මමනම් ඒ මිනිස්සුන්ගේ පැත්තේ
පක්ෂයට දෙවියන්න්ගේම පිහිට තමා. (නි)
හරියට හරි! ජයවේවා!(නදී)
ජේ ආර්, ප්‍රේමදාස වගේ අය අද හිටියා නම් ... (නි)
පක්ෂ නායකයා. සදා විපක්ෂ නායකයා. මතුදා පක්ෂ නායකයා. ජයවේවා (අ)
ගුරුතුමියව දන ගැස්සුවට ආදර්ශමත් තීරණයක් මෙන්න.(නදී)
ජේ ආර් , ප්‍රේමදාස, වගේ නායකයෙක් හිටියා නම් මේ ගොල්ලෝ වගේ අයට දෙන දඬුවම මීට වඩා බරපතලයි. කිසිකෙනෙක් මේ වගේ කට හොල්ලන්න එන්නේ නැහැ. දැක්කනේ එම්. ඩී .එච් ජයවර්ධන, සිරිල් මැතිව්, නෙවිල් ප්‍රනාන්දු වගේ පතාක යෝධයින්ට වුන දේ. ඒ ගොල්ලෝ මේ වගේ දරුණු විධියට පක්ෂය විවේචනය කලෙත් නැහැ. (නි)
සදුනි, ඔයා ලැජ්ජා වෙන්න ඕනෑ.ඔයගොල්ලෝ නිසා තමයි සමහරු ඔය සෙල්ලම් දාන්නේ (නි)
අනේ අපට යන එන මන් නැහැ, අපිව ආණ්ඩුවට ගන්නකෝ.(නදී)
පක්ෂයේ ඉදිරි ගමනට ගත් නිවරදි තීන්දුවක්. ජයවේවා !(නදී)
මේ පක්ෂ නායකයා විවේචනය කල නිසා තමයි මේවගේ දඩුවමක්වත් ලැබුනේ. වෙන පක්ෂයක නායකයෙක් විවේචනය කලොත් හිතාගන්න පුළුවන්නේ ලැබෙන දඬුවම.(නදී)
මේගොල්ලන්ව බර ගන්න තව දේශපාලන පක්ෂ තියනවනේ. (අ)
මේවයින් සජිත්ගේ තටු කපන්නනම් බෑ.මේ මන්ත්‍රීවරු එදා හැසිරුණු විදියත් අනුමත කරන්න බෑ.(නදී)
නියමයි නියමයි නියමයි.සජිත්ගේත් අවුරුදු කීපයක පක්ෂය තහනම් කරන්න ඕනේ. ටිකක් හැදිලා එන්න. (ත)