(සුජිත් හේවාජුලිගේ )
වැලිකඩ, බූස්ස, අගුණුකොළපැලැස්ස ඇතුළු බන්ධනාගාර හයක සිරකරුවන්ට "සූම්" තාක්ෂණය ඔස්සේ සිය ඥාතීන් සමග කතා කිරීමේ නව වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ආධාර ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
සිරකරුවන් අතරේ කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම වැඩපිළිවෙළ හඳුන්වා දුන් බව පැවසූ රත්වත්තේ මහතා වැඩපිළිවෙල ඉදිරියේදී සෙසු බන්ධනාගාර වලටද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වන ලොහාන් රත්වත්තේ මහතා මෙසේද කීය.
"රැඳවියන්ට සූම් තාක්ෂණය ඔස්සේ සිය ඥාතීන් හා හිතවතුන් ඇමතීමට අවස්ථාව සලසා දී තිබෙනවා .අපේ වෙබ්අඩවියට ගිහින් සිරකරුවාගේ නමයි අංකයයි ඇතුළත් කළ පසුව අපි නොම්බරයක් සහ වේලාවක් ලබා දෙනවා .ඒ වෙලාවට ආවම එම සිරකරු සමඟ කතා කිරීමට අදාළ ඥාතියාට අවස්ථාව ලැබෙනවා."
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමෙ මේ වනවිට සිදුවෙමින් පවතින අතර, අපේක්ෂා කළ අන්දමට, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩ
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්
කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිරකරුවන්ටත් ’’සූම්’’ පහසුකම්
jagath Sunday, 13 June 2021 06:28 PM
ශා... ! දැන්නම් හිරේ ගියත් ආසා හිතෙනවා අම්මපා...