ඔමාන් තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවක සිය හාම්පුතා අතින් දූෂණය වී යැයි ඇගේ සැමියා ද ඇය ද කියා තිබුණු බවත්,ඒත් එවැන්නක් වු බව වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු නොවූ බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.
ඇයට සිදු වු අතවරයක් ගැන නොදන්නා බව හාම්පුතා ද ප්‍රකාශ කළ බව ද රන්දෙනිය මහතා කියයි.
ශ්‍රී ලංකා ගෘහ සේවිකාවකට කරදරයක් වී යැයි තොරතුරක් ලද වහාම කළ යුත්තේ රැකියා ඒජන්සියේ පැත්ත නොගෙන ඒ අවස්ථාවේම ඇය පොලිසියකට යොමු කර පැමිණිල්ලක් සටහන් කිරීම නොවේදැයි එසැණ රන්දෙනිය මහතාගෙන් විමසූ විට ඔහු කීවේ කාලය ඉතිරි කර ගැනීම සඳහා එසේ නොකළ බවයි. මෙවැනි සිද්ධියක් වාර්තා වූ විට මුලින්ම කළ යුත්තේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීම බවත්, එවැනි සිද්ධියක් වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වුවහොත් පොලිසියට දැනුම් දෙන බවත් ඔහු කීවේය.
තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියනුයේ මේ සිද්ධිය සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නීතියෙන් ගැලවෙන්න හම්බු වෙන්නේ නැහැ .මේකට හරි පරීක්ෂණයක් කළොත්. (අ)
විදේශ විනිමය ලැබෙනවා නම් ලංකාවේ ඉන්න ගහැණු ටික විකුණලා හරි සල්ලි ලැබුනොත් ඇති කියලා හිතන කට්ටියකුත් ඉන්නවා.(නදී)
කාලය ඉතුරු කර ගන්නවද , කාලය කා දමමින් විදේශ ශ්‍රමිකයන් පිඩාවට පත් කරනවද බලන්න තානාපති කාර්යාල වලටම ගිහින් බලන්න ඕන. (ස)
ඉස්සෙල්ලම අහන්න ඕන දූෂණයක් වෙලා නෑ කියන්න කීයක් ගත්තද කියලා. මේ ගොල්ලෝ හිතාගෙන ඇති කොණ්ඩේ බැඳපු චීන්නු කියලා. (ස)
රට යන ගොඩක් කාන්තාවන්ට මේ කරදරේ වෙනවා. එහෙත් රස්සාවට බයෙන් නිහඬව ඉන්නවා. සමහරුන්ට ළමයිනුත් ලැබෙනවා. වසරකට මෙවැනි ළමයි 300 ක් පමණ ලංකාවට ගේන බවට පුවතක් මෑතකදී තිබුනා (නි)
ඕමානය වගේ හොද රටක් දුෂණය කරන්නේ අපේ අය. ලංකාව විනාශ කරලා මේ රටටත් දුෂණය මේවා බෝ කරනවා (නදී)
අපි කැමතියි මේ මහතාගේ ලඟම ඥාතියෙකුට කෙනෙක් අතවරයක් කලොත් කාලය ඉතිරි කරගැනීම සදහා මෙහෙම පියවර ගන්නවද කියල දැනගන්න ? (නදී)
මෙන්න ඔබට අනගි අවස්ථාවක්. ඔබට වු අසාධාරණය ලියන්න. (නදී)
කාවද අප්පේ මේ ආරක්ෂා කරන්න හදන්නේ? මෙතන හේතු දැක්වීමක් නෙවෙයි, රකින්න උත්සාහ කිරීමක් කියලා පැහැදිලියි. ඔය නෝනාව දැන් කොන්සල්තුමාටත් එපා වෙලා ඉන්නේ. එයාව රකින්න ගිහින් ඔයාටත් රස්සාව නැතිවෙයි. සමහර විට ජාතික ක්‍රීඩාවට සම්බන්ධ පුටුවක් නම් හම්බ වෙයි (නදී)
මේක එක සිද්ධියක් විතරයිනේ තව සගව්නු දේවල් කොපමණ ඇත්ද? (දී)
මංගල රන්දෙනිය ඔබ ලජ්ජා විය යුතුයි .ඔබගේ පවුලේ කෙනකුට මෙය සිදු වුණා නම් මොකද කරන්නේ ? (අ)
මොවුන් කවදද ශ්‍රමිකයන් වෙනුවෙන් කතා කලේ. (නදී)
මේද පෙරදිග තානාපති කාර්යාල වල නිලදාරීන් ලංකාවේ කාන්තාවන් කරදරයකට පත්වී උදව් ඉල්ලා පැමිණි විට ලිංගික අල්ලස් ගැනීමත් කාන්තාවන් විකිනිමත් කරති. ඔවුන් නිතරම සලකන්නේ හාම් පුතාට මිස කරදරයක වැටුන කාන්තාවනට නොවේ. මෙය මා හොඳින් දන්නා දෙයක්.(නදී)
ඕමානයේ වසන සියලු ලාංකිකයෝ මේ සිද්දිය ගැන හොදින් දන්නවා. හොද සාක්ෂිත් මිනිස්සු ලග තියෙනවා. මෙයාලාට ඇති වෙන්න බොරු කියන්න ඉඩ දීලා අපි බලාගෙන ඉන්නවා. ඇත්ත එලියට එයි වෙලාවට. එතකොට මහත්තයෝ ඒ ඔක්කොටම උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්න. බොරු නොකියා කට වහගෙන ඉන්න තරමට ඉදිරියේදී අනාගන්න එක අඩු වේවි. ඔය හොරුන්ට කඩේ යන්න එපා. මිනිස්සු හෙන ඉල්ලාවි. (නදී)
ගොඩාක් රජයේ සේවකයින්ටත් මේ විධායක බලතල තියනවා වගේ. බොහෝ කාලයක් එකතැන රැකියාව කරන උසස් නිලධාරීන් තමන්ට වෙනම රාජ්‍යක් හදාගෙන විවිධ නොපනත් කම් කරනවා. මේ රජයට තියන ජන ප්‍රසාදය තමන් අතට අරගෙන කල් මරමින් යහතින් වැජබෙනවා. ඇමතියෝත් ඔඩොක්කුවව දාගන්නේ මේවගේ සුන්දර කතා කියන අය තමයි. (නදී)
හම්බන්තොට පොලීසියට වගේ ඕමාන් පොලීසියට කලින් දැනුම් දීලා යන්න ඕන නැහැ.මේක නීතිය ක්‍රියාත්මක වෙන රටක්.ඒ නීතියත් අවනීතිය කරන්න යන්නේ අපේ තානාපති කාර්යාල. මෙහේ නීතිය පිට රැටියන්ටත් ඕමාන ජාතිකයන්ටත් එකම හැන්දෙන් බෙදන්නේ. ඒ බය වෙච්ච තරම තමයි ඔය කතා වලින් පේන්නේ. (ස)
මේ රටවල් වල තියෙන තානාපති කාර්යාල මෙලෝ රහක් නැහැ. ඒගොල්ලෝ කවදාවත් අපිව බේරාගන්නේ නැහැ. ඒ මදිවට විදේශ සේවා එකෙන් අපෙන් බලෙන්ම 3500 ක් ගන්නවා අපිව රක්ෂණය කරනවා කියලා. (නදී)
විදේශ ගත ශ්‍රමිකයන් ගැන රජය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. පත් වුනු හැම රජයක්ම විදේශ විනිමය ගෙන උදම් අනනවා විනා ඔවුන්ගේ රැකවරණය සුබසිද්දිය සදහා කළ දෙයක් නොමැති තරම්.(නදී)
මේ අය කියන තරම් කියන්නේ මුසාවාද නේද? (නදී)
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා කියන්නේ මේ වගෙ කතා වලට තමයි. රස්සාව බේර ගන්න කියන කතාවක්ද මේක? මොන්ටිසෝරි දරුවෙක්වත් නොකියන මට්ටමේ කතාවක් නේද?. වෙලාව ඉතුරු කරන නිසා වෙන්න ඇති සැමියා 2014.04.16 දාපු පැමිණිල්ල 2014.04.24 වෙනකන් අතේ තියාගෙන උන්නේ සිස්ටම් එකට නොදා. ඔය කතා නොකියා වෙන දේ බලා ගෙන උන්නා නම් හොඳයි නේද? (නදී)
"කාලය ඉතිරි කර ගැනීම සඳහා එසේ නොකළ බව" මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. රජ්‍යසේවකයන් නීතිමය කටුත්තකදී කාලය ඉතිරි කිරීමට අදාල කටුතු නිසි ආකාරයෙන් ඉටු නොකිරීම මගින් අසධාරණයට පත්වූ පුද්ගලයන්ට කාගේ පිහිටක්ද? අවසානයේ කල් මරා හිස් අතින් ගෙදර එන කාන්තාවට කටුනායකදී බස් ගාස්තුව පමණක් හිමිවෙයි. ඈ සහ පව්ලේ සාමාජිකයන් විඳි දුක් ගැහැට මානසික පීඩනයට කවුරුන් වග වේද? අපට වැඩ නොකරන, නීතිය නොදන්නා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කම්කරු සුභ සාධනයට හෝ තානාපති සේවයට පත් නොකරන්න. ඔවුන්ගේ වැටුප්, මත්පැන් සාද, වලට ගෙවන්නේ අප ජනතාව උපයන වැටුපෙන් කොටසකි. ජනතාවට සේවය කිරීම් හා ඔවුනට වගවීම තමා ලබන වැටුපට හා වරප්‍රසද වලට කරන ගෙවීමයි. (ස)