ඕස්ට්‍රේලියාවට යන සරණාගතයනට සහාය දීම සඳහා ඕස්ට්‍රේලියානුවෝ පිරිසක් සිඩ්නි නුවර දී ඉටිපන්දම් දැල්වූහ.
ශ්‍රී ලංකාවට එවීමට සිටි සීමල් පිල්ලේ නම් තරුණයා ගිනිතබාගෙන පිළිස්සී මියයෑම සැමරීමට ඔවුහු ඉටිපන්දම් දැල්වූහ.
එම අවස්ථාවට එක් වූ ඕස්ට්‍රේලියානුවන් කියා සිටියේ ආගමන නිලධරයන් ඔහුට අවස්තා කිහිපයක දී ම හිරිහැර කළ බවයි.
ඕස්ට්‍රේලියා රජයේ කුරුරු හා අමානුශික පිළිවෙත නිසා ඔහු මිය ගිය බව ද ඔවුහු කීහ.
රැඳවුම් කඳවුරුවල සිටින සරනාගතයන් 400ක් පමණ ආහාර වර්ජනයක යෙදී සිටින බව ද, අඩු ගණනේ 24000ක් පමණ ඕස්ට්‍රේලියාවේ ද, 2400ක් නාවුරු හා නැනුස් දූපත්හි ද, 823 දෙනකු ක්‍රිස්මස් දූපතේ ද සිටින බව ඕස්ට්‍රේලියා ආගමන නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉටිපන්දම් දල්වපු ඕස්ට්‍රෙිලියානුවෝ කියන්නේ කොටි. (නදී)
සම්පත්... මම දන්නා හැටියට නම් ඕස්ට්‍රේලියානු රජය සරණාගතයින්ට කුරිරුකම් පෙන්වා නැහැ. ඔබ කියන අදහසට මමත් එකඟයි. (නදී)
සම්පත්, ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් ඉතාමත් සානුකම්පිත මිනිසුන්. නමුත් බහුතරයක් සරණාගතයින් ඒ සානුකම්පිත භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒක නිසා දැන් දැන් සරණාගතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත්වන අය අඩුවෙමින් පවතිනවා. සම්පත් කියන විදියට මැරුණ කෙනෙක් වෙනුවෙන් ඉටිපන්දම් දල්වන අයගෙන් සමහරු කොටි වෙන්නත් පුළුවන්. නමුත් බහුතරය මානුෂිකත්වය මොකක්ද කියා හඳුනන ""මනුෂ්‍යයන්"" (නදී)
ඔව් මේ හැමෝටම ලංකාවට ආවොත් වෙන්නේ මොකද කියලා මෙයාල දන්නවා , කොටි ක්‍රියාකාරකම් ඔක්කොම වමාරන්නත් වෙනවා අනික ඉතින් දිවිනසාගන්න එක මෙයාලට පුරුදුනේ , ඖෂ්ට්‍රලියානු රජය මම දන්නා තරමින් සරණාගතයන්ට ඉතා ඉහලින්ම සලකන රටක් (නදී)
සම්පත් හා ගිහාන් ඔබ හරි. ඕස්ට්‍රේලියාව කොටි ඩයස්පෝරාවේ පදයට නටන්නේ නැහැ.(නදී)
අද ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයෝ එනවට විරුද්ධ වෙලා ඉන්නේ එදා මේ විදිහටම බෝට්ටු වල නැගලා එහාට ගිය අය නිසා. එදා මේ විදිහට වුනා නම් අද එහෙ ඉන්න ගොඩක් අය තවම ලංකාවේ, ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ප්‍රශ්න තියෙන නිසා ඕස්ට්‍රේලියානු රජය සනසන්න මිනිස්සු යන එක නතර කරන්නේ. මේක මෝඩ වැඩක් , ඉස්සර ඉන්දියාව ,පකිස්ථානය, චීනය ඔහොම කරා නම් ඇමෙරිකාවේ ,එංගලන්තේ යුරෝපයේ ඉන්දියානු ,චීන පළාත් හැදෙන්නේ නැහැ , ඒකියන්නේ ඒ ජනතාව ගොඩක් ඉන්න ප්‍රදේශ ඇතිවෙන්නේ නැහැ. ඒ හින්දා මිනිස්සු ජීවත් වෙන්න බැරි හින්දා එන එකට විරුද්ධ වෙන එක කුහකකම.(නදි)
ගාමිණී,මමත් ඉන්නේ සිඩ්නි වල තමයි. ඔයා දන්නේ නැති උනාට ඔය බෝට්ටු වල ඇවිල්ලා මෙහාට ගොඩවෙන්න කියන බොරු කන්දරාව දැක්කා නම් ඔයගොල්ලෝ ඔය වගේ කතා කියන්නේ නැහැ. ඔය බෝට්ටු වලින් ඉස්සර ඉඳලා ඇවිත් මෙහෙ පදිංචි වෙච්ච කට්ටිය එහෙම කලේ ලංකාව පාවා දීල (ලංකාවේ හිටියොත් මරනවා, ඒ නිසා මේහේ ඉන්න දෙන්න කියලා තමයි කියන්නේ). හරි විදියට මෙහාට එන අයව අපි සාදරයෙන් පිලිගන්නවා. කොහොමත් කොටින්ට දැන් මෙහෙ ආණ්ඩුවත් එක්ක ලේසි නැහැ.(නදී)
බෝට්ටු වලින් එන සමහර සරණාගතයන් කියන කතා අහන්නත් පුදුමයි (නි)
හිරිහැර කළා කියන එක නම් මට පිළිගන්න අමාරුයි (නි)
සමහර බෝට්ටුවලින් එන උදවිය මෙතන ඇවිත් කියන ටොම් පච වල හැටියට ඕස්ට්‍රේලියානු රජය සලකනවා හොඳ වැඩියි. නීත්‍යානුකුල උගත් සංක්‍රමිකයන්ට මෙහෙ අවුරුදු ගණන් ජීවත් වෙලා නොලැබෙන වරප්‍රසාද මේ උදවියට එක බොරුවක් කිව්වාම සතියෙන් ලැබෙනවා. දැන් අලුත්ම ක්‍රමය තමා කොටි ප්‍රශ්නය නැති නිසා, දේශපාලන අඩම්තේට්ටම් වුනා කියා කියා නහයෙන් අන්දන එක. (නදී)
මේ රටේ සරණාගතයෙක් සියදිවි නසා ගන්න එකත් ලොකු දෙයක් වෙන තරමට මිනිස් ජීවිතවලට ගරු කරනවා. ලංකාවේ විවිධ හේතු නිසා දරුවෝ පවා බල්ලෝ බලල්ලු වගේ මැරිලා යනවා. ඒවා බොහොමයක්ම වළක්වා ගත හැකි මරණ. ඒත් කවුරුවත් මේ ගැන කතාවත් කරනවාද? (නදී)
නීත්‍යනුකුලව ඔස්ට්‍රලියාවට යන අයට පවා අවස්ථාව ඇහෙරිලා තියන්නේ ඔය බෝට්ටුවලින් යන අය කියන කරන වැඩ නිසා. ඒ නිසා ඒගොල්ල ගැන තදින් ක්‍රියා කිරීම ගැන මම නම් සතුටුයි.(නදී)
ඕස්ට්‍රේලියානුවන් අතරත් තරමක් අමුතු අය සිටිනවා වගෙයි (නි)
ඔය පන්දම් පත්තු කරන්නේ ඒ ගොල්ලන්ගේ අයම තමයි. අනේ ඒ ගොල්ලන්ට වෙලා තිබෙන්නේ තමන්ටම ගිනි තියා ගන්න. (ස)