පක්ෂීන් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමී විද්‍යාඥයකු වන සරත් කොටගම ආසියා කලාපයේ සභාපති ලෙස කැනඩාවේ අන්තර් ජාතික කුරුළු සංවිධානයේ දී නිතරඟයෙන් පත්කරගනු ලැබීය.
රටවල් 120ක සාමාජිකයෝ එක්කෝටි තිස් ලක්ෂයක් මෙම සංවිධානයට අයත් වෙති.
ආසියා කුරුළු සංගමය රටවල් 11කින් සමන්විත වේ.
මහාචාර්ය සරත් කොටගම වනජීවී සම්පත් ඇමැති ගාමිණී විජිත් විජයමුණි මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම බස්සා කුරුළු රජා. අංසක අනූවට බෙල්ල හරවන්න ලේසියෙන් පුලුවන්න මේ වගේ. (අ)
කුමාර , ඔබට එකගයි. බූන්දල කුරුළු අභය භුමියට යාබදව ගුවන් තොටුපොලක් තැනීමට යාමේදී කුරුල්ලන්ට කිසි බලපෑමක් නැතයි කියමින් කුරුල්ලන් පාවාදී එම යෝජනාවට කඩේ ගිය විද්වතෙක්. මෙතුමාට පරසරය සම්බන්ද හොද තතුරක් ලබදීල තිබුන ප්‍රියන්ත. එත් එකේ වුන වංචාවකට මෙතුමා වග කියන්න ඕනේ කියල ඔප්පුවු අ නිසා එකෙන් අයින් වෙන්න වුන කියල මෙතුමම ඉස්සර දවසක තිත්ත ඇත්තට ඇවිත් කිව්වා. (අ)
ඔබ මගේ ගමේ කෙනෙක් නිසා මට හරිම සතුටුයි. ආඩම්බරයි (නි)
සුබ පැතුම් සර්.(නදී)
තවත් ඉල්ලමක්..(ත)
කුරුල්ලන්ට වත් සෙතක් වුනොත් ඇති. මිනිස්සුන්ට නම් දැන් පාන් කියා ගන්න බැහැනේ. (නි)
උණුසුම් සුභ පැතුම් සර්! (නි)
කුරුළු ගෙදර කුරුළු කුමාර..... (නි)
ඉතා විශිෂ්ට ගනයේ අවස්ථාවක් සහ පුවතක්. උණුසුම් සුබපැතුම් ඔබතුමාට! (නි)
ජාතිය සතු විශිෂ්ට විද්වතෙක් වන මහාචාර්ය කොටගමගෙන් අපේ රට නම් ප්‍රයෝජන ගන්නවද කියන්න දන්නේ නැති වුණත් ලෝකෙ නම් ප්‍රයෝජන ගන්නවා. (නි)
මෙතුමාට ගෞරව උපාධියක් ලබා දී පරිසරය සම්බන්ධයෙන් හොද තනතුරක් ලබා දිය යුතුය.(නදී)
එහෙනම් කුරුල්ලන්ට දෙයියන්ගේම පිහිටයි. බූන්දල කුරුළු අභය භුමියට යාබදව ගුවන් තොටුපොලක් තැනීමට යාමේදී (මෙම යෝජනාව බලවත් මහජන විරෝධය නිසා රජය අනුමත කලේ නැත ) කුරුල්ලන්ට කිසි බලපෑමක් නැතයි කියමින් කුරුල්ලන් පාවාදී එම යෝජනාවට කඩේ ගිය විද්වතෙක්.(නදී)
ලංකාවේ වද වෙලා යන කුරුළු සම්පත වෙනුවෙනුත් යමක් කරන්න බලන්න (නි)
පරිසර හානිය නිසා අද ගේකුරුල්ලෝ වැනි අපට සමීප කුරුල්ලන් විශේෂ කීපයක් වඳවීගෙන යනවා. විශ්ව විද්‍යාලයක් සමග එකතුවී මේ ගැන සොයා බලන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිමි. (නි)
උණුසුම් සුභ පැතුම් මහාචාර්යතුමනි.(නදී)
සුභ පැතුම්. මේ අපේ දෙවිවරු. (අ)
මගේ උණුසුම් සුභ පැතුම් මහාචාර්යතුමනි! (නි)
අපේ මත්තල කුරුල්ලනට කවුරුවත් නැතිද? (නදී)