සපත්තු දෙකක් ගැනීමට මුදල් නැති සෙරුනුවර පාසැල් දැරියකගේ බෙල්ලේ සෙරෙප්පු දෙක එල්ලු බව කියන සිද්ධිය හෙළා දකින බවත්, පාසල් සිසුනට දඬුවම් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යංශය විටින් විට නිකුත් කර ඇති චක්‍රලේඛ ගැන සැලකිලිමත් විය යුතු බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
මෙවැනි සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් හා ගනුදෙනු කිරීමේ දී ගුරුවරුන් කටයුතු කළ ආකාරය ගැනත්, විවිටන් විට නිකුත් වන නව චක්‍රලේඛ ගැනත් ගුරුවරුන් දැනුම්වත් කළ යුතු බවත්, ඊට නිසි වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යංශයට නැති බවත් කියන ස්ටාලින් මහතා යමක් සිදුවූ පසු ඊට ප්‍රතිකර්ම සොයානවා වෙනුවට ස්ථිර වැඩපිළිවෙළක් ඇති කළ යුතු බවත් පවසයි.
පාසල්වල කාලසටහන් නැති ගුරුවරුන් ශිෂ්‍ය උපදේශනයට යොමු කරනවා වෙනුවට නිසි සුදුසුකම් හා මනා පුහුණුවක් ඇති ගුරුවරුන් ශිෂ්‍ය උපදේශනයට යොමු කළ යුතු බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුවෙකුට දඬුවම් දෙන ආකාරය සහ දෙන අවස්ථා මොනවාද කියලා චක්‍රලේඛන මගින් කියලා දෙන්න ඕනෑ නැහැ. ගුරුකමට ආ එයා බබෙක් වෙන්න බැහැනේ. අනික විවාහක නම් දරුවෝ එහෙමත් ඇතිනේ. එතනදි තමන්ට හිතෙන්න ඕනෑ මේ ළමයටත් මගේ ළමයින්ට වගේම ආත්ම ගරුත්වයක් තියෙනවා කියලා. සමහර ගුරුවරු (සමස්තයම නොවේ ) අහිංසක ළමයෙක්ගේ අඩුපාඩුවක් හෝ වැරැද්දක් දැක්කාම නිකන් වීරයෝ වෙන්න හදනවා. ළමයෙක්ගේ අසරණකම දකින්න චක්‍රලේඛන එනතුරු ඉන්න ඕනෑ නැහැ. එයා හරි කෙනෙක් නම් පුද්ගලිකව ඒ ළමයාට අඬගහලා ඒ ළමයා එහෙම එන්න හේතුව හොයලා බලලා පුලුවන් නම් යහමින් මුදල් හදල් තියෙන කීප දෙනෙක් එක්ක කතා කරලා යමක් කරන්න තිබුනානේ. එහෙම වුණා නම් අර පොලිස් නිලධාරි මහත්මයාට ලැබුණු ගෞරවය එතුමියට ලැබෙනවා නේද ඉබේම? (නි)
පව් අනේ අර අර ඇමරිකාවේ කැම්පස් එකේ කුමාරව හොයා ගන්නත් නෙහෙ . (දී)
වෙන්නප්පුව ප්‍රදේශයේත් ජනප්‍රියම පාසලක 4 වසර ළමයෙකුගේ පසුගිය සතියේ ඔය වගේම අතක් පැලෙන කම්ම පාරවල් 18 ගහල තියෙනවා. එතනදී පොලියේ OIC මහත්තයා මැදිහත් වී ප්‍රශ්නය නිරාකරණය කරලා තියෙනවා.(ස)
වික්‍රම බොස්ටන් ඔයා හරි (ස)
කුමාර ඔයාගේ පම්පෝරිය අපිට වැඩක් නැහැ ඔයා ස්කොලේ ගියාද? (ස)
බන්දුල අයියා කාපු කනේ පාරට මොලේ හෙල්ලිලා තියනවා පොඩිකාලේ.අයියෝ පවු. හැබැයි පන්තිවල ගුටි කන්නේ විනය ගරුක ළමයි නෙවෙයි. (දී)
මම හිතන්නේ අර කුමාර සුදන්ට ඉංග්‍රීසි කියල දෙන කෙනෙක් ඇමරිකාවේ කැම්පස් එකේ . අපිට ආඩම්බරයක් කුමාර ඔබ වෙනි අය (දී)
ඇමරිකාවේ කැම්පස් එකේ උගන්වන කුමාරට , පිරුණු කලේ දිය නොසෙලේ වගේම . ඇතුලත හිස් බෙරයක් වගේ දේවල් බොහොම ශබ්ද නගනවා .(දී)
ඒ කාපු කෑමට වෙන්න ඇති අරයගේ මොලේ වයර් එක මාරු (ස)
ගුරුවරුන්ගෙන් අපිත් ගුටි කෑව කන් අඩි රත් වෙන්න. (ත)
මේ කියන විදිහට වැරැද්ද ළමයගේද? ආණ්ඩුවේද? (ස)
කුමාර, උගතෙක් කිසි දිනක තමන්ගේ ලොකුකම කියාගන්නේ නැහැ. ඔබ ගුරුන්ගෙන් ගුටිකා සරසවියක ගුරුවරයෙක් වී සුදු හම ඇති අයට ඇමෙරිකාවේදී උගන්වන බව කියන්නේ අපට කිති කවමිනි. කමක් නැහැ. කරුණාකර මේ තීරුවෙන්ම මගේ නමටම ලියන්න, ඔබ සුද්දන්ට උගන්වන සරසවියේ නම සහ ඒ නගරයේ නම ඇතුළු විස්තරය. (නි)
අපි දන්නා තරමට ගුරුන්ගෙන් ගුටිකන්නේ ඉගෙනගන්න බැරි "අන්ඩපාලයෝ". එයාලට මෙහෙදිවත් ගුරු රැකියාවක් ලැබෙන්නේ නැති එකේ ඇමෙරිකාවේ ලැබෙයිද? (ස)
කුමාර සුද්දොන්ට කැම්පස් එකේ උගන්නවද ? ඇමරිකාවේ ළමයින්ට ගුරුවරු ලංකාවේ වගේ දඬුවම් කරනවද ? කුමන සියවසේද ලංකාවේ පාසල් ගියේ දඬුවම් වින්දේ ? ඇමරිකාව මොන පාටද ? අපිට ටිකක් කියන්න. (ස)
මම දැක්කා විදුහල්පතිතුමා මෙම සිද්ධිය සාධාරණ දෙයක් හැටියට කලින් පවසා තිබ්බා. දඬුවම් දෙන්න කලින් හේතුව සොයා බලන්න ඕනේ. හිතු මතේ දඬුවම් නොකර. (ස)
අපි ඉස්කෝලේ යන කාලේ ඔයිට වඩා දඩුවම් විඳලා තියෙනවා. ඒක නිසා තමයි ඇමරිකාවට ඇවිල්ලා මෙහෙ ඉන්න සුද්දොන්ට කැම්පස් එකේ උගන්නන්නේ. (ස)
ගුරු සංගමයේ අය මොනවද මේ කියවන්නේ? හැදියාවක් නැති, සාමාන්‍ය දැනීම අඩු ගුරුවරු ඉන්නවා නම් ඔවුන්ට උගන්වන වැඩ පිළිවෙලක් සුදානම් කළා නම් හරිනේ (නි)
දණගස්සවන්න වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
පුදුම වැඩේ. දැන් සෙරෙප්පු ප්‍රශ්නය සෑහෙන්න දුරදිග ගිහින් වගෙයි (නි)
එතකොට ගුරු සංගම් ඉන්නේ මාධ්‍ය නිවේදන නිකුත් කරන්නද? (ස)