IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක්

(යොහාන් භාසුර)

සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා ද, මෙරට නිපදවනු ලබන මෙරට සෑදූ විදේශීය ස්ප්‍රීතු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,600 ක් වන බද්ද රුපියල් 7.320 ක් දක්වා ද, ඉහළ දමන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම සුරාබදු ඉහළ නැංවීමත් සමඟ මත්පැන් මිල තව දුරටත් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි. 



අදහස් (7)

සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදනයක්

pakeer Monday, 01 January 2024 09:14 PM

ඔව්, ගල් අරක්කු බෝතලයක් ලක්ෂයක් විතර කරන්න.. චිවස් රීගල් එකක් මිලියනයක් විතර කරන්න... බොන්න දේවල් නැති වෙලා... බොලාගේ ලේ බොනවා මිනිස්සු පෙරේතයින් වෙලා ඇවිත්... බලන් ඉන්න..

:       0       0

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 10:05 PM

අන්තඃපුරය සමග ලෝකය වටේ රවුම් ගහන්න සල්ලී මදිවෙලා වෙන්න ඇති. "ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුව දිය කෙළියේ" කියලා විතරක් මතක තියා ගනිල්ලා.

:       0       0

Ariyathilaka Monday, 01 January 2024 11:24 PM

සම්මා සම්බුදු සරණින් උදා වූ නව වසර, සුරාවෙන්, දුසිරිතෙන්, අකුසලයෙන් තොර, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා! සම්මා සම්බුදු සමිඳුගෙ සරණින් අපි සතුටින් සිටිමු,~ සම්මා සම්බුදු සමිඳුගේ දහමින් කුසල් ද අපි කරමු,~ සම්මා සම්බුදු සමිඳු ගිය මගින් දුගතිය අපි වසමු,~ සම්මා සම්බුදු සමිඳුගේ බලයෙන් අපි සසරින් මිදෙමු.

:       0       0

Don perea Tuesday, 02 January 2024 02:16 AM

ගොනා ඇනගෙන ඇනගෙන යනවා. තව ගිනිකෙළි පත්තු කරපල්ලා...

:       0       0

චන්දන Tuesday, 02 January 2024 07:59 AM

කාට හරි කියන්න පුළුවන්ද යම් භාණ්ඩයක් මත පැටවෙන බදු වර්ග කීයක්තියෙනවද කියල....රුපියල් 100 ට භාණ්ඩයක් මිලට ගත්තම එතන බදු විතරක් කීයක්තියෙනවද? එහෙම පිටින්ම මේක බදුලන්තයක්...විදෙස් විනිමය උපය ගන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවද? අනාගතේ විදෙස් ණය ගෙවන්න හදන්නෙ රුපියල්වලින්ද?

:       0       0

පිනා Tuesday, 02 January 2024 08:12 AM

රනිල් හාමු ආපහු ලංකාවට වැඩවසම් ක්‍රමය ගෙනල්ල , මිට පස්සේ අරක්කු ,විස්කි ,බ්‍රැන්ඩි බොන්න පුළුවන් වෙන්නේ හාමුලගේ පැලැන්තියේ අයට විතරයි

:       0       0

Rohana Tuesday, 02 January 2024 10:45 AM

මේ රනිල්ට නම් බදුවලින් මිසක් ආදායම් ලැබියහැකි වෙනත් ක්‍රමයක් ගැන හිතන්නෙම නැති කෙනෙක්. දැන්නම් බදුවලින් හොදටම හෙම්බත්වෙගා ඉන්නෙ. හැකි ඉක්මනින් ආණ්ඩුව කලහැකි කෙනෙකුට භාරදී ගෙදර ගොස් පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න. මෙයාට බදු රනිල් කියල කියමු.

:       1       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1267 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 254 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2189 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1222 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 443 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site