(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මත්පැන් නිෂ්පාදන ආයතන ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි පන්සිය පනස් එකක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මත්පැන් නිෂ්පාදන ආයතනවලින් රුපියල් කෝටි 549 ක්ද රා නිෂ්පාදන ආයතනවලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් සහ ස්කාගාරවලින් එක්කෝටි හැට පන් ලක්ෂයකට වැඩි මුදලක්ද ගෙවීම ( පසුගිය වසරේ අග භාගය වනවිට)පැහැර හැර ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ආයතන හතරකට අදාලව රුපියල් කෝටි 38 ක බදු මුදලක් වසර පහකට වැඩි කාලයක් තිස්සේ ගෙවීම පැහැර හැර ඇතැයි විගණන නිලධාරීහු පවසති.
මින් ආයතන තුනකට අදාළව නඩු පැවරීමට අවශ්‍ය මූලික කරුණු කෙටුම්පත් කරන අවස්ථාවේදී හිඟ මුදල් ගෙවීමට එකඟතාවයක් ඇතිකර ගෙන තිබුණද එකඟතාවය කඩකර හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු ගෙවීම පැහැර හැර තිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව බීඩි,සිගරට් සුරුට්ටු සම්බන්ධයෙන් ලියාපදිංචි සහතික 774 නිකුත් කර තිබුණද පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ලියාපදිංචි අලුත් කරගෙන තිබූ ආයතන සංඛ්‍යාව 509 ක් පමණක් බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත. මේ අනුව බලපත්‍රලාභීන් 265 දෙනකු ලියාපදිංචි අලුත් කර නොගෙන ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේද යන්න පසුගිය වසරේ අවසානය දක්වාම පසුවිපරමක් කර නොතිබූ බව විගණන අංශ සඳහන් කළේය.
තවද ආයතන තුනක් ලියාපදිංචි සහතික ලබා නොගෙන දුම්කොළ ආනයනය කර තිබූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ තොරතුරු අනුව පැහැදිලි වන්නේ යැයි විගණන වාර්තාවේ සඳහන් වේ.
එම ආයතන තුනෙන් රුපියල් කෝටියකට ආසන්න හිඟ බදු මුදලක් පැවතුණු බවද විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර දෙපාර්තමේන්තුවේ මෙහෙවරට සෘජුවම බලපාන ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 38ක සහ තෘතීය මට්ටමේ තනතුරු 77ක පුරප්පාඩු පැවතුණු බව පවසන විගණන කාර්යාලය මෙය එම දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනයට අහිතකර ලෙස බලපෑ හැකි බවද සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුරාබදු දෙපාර්තමේන්තුවට කෝටි 551ක පොල්ලක්