(සුජිත් හේවාජුලිගේ )
පසුගිය රජය සියඹලාණ්ඩුවේ මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව පැවරීමෙන් රුපියල් කෝටි 330 ක පාඩුවක් සිදුවී ඇතැයි ලාංකික මහජන එකමුතුවේ සභාපති පේෂල සේරසිංහ මහතා පැවසීය.
එසේ හෙයින් එම ටෙන්ඩරය වහාම අවලංගු කර අලුත් ටෙන්ඩරයක් කැඳවන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
කොමිස් කුට්ටි ව්‍යාපෘතිවලට උල්පන්දම් දෙන පරණ පිල්ලි විදුලිබල මණ්ඩලයේ තවමත් හොල්මන් කරන බව පැවසූ සභාපතිවරයා ජනතාවට කොකා පෙන්වමින් මෙගා ව්‍යාපෘතිවලට යෑම ඔවුන්ගේ එකම ඉලක්කය බවද සඳහන් කළේය.
පේෂල සේරසිංහ මහතා මෙසේ පැවසුවේ බොරැල්ල එන්. අැම් පෙරේරා ශාලාවේදී අද (2) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.
සේරසිංහ මහතා මෙසේද පැවසීය.
සියඹලාණ්ඩුව මෙගා වොට් 100 සූරිය බල ව්‍යාපෘතිය ටෙන්ඩරයට පාර්ශව දෙකක් ඉල්ලුම් කරනවා. රිවිදනවි කියන ආයතනයට තමයි ටෙන්ඩරය හිමිවන්නේ. අඩු ටෙන්ඩරය ඉදිරිපත් කරපු පාර්ශ්වය පැත්තකට දමා වැඩි ටෙන්ඩරය හිමිවූ සමාගමට ටෙන්ඩරය දෙනවා. එමගින් කෝටි 33ක පාඩුවක් සිද්ධ වුණා.. එම සිද්ධියට හිටපු නායකයන් වගකිව කිවයුතුයි.
රිවිදනවි විදුලි බල මණ්ඩලයට සම්බන්ධ ආයතනයක්. ඒ ටෙන්ඩරයේ පාරිශුද්ද භාවය ඉන් අහෝසි වුණා. විදුලි බල මණ්ඩලයේ එක්තරා ප්‍රධානියකු පුනර්ජනනීය විදුලි බලයට වඩා වෙනත් මාධ්‍ය වෙනුවෙන් උනන්දු වී කටයුතු කරන බව පේනවා. පරණ පිල්ලි තවමත් හොල්මන් කරන හෙයින් බලශක්ති ක්ෂෙත්‍රයේ ලොකු පසුබෑමක් ඇතිවී තිබෙනවා. මේ කර්මාන්තයේ ඍජු රැකියා ලක්ෂයක් තියෙනවා. වක්‍ර රැකියා ලක්ෂ තුනක් තියෙනවා.
සූර්ය බලය ප්‍රවර්ධනය කරන බව ජාතික ජනබල වේග ප්‍රතිපත්ති මාලාවේ තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිටින යම් යම් පිල්ලි ජනතාවට කොකා පෙන්වමින් කරන කටයුතු හෙළා දකිනවා. මණ්ඩලය අද යන්නේ මෙගා ව්‍යාපෘතිවලට. එසෙම දේශීය ආයෝජකයන් මගහරිමින් කටයුතු කරන තත්වයක් තියෙනවා. වර්තමාන සෝලා ව්‍යාපෘති හරහා ලොකු කොමිස් කුට්ටි ගන්න බැහැ. මෙමගින් සිදුවන්නේ ජනතාවගේ අයිතිය කොල්ලකෑමක්.
දූෂණය නැති කිරීමට ආපු ජනාධිපතිවරයා මේ ටෙන්ඩරය ඉදිරියට ගෙනියනවාද. අපි ඒක බලාගෙන ඉන්නවා.ටෙන්ඩරය ක්‍රියාත්මක වී නැහැ. නමුත් තවම තියෙනවා. මේ දූෂිත ටෙන්ඩරය අවලංගු කර නැවත කැඳවන්න කියලා අපි ඉල්ලනවා. කෙසේ නමුත් මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් කළ යුතුයි. නමුත් ඒක වෙන්න ඕන විනිවිදභාවයකින්. නිලධාරීන් ආණ්ඩුව ගොනාට ඇඳුවාදැයි සැකයක් තියෙනවා.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සංවිධානයේ විධායක කමිටු සාමාජික නවෝද් හේවගේ මහතාද සහභාගි විය.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්
ගුණරත්න Wednesday, 02 April 2025 06:52 PM
මේ ආණ්ඩුවට සූර්ය බල ව්‍යාපෘති ඇලජික්! හේතුව අපි කවුරුත් දන්නවා.
Saman Wednesday, 02 April 2025 07:27 PM
අඩුම ටෙන්ඩරය හොඳම ටෙන්ඩරය වෙන්නෙ නෑ හැම වෙලාවෙම.
රුවන් Thursday, 03 April 2025 06:10 AM
හම්බන්තොට, මන්නාරම තමයි හොදම ප්‍රදේශ අඩු පිරිවැය නැතුව දිර්ගකාලීන පැවැත්ම පලදායිතාව ඉහළ පැනල ගත්තා නම් අපිට ඉන්දියාවට අපනයනය කරන්න පුළුවන්. ටෙස්ලා සමාගමේ පැනල ඉතාම කාර්යක්ෂමයි.
eresh Thursday, 03 April 2025 10:19 AM
තවමත් ඉන්නවා මෙහෙම අය සමහර CEB වල