කසිප්පු බෝතල් දෙසියක් සහ කසිප්පු පෙරීමට ගන්නා දගරයක් සමග යුද හමුදාවේ විශේෂ කාර්‍ය බලකායේ මුලතිව් විශ්ව මඩු කදවුරේ සේවය කරන සැරයන් වරයෙක් සහා ඔහුගේ බිරිද මහ කුඹුක්කඩවල ඔහුගේ නිවසේදී අද අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
කසිප්පු බෝතල් දෙසියක් සහ කසිප්පු පෙරීමට ගන්නා දගරයක් සමග යුද හමුදාවේ විශේෂ කාර්‍ය බලකායේ මුලතිව් විශ්ව මඩු කදවුරේ සේවය කරන සැරයන් වරයෙක් සහා ඔහුගේ බිරිද මහ කුඹුක්කඩවල ඔහුගේ නිවසේදී අද අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙන පඩිය ජීවත් වන්නට මදි නිසානේ තව අාදායම් මාර්ගයක් සෙව්වේ. වැඩි අාදායම්ලාභීන් ගොඩක් කරන්නේ නීති විරෝධී ක්‍රියා තමයි. මේකත් ඒවාගේ සාමාන්‍ය දෙයක් අද ලංකාවේ (නි)
වැඩියෙන් හම්බකරන්න ගිහින් කරගත්ත වින්නැහියක්. (ස)
යුධ හමුදාවේ තියෙන්නේ විශේෂ බලකාය. විශේෂ කාර්ය බලකාය පොලිසියට අයිති එකක්. යුධ හමුදාව අපහසුතාවයට පත් කරන්න එපා. (ස)
''ජම්මෙට වඩා පුරුද්ද ලොකුලු'' (ස)
කුඩු බිස්නස් කරන එකටද කසිප්පු පෙරන එකටද වැඩිම නිදහසක් තියෙන්නේ කියල මට හිතාගන්න බැහැ. (ස)
ඔය හරි නදී දුවේ.(ස)
අල්විස් කියන්නෙ නීත්‍යානුකුලව මේ ජරාව පෙරල මිනිස්සුන්ට පොවන එක හරි කියලද ? (ස)
1985 ට පෙර විශ්‍රමගිය රජයේ සේවකයින්ට ලැබෙන්නේ රුපියල් 12,000 ක පමණ පැන්ෂන් එකක්. එම අය දැනට 85 පැනල ඉන්නේ. එම අයගේ බෙහෙත් ගන්න මස කට රුපියල් 15,000 කට වඩා යනවා.විශ්‍රාම ගිය ගුරුවරයෙක්, ලිපිකරුවෙක්, ඉංජිනේරුවරයෙක්, සෞඛ්‍ය සේවා නිලධාරියෙක් හෝ වේවා ඔවුන්ට වෙන්නේ දැන් කසිප්පු හරි පෙරලා ජීවත් වන්නයි. (ස)
තව ඉදිරි කාලයේදි රාජ්‍ය සේවකයා කසිප්පු පෙරලා විතරක් නවතින එකක් නැහැ...... (ස)
මේවට රට පාලනය කෙරන අය වග කියන්ඩ ඕනේ, මොකද දුප්පත් රටක ඉන්න ඔක්කොමට තේරෙන්නේ නැහැ රටේ වැදගත් අර්ටික වරදානයක් හදන්නේ කොහොමද කියල, දන්නා විදිහට කෙරන දෙවල් තමයි මේවා. රටේ කෙරපු සුලු දෙවල් ගැන තම තමන්ම වර්ජන කර ගනිමින් කාලය කා දමන කලකන්නින්ගේ අැඟේ දුවන ලේ හැදුනේ අහිංසක මිනිසුන්ගේ දහදියෙන්. කරන දෙයට විපාක එනවා. (ස)
වැඩේ වැරදියි. (ස)
පිටිගල. ඔබම අහනවා "පොඩ්ඩක් කියනවද මට පිස්සුද කියල?". එකේ සත්‍යතාවය ඔබේ අදහස් දිහා බලපුවාම පෙනෙනවා. රැකියාව, තනතුර, පවුල සහ බිරිඳගේ ආත්ම ගරුත්වය තඹ දොයිතුවකටවත් ගණන් නො ගෙන මෙහෙම දේවල් කරන්නේ පඩිය මදි නිසා කියල තවත් කියන්නට දඟලන්ට එපා. එන්ට අපේ ගමකට. බලන්ට එහි ජීවත්වෙන මිනිසුන්ගේ ජිවන තත්වය. තමන්ට තියෙන තරමට අහාර පිස බුදුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලාට දන් දෙමින් පස් පවින් වැලකි සිටින දැහැමි මිනිසුන් දකින්නට එන්න අපේ ගම් වලට. හොර තක්කඩින්ට අනියම් ලෙස උඩගෙඩි දෙන ඊනියා දර්ශනවාදියන් නොවී මනුෂ්‍යත්වයේ හැව ගලවපු නයින් මෙන් හැසිරීම නවතා නිරුවත් දෑසින් යතාර්ථය දකින්ට පුරුදු වෙන්ට කියල මම යෝජනා කරනවා. අපේ ගම්වල ඉන්නා සුදාන ගුණ පිරි ලාංකිකයින්ට සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට අපහාස වන අයුරින් හොරුන්ගේ ක්‍රියාව යතාර්ථය ලෙසින් උලුප්පා පෙන්වන්ට හදන්ට එපා. (ස)
පිටිගල මහත්තයෝ..ඔයිට වැඩි දේවල් පරදුවට තියල මිනිස්සු සල්ලි හොයන්න යනවා තියෙන තන්හාවට.ලද දෙයින් සැහීමකට පත් වීමට අකමැති කමට.ඔබ තුමා අපහස කරන්නේ මේ රටේ නීතිගරුකව ජිවත් වෙන ලැබෙන ආදායමෙන් ජීවිතය අපහසුවෙන් හරි ගෙනියන මේ රටේ බහුතර ජනතාවට..ඔබ තුමත් අපරාදේ රට ගියේ. (ස)
සමහරුන්ගේ ප්‍රතිචාර උපහාසාත්මකයි. නීතිවිරෝධී හෝ නීතිගරුක හෝ මත්පැන් නිසා අද අපේ රටේ සිදුවන්නේ අයහපත් දේ බව අමුතුවෙන් සදහන් කලයුතු නැහැ. රජයේ සේවකයන් හා පුද්ගලික සුළු ව්‍යාපාරිකයන් කම්කරුවන් අද ජීවත් වෙන්නේ අමාරුවෙන් කියන එකත් සියලුම ලාංකිකයන් දැනුවත් කරුණක්. රෝගයකට ප්‍රතිකාර කලයුත්තේ රෝග නිධානය සොයාගැනීමෙන් පසුවයි.(නදී)
ඔය ගම් පළාත, කොහොමටත් ඕවට ප්‍රසිද්ධ පැත්තක් නේද ? (නදී)
බන්දුල මහතා, එහෙනම් මේ මනුස්සය රස්සාවත්, පෞරුෂත්වයත් , බිරිඳගේ ආත්ම ගරුත්වයත්, විනාස කරගෙන මේ ජොලියට කල දෙයක්ද හැබැටම? අල්විස් මහතා මනෝ විද්‍යාඥයෙක් ද?පොඩ්ඩක් කියනවද මට පිස්සුද කියලා. (ස)
බදු මිල වැඩි වෙනවා කියන්නේ පඩිය අඩුවෙනව හා සමානයි.හෙවත් මිලදී ගැනීමේ හැකියාව අඩුයි. එය තමයි උද්දමනය (ස)
අනේමන්ද මොනවාද කියන්නද කියලා. තමන්ගේ රස්සාව කරගෙන ඉන්නවනම් හොඳයි (ස)
පිටිගල මහත්තය දන්නවද විශේෂ බලකා සැරයන්වරයෙකුට ලැබෙන වැටුප. එහෙම කසිප්පු පෙරුවොත් මේ රටේ හතරෙන් තුනක් කසිප්පු පෙරන්න ඕන ජිවත් වෙන්න අමාරුයි කියල.මෙතන තියෙන්නේ ජිවත් වෙන්න කසිප්පු පෙරිල්ලක් නෙමෙයි මහත්තයෝ.(ස)
මානගේ සහ පිටිගල. දුප්පත්කම නිසා මිනිස්සු නීති විරෝධී වැඩ වල යෙදෙන එක සාධාරණයි කියල කියන ඔබ වන්නන්ගේ මනෝ භාවය මෙහි සඳහන් කතා නායකයාට වඩා වෙනස් නැති බව පෙනෙනවා. අද යුධ හමුදාවට හොඳ වැටුපක් ගෙවනවා. " දැන් ලැබෙන වැටුපෙන් ජිවත් වෙන්න බැරි නිසා..." යනුවෙන් මානගේ කියන්නේ කලින්ට වැඩිය දැන් වැටුප අඩු කර තිබෙන බවද.? මෙහෙම කරන්නේ කැත හිත තියෙන හොරු. තමන්ගේ නිල ඇඳුම තනතුර සහ විනය ගැන සිතන්නේ නැතුව කසිප්පු පෙරන්නේ අමාරුකම හින්දද? වෙන්ට අමාරුයි කියා හැමෝම මෙහෙම කරන්ට ගියොත් සමාජයට මොකද වෙන්නේ.? (අ)
ලේබන වැටුපෙන් ජිවත් වන්නට මදි නිසා . අමතර ආදායමක් සොයා කරපු වෙඩක් . කසිප්පුත් මිනිස්සු බොන ජාතියක් . දුප්පත් අයගේ සුමිහිරි පානේ මේවා (අ)
ඔන්න ඕක තමයි මානගේ මහතා මටත් කියාගන්න තිබුන කාරණේ. හමුදාවේ පොලිසියේ විතරක් නෙවේ අපිත් අඹු දරුවෝ දාල මේ පිට ඇවිත් ඉන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසයි කොටින්ම. (නදී)
දරිද්‍ර තාවය පොලිසියේ අයටත් පොදුයි, මොකද, දැන් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා. ආණ්ඩුවට මේවා තේරුම් ගන්න බැහැ.මිනිස්සුන්ගේ අමාරුකම්. හමුදාවේ සහ පොලිසියේ අය කට වහගෙන ශාප කරනවා,මේ යන ක්‍රමේට.(නදී)
කුඩු කිලෝ 200 ක් අහුවුණා නඩු නැහැ. එතනෝල් අහුවුණා නඩු නැහැ. ආයුධ 18 ක් අහුවෙල මිනී මැරුම් 4 ක් කරපු අය එක දවසක් හිරගෙදර හිටියෙ නැහැ. මහ දවල් පිස්තෝල අරන් ගිය අය කියනවා සෙල්ලම් පිස්තෝලයක් කියලා. සාමාන්‍ය කෙනෙක්ට වුනානම් එල්ලගෙන ගහනවා. මිනිස්සු මේව ගැන කල කිරෙනවා.(නදී)
අනේ මේ මිනිස්සු දිහා සංවේදීව බලන්න. ලංකාවේ ජීවත් වෙන්න කන්න, අඳින්න, ළමයින්ට උගන්නන්න , පොඩි උන්ට විනෝද වෙන්න. උන්ගේ සතුට වෙනුවෙන් මොනවා හරි කරන්න, දෙමාපියන් හැටියට අද තියෙන අපහසුව දිහා සංවේදීව බැලුවොත්, මධ්‍යම පන්තිකයන් ඉන්නේ ලොකු අමාරුවකින්. නැති බැරි එකා බඩගින්නේ ළමයි නන්නත්තාරේ,ගෙදර අපායක්, ඉතින් මේවා සිදු වෙන එක ගැන සංවේදීව බලන්න අපි පුරුදු විය යුතුයි. ඒත් නීතිය ඊට හරස් වේවි. මොකක් කරන්නද? බුදු හාමුදුරුවෝ නම් කියන්නේ සියල්ල සිදුවෙන්නේ කර්මයෙන් නොවේ. පංච නීවරණ ධර්ම අනුවයි කියලා. මේක මොන නීවරණ ධර්මෙට අනුව සිදුවෙන එකක් ද කියලා මටනම් වටහා ගන්න බැරි ගානයි අයි බෝවන්.(නදී)
අනුමානයක් නැහැ. කුරුණෑගලයි මාතලෙයි පෙරන එතනෝල් බඩු වලට වඩා මේවා හොඳයි.(නදී)
මේ අය පෙරුවත් ආණ්ඩුවෙන් පෙරුවත් දෙකම එකයි නරක දේ මොකා කලත් නරකයි (ස)