පේරාදෙණි අවට ගෙවල් ,වෙළෙද සැල් හා බැංකු බිදුම් සිදු කැර මුදල් ,රන් ආභරණ හා වෙනත් වටිනා උපකරණ සොරකම් කරමින් සුඛෝපභෝගී ජීවීතයක් ගත කළ බව කියන සරසවි සිසුවෙක් මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සේසිරි හේරත් මහතා විසින් ජූලි 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සැකකරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවෙකි.
සැකකරු ලඟ මුදලින් රුපියල් ලක්ෂ හයක්ද ,රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් ආභරණ ද,ලක්ෂ හතරක් පමණ වටිනා වෙනත් භාණ්ඩ රැසක්ද තිබී පොලීසියට හමු වී ඇත.ඊට අමතරව රන් ආභරණ උකස් කරන ලද කුවිතාන්සි 15 ක්ද සැකකරු සන්තකයේ තිබී ඇත.
මොහු කීප වතාවක්ම විභාගයට පෙනී සිට එයින් අසමත් වී නැවත නැවත විභාගයට පෙනී සිටීමින් ගෙලිඔය ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පළක නැවතී සිටි අයකු බවද පොලීසිය කියයි.
25 හැවිරිදි සැකකරු වලපනේ නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසු සංගම් වලට පෙළපාලි යන්න අවස්තාවක් පෑදුනා, නියමයි (නි)
මේ මල්ලිව මම පුද්ගලිකව දන්නවා , මෙයාල නිමුන්නු මෙයට තව නැඟී කෙනෙක් ඉන්නවා එකම දවසේ , ඒ නංගී දැන් දොස්තර කෙනෙක්. ඉස්සරනම් මෙයා හරි අහිංසකයෙක් මට මේ නිව්ස් එක දෙකල හිතාගන්න බේරී උනා මේ ඒ මල්ලිමද කියල. පව් පස්සේ හොයල බලනකොට තමා දැන ගත්තේ මේ එයාමයි කියල. මෙය මේ තත්ත්වෙට වැටෙන්න ප්‍රදාන හේතුව තමඊ පොඩිකාලේ මෙයට ගමේ යාලුවෝ ආශ්‍රය කරන්න දුන්නේ නෑ ගෙදරින් පස්සේ ලොකුවෙලා නුවර අවහම වැටුණු සමාජය තමයි මේ. මේ දේට කෙලින්ම එයාගේ දෙමාපියන් වග කියන්න ඕනි... මෙයාගේ තාතාත් හොඳ වැදගත් ගුරු පියාණන් කෙනෙක්. (අ)
දම්මික ඔබ හරි. හැබැයි ඕකට තව එක දෙයක් එකතු කලානම් අගෙයි. මොකද දන්නවද අපේ රටේ නිතිය රකින පොලිසිය හැමෝම නොවෙයි කියන එක. (නි)
කෝ මේ අන්තරේ කට්ටිය? යන්නකෝ පෙළපාලි. (නි)
පත්තර කියවන අපිට ඔබ කියා විශේෂයක් නොමැත. පස් ප්‍රවාහනයට ලක්ෂ 15 අරගෙන තිබුනා කියලත් කියෙව්වා නේද?.(නදී)
කැම්පස් ගියත් හොරා හොරාමයි. (නි)
කෝ අර ශිෂ්‍ය සංගමයේ හාදයා. ස්ට්‍රයික් නැද්ද? පිකටින් නැද්ද? (නදී)
අනේ මල්ලියේ, තව ටිකක් මහන්සි වෙලා ෆයිනල් ගොඩ දා ගත්තා නම් උඹට සල්ලි ඕනෑ තරම් හොයන්න තිබුනා. දැන් ඉතින් මොනවා කරන්නද? ඔය රස්සාවම කරගෙන පලයන්. (නි)
නිදහස් කරන්න කියලා පෙළපාලි නොගියොත් තමයි පුදුම වැඩේ (නි)
අද කාලයේ උපාධියක් ගත්තත් රැකියාවක් නැහැ. රැකියාවක් කළත් සැපපහසු ජිවිතයක් ගත කරන්න බැහැ. එනිසා මොහු සොයා ගත් විකල්පය සොරකම් කිරීම. සොරකම අද මැති මැතිවරු, රජයේ ඉහල සිට පහලට බොහෝ නිලධාරීන් කරන දෙයක් . (නි)
දම්මික පෙරේරා, ඔබ පවසන දේට මම එකග වන්නේ නැත. මමත් පේරාදෙනියෙ ඉන්ජිනේරු පීඨයේ සිසුවෙක්. අපේ එකෙන් එලියට යන අයට රැකියා වලින් අඩුවක් නැහැ. අපිට හොද ඉල්ලුමක් තියනවා. සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔය කියන පුත්ගලයා මීට කලිනුත් හොස්ටල් එක ඇතුලෙ හොරකම් කරලා අහු වුනා. ඒක ඒ පුද්ගලයගෙ ස්වභාවය. ඒක වෙන දේවල් එක්ක පටලා ගන්න එපා... (නි)
ඔව් ඉතින් මෙයාලා මොන රැකියාවකට ගියත් කරන්නේ හොරකමනේ. ලොක්කගේ ඉදන් පොඩ්ඩ්ා දක්වා කරන්නේ හොරකම නිසා මෙයාලට යහතින් ඉන්න පුළුවනි. (නි)
රුවා, පේරාදෙනියේ විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගත්ත ඔක්කොම නරක නැහැ. (නි)
රුවා,ඔයාලා මෙයා ගැන දැනගෙන ඉන්න ඇතිනේ.කලින් කිව්වෙ නැත්තෙ ඇයි? (නි)
මෙයා අන්තරේ නායකයෙක් වෙන්නත් බැරි නැහැ (නි)
මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිටින ශිෂ්‍යයෙක්මි. මොහු සිදුකළ දේ නිසා ඉංජිනේරු පීඨයට වෙන කැළල පිළිබඳ මහත්සේ කම්පා වන අතර ඔබද නිසි තොරතුරු හරියටම දැනගත යුතු බැවින් මෙය දන්වා සිටිමි. (නි)
විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගත්තු ක්‍රමය අත්හදා බලන්න ගිහිල්ලා කර ගත්තු විනාශයක්? ඔය වගේ අය තමා රජයේ සේවයට ඇවිල්ලා හොදට හොරකම් කරන්නේ (නි)