(ෂේන් සෙනෙවිරත්න)
දිනකට පැය හතක් අටක් අඛණ්ඩව මාර්ගගත ක්‍රමය යටතේ විශ්වවිද්‍යාල සිසුන් අධ්‍යාපනය හැදෑරීම තුලින් ඇතිවන මානසික පීඩනය නිසා මනස රෝගී වූ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රතිකාර ලබා ලබා ගැනීමට යොමුවීමේ ප්‍රවණතාවය මේ වනවිට ඉහළ ගොස් ඇතැයි මහනුවර ජාතික රෝහලේ හිටපු මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ සිසුන් තිදෙනකු ඉතා කෙටි කලක් තුළදී නිශ්චිත හේතු නොදක්වා සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා ගෙන් කල විමසීමකදී ඔහු ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය.
මේ වන විට රටේ පවතින සමාජ වටපිටාව අනුව සියලු දෙනා කිසියම් හෝ ආතති තත්ත්වයකයි සිටින්නේ . විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලදී විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල වන දැඩි පීඩනය පිළිබඳව ආචාර්ය මහාචාර්යවරු වැඩි සැලකිල්ලක් දැක්විය යුතුව තිබෙනවා .
මනෝ උපදේශන සේවා විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පවතින තත්ත්වය තේරුම්ගෙන එය වඩාත් විධිමත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතුව තිබෙනවා . විශ්වවිද්‍යාල සිසුන් සැම විටම තමන් පීඩා විඳින ප්‍රශ්න විශ්වාසවන්ත මෙන්ම අවබෝධයක් ඇති අයෙකුට පවසා තම මනස ලිහිල් කර ගත යුතුව තිබෙනවා .
සමාජයේ මේ වන විට ඇති වී තිබෙන අර්බුද හමුවේ සියලු ජනතාව කිසියම් හෝ ආතති තත්වයකයි පෙළෙන්නේ . එය මේසයක් මත සිටින පුද්ගල කණ්ඩායමකට සමානයි . පොළවේ සිටින පුද්ගලයකුට වඩා මේසය මත සිටින පුද්ගලයා වහලයට ළඟයි . ආතතිය වැඩි වූ කාරණාවක් නිසා මේසෙ උඩ සිටින පුද්ගලයා උඩ පැන්නොත් පොළවේ සිටින පුද්ගලයාට වඩා ඉතා ඉක්මනින් ඔහුගේ හිස වහලයේ වදින බවත් එය සමාජය තේරුම් ගත යුතුව තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය .
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි සිසුන්ගේ මනස ලෙඩ වීම වැඩි වෙලා
මැක්ස් Tuesday, 20 September 2022 08:34 PM
ඕවර් ටු යූ අන්තර් විශ්ව විද්‍යාලයීය බල මණ්ඩලය හෙවත් වී. වී. සිසුන්ගේ විනාසකාරී සංවිධානය.