විශ්ව විද්‍යාල සිසුනට එරෙහිව ඒකපාර්ශ්විකව ක්‍රියා නොකරන ලෙසත්, ඔවුන් සම්බන්ධ වැරදි තොරතුරු මත ක්‍රියා නොකරන ලෙසස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට අද අවවාද කළේය.
සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ උද්ඝෝෂණයක දී අත්අඩංගුවට ගත් සිසුන් 17 දෙනා සම්බන්ධයෙන් පොලිසිය උසාවිය ද නොමඟ යවා ඇතැයි සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.
රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත සිසුහු මුදා හරිනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිසුන් සිසුන් විදියට නැතුව මැරවරයෝ, රස්තියාදුකාරයෝ වගේ වෙන්න හදනවා නම් ඔවුන්ව හුරතල් කරලා නලවලා ප්‍රශ්න විසදන්න බැහැ. ඒක මේ සිදුවීමේදී අපි හොඳින් දැක්කා. (නි)
මේක කරේ වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමට කියමුකෝ මම අහන්නේ මේ ආණ්ඩුව හැම වැඩේම කරන්නේ වෛද්‍ය වරුන්ගේ ඉල්ලීමටද? අනේ අපි නොදන්නා නිශාන්ත (ස)
දේශපාලකයන්ගේ ඕනකමට සිසුන්ට ගහලා අන්තිමට දේශපාලයන්ගේ ඕනකමටම මැරුම් කනවා... (ස)
ඇයි පොලිසිය මෙහෙම හැසිරෙන්නේ? (නි)
මේ වගේ වැඩ දිගටම කරන පොලිසියේ අය පිල්ලේ නෝනගේ ඒජන්ත වරුන් වෙන්න බැරිද ? (ස)
සම සෞඛ්‍ය උපාධිය කප්පාදු කලේ නිදහස් අධ්‍යාපනයෙන් ම බිහිවුන වෛද්‍යවරුන්ගේ ඉල්ලීමකට නේද? ඇයි මේ කාරණාව සිසු සංගම් හා මාධ්‍ය වහන්න හදන්නෙ? පාරවල් වහගත්තම දුක් විදින්නෙ නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්න බදු ගෙවන සාමාන්‍ය ජනතාව මිසක් පොලිස් බයිසිකල් ඉස්සරහ තියාගෙන යන ලොකු මිනිස්සු නෙවෙයි නේද? (ස)
පොලිසියෙන් ගහපු එක හරිම සෝචනීයයි. මාස පහක් පාරේ ලැග්ගේ පිස්සුවට නෙමේනේ. එත් ඉතින් මේ හතර බීරි ප්‍රශ්නෙ ඇති කරපු දෙවිවරු කව්ද කියල රටම දැනුවත් කලොත්නම් ඉක්මනට පිළිතුරක් ලැබේවි. කව්රු කලත් තමාගේ ධර්මයට පිටින් සතුටු වෙන්න ඉඩක්නම් නැහැ. (ස)
මේ ඔවුන් පහර දෙන්නේ මාතෘ භුමියේ අනාගතයටයි. හෙට දින ලොව දිනන අපේම බුද්ධිමතුන්ටයි. ඔබ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලැබුවෙකු වුවද , අඩුම තරමින් සාමාන්‍ය පෙළ දක්වා හෝ පාසැල් නොගියා වෙන්නට බැරිය. ඔබ ඒ නිදහස් අධ්‍යාපානය භුක්ති වින්ඳේ අපට පෙර පරපුර දිවි හිමියෙන් අධ්‍යාපන අයිතිය රැකගත් නිසාය (නි)
අනේ මන්දා! මේ ළමයි සෙල්ලම් පිස්තෝල අරගෙන මහ දවල් පාරේ සෙල්ලම් කළාවද්ද? ඔව් ඔව්... එහෙම නම් හුරතල් කරලා නලවලා බැහැ තමයි. (නි)
සරසවි සිසුන් කවදත් අසරණයි (නි)
සරසවි සිසුන්ට හිරිහැර කිරීම වැරදියි. ඔවුන් අහිංසකයි (නි)
පියල්, ඔව් හරිම අහිංසකයි.(නදී)
මේ රටක් සුවපත් කරන්න ඉන්න දැයේ ආදරණීය වෙද හෙද දූලා පුතාලට නේද මේ කරදර කරන්නේ? (නි)
අනේ මම දන්නෙ නැහැ. අපි දැක්ක හැටි වැරදිද මන්දා. උසාවි නියෝග පොලීසිය ගිහින් කියවනකොට ළමයි හැසිරුනු ආකාරය අපිත් බලාසිටියා (නි)
මේ සරසවි සිසුන්ගේ දෙමවුපියන් බොහොමයක් බොහොම දුප්පත් අහිංසක මිනිස්සු (නි)
දැන් තේරනවා නේද කාගේ අතේද වැරැද්ද කියලා.මේ වගේ අවස්ථාවක පොලිසිය සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි (නි)
අපිටත් පොලිසියට කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි (නි)
පොඩ්ඩක් ඉන්නකෝ... පෞද්ගලික විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට පොලීසිය කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ බලන්න. (නි)
ලබාදෙන අධ්‍යාපන මට්ටම ඉහළ යන්න ඉහළ යන්න රටක අකටයුතුකම් ප්‍රමාණය පහළ යනවා (නි)
මට පෙනෙන හැටියට දැන් පොලීසිය තනිකරම දේශපාලනීකරණය වෙලා. (නි)